Divaina - පොල්තෙල් විසකරන, මොනවද? මේ ඇෆ්ලාටොක්සින්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fea6 4 2මිනිසාට ඇෆ්ලාටොක්සින්  දීර්ඝ කාලීනව ශරීරගත වීම නිසා විවිධ සංකූලතා ඇතිවේ. අක්මාව සහ වකුගඩු පිළිකා රෝගයට ගොදුරුවීම ඒ අතුරින් ප‍්‍රධාන වේ. පිළිකා සෑදීමට මූලිකව බලපාන්නේ ඇෆ්ලාටොක්සින් B1 රසායනිකයයි. මෙමඟින් පිළිකා කාරක ජාන සක‍්‍රීය කර ශරීරයේ පිළිකා ෙසෙල වර්ධනය වීමට උපකාරී කරයි.
 
 නිවර්ථන කලාපීය ලෝකය පුරාවටම, මිලියන ගණනක ජනයාගේ එදිනෙදා ආහාර වේලට මේදය සපයා ගැනීමට ප‍්‍රාථමික මූලාශ‍්‍රය ලෙස පොල්තෙල් භාවිතා කර ඇත. පොල්තෙල්වල ප‍්‍රධාන වශයෙන් මේදය අඩංගු වන අතර කැල්සියම් සහ පොස්පරස් වැනි මූලද්‍රව්‍ය යම් ප‍්‍රමාණයක් ද අන්තර්ගත වේ. පොල්තෙල් ග‍්‍රෑම් 100ක අඩංගු පෝෂණ ගුණය 1 වගුවේ දක්වා ඇත. :(Sources: Tables of Food Composition : for use in Sri Lanka - 1979)fea6 4 1

 
 
 * කෘෂි ආර්ථික නිෂ්පාදනයක් ලෙස පොල්තෙල්
 
 ශ‍්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන අතුරින් පොල් ආශ‍්‍රිත නිෂ්පාදන ප‍්‍රමුඛ ස්ථානයක් ගනී. එම නිෂ්පාදන වර්ග පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පොල් තෙල් කර්මාන්තය ඈත අතීතයේ සිටම සාම්ප‍්‍රදායිකව පැවත එන කර්මාන්තයකි. එදා ගෘහණිය නිවසේ පරිභෝජනයට අවශ්‍ය පොල් අතිරික්තය ප‍්‍රයෝජනයට ගනිමින් ගෘහස්ථව පොල් තෙල් නිපදවා ගන්නා ලදී. අප රටට විදේශ විනිමය ලබාදූන් කෘෂි අපනයන භාණ්ඩයක් ලෙස පොල්තෙල් ජනප‍්‍රිය කර්මාන්තයක් ලෙසට පත් වී තිබුණි.
 
 *  ඉල්ලූමට සැපයුම
 
 දේශීය අපනයන භාණ්ඩ ලැයිස්තුවේ ඉහළ ස්ථානයක වැජඹුනු පොල්තෙල් නිෂ්පාදනය පොල් අස්වැන්න අඩුවීම නිසා අනිකුත් අපනයන රටවල් සමඟ සංසන්දනය කිරීමේදී කාලයාගේ ඇවෑමෙන් පහළ අගයකට පත්ව ඇති බව සංඛ්‍යා ලේඛණ පිරික්සීමේදී නිරීක්‍ෂණය වේ. තෙල් නිෂ්පාදනය අඩුවීම නිසා රට තුළ මිනිස් පරිභෝජනයට සහ ආශි‍්‍රත කර්මාන්තවලට පොල්තෙල් අවශ්‍යතා සපුරාලීමට පිළිමක් ලෙස දැනට පොල් තෙල් ආනයනයට අවසර දී තිබේ.

පොල් සංවර්ධන අධිකාරියේ දත්තයන්ට අනුව ශ‍්‍රී ලංකාවේ දැනට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 180,000 කි. එයින් 30% ක ප‍්‍ර‍්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කරන අතර ඉතිරි 70% ආනයනය කිරීමට සිදූව තිබේ. මින් සමස්ත පොල්තෙල් අවශ්‍යතාවයෙන් මෙටි‍්‍රක් ටොන් 90,000 ක් පමණ මිනිස් පරිභෝජනය සඳහා භාවිතා කරන අතර ඉතිරිය කර්මාන්ත සඳහා යොදා ගනී.
 
 * සිරුරට හිතකර පොල් තෙල්
 
 පොල් ගෙඩිය තුළ තිබෙන අමු මදය තෙල් නිෂ්පාදනයට යොදා ගනී. වැඩි තෙල් ධාරිතාවක් ලබා ගැනීමට නම් අමු මදය සූර්යාලෝකයෙන් හෝ දුම් ගැසීමෙන් වියළා ගැනීම කළ යුතුය. වියළීමෙන් පසුව හඳුන්වන්නේ කොප්පරා යනුවෙනි. නමුත් වාණිජමය වශයෙන් පොල්තෙල් සෑදීමේදී දුම් ගැසීමෙන් හෝ විජලක යන්ත‍්‍ර භාවිතා කිරීමෙන් කොප්පරා/විජලිත පොල් සාදා ගනු ලබයි. මේ කුමන ආකාරයට කොප්පරා සැකසීම සිදූ කළද වියැළීමෙන් පසුව ජල ප‍්‍රතිශතය හෙවත් තෙතමනය 6% ට වඩා අඩු විය යුතුවේ. පොල්තෙල් වල ගුණාත්මක භාවය සෞඛ්‍යාරක්‍ෂිතව වියළා ගත් කොප්පරා මත රදාපවතී. ඝර්ම කලාපීය රටවල පාරිසරික තත්ත්වයන් පාලනය කරගනිමින් නිපදවන කොප්පරා මඟින් ලබා ගන්නා පොල් තෙල් වලින් මිනිස් සිරුරට අවශ්‍ය නිසි පෝෂණ ගුණය ලබාගත හැක. නමුත් නිෂ්පාදන ක‍්‍රියාවලිය අක‍්‍රමවත් වූ විට මිනිස් සිරුරට අහිතකර විෂ රසායන ද්‍රව්‍ය පොල් තෙල් වලට එකතුවීම නොවළැක්විය හැකිය.
 
 * ආහාර මත වැඩෙන දිලීර
 
 ඕනෑම භාණ්ඩයක් ගුණාත්මකව නිෂ්පාදනය කිරීමට නම් භාවිතා කරන අමුද්‍රව්‍යවල ප‍්‍රමිතිය නිෂ්පාදනයේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වේ. විශේෂයෙන්ම පොල්තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කොප්පරා වල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු වන්නේ ආහාරයට ගන්නා අපිරිසිදු පොල්තෙල් තුළ ඇති විෂ රසායන මිනිස් සිරුරේ ඉන්ද්‍රියන්ට ඝෘජුවම බලපාන බැවිනි.
 
 ඝර්ම කලාපීය රටවල කෘෂි නිෂ්පාදනයන් මත දිලීර වැඞීම සුලබව දැකිය හැක. අපිරිසිදු වගා බිමෙන් අස්වනු නෙලූ පසු නියමිත තෙතමන ප‍්‍රමාණයට වියළීම සිදු නොකිරීමෙන් සහ තෙත් උණුසුම් ස්ථානවල වැඩි කාලයක් අස්වනු ගබඩා කිරීම නිසා දිලීර සීඝ‍්‍රයෙන් වර්ධනය වේ. නියමිත පරිසර සාධක නොසළකා වියළීමෙන් සහ දුම් ගැසීමේදී දුම සමඟ
 
 රැුෙ`දන දූලක හේතුවෙන් කොප්පරා මතද දිලීර ඉතා පහසුවෙන් වර්ධනයවීම සිදුවේ. කොප්පරාවල පමණක් නොව රටකජු, බඩ ඉරි`ගු, සෝයා බෝංචි, හාල්/වී වැනි ධාන්‍ය වර්ගවලත් වියළි මිරිස් සහ කුළුබඩු අතරද විෂ සහිත දිලීර වැඞීම දැකිය හැකිය.
 
 x පොල්තෙල් තුළ ඇතිවන මොනවද මේ විෂ රසායන ද්‍රව්‍ය?
 
 දැනට පර්යේෂණයන්ගෙන් අනාවරණ වන පරිදි ඇෆ්ලාටොක්සින් (Aflatoxin) නැමති විෂ රසායනය ආහාර මත වැඩෙන Aspergillus flavus කේඩමි සහ Aspergillus parasiticus යන දිලීර වර්ග දෙක මඟින් නිපදවන බව පැවසේ. මෙම ඇෆ්ලාටොක්සින් විෂ ආහාර තුළ රැෙ`ද්. ඇෆ්ලාටොක්සින් යනු හයිඞ්රෝකාබන වලලූ පහක් එකිනෙක බැඳී සෑදුන රසායනිකයකි. මෙය මානව පිලිකාකාරයක් ලෙස වර්ගීකරණය කර ඇත. 
Aspergillus flavus දිලීරය මඟින් ඇෆ්ලාටොක්සින් ඊ වර්ගය නිෂ්පාදනය කරන අතර Aspergillus parasiticus දිලීරය මඟින් ඇෆ්ලාටොක්සින් ඊල ඨ යන දෙවර්ගයම නිපදවයි. ඇෆ්ලාටොක්සින් වර්ග 18 ක් පමණ තිබෙන නමුත් Aflatoxin B1, Aflatoxin B2, Aflatoxin G1 සහ Aflatoxin G2 මිනිසාට සහ සතුන්ට හානිදායක වේ.
 
 x රසායනාගාර පරීක්‍ෂාවන් සඳහා කාර්මික තාක්‍ෂණ ආයතනයේ දායකත්වය
 
 රසායනාගාර පරීක්‍ෂාවන් සඳහා කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) විසින් නවීනතම විශ්ලේෂණ උපකරණ සහිත අවශේෂ විශ්ලේෂණ  රසායනාගාරයක් (Residues Analysis Lab) පිහිටුවා තිබේ. 2016 වර්ෂයේදී අවශේෂ විශ්ලේෂණ ඒකකයක් ලෙස ආරම්භ කරන ලද අතර 2017 වර්ෂයේදී අංග සම්පූර්ණ රසායනාගාරක් බවට වැඩි දියුණු කරන ලදී. වෘත්තීයමය සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලක විශ්වාසදායී සේවාවක් මෙම රසායනාගාරයෙන් ලබා ගත හැක.
 
 ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ප‍්‍රකාශිත SLS – 32 පොල්තෙල් :2017) ප‍්‍රමිති පිරිවිතරට අනුව පොල්තෙල්වල සමස්ත ඇෆ්ලාටොක්සින් මට්ටම  10 g/kg වන අතර ඇෆ්ලාටොක්සින් B1 මට්ටම  5/g/kg නොඉක්මවිය යුතු බව සඳහන් වේ.
 
 *  ඇෆ්ලාටොක්සින් මඟින් මිනිසාට සහ සතුන්ට සිදුවන බලපෑම.
 
 මිනිසාට ඇෆ්ලාටොක්සින් දීර්ඝ කාලීනව ශරීරගත වීම නිසා විවිධ සංකූලතා ඇතිවේ. අක්මාව සහ වකුගඩු පිළිකා රෝගයට ගොදුරුවීම ඒ අතුරින් ප‍්‍රධාන වේ. පිළිකා සෑදීමට මූලිකව බලපාන්නේ ඇෆ්ලාටොක්සින් 
B1 රසායනිකයයි. මෙමඟින් පිළිකා කාරක ජාන සක‍්‍රීය කර ශරීරයේ පිළිකා ෙසෙල වර්ධනය වීමට උපකාරී කරයි. හෙපටයිටීස් B රෝගයෙන් අක්මාවට හානි සිදු වී ඇත්නම් පිළිකා රෝගයට ගොදුරුවීමේ ප‍්‍රවනතාවය වැඩිවේ.
 
 ඇෆ්ලාටොක්සින් දීර්ඝ කාලීනව ශරීරගත වීමෙන් කුඩා දරුවන්ගේ සෞඛ්‍යයටද හානි පමුණුවයි. ආහාර ජීර්නය දුර්වල වීම, ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය හානිවීම, රක්තපාතය, අංගවිකල දරුවන් බිහිවීම ඇතිවන සංකූලතා අතරින් සමහරකි. මෙම තත්වයන් Aflatoxicosis යනුවෙන් හැඳින්වේ.
 
 අපිරිසිදු බඩ ඉරි`ගු සහ අනෙකුත් ධාන්‍ය වර්ග යොදා ගනිමින් නිෂ්පාදනය කරන සත්ව ආහාර තුළ ඇෆ්ලාටොක්සින් නිපදවේ. මෙම සත්ව ආහාර මාර්ගයෙන් හරකුන්ට, කුකුලන්ට, ඌරන්ට ඇෆ්ලාටොක්සින් ශරීරගත වේ. ඇෆ්ලාටොක්සින් B1 වලින් දූෂිත සත්ව ආහාර අනුභව කරන කිරිගවයන්ගෙන් ලබාගන්නා කිරි සහ කිරි නිෂ්පාදනවල ඇෆ්ලාටොක්සින් M1 අඩංගු බව අනාවරණය වේ.
 
 x ඇෆ්ලාටොක්සින් ඇතිවීම පාලනය කිරීමට ගත හැකි ක‍්‍රියාමාර්ග
 
 අස්වැන්න නෙළීමට පෙර කළමනාකරණය සහ නිවැරදි පසු අස්වනු පාලනය ඇෆ්ලාටොක්සින් පාලනය කිරීම සඳහා හො`දම විකල්පය වේ. ඇෆ්ලාටොක්සින් වර්ධනය වැඩිකරන සාධක පාලනය කිරීම සඳහා දිලීරය වැඩෙන කාලපරිච්ෙඡ්දය තුළ පරිසර සාධක කෙරෙහි අවධානය යොමු කළ යුතුය. කෘමීන් මගින් ශාඛවලට වන හානිය නිසා ඇතිවන දිලීර මඟින් නිපදවන ඇෆ්ලාටොක්සින් වර්ධනයට හේතු වේ.
 
 1. කෘෂිකාර්මික නිෂ්පාදනවල තෙතමනය පාලනය කිරීම සඳහා වැසි සමයේදී නොව වියළි කාළගුණික තත්ත්වයන් යටතේ අස්වනු නෙළීම යෝග්‍යය.
 
 2. අස්වනු සැකසීමේදී සහ වියළීමේදී පිරිසිදු ස්ථාන භාවිතා කිරීම.
 
 3. අස්වනු වියළීමේදී නියමිත තෙතමන ප‍්‍රතිශතය පිළිබඳව දැඩි අවදානය යොමු කිරීම.
 
 4. අස්වනු ප‍්‍රවාහනයේදී තෙතමනය නොරැුෙ`දන බහාළුම් භාවිතාව.
 
 5. අස්වනු ගබඩා කිරීමේදී ජලය නොරැුෙ`දන, තෙතමනය රහිත ස්ථාන තෝරා ගැනීම.
 
 6. නිෂ්පාදනය සඳහා යොදාගන්නා ගුණාත්මක අමුද්‍රව්‍ය පිළිබඳව දැණුවත් වීම.
 
 7. නිෂ්පාදන සැකසුම් ක‍්‍රියාවලියේදී සෑම අංගයක් සඳහාම Good Manufacturing Practice (GMP) Hazard Analysis & Critical Control (HACCP) සහ ක‍්‍රම ක‍්‍රියාත්මක කරමින් තත්ත්ව පාලන උපාය මාර්ග අනුගමනය කිරීම.
 
 *  ගුණාත්මක ආහාර භාවිතය පිළිබඳව පාරිභෝගික ජනතාවගේ වගකීම
 
 1. පුස් බැඳුනු ආහාර භාවිතයෙන් වැළකීම.
 
 2. විශ්වාසදායි වෙළෙඳ නාමයන් යටතේ නිකුත්වන නිෂ්පාදන මිලදී ගැනීමට උනන්දු වීම.
 
 3. කල් ඉකුත් වූ ආහාර භාවිතයෙන් ඉවත් කිරීම.
 
 4. ලේබල් නොමැති ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සුපරීක්‍ෂාකාරී වීම.
 
 5. ධාන්‍ය වර්ග කුළුබඩු ආදිය තෙත් ස්ථානවල ගබඩා නොකිරීම.
 
 පොල්තෙල්වල පමණක් නොව අප ගන්නා අනිකුත් ආහාර ද්‍රව්‍යයන් ද විෂ කාරක මඟින් දූෂණය නොවන බවට කිසිවකුටත් අවධාරණය කළ නොහැක. වෙළෙඳපොළට නිකුත් කරන භාණ්ඩවල ගුණාත්මක බව සම්බන්ධයෙන් ආහාර නිෂ්පාදනය කරන ආයතනයන්ට මෙන්ම නිෂ්පාදන සම්බන්ධව ඇගයීම්, නිර්ණායකයන් පිළිබඳව උපදෙස් ලබාදෙන ආයතනයන්ද එකමුතුව තම වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කි‍්‍රයාත්මක වීම මෙම ව්‍යසනයෙන්
 
 පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්‍ෂා කරගැනීමට ගත හැකි බුද්ධිමත් පියවරක් ලෙස හැඳින්විය හැක.
 
 එමෙන්ම එදිනෙදා පාරිභෝජනයට ගැනීමට සුදුසු ආහාර සම්බන්ධයෙන් නිවැරදි නිෂ්පාදන තොරතුරු පිළිබඳ අවධානය යොමුවීම, ප‍්‍රමිතියෙන් යුතු ආහාර තෝරා ගැනීම සහ මහජන සෞඛ්‍ය රැුකගැනීම ආදී කරුණු පිළිබඳව පාරිභෝගික ජනතාව මනාව දැණුවත් කිරීම මෙහිදී වඩාත්ම වැදගත් වේ.
 
 කාර්මික තාක්‍ෂණ ආයතනය

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles