Divaina - අලි වසුරුවලින් අලි කතාවක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

soba4 1මේ වන විටත් පර්යේෂණ කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ ඇතාගේ ජාන සංයුතිය කියවා ඇති අතර එම දත්ත සහ අනෙකුත් අලින්ගේ මෙතෙක් ඉදිරිපත් කර ඇති ජාන සංයුති දත්ත යොදාගෙන ලංකාවේ වෙසෙන අලින් ආසියානු අලින්ගෙන් පහසුවෙන් හඳුනා ගතහැකි ක‍්‍රමවේදයක් සකස් කරමින් මූලික අරමුණු කරා යෑමට පර්යේෂණ කඩිනම් කර ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව සිදුකළ ශ‍්‍රී ලංකාවේ වන අලින්ගේ ෘභ් අධ්‍යයනය සාර්ථකයි

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානය එක්ව දියත්කළ වන අලි පිළිබඳ ජානමය විශ්ලේෂණ පර්යේෂණයක් 2019 වසරේදී ආරම්භ කරන ලද අතර එහි ප‍්‍රධාන අරමුණ වී තිබුණේ ශ‍්‍රී ලංකාවේ වන අලින්ගේ ජාන සංයුතිය හා එහි සමානතාවයන් (එකිනෙකා අතර ජාන සමානතාවයන්, ගහනයන් අතර ජාන සමානතාවයන්, විවිධ ප‍්‍රදේශවල වෙසෙන අලින්ගේ ජාන සංයුතිය) හා ශ‍්‍රී ලංකාවේ අලි ඇතුන් වෙනත් රටවල වෙසෙන අලි ඇතුන්ගෙන් කොපමණ වෙනස් ද යනාදී කරුණු අධ්‍යයනය කිරීමයි.

මෙම තොරතුරු ශ‍්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය සඳහා ඉතාම වැදගත් වූවකි. අලි මිනිස් ගැටුම හා වන අලි අන්තර්ජාතික වෙළඳාම යාමනය පිළිබඳ කටයුතු කිරීමේදී එක් එක් අලින්ගේ අනන්‍යතාව තහවුරු කර  ගැනීම ඉතා වැදගත් වේ. විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන කරනු ලබන සංරක්ෂණ ක‍්‍රමවේද මුළු ලෝකයම පිළිගෙන ඇති බැවින් ලෝක බැංකු ආධාර යටතේ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP) විසින් මෙම විද්‍යාත්මක පර්යේෂණය සඳහා පූර්ණ අනුමැතිය හා මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන ලදී. මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානය තාක්ෂණික දැනුම ලබාදෙන ලදී.

වන අලින්ට කිසිදු හානියක් නොවන ලෙස අලි ඇතුන් 700 ක ගෙන් පමණ වසුරු එකතු කරගෙන මෙම ජානමය විශ්ලේෂණය සිදුකිරීම අරමුණ වූ අතර එහි මූලික අදියර ලෙස සුදුසු ක‍්‍රමවේදයක් තෝරා ගත යුතුවිය. අලි ඇතුන් 700 ක් වැනි විශාල සංඛ්‍යාවක් යොදා ගනිමින් සිදුකරන අධ්‍යයනයක් බැවින් ඒ සඳහා උචිත ක‍්‍රමයක් තෝරා ගැනීම ඉතා වැදගත් විය.

අලි ඇතුන් පිළිබඳ මෙතෙක් සිදුකර ඇති DNA පර්යේෂණ අනූව (1990) දශකය දක්වා දිවයයි. මුල සිටම භාවිත කළ microsatellite markers ක‍්‍රමය ඇමරිකාව, ඉන්දියාව, චීනය, අප‍්‍රිකාව, තායිලන්තය ඇතුළුව ලොව පුරා අලි ඇතුන් පිළිබඳ අධ්‍යයනවලදී භාවිතා වී තිබේ.

soba4 2අලි ඇතුන් සියයකගෙන් පමණ ලබා ගත් වසුරු හා කිහිපදෙනෙකුගෙන් ලබාගත් රුධිර සාම්පල යොදාගෙන වසර දෙකක් පුරා සිදුකළ ඉහත පර්යේෂණවලින් ලබා ගත් ප‍්‍රතිඵල පර්යේෂණ පත‍්‍රිකාවක් මඟින් පෙන්වා දී ඇත්තේ මෙතෙක් කල් ලොව පුරා භාවිත කළmicrosatellite primers  යුගල 24 ක් වන අලින්ගේ වසුරු යොදාගෙන කරන අධ්‍යයනය සඳහා සුදුසු නොවන, නිවැරදි ප‍්‍රතිඵල නොපෙන්වන ක‍්‍රමයක් බවයි.

එසේම, වසර තිහකට වැඩි කාලයක් විවිධ රටවලින් හඳුන්වාදුන් සාම්ප‍්‍රදායික microsatellite primers 24 ක පර්යේෂණ අවිනිශ්චිතතාව මෙහිදී අනාවරණය කර ඇත. ඒ අනුව මෙතෙක් එම microsatellite primers යුගල 24 භාවිතකර වන අලින්ගේ වසුරු යොදාගෙන සිදුකර ඇති පර්යේෂණවල ප‍්‍රතිඵලයන්ගේ නිරවද්‍යතාවද ගැටලූ සහගත බව පර්යේෂණ කණ්ඩායම මෙහිදී පෙන්වා දී ඇත. තවද රුධිර සාම්පල භාවිතා කර සිදුකරනු ලබන ආසියානු අලින් පිළිබඳ ජානමය අධ්‍යයන සඳහා භාවිතා කළ හැකි microsatellite primers ක‍්‍රමය හඳුන්වා දී ඇත.

ඉතා ඉක්මනින් පරිහානියට පත්වන වනඅලින්ගේ වසුරුවලින් ඉතා හොඳ තත්ත්වයේ DNA ලබා ගැනීමට සාර්ථක ක‍්‍රමයක් වන ජීවී පර්යේෂණ කණ්ඩායම විසින් පළමුව දියුණු කරනු ලැබීය. එනම්, පැය 24 ක් තුළ එකතුකරගන්නා ලද අලි වසුරු විද්‍යාගාරයක් තුළ දින 6 ක් සුරක්ෂිතව ගබඩාකර වුවද පර්යේෂණයට ලක් කර නිවැරදි ඞී. එන්. ඒ. ප‍්‍රතිඵල ලබාගැනීමේ ක‍්‍රමයක් දක්වා පර්යේෂණ දියුණු කිරීමය. මෙතෙක් එම කටයුත්ත සීමා වූයේ පැය 24 ට පමණි.

ඉහත පර්යේෂණයේ මාතෘකාව ලෙස භාවිත කර ඇත්තේ
Revisiting Traditional SSR Based Methodologies Available For Elephant Genetic Studies  යන්නයි. විවිධ තාක්ෂණික ක‍්‍රම යොදා ගනිමින් පර්යේෂණ ගණනාවක් සිදුකර ලබාගත් දත්ත පර්යේෂණ කණ්ඩායම විසින්Scientific Reporter පර්යේෂණ පත‍්‍රිකාවේ ඉහත මාතෘකාව යටතේ ඉදිරිපත් කර ඇත. ලොව පිළිගත් Nature Publishing Group විද්‍යාත්මක පර්යේෂණ ප‍්‍රකාශන ආයතනය වසරක් පුරා සිදුකළ සමියුරු ප‍්‍රතිනිරීක්ෂණ ක‍්‍රියාවලියකින් (Peer Review Process)  අනුමත කර අපේ‍්‍රල් 22 දින එම තොරතුරු අදාළ පර්යේෂණ පත‍්‍රිකාව මගින් එළිදක්වා ඇත. එය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ‍්‍රී ලංකාවේ අණුක ජීවී විද්‍යාඥයන්ගේ විශිෂ්ට ජයග‍්‍රහණයක් ලෙස සැලකේ.

පර්යේෂණ පත‍්‍රිකාවේ කර්තෘ මණ්ඩලය වනුයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, අධ්‍යක්ෂ මෙහෙයුම් රන්ජන් මාරසිංහ, නිලන්ති රාජපක්ෂ, නුවන් ජයවර්ධන සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයෙන් මහාචාර්යය ප‍්‍රදීපා බණ්ඩාරනායක ඇතුළු ආචාර්ය භාග්‍යා චන්ද්‍රසේකර, භාග්‍යා හතුරුසිංහ, එම්. කෝදාගොඩ සහ ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ වෛද්‍ය ආර්. සී. රාජපක්ෂ යන අයයි.

ක්ෂේත‍්‍රයේදී වන අලින්ගෙන් රුධිර සාම්පල  ලබාගැනීම අපහසු කාර්යයක් නිසා ඉදිරියේදී වන අලින්ගේ ජානමය අධ්‍යයන කටයුතුවලදී ඉහත ක‍්‍රමය  යොදාගැනීම වඩාත් ප‍්‍රතිඵලදායක බව පර්යේෂණ කණ්ඩායම පවසයි. තාක්ෂණික දියුණුවීමත් සමඟම නවීන ජෛව තාක්ෂණික ක‍්‍රම ලොව දියුණු රටවල හඳුන්වාදී ඇති අතර ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ දී මෙම විවිධ ක‍්‍රම අත්හදා බැලිණි. මෙතෙක් යොදාගත් microsatellite primers අලින්ගේ DNA වලට පමණක් නොව වෙනත් සතුන් ශාක හා ඇතැම් ඒවා මිනිස් DNA සමඟ ද පිළිතුරු ලබාදීමේ ගැටලූව සාක්ෂි සහිතව මෙහිදී පෙන්වා දී ඇත. මේ සඳහා අප ලොව මෙතෙක් කියවා ඇති ජාන සංයුති දත්ත යොදාගෙන කරන ලද Bioinformatics අධ්‍යයනයද යොදා ගෙන ඇත.

මේ වන විටත් පර්යේෂණ කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ ඇතාගේ ජාන සංයුතිය කියවා ඇති අතර එම දත්ත සහ අනෙකුත් අලින්ගේ මෙතෙක් ඉදිරිපත් කර ඇති ජාන සංයුති දත්ත යොදාගෙන ලංකාවේ වෙසෙන අලින් ආසියානු අලින්ගෙන් පහසුවෙන් හඳුනා ගතහැකි ක‍්‍රමවේදයක් සකස් කරමින් මූලික අරමුණු කරා යෑමට පර්යේෂණ කඩිනම් කර ඇත. තවද මෙම පර්යේෂණ පත‍්‍රිකාව මඟින් SSR මත පදනම් වූ ක‍්‍රමවේදයන්ට අමතරව නවීන ක‍්‍රම හඳුන්වා දී ඇත. මෙවැනි අධ්‍යයනයක අවශ්‍යතාව අනෙකුත් වන ජීවීන් පිළිබඳ අධ්‍යයනයකදී වුවද වැදගත් බව පෙන්වා දී ඇත. මෙම සොයා ගැනීම මුළු ලෝකයේම සත්ත්ව පර්යේෂණ සඳහා ශ‍්‍රී ලංකාවෙන් ලද ආදර්ශයක් බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

නිලන්ති රාජපක්ෂ
ජගත් කණහැරආරච්චිsoba4 4soba4 3

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles