Divaina - හේමාස් රෝහල් සමූහය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප‍්‍රචාර ගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ACHSI ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණයෙන් පිදුම් ලද හේමාස් රෝහල් සමූහය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල භාවිතා කර අසත්‍ය ප‍්‍රචාරයන් ගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීති මාර්ගයට එළැඹෙන බව හේමාස් රෝහල් සමූහය නිවේදනය කර සිටී.
 
 මුස්ලිම් ප‍්‍රජාව සඳහා හේමාස් රෝහල් සමූහය විසින් විශෙෂ වට්ටම් ලබා දෙන බවට  සඳහන් කළ ව්‍යාජ දැන්වීමක් සකස් කර සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හරිමින් ශ‍්‍රී ලාංකිකයින් නොමග යැවීම සඳහා කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිගණක හා අන්තර්ජාල ආශ‍්‍රිත අපරාධ මැඩලීමේ ඒකකයේ (CERT) උපදෙස් මත නීතිමය වශයෙන් කටයුතු කරන බව හේමාස් රෝහල් සමූහයේ කළමනාකාරීත්වය පැවසීය.
 
 හේමාස් රෝහලේ නිල ලාංඡුනයද අවභාවිතා කරමින් 2015 වසරේ ජුනි මාසයේදී මුල් වරට තලවතුගොඩ හා ඒ අවට ප‍්‍රදේශ වෙත අත් පත‍්‍රිකාවක් බෙදා හැරි පුද්ගලයකුට එරෙහිව 2015 ජුනි මස 27වන දින හේමාස් රෝහල් සමූහයේ කළමනාකාරීත්වය විසින් තලංගම පොලිසිය වෙත CIB 03 – 322රැු403 යන අංකය යටතේ පැමිණිල්ලක් ගොනු කරනු ලදුව ඊට එරෙහිව පියවර ගැනීමට තලංගම පොලිසිය කටයුතු කරන ලදි. මේ සිද්ධියෙන් අනතුරුව ව්‍යාජ ලෙස සකස් කළ එම අත්පත‍්‍රිකාවම කිසියම් පාර්ෂවයක් විසින් හේමාස් රෝහල් සමූහයේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණෙන් දැන්වීමක් ලෙස සකස් කර වරින් වර එය මුහුණු පොතේ සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාල හරහා පළ කරන්නට යෙදුනි. මේ අවස්ථාවේදී ඊට එරෙහිව අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට හේමාස් රෝහල් සමූහය විසින් පියවර ගන්නා ලදි.
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles