Divaina - ‘තිරුක්කොවිල් කැලෑව තුළට ගෙන ගොස් පොලිස් භටයින් 600ක් මුණින් අතට බිම දිගාකර ඝාතනය කෙරුණා’

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



11 pathara1*මෙම තත්ත්වය මත ජුනි 11 දා පැය 18.00 වනවිට නැගෙනහිර පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීහු අවි බිම තබා යටත් වූහ

* මේ අතර 1990 ජුනි 11 සිට 2021 ජුනි 11 තෙක් තිරුක්කෝවිල්හි පොලිස් භටයන්  600 ක් ඝාතනය වීම ගැන ජනපති කොමිසමක් හෝ වෙනත් කිසිම පරීක්‍ෂණයක් පැවැත් වූයේ නැත

* වෙඩිතබා මරා දමනු ලැබූ පොලිස් භටයන්ගේ සිරුරුවලට ඉන්ධන දමා සිරුරු පිළිස්සීමට කටයුතු කළ කොටි අනතුරුව සිරුරු වැලලීමට  නියෝග කළහ

* එදා සිදුවූ මේ මිනිස් ඝාතනය විදෙස් රාජ්‍ය නොවන සංවිධාන විසින් ජාත්‍යන්තර ප‍්‍රජාවට පැමිණිලි කළේ නැත

* නැගෙනහිරදී සිදුවූයේ යුද අපරාධයක් බව නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා අප හමුවේ පිළිගත්තේය

එදා පත්තරෙන් - කොටි ත‍්‍රස්තයින් කළ බිහිසුණු අපරාධයට  අදට වසර  21යි

1990 ජුනි 11 දා මෙරට පොලිස් ඉතිහාසයේ සිදුවූ ඛේදනීය සිද්ධිය හෙළිවිය. ඒ පොලිස් භටයන් 600 ක් රජය විසින් කොටි ත‍්‍රස්තවාදීන්ට පාවාදීමයි.

මෙදින සවස් යාමයේ කලවංචිකුඩි පොලිසියේ සේවය කළ පොලිස් පරීක්‍ෂකවරයෙක් අපව ඇමතුවේය. අපිව බේරා ගන්න කොටි පොලිසිය වටකරනවා. අප ළඟ උණ්ඩ එපමණ නැහැ යයි ඔහු කියා සිටියේය. මෙදින රාති‍්‍ර 8.45 ට එම පොලිස් නිලධාරියාගෙන් අවසන් වරට අපට ඇමතුමක් ලැබිණි. එවර ඔහු තමා ඇතුළු පොලිස් පිරිස අසරණ තත්ත්වයට පත්ව ඇති බව පැවසූවේය. කොටි පොලිසිය ඉදිරියට අවුත් යටත්වෙයල්ලා යයි කෑගසන බව ඔහු පළ කළේය. ඒ සමඟම කලවංචිකුඩි පොලිසියේ දුරකථනය විසන්ධි විය.

ඒ වනවිට සමන්තුරේ, අක්කරපත්තුව, කල්කුඩා, පොතුවිල්, කලවංචිකුඩි සහ කල්මුනේ යන පොලිස් ස්ථානවලට කොටි පහරදීමේ යෙදී සිටියහ. එහෙත් එවකට සිටි රජය නැගෙනහිර පොලිස් භටයන් පිරිස බේරාගැනීම සඳහා හමුදාවට හෝ විශේෂ කාර්ය බළකායට නියෝග කළේ නැත. ඒ වෙනුවට රජය පොලිස් භටයන්ට කොටි හමුවේ යටත්වන ලෙස නියෝග කළේය. මේ නියෝගය පොලිස්පති අර්නස්ට් පෙරේරා විසින් අම්පාර පොලිස් අධිකාරි නුර්දින් වෙත යවනු ලැබීය. මෙය මෙරට ඉතිහාසයේ සිදුවූ බරපතළම පාවාදීමයි. මෙම පාවාදීමට පෙර රජය කොටි සමග සටන් විරාමයක් ප‍්‍රකාශයට පත්කර තිබිණි. එම සමයේ ශී‍්‍ර ලංකා රජය කොටින්ට නවීන අවි ආයුධ මෙන්ම මුදල් සපයා තිබිණි. මේ ඉතිහාසය අද බොහෝ දේශපාලකයන්ට අමතක වී තිබේ.

රජය විසින් කොටින්ට පාවාදුන් පොලිස් නිලධාරීන් 600 කට අධික පිරිස මුහුණපෑවේ බිහිසුණු ඉරණමකටය. මීහරකුන් රැුලක් ගෙනයන්නාක් මෙන් තිරුක්කෝවිල් කැලෑවට ගෙන ගිය පොලිස් භටයෝ මුණින් අතට බිම දිගාකර ඔවුන්ගේ හිස්වලට වෙඩි තබනු ලැබීය. එම මිනිස් ඝාතනයෙන් දිවි ගලවාගනු ලැබුවේ බණ්ඩාර තෙන්නකෝන් හා අබ්දුල් නයිමුදින් පමණකි. එදා රජය සිතුවේ පොලිස් භටයන් ඝාතනය වීම නිසා අපරාධය සියැසින් දුටු සාක්කිකරුවන් නැති බවයි. එවකට විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු වූ ජනිත් විමල පැවසුවේ පොලිස් භටයන් මරා පුළුස්සා දැමූ ස්ථානය වෙත රජය අම්පාරේ සිට බුල්ඩෝසරයක් යවා පස් දැමූ බවයි. පසුගිය

2019 පෙබරවාරි මස ඔහු ශී‍්‍ර ලංකාවට පැමිණ පොලිස් භටයන් ඝාතනය වූ ස්ථානය වෙත ගියේය. මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එම ස්ථානයේ ස්මාරකයක් ඉදිකරන බව පැවසුවත් අද වනතුරු එය සිදුවූයේ නැත. නැගෙනහිර පොලිස් භටයන් ඝාතනය වන සමයේ විදේශ ඇමැති ෂාහුල් හමීඞ්ය.

ඔහු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් අමතා පොලිස් භටයන් ගැන විමසනු ලැබීය. තව දින කීපයකින් ඒ අයව මුදාහරියි. බයවෙන්න එපා යයි බාලසිංහම් කියා සිටියේය. බාලසිංහම් මේ ප‍්‍රකාශය කරන අවස්ථාවේ කොටි ත‍්‍රස්තයන් පොලිස් භටයන් 600 අමානුෂික ලෙස ඝාතනය කර තිබිණි. එසේම ඒ වනවිට කොළඹදී කොටි සමග සාම සාකච්ඡුා පවා ආරම්භ වී තිබුණි. මේ හැර කොටින්ව ප‍්‍රකෝප නොකරන ලෙස රජය පොලිසියට සහ හමුදාවට නියෝග කර තිබිණි. මේ සාම සාකච්ඡුා ගැන දැනගැනීමට වීරකේසරි පත‍්‍රයේ සේවය කළ ඇන්ටන් ස්ටැනිස්ලාවුස් හෙවත් ඇන්ටන් බාලසිංහම්ව අප හමුවූයේ ගලදාරි හෝටලයේදීය. බාලසිංම්ගේ කාමරයට යනවිට එහි මේසයක් උඩ ටීචර්ස් විස්කි බෝතලයක් සහ ස්ටේට් එක්ස්ප‍්‍රස්් සිගරට් පැකට්ටුවක් විය.

කොටින්ගේ මත්පැන් තහනම බාලසිංහම්ට බලනොපෑ බව ඉන් මනාව තහවුරු විය. කාමරයේ මුල්ලක පෙට්ටි ගණනාවක් ද විය.

මේ කුමක් දැයි අප බාලසිංහම්ගෙන් විමසූ විට ඔහු සත්‍ය හෙළි කළේය. ඒ අපට ආණ්ඩුවෙන් දුන් මුදල් යැයි ඔහු කීවේය.

මේ සමයේ මුදල් අමාත්‍යාංශයේ බලධාරියා හමුදාවට අලූතින් අවි ආයුධ මිලයට ගැනීමට මුදල් වෙන් කළේ නැත. මොහු යහපාලන රජය සමයේ ද සේවය කළේය. කොටින්ට මුදල් අනුමත කර තිබුණේ පාස්කරලිංගම්ය. ශී‍්‍ර ලංකා රජය විසින් කොටින්ට අවි ආයුධ පමණක් නොව මුදල් පවා ලබාදී තිබියදී පොලිසියට නවීන අවි ආයුධ තිබුණේ නැත.

මේ අතර කල්මුනේ පොලිසියේ සිටි සහකාර පොලිස් අධිකාරි අයිවන් බොතේජු කොටි හමුවේ යටත් වීම ප‍්‍රතික්‍ෂේප කළේය. ඔහු ඒ බව අම්පාර පොලිස් අධිකාරි නුර්දින්ට පැවසීය. මේ නියෝගය රජයේ අවි බිම තබා යටත්වෙන්න යැයි නුර්දින් කියා සිටියේය. මින් අයිවන් බොතේජු අසරණ විය. දක්‍ෂ මළල කී‍්‍රඩකයකු වූ බොතේජු මෙන්ම කලවංචිකුඩි පොලිසියේ සියලූ පොලිස් නිලධාරීන් සටන්වැදීමට කි‍්‍රයාකරන අවස්ථාවේ කොටි මුළු පොලිසියම යටත්කර ගනු ලැබීය. ඊට හේතුව වූයේ රජය යටතේ පොලිස් ස්ථාන අසලම කොටි බංකර් ඉදිකර ගැනීමට අවසර දීමය.

නැගෙනහිරදී සිදුවූයේ යුද අපරාධයක් බව නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා අප හමුවේ පිළිගත්තේය. අපරාධ කලවුන් ගැන මම දිව්රා සාක්කි දෙන්න සූදානම් යැයි ඔහු කීවේය. මා මේ අවස්ථාවේ වන්නියේ සිටියා. පොලිස් භටයන් සියලූ දෙනා ඝාතනය කරන ලෙස ප‍්‍රභාකරන් විසින් පොට්ටු අම්මාන්ට නියෝග කළා යැයි කරුණා අප වෙත හෙළි කළේය.

11 pathara2එහෙත් කරුණා කියන්නේ ඇත්තක්ද යයි නොදන්නෙමු. මේ ගැන බැංගලෝරයේ මහාචාර්ය පෝල් නිව්මන් අප සමග ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පැවසුවේ පොලිස් භටයන් ඝාතනයට කරුණා සම්බන්ධ බවයි. මෙම සමූල ඝාතනය එවකට රජය හෝ ඉන්පසු පැමිණි කිසිදු රජයක් ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ තැබුවේ නැත. විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව මත කණ්ඩායමක් යවා ඝාතනය සිදුවූ ස්ථානය ඡුායාරූප ගැනීමට කි‍්‍රයා කළේ නැත. එසේ වුවත් ලයනල් ගුණතිලක ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගියහ. මේ අතර අම්පාර පොලිස් අධිකාරි නුර්දින් පසුව පැවසුවේ ගුවන් සහය සහ කාලතුවක්කු සහය ලබාගැනීමට උත්සහ කළත් ව්‍යර්ථ වූ බවයි. අනතුරුව මඩකලපුව පොලිස් ස්ථානයේ සිට පොලිස්පතිවරයා වෙඩි තැබීම අත්හිටුවා කොටින්ට යටත්වන ලෙස කල්මුනේ පොලිස් නිලධාරීන්ට නියෝග කරන ලෙස දැන්වූ බවද නුර්දින් සඳහන් කර තිබිණි. එහෙත් එකල අපි හමුදා බලධාරියකුගෙන් නැගෙනහිර පොලිස් ස්ථාන රැුකගැනීමට හමුදා සහය ලබා දෙන්නේ දැයි විමසූවිට ඔහු පැවසුවේ එවන් නියෝගයක් ලැබී නැති බවයි. මෙම තත්ත්වය මත ජුනි 11 දා පැය 1800 වනවිට නැගෙනහිර පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීහු අවි බිම තබා යටත් වූහ. මෙහිදී තවත් සිද්ධියක් හෙළිවිය. ඒ පොතුවිල් පොලිසියේ රථවාහන අංශයේ ප‍්‍රධානියාගේ

යතුරුපැදිය පැහැරගෙන එමින් සිටි කොටි ඒකක නායකයකු වූ ඬේවිඞ් විශේෂ කාර්ය බළකා ප‍්‍රහාරයකින් මරුමුවට පත් වීමයි. මේ අතර 1990 ජුනි 11 සිට 2021 ජුනි 11 තෙක් තිරුක්කෝවිල්හි පොලිස් භටයන් 600 ක් ඝාතනය වීම ගැන ජනපති කොමිසමක් හෝ වෙනත් කිසිම පරීක්‍ෂණයක් පැවැත් වූයේ නැත.

ඝාතනයට ලක්වූ පොලිස් භටයන් වෙනුවෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා හිටපු පොලිස් අධිකාරි ටාසි සෙනවිරත්න දැඩි උත්සාහයක් ගත් නමුත් ආණ්ඩු පක්‍ෂ විපක්‍ෂ දේශපාලකයන් ඊට සවන් දුන්නේ නැත. මෙම සමූල ඝාතනය උගත් පාඩම් සහ ප‍්‍රතිසංස්කරණ කොමිසම හමුවට ඉදිරිපත් වුවත් එය වාර්තාවකට පමණක් සීමා විය.

මෙයට වසර 21 කට පෙර සිදුවූ මෙම සමූල ඝාතනය තිරුක්කෝවිල්හී ගොවියකු ද දුටුවේය. වෙඩිතබා මරා දමනු ලැබූ පොලිස් භටයන්ගේ සිරුරුවලට ඉන්ධන දමා සිරුරු පිළිිස්සීමට කටයුතු කළ කොටි අනතුරුව සිරුරු වැලලීමට නියෝග කරනු ලැබීය. එහෙත් අත් සහ පාද වළෙන් පිටතට මතුවී තිබිණි. එදා සිදුවූ මේ මිනිස් ඝාතනය විදෙස් රාජ්‍ය නොවන සංවිධාන විසින් ජාත්‍යන්තර ප‍්‍රජාවට පැමිණිලි කළේ නැත. මේ හැර තිරුක්කෝවිල් ඝාතනය ගැන පොලිසිය තුළ නිල වාර්තාවක් පවා නොතිබිණි. මේ නිසා ඝාතනය වූවන්ගේ  පවුල්වල අයට නිසි වන්දියක් හිමිවූයේ නැත.

මේ අතර හිටපු පොලිස් අධිකාරි ටාසි සෙනවිරත්න මෙම ඝාතනය ගැන කරුණාට චෝදනා නගා ඇත. 1987 ඔක්තෝම්බර් 8 දා මඩකලපුව සම්බන්ධිකරණ නිලධාරි නිමල් සිල්වා බිම්බෝම්බයකට ගොදුරුවී මරුමුවට පත්විය. ඔහු සතුව තිබූ ඊශ‍්‍රායල් නිෂ්පාදිත උෂි ප‍්‍රහාරක අවිය පසුව කරුණා භාවිත කළ බව හෙළිිවිය. එහෙත් පොලිස් භටයන් සමූල ඝාතනයට සම්බන්ධ ඝාතකයෝ අදටත් සුවසේ ජීවත්වෙති. ඔවුන්ට එරෙහිව කිසිදු යුද අපරාධ චෝදනාවක් ගොනුවී නැත.

කීර්ති වර්ණකුලසූරිය

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles