Divaina - මිදුණු විශ්වයේ සුමධ්‍යාගේ චරිතය මාව වෙනස් තැනකින් ඔසවා තබාවි.... චුලක්ෂි රණතුංග

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මිදුණු විශ්වයේ සුමධ්‍යාගේ චරිතය  මාව වෙනස් තැනකින් ඔසවා තබාවි.... චුලක්ෂි රණතුංග

chulakshi333රූපය වනාහී රංගනය නම් විෂය කෙරෙහි අවශ්‍යම වූ අනිවාර්ය කාරණාවක් නොවූවද රූමත් බව අනිවාර්ය වන්නාවූ අවස්ථා රංගන කාර්යයේදී බහුලව දක්නට ලැබෙන්නේය. එසේම මේ තත්ත්වය යටතේ රූපය පමණක් සතුව රංගනයට පිවිසෙන්නන් මේ කාලයේ බහුලව දක්නට ලැබෙන්නේය. රූපණය නම් සංකීර්ණ විෂය හඳුනා නොගෙන රූපය වනාහී එයට අවශ්‍ය වූ එකම සුදුසුකම ලෙස සිතා එය භාවිත කරන්නට පෙළෙඹෙනා විශාල පිරිස අතරේ චුලක්ෂි රණතුංග නම් රංගන ශිල්පිණිය අපට සුවිශේෂී වන්නේ තම සුරූපී ගුණය ගැන පමණක් විශ්වාසය නොතබා රංගනය යනු හැදෑරිය යුතු සුවිශේෂී කලාවක් බැව් වටහාගෙන එකී මඟ යන්නට ඉමහත් උනන්දුවකින් හා කැපවීමකින් කටයුතු කරන්නියක වීම නිසාවෙන්ය. ඒ පිළිබඳව ඇගේ ප‍්‍රකාශනය මෙසේයි.

”මේ ක්ෂේත‍්‍රයට මගේ පිවිසීම ගැන කතා කළොත් මම මුලින්ම එන්නේ නිරූපිකාවක් ලෙස. 2014 මිස් ශී‍්‍ර ලංකා කිරුළ දිනාගන්නවා සහ එම වර්ෂයේම එක්සත් රාජධානියේ පැවති ලෝක රූ රැුජන තරගය ශී‍්‍ර ලංකාව වෙනුවෙන් නියෝජනය කරන්නට මට අවස්ථාව ලැබෙනවා. ඒ අතර මිස් ශී‍්‍ර ලංකා තරගයට ඉදිරිපත් වූ තරගකාරියන්ට ආරාධනාවක් ලැබෙනවා චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිතයක් සඳහා වූ ඔඩිෂන් එකකට. ඒ අනුව මම සිනමා ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ ප‍්‍රියන්ත කොළඹගේ මහතාගේ ‘‘දේදුනු ආකාසේ’’ චිත‍්‍රපටයෙන්. සනත් අබේසේකර මහතාගේ ”ගුත්තිල’’, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ”විජයබා කොල්ලය’’ හා ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘‘මිදුණු විශ්වය’’ ඉන්පසුව මා රඟපෑ චිත‍්‍රපට යි. මේ දිනවල උදයකාන්ත වර්ණකුලසූරිය මහතාගේ ’’ගිනි මල් පොකුරු’’ චිත‍්‍රපටයට රංගනයෙන් දායකවනවා.

මගේ පළමු චිත‍්‍රපටයෙන් පසු මම තේරුම්ගත් දෙයක් තමයි, රංගනය කියන පුළුල් විෂයය සඳහා රූපය කියන සාධකය පමණක් ප‍්‍රමාණවත් නොවන බව. රංගනය නම් මහා පරාසයක පැතිරුණු මේ විෂයෙහි රැුඳී සිටින්නට නම් යම් හැදෑරීමක් කිරීම අත්‍යාවශ්‍ය බව මට දැනුනා.ඒ අනුව තමයි මම ඩිල් ෆිල්ම්ස් ආයතනයෙහි පැවති ප‍්‍රවීන අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ රූපණ පාඨමාලාවට ඇතුළත් වෙන්නේ. ඒ වනවිට මම කෞශල්‍යා ප‍්‍රනාන්දු මහත්මියගේ රංගන පාඨමාලාවේ ඩිප්ලෝමාව දක්වා හැදෑරීමක් කර තිබුණා. එම හැදෑරීම් වලින් පසු මා මුලින්ම රඟපෑවේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ”විජයබා කොල්ලය’’ චිත‍්‍රපටයේ හමිදුම්මාගේ චරිතයයි. එතෙක් මා උගත් දේවල් වලින් චුලක්ෂි යන පුද්ගලිකත්වයෙන් බැහැරව එම බැ?රුම් චරිතයේ ගැඹුර හඳුනාගෙන ඊට සාධාරණයක් ඉටු කළා කියන තෘප්තිය මට දැනුනා. සුන්දරත්වය පමණක් රැුගෙන රංගනයට පිවිසි මට රූපණය කියන විෂයෙහි පරාසය ගැඹුරින් හඳුනාගත්තේ එම හැදෑරීවලින් පසුව බව මට වැටහුණා. මට සුවිශේෂම චරිතය තමයි ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ”මිදුණු විශ්වය’’ චිත‍්‍රපටයේ සුමධ්‍යාගේ චරිතය. එය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. සුමධ්‍යාගේ චරිතය මාව වෙනස් තැනකින් ඔසවා තබාවි. චරිතයක අධ්‍යාත්මයට පිවිසීමෙන් ඊට අනුගතව එම චරිතය තුළ ජීවත්වන්නේ කෙසේද කියා

ප‍්‍රායෝගිකව මම අත්දැකපු රංගනය එයයි. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ පාඨමාලාවෙන් පසු

ඔහුගේම අධ්‍යක්ෂණය යටතේ බොහෝ දේවල් ඉගෙන ගනිමින් කළ එම චරිතය මගේ රංගන ජීවිතයේ කඩඉමක් වේවි.

නිමල් ෆ‍්‍රැන්සිස්

 

 

 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles