Divaina - බුද්ධිමතුන්ගේ පාරාදීසයේ නායක පොරය

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

විමුක්ති වීදියබණ්ඩාර

 

peadani555
 
 ”දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන්’’ යැයි ලෙසින් කියැවෙන ප‍්‍රසිද්ධ ගීතය අභාවප‍්‍රාප්ත විජය කුමාරතුංගයන් විසින් ගායනා කරන ලද්දේ දේශපාලන පළිගැනීම් සඳහා අභූත චෝදනා නගමින් ඔහු සිරගත කිරීමෙන් මඳ කලකට පසුවය. එහිදී කියැවෙන්නේ දඟගෙයි දැමීමෙන් සෑහීමකට පත් නොවන්නේ නම් එල්ලා මරා දැමීමට කටයුතු කරන ලෙසයි. මෙහි කියැවෙන එල්ලා මරා දැමීමට වඩා වේදනාකාරී විකල්පයක් දැන් අපට යෝජනා කළ හැකිය. එය නම් අදාළ පුද්ගලයා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත යවන ලෙසයි. එහිදී, එහි රජ කරන විද්වත් නාමධාරී මෘගයන් අතලොස්සක් (මෙම සඳහනින් එහි සිටින බහුතරයක් වන ගරු කටයුතු මහත්වරුන් සිත රිදවා නොගත යුතුය* විසින් මහත්වූ මානසික වධ බන්ධනයන්ට ලක් කරන ලදුව ඕනෑම පුද්ගලයෙක් නොමරා මරා දැමීම සිකුරුය. අප එලෙස කියන්නේ ඒ සඳහා වන ජීවමාන සාක්‍ෂි අප සතුව ඇති හෙයිනි. කථාව සහ සුද්දයෙන් මෙසේය.
 
 කවුද මේ රාජපක්‍ෂ
 
 උසස් පෙළ විභාගය සමත්වීමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත්වන ලීලානන්ද රාජපක්‍ෂ 1993 වසරේදී පළමු පන්තියේ උපාධියක් ලබාගන්නේ විශිෂ්ටතා පදක්කම් තුනක් සමගිනි. අනතුරුව 1994 වසරේදී තමන් අධ්‍යාපනය ලද පීඨයේම ආචාර්යවරයෙකු ලෙස සේවයට එක්වන ඔහු එංගලන්තයේ සහ තායිලන්තයේ උසස් අධ්‍යාපනයෙන් අනතුරුව 2009 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාල මහාචාර්ය ධුරයට පත්වන අතර 2012 වසරේදී ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා ලෙසට පීඨයේ ප‍්‍රධානතම පරිපාලන තනතුරට පත්වන්නේ නිතරගයෙන් වීම විශේෂත්වයකි. පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ආරම්භක පීඨාධිපතිවරයා වූ ඊ. ඕ. ඒ. පෙරේරා මහතාට පමණක් දෙවැනි වන සේවයක් පීඨය වෙනුවෙන් ඉටුකළ මහාචාර්ය රාජපක්‍ෂව විශ්වවිද්‍යාල ප‍්‍රජාව හඳුන්වන ලද්දේ දෙවැනි ඊ. ඕ. ඒ. පෙරේරා ලෙසිනි.
 
 තර්ජනවල ආරම්භය
 
 ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා නිල බලයෙන් විශ්වවිද්‍යාල තාක්‍ෂණික ඇගැයීම් කමිටුවේ සභාපතිවරයාද, ඉඩම් හා ගොඩනැඟිලි කමිටුවේ සාමාජිකයෙකු වන බැවින් විශ්වවිද්‍යාලයේ මූලධන ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක්ද ඔහු වෙත පැවැරී තිබේ. එහිදී මූලධන ව්‍යාපෘති හා සම්බන්ධ දිගු කාලයක් තිස්සේ සිදුවෙමින් පැවතුන ¥ෂණ වංචාවලට එරෙහිව දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරීම හේතුවෙන් සහ රජයේ ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට පටහැනිව සිදුකෙරුණ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය නිවැරදි කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එකී ¥ෂණ වංචා මගින් යැපෙමින් සිටි නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයෙකුගේ මරණීය තර්ජනයන්ට ලක්වීමට ඔහුට සිදුවිය. එය වර්තමානය දක්වා ඇදී එන අඛණ්ඩ පලිගැනීමේ ක‍්‍රියාවලියක පළමු සිදුවීම විය.
 
 මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉහළම බලධාරියෙකුගේ අවශ්‍යතාව මත මූලධන ව්‍යාපෘති හරහා මහජන ධනය ගසා කෑමේ මහා පරිමාණ ක‍්‍රියාවලියක් දියත්වන්නට වූ අතර එම වංචා රිසිසේ කරගෙන යෑම සඳහා වන ප‍්‍රධාන බාධකය ලෙස ක‍්‍රියාකරනු ලැබුවේ අප කථානායක මහාචාර්ය රාජපක්‍ෂ මහතාය. සිය අනාගත දේශපාලන ආගමනය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වන විශ්වවිද්‍යාලයේ ඉහළම බලධාරියෙකුගේ අවශ්‍යතාව මත සිදුකෙරුණු බව කියැවෙන මෙම වංචා දූෂණ වලට එරෙහි ස්ථාවරයක කටයුතු කිරීම හේතුවෙන් අදාළ බලධාරියාට මහාචාර්ය රාජපක්‍ෂ වහකදුරු මෙන් වීමට වැඩි කලක් ගත නොවුන අතර ඒ සමගම පරිපාලනයේ සෘජු අනුග‍්‍රහය ලබන  පලිගැනීමේ ක‍්‍රියාවලිය ඇරඹිනි.
 
 අසාර්ථක විශ්වාසභංගය
 
 මෙම පලිගැනීමේ ක‍්‍රියාවලියේ ප‍්‍රමුඛ අංගයක් ලෙසට 2017 වසරේදීී මහාචාර්ය රාජපක්‍ෂ ඉංජිනේරු පීඨ පීඨාධිපති තනතුරෙන් ඉවත්කරලීම පිණිස සම්ප‍්‍රදාය විරෝධී ලෙසට විශ්වාසභංගයක් ගෙන ඒම සිදුකරනු ලබන අතර විශ්වවිද්‍යාලයේ ඉහළම බලධාරියෙකුගේ බලවත් අවශ්‍යතාව මත සිදුකෙරුණ විශ්වාසභංග ඡුන්ද විමසීමේදී මෙම කුමන්ත‍්‍රණ කණ්ඩායමට ලජජා සහගත පරාජයක් අත්කරදීමට පීඨයේ යුක්තිගරුක ආචාර්යවරුන් බහුතරය සමත් විය. අදාළ විශ්වාසභංගය රාජපක්‍ෂ මහතා ජයගත්තේ වැඩි ඡුන්ද 19 කිනි. එය පීඨාධිපති තනතුර සඳහා 2015 වසරේ පැවැති නිලවරණයේදී ඔහු ලබාගත් 9 ක් වූ වැඩි ඡුන්ද සංඛ්‍යාවද අභිබවා යෑමකි.
 
 විශ්වාසභංගය ලජ්ජාසහගත ලෙසට පරාජය වූ නමුත් ඉන් පසුබට නොවූ මෙම ¥ෂිත කල්ලිය මහාචාර්ය රාජපක්‍ෂ කලකිරවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරලීම සඳහා විවිධ තර්ජන ගර්ජන සහ හිරිහැර කිරීම් රාශියක් සිදුකරනු ලබයි. මේවා අතර විවිධ රැුස්වීම් වලදී ප‍්‍රසිද්ධියේ නින්දා අපහාස කිරීම, නිල නිවාසයෙන් ඉවත් කරලීම සඳහා උත්සාහ දැරීම මෙන්ම නිවසට එවනු ලබන ඉතා පහත් පෙළේ නිර්ණාමික මරණීය තර්ජනයන්ද විය. මෙම බාධකයන්ගෙන් නොසැලූන නමුත් සිය අනාගත සුරක්‍ෂිතතාව උදෙසා පේරාදෙණිය දඩබිමෙන් තාවකාලිකව ඉවත්ව සිටීමට ඔහු කටයුතු කරන්නේ දුරදිග සිතා බලාය. ඒ අනුව 2020 වසරේදී ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙසට ඔහු වැඩ භාරගන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුන ඇරයුමක් අනුවය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් තාවකාලිකව ඉවත්ව ජාතික සේවයක නිරතව සිටින අතරතුරවත් පේරාදෙණියේ ක‍්‍රියාත්මක තිරස්චීන  පළිගැනීමේ ක‍්‍රියාවලිය නැවතුනේ නම් නැත.
 
 පාඨමාලා අසමත් සිසුවෙකු දඩමීමා කරගත් පළිගැනීම
 
 මෙම කුමන්ත‍්‍රණ කල්ලිය මහාචාර්ය රාජපක්‍ෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එළවා දැමීම සඳහා අවසානයේදී උපයෝගී කර ගන්නේ ඉංජිනේරු පීඨයේ එක්තරා සිසුවෙකු තමන් අසමත් වූ විෂයක ලකුණු නැවත සලකා බලන මෙන් සිදුකරන ලද සානුකම්පිත ඉල්ලීමකි. 2019 වසරේ ආරම්භකළ මෙය වසර දෙකකටත් අධික කාලයක් පුරා දිග්ගස්සමින් රැුගෙන එන්නේ මහාචාර්ය රාජපක්‍ෂට මානසික පීඩා ගෙන දෙන අරමුණෙනි.
 
 මහාචාර්ය රාජපක්‍ෂ පාඨමාලා සම්බන්ධීකාරක ලෙසට කටයුතු කළ යාන්ත‍්‍රික ඉංජිනේරු විද්‍යාව විෂය සඳහා අවම ලකුණු ලබාගත් මෙම සිසුවා සිය ලිපිය ඉදිරිපත් කර තිබුණේ සානුකම්පිත පදනම මත තමනට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනි. මෙම ඉල්ලීම පසෙක තිබියදී පීඨයේ අඳබාල පරිපාලකයන් සිදුකරන්නේ එම ඉල්ලීම දඩමීමා කරගනිමින් මහාචාර්ය රාජපක්‍ෂයන්ට පහර දීමට හේතු නිර්මාණය කිරීමයි. ඉන් අනතුරුව මෙම මාතෘකාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉහළම ප‍්‍රමුඛතාව ලැබෙන කාරණය බවට පත්කෙරෙන අතර එය ඉංජිනේරු පීඨයේ පීඨ මණ්ඩල රැුස්වීම් වලදීද, සනාථන සභා
 
 රැුස්වීම් වලදීද බැරූරුම් ලෙස අවධාණය යොමු කරන්නේ මහාචාර්ය රාජපක්‍ෂයන්ගේ වෘත්තීය ගෞරවයටද, කීර්තිනාමයටද බරපතළ ලෙස හානි සිදුකරමිනි. රාජපක්‍ෂ මහතා මේ වන විට නර්ඞ් ආයතනයේ සභාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යායේ සකී‍්‍රය සේවයෙන් බැහැර ජාතික සේවයක නිරතව සිටීම මෙම පාළුගෙයි වළං බිඳීමට සමාන ක‍්‍රියාවලියට පහසුවක් වී තිබෙන බව පෙනේ.
 
 විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අංක 978 දරන චක‍්‍රලේඛනයට අනුව අදාළ සිසුවාගේ ගැටලූව පීඨය තුළ පහසුවෙන්ම විසඳීමට හැකියාව තිබියදී පීඨයේ සහ විශ්වවිද්‍යාලයේ ඉහළ බලධාරීන් එක්ව ගෙන යන මෙම කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළ මගින් තමන්ගේ වෘත්තීය ගෞරවයට සිදුකෙරෙන හානිය මනාව වටහාගත් මහාචාර්ය රාජපක්‍ෂ අවස්ථා ගණනාවකදී උපකුලපතිවරයා සහ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා අමතමින් මෙම අගතිය සිදු නොකරන මෙන් ආයාචනා කර තිබුණි. ලිඛිතව සිදුකෙරුණ එම ඉල්ලීම් කුණු කූඩයට දමන උපකුලපතිවරයා විශ්වාසභංගය මගින් තමන්ට ඉටුකර ගැනීමට නොහැකිවූ අරමුණ කෙසේ හෝ ඉටුකර ගැනීමට මාන බලමින් අදාළ පළිගැනීමේ ක‍්‍රියාවලිය ඉදිරියටම ගෙන යන්නට වූ බැවින් ඒ සඳහා නීති උපදෙස් ලබාගැනීමට ඔහු කටයුතු කරන අතර ඒ අනුව අදාළ ක‍්‍රියාවලියේ ඇති අනීතික ස්වභාවය පිළිබඳව දැනුවත් කරමින් සනාථන සභාව වෙත ඉදිරිපත් කරන මෙන් ඉල්ලා ලිපි ගණනාවක් මහාචාර්ය රාජපක්‍ෂ විසින් ඉදිරිපත් කරන නමුත් ඒ කිසිවක් සනාතන සභාවේ සභාගත කිරීමට උපකුලපතිවරයා කටයුතු කරන්නේ නැත.
 
 කැකිල්ලේ කමිටුව
 
 මෙම තත්ත්වය තුළ මහාචාර්ය ලීලානන්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ කොටගත් ඉහත සිසුවාගේ ගැටලූව සම්බන්ධයෙන් පියවර ගැනීමට සනාථන සභාවේ 455 වන සැසිවාරයේදී ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරෙන නමුත් එකී කමිටුව හමුවට රාජපක්‍ෂ මහතා කැඳවන්නේ නැත. කමිටු නිර්දේශ මගින් තමන්ටද අගතියක් සිදුවීමට ඉඩ ඇති බැවින් කරුණු දැක්වීමට අවස්ථාවක් ඉල්ලා අදාළ කමිටුවේ සභාපතිවරයා අමතන රාජපක්‍ෂ මහතාට දැනගැනීමට
 
 ලැබෙන්නේ කමිටු නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කොට සනාථන සභාව වෙත ඉදිරිපත් කර අවසන් බවයි. එය විත්තිකරුවාට තම නිර්දෝෂීභාවය කියාපෑමට කිසිදු ඉඩක් ලබා නොදෙන අපූරු පරීක්‍ෂණ ක‍්‍රමවේදයකි. මෙය ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතිය අනුගමනය කරන ස්වභාවික යුක්තියේ මූලධර්මයට සහමුලින්ම පටහැනි බව අමුතුවෙන් කිව යුතු නැති වුවත් පේරාදෙණියට එම නීති මූලධර්ම අදාල නැති බව පෙනේ. පසුව දැනගන්නට ලැබුන පරිදි ඒකපාර්ශ්වවික කමිටු වාර්ථාව මගින් තමන්ට ඉතා අගතිදායක වන නිර්දේශ ඉදිරිපත්කර ඇති බවද රාජපක්‍ෂ මහතාට දැනගැනීමට ලැබේ. කෙසේ වෙතත් 457 වන සනාථන සභා සැසිවාරයට ඉදිරිපත් කෙරුණ අදාළ කමිටු වාර්තාව ප‍්‍රතික්ෂේප කරන සනාථන සභාව අදාළ ගැටලූව පීඨය තුළ විසඳාගන්නා ලෙස දන්වමින් නැවත හරවා යැවීමට කටයුතු කරන්නේ කුමන්ත‍්‍රණ කල්ලියට අතුල් පහරක් එල්ල කරමිනි.
 
 උපකුලපතිවරයාගේ (අ)පක්‍ෂපාතීත්වය
 
 ඒ අනුව එමගින් මහාචාර්ය රාජපක්‍ෂ දඩයම් කිරීමට අවස්ථාවක් නොලැබෙන බව අවබෝධකරගත් ඉංජිනේරු පීඨයේ වර්තමාන පීඨාධිපතිවරයා සහ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අංශාධිපතිවරයා විසින් ඒකාබද්ධ ලිපියක් 2021-03-09 දිනැතිවද තවත් අන්තේවාසික ආචාර්යවරයකු විසින් දින රහිතවද වශයෙන් රාජපක්‍ෂ මහතාට එරෙහිව පැමිණිලි දෙකක් උපකුලපතිවරයා වෙත යොමු කරන්නේ කෙසේ හෝ තම දඩයම සපුරා ගන්නා අරමුණිිනි. රාජපක්‍ෂ මහතා විසින් තමන් වෙත යොමු කරන ලද ලිපි 10 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන උපකුලපතිවරයා රාජපක්‍ෂ මහතාට එරෙහි පැමිණිල්ල සම්බන්ධයෙන් වහා ක‍්‍රියාත්මක වන්නේ ඔහුගේ පක්‍ෂපාතීත්වයේ හෙළුව ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කරමිනි. ඒ අනුව පසුගිය මාර්තු 17 වන දින පැවැති සනාථන සභා රැුස්වීමට ඉදිරිපත් කෙරෙන එම පැමිණිලි දෙක පාලක සභාව වෙත ඉදිරිපත් කර මහාචාර්ය රාජපක්‍ෂට එරෙහි පාලක සභා විමර්ශනයක් පැවැත්වීමට අනුමැතිය ලබාගෙන ඇත.
 
 අවසන් ඉලක්කය
 
 මහාචාර්ය රාජපක්‍ෂ ඉලක්කකර ගනිමින් වසර කිහිපයක සිට අඛණ්ඩට පවත්වාගෙන එන මේ ලූහුබැඳීමේ අවසන් ඉලක්කය කුමක්දැයි දැන් හෙළිදරව් වී තිබේ. එය අපට සිහිගන්වන්නේ පසුගිය ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත්වන බව ප‍්‍රකාශ කරන්නටත් බොහෝ ඈත කාලයක සිට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරගනිමින් සිදුකරන ලද පහරදීමටය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ගෝඨාභය මහතා පරාජය කිරීම සිහිනයක් බව දන්නා විපක්‍ෂ බලවේග මුළු වැර යොදමින් ක‍්‍රියාකරන ලද්දේ ඔහු තරගයෙන් ඉවත් කර තැබීම සඳහායි. එසේම විශ්වවිද්‍යාල පරිපාලනයේ සියලූ ක්‍ෂේත‍්‍රයන් ස්පර්ශ කරමින් සුදුසුකම් සම්පූර්ණ කර ඇති රාජපක්‍ෂ මහතා කෙදිනක හෝ පේරාදෙණියේ උපකුලපති තනතුරට පත්වනු ඇතැයිද, එසේ වුවහොත් තමන්ට ”අබ සරණ’’ මිස වෙන සරණක් නොවෙතියිද දූෂිතයන් කිහිප පලක් බියට පත්ව ඇත.
 
 පසුගිය ජනවාරි මාසයේ උපකුලපතිවරණය සඳහා අයැදුම්පත් කැඳවීමත්, මහාචාර්ය රාජපක්‍ෂ ඒ සඳහා අයැදුම්කිරීමත් සමග සටන එළියට පැමිණි බව පැහැදිලිව පෙනේ. පුද්ගලයන් තිදෙනකු හරහා පැමිණිලි ඉදිරිපත් වන්නේත් එම පැමිණිලි සම්බන්ධයෙන් ”අසාමාන්‍ය වේගයකින්’’ ක‍්‍රියාකරමින් තිබෙන්නේත් එබැවිනි. දැන් අරමුණ පැහැදිලිය මහාචාර්ය රාජපක්‍ෂට එරෙහිව පාලක සභා විමර්ශනයක් පැවැත්වෙන බව කියමින් ඔහු උපකුලපති ධුරය සඳහා නුසුදුස්සෙකු කිරීම හෝ එසේ නොහැකිවුවහොත් මෙම විමර්ශනය පදනම් කර ගනිමින් පාලක සභාවේදී මහාචාර්ය රාජපක්‍ෂයන් පතුරු ගසමින් පාලක සභා සාමාජිකයන්ගේ සිත් තුළ මහාචාර්යවරයා පිළිබඳ අප‍්‍රසාදයක් ගොඩනැගීම මගින් නිලවරණයේදී ඔහුට අවාසි සහගත තත්ත්වයක් ඇති කිරීම මෙම කල්ලියේ අරමුණ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ සඳහා පූර්ව පියවරක් ලෙසට උපකුලපතිවරණ තේරීම් කි‍්‍රයාවලියේ පළමු අදියරේ ඇගැයීම් කමිටුව සඳහා මහාචාර්ය රාජපක්‍ෂ සමග පරම සතුරු ස්ථාවරයක සිට කටයුතු කරන හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් නමැති අයකු පත් කරගත් නීති විරෝධී ආකාරය අප මින් පෙර හෙළිදරව් කර ඇත.
 
 නීතිය ඉදිරියට යන සටන
 
 දූෂිත පිරිස් අතලොස්සක් පේරාදෙණිය යනු මුදා නොගත් කලාපයක් සේ සලකා නීතියක් රීතියක් නොතකා කටයුතු කරන නමුත් රට තුළ තවමත් ක‍්‍රියාත්මක පොදු නීතියක් තිබේ. එසේම ගරු කටයුතු අධිකරණ පද්ධතියක් ක‍්‍රියාත්මකය. ඒ පිළිබඳව විශ්වාසය තබමින් මහාචාර්ය රාජපක්‍ෂ දැන් නීතිය ඉදිරියට ගොස් ඇත. පසුගිය 22 වැනිදා අභියාචානාධිකරණයට ඉදිරිපත් කළ අංක CA Appeal - 164/2021 දරන රිට් පෙත්සම මගින් තමන්ට යුක්තිය ඉෂ්ඨ කරදෙන මෙන් ඔහු ඉල්ලා තිබේ.
 
 ”නෙලූන් සේනානායක ඇසෝසියේට්ස්’’ නීතිඥ සමාගම මගින් ඉදිරිපත්කර ඇති මෙම රිට් පෙත්සම මගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, එහි උපකුලපති, සනාථන සභාව සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු වග උත්තරකරුවන් 292 කු නම් කර ඇති අතර මෙය ඇතැම් විට විශ්වවිද්‍යාල ඉතිහාසයේ වැඩිම වගඋත්තරකරුවන් පිරිසක් නම් කරන ලද පෙත්සම ලෙස ඉතිහාස ගතවීමටද ඉඩ ඇත.
 
 උපකුලපති නිලවරණයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපති උපුල් දිසානායක විසින් සිදුකරන අයුතු බලපෑම් අත්හිටුවීම, තේරීම් කමිටුව සඳහා හිටපු උපකුලපතිවරයෙකු වන මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් නීති විරෝධී ලෙස පත්කිරීම අවලංගු කිරීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඉදිරිපත්කර ඇති මෙම පෙත්සම සඳහා රාජපක්‍ෂ මහතා වෙනුවෙන් කීර්තිමත් ජනාධිපති නීතිඥයෙක් වන නිහාල් ජයවර්ධන මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියි.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles