Divaina - තමිල්නාඩුවේ බලය ඇල්ලූ ස්ටාලින්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

starlyn11976 දී ඉන්ධිරා ගාන්ධි අගමැතිනිය විසින් ඉන්දියාව පුරා හදිසි නීතිය පනවන ලද අවස්ථාවේදී ඊට විරුද්ධව පෙළපාලි ගිය ස්ටාලින් කෙළින්ම පොලිස් කූඩුවටත් එතැනින් රිමාන්ඞ් හිර ගෙදරටත් ගියේය. හිර ගෙදරදී ඔහුටත් ඔහුගේ හොඳම සටන් සගයා වූ සී. චිත්තිබාහුටත් වහලයේ එල්ලා පහරදෙන ලදී. එම පහරදීමෙන් චිත්තිබාහු මියගියද දෛවෝපගත ලෙස ජීවතුන් අතර ඔහු ඉතිරි විය.
 
 මුතුවේල් කරුණානිධි සහ එම්. ජී. රාමචන්ද්‍රන් නොසිටින්නට තමිල්නාඩුවේ දේශපාලනය ගැන කතා කරන්නට අපට කිසිවක් ඉතිරි වන්නේ නැත. මුතුවේල් කරුණානිධි යනු තමිල්නාඩුව විසින් බිහිකරන ලද විශිෂ්ටතම දෙමළ ලේඛකයකු මෙන්ම චිත‍්‍රපට තිර නාටක රචකයෙකි. ඔහු විසින් ලියන ලද සියලූම තිර කතා කිසිදු ශාස්ත‍්‍රීය බවක් නොමැති පේ‍්‍රමය, දේවත්වය සහ කෲරත්වය මත පමණක් මත පදනම් වූ කතන්දර ය. මේ කතන්දර වලින් එක්දහස් නවසිය පනස් ගණන්වල සාදන ලද දෙමළ චිත‍්‍රපට නැරඹූ තමිල්නාඩුවේ දෙමළ ජනයා පේ‍්‍රමයෙන්ද, ප‍්‍රීතියෙන්ද, ත‍්‍රාසයෙන්ද මුසපත් වූහ. කරුණානිධිගේ චිත‍්‍රපට කතන්දරවල ප‍්‍රධාන චරිතය හිමිවුණේ එම්. ජී. රාමචන්ද්‍රන් ටය. මියයන තුරුම දකුණු ඉන්දියාවේ ජනප‍්‍රියම නළුවා වූ රාමචන්ද්‍රන් ශ‍්‍රී ලංකාවේ හැටන් පළාතේ මිනිහෙකි. බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් මෙරටට ආනයනය කරන ලද ඉන්දියානු දෙමළ වතු කම්කරු ශ‍්‍රමික පවුලක දරුවකු වූ රාමචන්ද්‍රන් තරුණ කාලයේදීම තෙප්පමක නැග පෝක් සමුද්‍ර සන්ධිය හරහා ධනුෂ්කොඩියෙන් බැස තමිල්නාඩුවට රිංගා සිය ඥාතීන් අතරට ගියේය. ඔහුත් කරුණානිධිත් චිත‍්‍රපට කර්මානත්ය තුළ වැඩෙන්නේ සමාන්තරවය. පසුව දේශපාලනය කරන්නට පටන් ගත් මේ දෙදෙනා එකිනෙකා ගෙන් වෙන්වී දරුණු සතුරන් බවට පත්වූහ. තමිල්නාඩු ප‍්‍රාන්ත සභා මැතිවරණයේදී මාරුවෙන් මාරුවට ආණ්ඩු පිහිටුවීමට මේ දෙදෙනාට හැකිවිය. කරුණානිධි සහ රාමචන්ද්‍රන් අතර කුඩා වෙනසක් තිබේ. සෑම සාර්ථක මිනිසකු පිටුපසම කාන්තාවක සිටියද කරුණානිධි පිටුපස එබඳු කාන්තාවක සිටියේ නැත. එහෙත් රාමචන්ද්‍රන් පිටුපස ඔහුගේ පෙම්වතිය වූ ජනප‍්‍රිය සිනමා නිළි ජයලලිතා ජයරාම් සිටි අතර මිය පරලොව යෑමට පෙර තමිල්නාඩුවේ මහ ඇමැති වීමටද ඇයට හැකිවිය. තමිල්නාඩුවේ දේශපාලනය අදටත් බෙදී පවතින්නේ කරුණානිධිගේ ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් පක්ෂය සහ රාමචන්ද්‍රන්ගේ අන්නා ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් පක්ෂය අතරය. මේ නිසා කාලයකට කරුණානිධිගේ මිනිහෙක් මහා ඇමැති වෙයි. කාලයකට රාමචන්ද්‍රන්ගේ මිනිහෙක් හෝ ගැහැනියක් (ජයලලිතා) මහා ඇමැති වෙයි. මේ සම්මතය අනුව යමින් පසුගිය සතියේ පැවති තමිල්නාඩු මහා මැතිවරණයේදී කරුණානිධිගේ පුත‍්‍රයා වූ එම්. කේ. ස්ටාලින් බලයට පත්විය. කරුණානිධිලා දේශපාලනය කරන්නට පටන් ගත් මුල් කාලයේදී ලෝකයේ සිටි බලසම්පන්නම මිනිහා වූකලී සෝවියට් දේශයේ නායක ජෝසෆ් ස්ටාලින් ය. කරුණානිධි සිය දෙවන පුත‍්‍රයා 1953 මාර්තු පළවෙනිදා උපන් අවස්ථාවේදී ඔහුට ස්ටාලින් යන නම තබන ලද්දේ ජෝසෆ් ස්ටාලින් සිහිවීම පිණිසය. එම නම් තැබීමෙන් දින හතරකට පසු ජෝසෆ් ස්ටාලින් මළේය.
 
 තව දින කීපයකින් තමිල්නාඩුවේ මහ ඇමැති ලෙස දිවුරුම් දීමට නියමිත ඞී. එම්. කේ. පක්ෂයේ ඡුන්ද අපේක්ෂකයා වූ ස්ටාලින් ගේ සම්පූර්ණ නම එම්. කේ. ස්ටාලින් ය. එම්. කේ. යනුවෙන් හැඳින්වෙන්නේ ඔහුගේ පියාවන මුතුවේල් කරුණානිධි යන්නය. දෙමළ නම් තැබීමේ සම්ප‍්‍රදායට අනුව අලූත උපන් දරුවකුගේ නමේ මුලට පියාගේ නම එකතු වේ. ස්ටාලින් මූලික අධ්‍යාපනය ලබන්නේ එවකට මදුරාසියේ වූ නූතන චෙන්නායි නගරයේ ක‍්‍රිස්තියානි උසස් පාසලේය. ඔහු මදුරාසි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අතර ගෞරව ආචාර්ය උපාධියක් ලද්දෙකි. ඔහුගේ බිරිඳ දුර්ගාය. ඔහු දියණියකගේ සහ පුතකුගේ පියෙකි.
 
 මුල් කාලයේදී එම්. කේ. ස්ටාලින් ගැන ඉන්දියාවේ හෝ තමිල්නාඩුවේ කවුරුවත් දැන සිටියේ නැත. එහෙත් 1976 දී ඉන්ධිරා ගාන්ධි අගමැතිනිය විසින් ඉන්දියාව පුරා හදිසි නීතිය පනවන ලද අවස්ථාවේදී ඊට විරුද්ධව පෙළපාලි ගිය ස්ටාලින් කෙළින්ම පොලිස් කූඩුවටත් එතැනින් රිමාන්ඞ් හිර ගෙදරටත් ගියේය. හිර ගෙදරදී ඔහුටත් ඔහුගේ හොඳම සටන් සගයා වූ සී. චිත්තිබාහුටත් වහලයේ එල්ලා පහරදෙන ලදී. එම පහරදීමෙන් චිත්තිබාහු මියගියද දෛවෝපගත ලෙස ජීවතුන් අතර ඔහු ඉතිරි විය. හිර ගෙදර ජේලර්ලා විසින් ඔහුගේ අත් කකුල් කඩා දමන ලදී. එහෙත් මේ ධෛර්යමත් තරුණයා එම තුවාල සහිතවම හිර ගෙදර සිට ශාස්ත‍්‍රවේදී උපාධි පරීක්ෂණයට ලියා ඉන් සමත් විය. 1982 දී ඔහු සිය පියාගේ පක්ෂයේ තරුණ සංවිධානය බිහි කළේය. 1989 දී තමිල්නාඩු ප‍්‍රාන්ත සභා ඡුන්දයට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කළ හෙතෙම 1991 දී ඉන්දියානු මධ්‍යම රජය විසින් එම පක්ෂය තහනම් කරන ලද කල්හි බලයෙන් වීසි විය. නැවත වතාවක් ඔහු ඡුන්දයට ඉදිරිපත් විය. එහිදී ඔහුගේ ප‍්‍රතිවාදියා වූයේ ජයලලිතාය. එවිට ස්ටාලින් පැරදී ජයලලිතා ජය ගත්තාය.
 
 1996 දී තමිල්නාඩුවේ කෝලාතූර් නගරයේ  නගරාධිපති වීමට ඔහුට හැකිවිය. සිය පාලන කාලය තුළදී ”ලස්සන චෙන්නායි” නමැති නගර සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කළ ස්ටාලින් ගුවන් පාලම් නවයක් හදා වාර්තාවක් පිහිටු වූයේය. 2001 දී ස්ටාලින් දෙවන වරටත් නගරාධිපති විය. එවිට තමිල්නාඩුවේ මහ ඇමැති වී සිටියේ ජයලලිතාය. වහාම නගර සභා පනත සංශෝධනය කළ ජයලලිතා එක් පුද්ගලයකු දෙවරක් නගරාධිපති වීම තහනම් කළාය. මේ නිසා ස්ටාලින්ට නගරාධිපති පුටුව නැතිවිය. ස්ටාලින් මෙයට විරුද්ධව උසාවි ගිය නමුදු ඉන් පලක් නැතිවිය. 2006 දී ඔහු තමිල්නාඩුවේ නියෝජ්‍ය මහා ඇමැති විය. 2016 දී ඔහු තමිල්නාඩුවේ විපක්ෂ නායකයා විය. 2018 දී ඞී. එම්. කේ පක්ෂයේ නායක කරුණානිධි මියගිය අතර ස්ටාලින් පක්ෂයේ නායකයා බවට පත්විය.
 
 thamil1තමිල්නාඩුවේ දේශපාලනය ශ‍්‍රී ලංකාවට ඉතාම වැදගත්ය. එයට හේතුව මෙරට දෙමළ බෙදුම්වාදය පෝෂණය කරන ප‍්‍රමුඛ අනුග‍්‍රාහකයා තමිල්නාඩුවේ දේශපාලකයන් වීමය. එම්. ජී. රාමචන්ද්‍රන් යනු එල්.ටී.ටී.ඊ. සංවිධානයට පුදුමාකාර උදව් කළ මිනිසෙකි. කරුණානිධි සහ ජයලලිතා ද ප‍්‍රභාකරන්ගේ හිතවත්හු වූහ. එම්. කේ ස්ටාලින් ටද නිතරම ශ‍්‍රී ලංකාව දෙස බලා සිටීමට සිදුවනු ඇත. උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනය තුළ සිදුවන සෑම වෙනසක්ම ඔහුගේ දේශපාලන පුටුවට බරපතළ ලෙස බලපානවා ඇත.
 
 අනුර සොලමන්ස්

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles