Divaina - කුමාර රණපුරට උපකාර කරමු...

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

cinamaka444

 

 kumararanapura


මීට වසරකට ඉහතදී හදිසි අනතුරකට ලක්වූ ප‍්‍රවීණ රංගන ශිල්පි කුමාර රණපුර අද දැඩි සේ අසරණව ඔබේ උපකාරය බලාපොරොත්තුවෙන් පසුවේ.  ‘මම මීට මාස දාසයකට උඩදී මුහුණ දුන් අනතුර නිසා මගේ සුෂුම්නාවට දැඩිසේ හානි පැමිණුනා. මගේ අතපයත් අද කි‍්‍රයාත්මක මට්ටමේ නැහැ. දුරකථනය අල්ලන්නවත් ඒවාට පණක් නැහැ. මට වුණු හදිසි අනතුර ගැන කියලා මීට පෙර පුවත්පත් වාර්තා පළවුණා. ඒ අනුව මට උපකාර කරන්න ඉදිරිපත් වූ එක්තරා පුද්ගලයෙක් මගේ හැඳුනුම්පත් අංකය ලබාගෙන මට උදව් කරනවා වෙනුවට මගේ පොතේ තිබූ විශාල මුදලක් වංචා කරල තිබුණා. මම මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළා. නමුත් දැන් මගේ තත්ත්වය ඉතාමත් අවදානම්. මම දැන් හොරණ ප‍්‍රදේශයේ ඇති සිද්ධාර්ථ වෙද මැඳුරේදී වෛiාචාරිනි තරංගනී මහත්මිය යටතේ ප‍්‍රතිකාර ලබනවා. අනේ මම නැවතත් කලාවට පැමිණීමේ ආසාවෙන් තමයි ඉන්නේ යැයි කුමාර රණපුර කලා ශිල්පියා හැඬූ කඳුලින් යුතුව ‘දිවයින සිනමා කලා’ වෙතට පැවසුවේය.
 
 දශක තුනකට ආසන්න කාලයක් සිනමාව, පුංචි තිරය සහ වේදිකාව ද සිය රංගනයන්ගෙන් වර්ණවත් කළ මේ අපූරු රංගන ශිල්පියාට ඔබටත් හැකි උපකාරයක් කළ හැකි නම් එය ඔහුගේ කලා ලොව නැවත ආගමනයට මනා පිටිවහලක් වනු ඇත.
 
 208200122278281 මහජන බැංකුව, බත්තරමුල්ල ශාඛාව ඔහුගේ ගිණුම් අංකයයි. 0714840414 ඔහුගේ දුරකථන අංකයයි.
 
 - සුජීව

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles