Divaina - තෙල් සංස්ථාවට අත්වී ඇති ඉරණම හොඳින් අහගන්න... ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

(පාර්ලිමේන්තුවේදී කරන ලද කතාව ඇසුරින් සැකසිණි)
සිරිමන්ත රත්නසේකර

 

 

thelsansthawata560

තෙල් සංස්ථාවට අත්වී ඇති ඉරණම රටට අත්වී ඇති ඉරණම ට සමාන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (20 දා * පාර්ලිමේන්තුවේදී පැවසීය. පැවැති ආණ්ඩු අනුගමනය කර ඇති ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් තෙල් සංස්ථාව

විනාශ වී ගොස් ඇති බවත් සඳහන් කළ හෙතෙම මෙම තත්ත්වයට ආණ්ඩු කළ සැවොම වගකිව යුතු බවත් කියා සිටියේය. අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (21 දා* එම අදහස් පළ කළේ උදය ගම්මන්පිල ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය. විශ්වාසභංග යෝජනාවේ හොඳ නරක මනින්නේ ඔහු අඳින ඇඳුමෙන් හරි සේරෙප්පු දානවද නැද්ද කියන සාධකය මත හෝ විභාග කෙලෙස සමත්වී ඇති කරුණ මත හෝ නොවේ. මා හිතන්නේ එය මැනියයුත්තේ ඔහුගේ කාර්යභාරය මතයි. පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ඉදිරිපත් වන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි අදාළ ඇමතිවරයා ඔහුට පැවරී ඇති කාර්යභාරය නිසි ලෙස ඉටු නොකිරීමට අදාළව. ඒ වගේම දේශපාලනය පදනම් වෙනවා. මෙය තමයි විශ්වාසභංග යෝජනාවල ඉතිහාසය. මෙම විශ්වාසභංගය සඳහා වැඩිපුරම හේතුව වෙලා තිබෙන්නේ දේශපාලනයයි. තෙල් මිල ඉහළ දැම්මාට පසුව ආණ්ඩුව හොබවන පක්ෂය වන පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා නිවේදනයක් නිකුක්කරමින් කිව්වා තෙල් මිල වැඩිවීමට තුඩුදුන්නේ අදාළ අමාත්‍යවරයා එම කාල පරිච්ෙඡ්දය තුළ නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම කියලා. තුනෙන් දෙකේ ආණ්ඩුවේ බහුතරයක නාමයෝජනා අත්සන් කළ ලේකම්වරයා තමයි එහෙම කියන්නේ. ඉන් පසුව විවිධ ඇමතිවරු මන්ත‍්‍රීවරු කිව්වා ගම්මන්පිල ඇමති දුරෙන් ඉවත් විය යුතුයි, වෙන ඇමතිවරයෙක් පත්කරනවා, බැසිල් ඇමතිවරයා දිවුරුම් දුන් පසු තෙල් මිල අඩු කරනවා, බැසිල් ලංකාවේ හිටියානම් තෙල් මිල වැඩිවෙන්නේ නැහැ යනුවෙන් සාකච්ඡුාවක් ආවා. මේ සාකච්ඡුාවෙන් මේ විශ්වාසභංගය ඉදිරිපත් කරන අය අඥාන උද්දාමයට පැමිණියා. මෝඩ උද්දාමයක්. මේවා දේශපාලනය නෙවෙයි. මීඩියා ඉවෙන්ට් විශ්වාසභංග. ඔවුන් මාධ්‍යවල පැනනැගී තිබුණු ගැටුම වෙන අතකට හරවන්න විශ්වාසභංග යෝජනාව යොදාගත්තා. මේ රටේ දේශපාලන චලනයන් ගැන අවම හෝ අවබෝධයක් නොතිබුණ බව තමයි මෙයින් පෙන්නුම් කරන්නේ.

 

thelsansthawata1

මේ ආණ්ඩුව සැදුම්ලත් ප‍්‍රධාන කණ්ඩායම වන්නේ පොදුජන පෙරමුණ කණ්ඩායමයි. එහි නායකත්වය හොබවන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂයි. මා කියන්නේ මැතිවරණ කොමිසමේ සඳහන් පක්ෂ නායකත්වය ගැන නෙවෙයි. ඒ නිසා එම කණ්ඩායමේ සමහර ක‍්‍රියාකාරම් පිළිබඳව අනෙක් දේශපාලන කණ්ඩායම් තුළ විරෝධයක් මතුවෙලා තිබෙනවා. මෙය දයාසිරි ඇමතිවරයා විටින් විට ප‍්‍රකාශ කළා. තවත් අමැතිවරු කියනවා. වාසුදේව ඇමැතිවරයාත් මේ පිළිබඳ ඉඟිපළ කර තිබෙනවා. එවැනි වර්ධනයන් තිබුණා. දැන් මොකක්ද සිදුකොට තිබෙන්නේ. එවැනි වර්ධනයන් තිබෙන අවස්ථාවක විශ්වාසභංගයක් ගෙනත් දාලා ඒ ඇමැතිවරු හිර කරනවා. මොකක්ද හිර කිරීම. ගම්මන්පිල විශ්වාසභංගයෙන් පරාජය වෙලා ඇමතිදුරයෙන් අස්වෙන්න නම් පොදුජන පෙරමුණේ සහය නොලැබෙන්න ඕනෑ. ඔහු අමාත්‍ය ධුරයේ ඉන්න නම් පොදුජන පෙරමුණු සහය ලැබෙන්න ඕනෑ. අන්තිමේදී මොකද වුණේ. යම් යම් වරදාන වරප‍්‍රසාද නොලැබීම නිසා හෝ ප‍්‍රතිපත්ති කරුණු මත කලකිරුණු කණ්ඩායම් කතා කිරීම හිර කළා. උදය ගම්මන්පිලගේ පණ තියෙන්නේ කොහෙද? සමහර කතාවල කියනවා පණ තියෙන්නේ ගිරවා ළඟ කියලා. මේ කණ්ඩායමේ ගොඩක් අයටත් ඒක අදාළයි. පසුගිය දවසක ගිරවා පාර්ලිමේන්තුවට ආවා. ඒ නිසා මේ විශ්වාසභංග යෝජනාව අඥාන, තකතීරු, මෝඩ තීරණයක් දේශපාලනික වශයෙන්. මේක මීඩියා ඉවෙන්ට් එකක්. දේශපාලනය කියන්නේ මීඩියා ඉවෙන්ට් එකක් නෙවෙයි. එය තේරුම් ගත යුතුයි. ඒ අසීරුතාවයට තමයි අද මේ යෝජනාව ඉදිරිපත් කරපු අය පත්ව සිටින්නේ.

තෙල් සංස්ථාව අපේ රටේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක්. එය අපේ රටේ ආර්ථිකය මෙහෙයවීමේදී විශාල කාර්යභාරයක් ඉටුකරනවා. ඒ නිසා තෙල් සංස්ථාව ගොඩනැගුනේ තෙල් ගෙන්වීම, ගබඩාකිරීම බෙදාහැරීම සඳහා පමණක් නෙවෙයි ගොඩ නැගුණේ. ඒ සමඟ බැඳුනු විශාල කර්මාන්ත පද්ධතියක් තිබුණා. අපි දන්නවා 1964 සිරිමා රජයේ තෙල් සංස්ථාව පවරාගත්තට පසුව 1968 පිරිපහදුවක් හදන්න පටන්ගන්නවා. 1969 ආරම්භ කරනවා. එවිට පිරිපහදුවේ දෛනික ධාරිතාව බැරල් 38,000යි. අදට අවුරුදු 53කට පෙර. හිටපු ආණ්ඩු, ඇමතිවරු මේ ධාරිතාව කොපමණ ප‍්‍රමාණයකින් වැඩිකර තිබෙනවාද? දෛනික පිරිපහදුව වැඩිවී තිබෙන්නේ බැරල් 12,000කින්. නමුත් අවශ්‍යතාවය හත්අට ගුණයකින් වැඩිවී තිබෙනවා. අද තෙල් මිලට ඒ ගැටලූව බලපාලා තිබෙනවා. අතුරු නිෂ්පාදන වලින් නයිලෝන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් තිබුණා. ඉටිපන්දම් නිපදවූවා. 1992දී ඒ කර්මාන්ත ශාලාව වහලා දැම්මා. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ව්‍යාපාර සහ කර්මාන්ත වලින් ඉවත්වීමේ ප‍්‍රතිපත්තිය අනුව වතු විකුණමින් පේෂ කර්මාන්ත ශාලා විකුණමින් අන්තිමේදී නයිලෝන් කර්මාන්ත ශාලාව වහලා දැම්මා. ඒ වෙලාවේ ඇමති රනිල් වික‍්‍රමසිංහයි. තෙල් පිරිපහදුවෙන් එන නැප්තා සහ වායුවේ නයිට‍්‍රජන් උපයෝගී කරගෙන යූරියා පොහොර නිෂ්පාදනය කළා. 1981දී පොහොර සංස්ථාව පාකිස්ථානයට පොහොර මෙ.ටො. 50,000ක් අපනයනය කළා. ඒ විදියට සංස්ථාවට ලාභ උපයපු කර්මාන්ත ශාලාව 1985දී වහලා දැම්මා. අපේ රටට අවශ්‍ය ලිහිසි තෙල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් තිබුණා. 1994දී චන්ද්‍රිකා ආණ්ඩුවේ එම කර්මාන්ත ශාලාවෙන් 51%ක් ඇමරිකානු කැල්ටෙක්ස් සමාගමට විකුණා දමනු ලැබූවා. නොබෝ දිනකින් ඉතිරි ටිකත් විකුණලා දැම්මා. නැව් තෙල් අංශය තිබුණා. 2003 වසරේදී මැරයින් සර්විස් කියලා සමාගමක් හදලා ඒ හරහා ජෝන් කීල්ස් සමාගමට විකුණුවා. අපේ රට ආසන්නයෙන් වසරකට නැව් තිස්හයදාහක් ගමන් කරමින් තිබෙනවා. මෙයින් 10%කට තෙල් සැපයීමේ පහසුකම අපිට ලබාදෙන්න පුළුවන්නම් අපිට තෙල් ගෙන්වන්න යන වියදමෙන් 50%කට වැඩිය ඩොලර් උපයන්න පුළුවන්. 2003 නැව් තෙල් අංශය විකුණුවාට පසුව කෝප් සභා වාර්තාව පදනම් කරගෙන වාසුදේව නානායක්කාර මහතා නඩුවක් දැම්මා. ජෝන් කීල්ස්ට විකිණීම වැරදි බවත් නැවත එය රජයට පවරා ගන්නා ලෙසත් ඒ නඩුවේ තීන්දුව 2008 වසරේදී ආවා. එවකට මහින්ද රාජපක්ෂ එය තෙල්

සංස්ථාවට පවරනවා වෙනුවට වරායට පැවරුවා. ඒ වෙලාවෙදි වරාය ඇමති චමල් රාජපක්ෂ. දැන් වගේමයි ඒ කාලෙත්. ඊට පස්සේ වරාය යටතේ තිබුණු නැව් තෙල් අංශය නැවත ජෝන් කීල්ස්, අයි ඕසී එක ඇතුළු සමාගම් හතකට පවරලා දුන්නා. කොළොන්නාව, සහ මුතුරාජවෙල ගබඩා සංකීර්ණය භාණ්ඩාගාරයේ මුදල් වියදම් කොට ඉදිකළා. ඒ ගබඩා සංකීර්ණයෙන් 1/3ක් අයි ඕසී සමාගමට වික්කා. මේ ආසන්න කාලයේදී පමණක් මිලියන 10,000කට වැඩි ලාභයක් අයි ඕසී සමාගම

උපයලා තිබෙනවා. පෙට‍්‍රල් ෂෙඞ් වික්කා. ඊළඟ ත‍්‍රිකුණාමලයේ වැදගත්ම ගබඩා සංකීර්ණය විකුණලා දැම්මා. ඉන්පස්සේ තෙල් ගෙන්වීම විකිණීම කියන තැනට පමණක් තෙල් සංස්ථාව හිර වුනා. ඒ නිසා අද ඛනිජ තෙල් වෙළඳපොලේ ගැටලූ?ව මතුවී තිබෙන්නේ ගම්ම්න්පිල මහත්මයාගේ පමණක් වරද හේතුවෙන් නොවේ. දිගු කාලයක් පැවැති ආණ්ඩු අනුගමනය කළ ආර්ථික ප‍්‍රතිපත්තිය හේතුවෙන් තෙල් සංස්ථාවට අත්වී තිබෙන ඉරණම සමානයි රටට අත්වී තිබෙන ඉරණම. ඒ නිසා තෙල් මිල වැඩිවීම සඳහා මේ සාධක බලපා තිබෙනවා. නමුත් ඇමතිවරයාටත් අත්හරින්න බැරි වගකීමක් පැවරී තිබෙනවා. ලෝකයේ පසුගිය අවුරුද්දේ මුල් භාගයේ දශක ගණනාවකට පසුව ලෝක වෙළඳපොලේ අඩුම තෙල් මිල වාර්තා වෙන්න පටන් ගත්තා. මේ ආණ්ඩුව මොකද කළේ. ආණ්ඩුව කිව්වා තෙල් මිලේ වාසිය ජනතාවට දෙන්නේ නැහැ කියලා. ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත්තා තෙල් මිල ස්ථායිකරණ අරමුදලක් ගොඩනගනවා කියලා. බැලූ බැල්මට සාර්ථකයි. ආර්ථිකයට හොඳ තීරණයක්. ඒ වෙලාවේ ජනතාව ලෝක වෙළඳ පොලේ තෙල් මිලට ගැලපෙන පරිදි ලංකාවේ තෙල් මිල අඩුකරන්න කියද්දී ආණ්ඩුව වසර දෙකක් සඳහා ස්ථායිකරණ අරමුදලක් ගොඩනගනවා කිව්වා. ජනාධිපතිතුමා කිව්වා තෙල් මිල වාසිය සැමන් 100යි පරිප්පු 60යි කිව්වා. එදා ජනතාවට ලැබිය යුතු වසියට මොකද වුනේ. ආණ්ඩුවේ අය ලස්සන වචන භාවිතා කරමින් මේ මිත්‍යාව ගොඩනැගුවා. ඊට පස්සේ මහබැංකු වාර්තාව කියනවා තෙල් මිල ස්ථායිකරණ අරමුදලේ කෝටි 6500ක් එකතුවී තිබෙනවා කියලා. නමුත් එය උපයෝගි කරගත්තේ මොකටද? විදුලිබල මණ්ඩලයේ බිල් ගෙවන්නත් භාණ්ඩාගාර බිල්පත් පූරණය කරන්නත් පමණයි. ඒ නිසා වත්මන් ඇමතිවරයා ලෙස ඔහුට අත්හරින්න බැරි වගකීමක් තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවක් ලෙස ඒ පිළිබඳ වගකීමක් තිබෙනවා. එසේ නැත්නම් ආණ්ඩුව ඇමතිවරු මාරු කර කර වගකීම පැහැර හරිමින් යන්න පුළුවන්. ඒ වගේම ඇමතිවරයා පදිංචි නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අයිතියි. එහි නඩත්තු කටයුතු අයිති වන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හෝ මුදල් අමාත්‍යංශයටයි. නමුත් එම නිවස අලූ?ත්වැඩියාව සඳහා සීපීඑස්ටීඑල් ආයතනය ලක්ෂ 150ක් වියදම් කරනවා. ඩලස් අලහප්පරුමෙ කියනවා රටේ විශාල අර්බුදයක් තිබෙනවා පාසල් ළමුන් දුෂ්කරතාවයට මුහුණ දී තිබෙනවා ආර්ථිකය විශාල අර්බුදයක තිබෙනවා ඒ නිසා විශ්වාසභංගය තිබෙන්නේ ප‍්‍රශ්නවලින් ගොඩාක් යට කියලා. නමුත් ඇමතිවරයා තමන්ගේ නිවස අලූ?ත්වැඩියා කිරීම වෙනුවෙන් සිපීඑස්ටීඑල් ආයතනයෙන් ලක්ෂ 150ක් ගන්නවා. එහි සභාපති අධිකරණ ඇමති අලි සබ්රිගේ මල්ලී. හදිසි මිලදී ගැනීම් ලෙස යෙදෙව්වේ. ඒ වගකීමෙන් මිදෙන්න බැහැ ඇමතිවරයාට. අපේ රටේ තෙල් ගෙන්වීම, බෙදාහැරීම මිශ‍්‍ර කිරීම ගබඩා කිරීම, තෙල්

සංස්ථාවේ ඒකාධිකාරයක්. නමුත් 2003 වසරේ දෙසැම්බර් මාසයේ තාවකාලික විධිවිධාන පනතකින් අයි ඕසී සමාගම සඳහා අවුරුදු 20කට බලපත‍්‍ර ලබාදුන්නා. 2023 දෙසැම්බර් වෙනකල් අයි ඕසී එකට තෙල් ගෙන්වන්න, බෙදාහරින්න, අලෙවිකරන්න පුළුවන්. දැන් මොකද කරන්න හදන්නේ. පසුගිය මැයි මාසයේ පස්වෙනිදා උදය ගම්මන්පිල අමාත්‍යවරයා කැබිනට් පත‍්‍රිකාවක් දානවා තෙල් ගෙන්වීම මිශ‍්‍රකිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම පිරිපහදුව රාජ්‍ය ඒකාධිකාරිත්වය බිඳින්න. දැන් සරම ඇඳගත්තට වැඩක් තියෙනවද? ඔහු පළඳින ඇදුම නෙවෙයි වැදගත්කම තියෙන්නේ. අපේ රටේ ඛනිජ තෙල් වෙළඳපොල කවර හෝ සමාගමක් වෙත අත්පත් කර දීම සඳහා පනත් සංශෝධනය කිරීම සඳහා මේ අමාත්‍යවරයා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒකට අදාල විරෝධය අපිට තිබෙනවා. ඒ වගේම තෙල් මිල වැඩිකිරීමේදී අදාල කමිටුවට ගොස් තිබෙනවා. ඔහු නියමිත පරිදි කරුණු ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම පොදුජන පෙරමුණේ ලේකම්වරයා කියූ පරිදිම යම් යම් ගනුදෙනු සිදුවෙන හොඳ වෙළඳපොලක් නිසා ඒ ගනුදෙනුවලට මොහු හවුල් වී තිබෙවා කියලා. ඒ වගේම පොදුජන පෙරමුණේ ලේකම්වරයා කියනවා තෙල් මිල වැඩිවීමට හේතුවන කාරණා සම්බන්ධයෙන් විකල්පයක් නොමැතිව මිලවැඩිකිරීම තෝරාගැනීම සඳහා අමාත්‍යංශය මෙහෙයවීමේදී වගකීමක් අමාත්‍යවරයාට තිබෙන නිසා ඇමති දුරයෙන් ඉල්ලා අස්විය යුතුයි කියලා. ඒ මත පදනම් වෙමින් මේ විශ්වාසභංගයට අපි සහය පළකරන අතර පෙර කියූ ආකාරයට අපිට මෙම විශ්වාසභංගයට දේශපාලන විවේචනය තිබෙනවා.

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles