Divaina - අද සවස 1.27ට සිදුවන - අද සහ හෙට සිකුරු වෘෂභ රාශි ගතවීම ඔබට සහ රටට කොහොමද?

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

tharu4 1සුබ දායක ග‍්‍රහ මාරුවක් බව අසන්නට ලැබීම සතුටට කරුණකි. වසංගත රෝග බියෙන් පෙළෙන කාටත් එය මඳක් හෝ අස්වැසිල්ලකි. එවැනි සුබදායක ග‍්‍රහ මාරුවක් මැයි මස 4 වැනිදා සවස 1.27ට සිදුවේ. ඒ සිකුරු ග‍්‍රහයා වෘෂභ රාශි ගත වීමයි. අපේ‍්‍රල් 10 වැනිදා සිට මේෂ රාශියේ දුර්වලව ගමන් කළ සිකුරු මාරුවෙන්නේ තමන්ගේම ස්වක්‍ෂේත‍්‍ර රාශිය වූ වෘෂභයටය. මේ වූ කල් ලග්න නවයකට සුබඵල උදාකරන ග‍්‍රහ මාරුවකි. එහෙත් දැනට පවතින කොවිඞ් රෝග තත්ත්වයට මුහුණ දීමට නිර්දේශකර ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අමතක කළ යුතු නොවේ. මේ කාල විපත්ති බහුල යුගයේ සුබදායක සිකුරුගේ මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි දැන් බලමු.
 
 මේෂ- පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආදායම් සතුටුදායකයි. බිරිඳ හෝ සැමියාට සුබදායකයි. හිතේ සතුට ඇතිවේ. කාන්තා පක්‍ෂයේ උදව් ලැබේ. විවාහ සහකරුට ධන ලාභයක් ලැබීමට හේතුයි. සමාජයේ තිබූ ගෞරවය ඉහළ යයි.
 
 වෘෂභ- ඔබේ ලග්නාධිපති සිකුරු ලග්නයට පැමිණීම සුබඵලදායකයි. සතුටට කරුණු යෙදේ. දරුවන් ගැන හිතා සතුටු විය හැකියි. අලංකාර දේවලින් ලාභ ලැබේ. පවුලේ අය සමග සතුටින් කාලය ගතවේ. සතුරන් මිතුරුවන කාලයකි. මංගල යෝජනා ස්ථිරවන කාලයකි.
 
 මිථුන- ශනි ඒරාෂ්ටක අපලයන් පවතින අතර සිකුරු දොළොස්වැන්නට පැමිණීම කරදර අඩු කරයි. එසේ නමුත් වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. විනෝදය පාලනයකර ගැනීමට සැලකිලිමත් වෙන්න. වටිනා බඩුවක් නැති වීමට ඉඩ ඇති නිසා ආරක්‍ෂාව ගැන හිතන්න.
 
 කටක- සිකුරු අයස්ථානයට පැමිණීම ඉතා ශුභයි. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුරු ලැබේ. ආදායම් ඉහළ යයි. සහෝදර සහෝදරියන්ට සුබයි. රැුකියා ව්‍යාපාරවල තිබූ කරදර අඩුවේ. බලාපොරොත්තු ඉටුකර ගැනීමට කරුණු යෙදේ.
 
 සිංහ- ඔබට සිකුරු මාරුව මිශ‍්‍රඵලදායක බව පෙනේ. සමාජ තත්ත්වය ඉහළ යා හැකියි. නමුත් කාන්තාවන් සමග කරන කටයුතුවලදී ප‍්‍රවේශම් වන්න. වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. රහස් සතුරු කරදරවලින් ප‍්‍රවේශම් වෙන්න. මවට සුබ ඵලදායකයි.
 
 කන්‍යා- නවවැන්නට සිකුරු මාරුවීම සිදුවේ. වාසනාව, භාග්‍යය උදාවේ. දෙවිපිහිට ලැබේ. උසස් අයගේ උපදෙස් ලැබේ. අධ්‍යාපනයට තිබූ බාධා අඩුවේ. පිංකම් හෝ සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථා උදාවේ. හිතේ සතුට ඇතිවේ. දරුවන්ට සුබයි.
 
 තුලා- අටවැන්නේ බලවත්ව ගමන් කරන බැවින් සිකුරු සුබ ඵලදෙන බව පෙනේ. උරුමයට ඇති දේපළ ස්ථිර වීමට ඉඩ තිබේ. හදිසි ධන ලාභ ලැබේ. තත්ත්වයේ හෝ තනතුරේ උසස්වීමකට ඉඩ ඇත. බලාපොරොත්තු නොවූ ලෙස ධන ලාභ ලැබීමට ඉඩ ඇති කාලයකි.
 
 වෘශ්චික- ලග්නයෙන් හත්වැන්නේ සිකුරු ගමන් කරන කාලය තරමක බාධා ඇති වීමට ඉඩ තිබේ. විවාහ බාධා ඇති කරයි. මංගල යෝජනාවලට සුබ කාලයක් නොවේ. විනෝදය පාලනයකර ගත යුතුයි. ඉක්මන් කෝපය නිසා අන් අය අතර අමනාපකම් ඇතිවීමට ද ඉඩ තිබේ.
 
 ධනු- ශරීර සෞඛ්‍යය ගැන දැඩි ලෙස ප‍්‍රවේශම් විය යුතු කාලයක් වේ. සතුරන් හා ඊර්ෂ්‍යාකරුවන් නිසා චිත්ත පීඩා ඇතිවිය හැකියි. සේවක ගැටලූ ඇති වීමට ද ඉඩ තිබේ. ණය ගනුදෙනුවලට සුදුසු කාලයක් නොවේ. වියදම් පාලනයකර ගන්න. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීමකට ඉඩ තිබේ. සුබදායකයි.
 
 කුම්භ- සිකුරු හතරවැන්නේ ගමන් කිරීම සුබදායකයි. පවුලේ අය සමග සතුටින් කාලය ගතවේ. මවුපියන්ට සුබයි. ගෘහාශි‍්‍රත ව්‍යාපාරවලින් ජය ලැබේ. දරුවන් හා ශිෂ්‍යයන් ගැන සිතා සතුටුවිය හැකියි. සමාජයේ තිබූ ගෞරවය හා පිළිගැනීම ඉහළ යන කාලයක් වේ.
 
 මීන- සිකුරු තුන්වැන්නේ ගමන් කිරීම සුබදායකයි. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. සහෝදරයකුගේ ජයග‍්‍රහණයන් ගැන අසන්නට ලැබේ. හිතේ සතුට ඇතිවේ. කාන්තා පක්‍ෂයේ උදව් උපකාර ලැබෙන කාලයකි. කරගෙන ආ කටයුතුවලට තිබූ බාධා අවහිර අඩුවේ. සුබදායකයි.
 
 ලබන මැයි 4 දා සිට 29 දින දක්වා සිකුරු ග‍්‍රහයා වෘෂභයේ ගමන් කරයි. සිකුරු වෘෂභයේ ගමන් කරන කාලය රටට සුබදායක නමුදු ලෝක වසංගත තත්ත්වය අමතක කළ හැකි නොවේ. සෞඛ්‍ය නීති පිළිපැදිය යුතුමය. පවතින කාල විපත්ති දුරුකර සුබ ඵල උදාකර ගැනීම සඳහා සිකුරු බලවත්ව ගමන් කරන කාලය තුළ පහත සඳහන් පූජා තබන්න.
 
 1. සිකුරාදා දිනවල උදේ 6-7 අතර බුද්ධ පූජා තබා මිශ‍්‍ර පාට මල් වට්ටි 6, හඳුන් තෙල් පහන් 6, බෞද්ධ කොඩි 6, සුවඳ කූරු, කපුරු සහිතව බෝධි පූජා තබා පත්තිනි මෑණියන් ඇතුළු දෙවියන්ට පින් දෙන්න.
 
 2. පලතුරු 6 (දෙළුම්/ඇපල් සහිත)
 
 හඳුන්තෙල් පහන් 1 සහිතව පූජා තබා පත්තිනි මෑණියන්ට බාරවෙන්න.

ජ්‍යොතිර්වේදී සාමවිනිසුරු කලා භූෂණ
සුනිල් කුමාර ගම්ලත්

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles