Divaina - අපේම දමිළ සිනමාවකින් පෙරට එන නවයුගා

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

cinamaka444

 

 

navayuga444
 
 සිංහල සිනමාවට අනුගතව සිටිනා දමිළ කලාකරුවන්ගේ සංඛ්‍යාව දෑතේ ඇඟිලි ගණනින් ගිනිය හැකි තත්ත්වයකි. ඉන් ඔබ්බට ගොස් ශී‍්‍ර ලාංකේය කලා ක්ෂේත‍්‍රය තුළ දමිළ ලකුණ සලකුණු කරන්නට තැත් දරනා දමිළ කලාකරුවන් අපට හමුවන්නේ එක් අතක ඇඟිළි ගණනටත් වඩා අඩුවෙනි. ඉනුත් දමිළ කලාකාරියන් ගැන අසන්නට ලැබෙන්නේ ඊටත් වඩා කලාතුරකිනි. රූපණයෙන් නොනැවතී ඉන් එහා වූ අධ්‍යක්ෂණ ක්ෂේත‍්‍රයට ද පිවිසීමට අත්පොත් තබනා දමිළ කලාකාරිනියක්  ගැනය මේ කෙටි සටහන. ඇය නමින් නවයුගා කුගරාජා ය.
 
 යාපනය අර්ධද්වීපයේ උපත ලබා 1993 වර්ෂයේ වව්නියාවට සංක‍්‍රමණය වන නවයුගාගේ පියාණන් වනුයේ එවකට ප‍්‍රකට දමිළ කලාකරුවෙකු වූ පී. එම්. කුගරාජා ය. සම්ප‍්‍රදායික දමිළ වේදිකා නාට්‍ය කලාව නව ආරකට ගෙන ඒමේ
 
 පුරෝගාමියකු ලෙස ඔහුගේ නම දමිළ වේදිකා නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන ලෙස සඳහන්ව ඇත්තේය. තාක්ෂණික විද්‍යා ගුරුවරියක ලෙස මහව විජයබා ජාතික පාසලට පත්වීමක් ලබන නවයුගා පසුව කොළඹ නගරයට සංක‍්‍රමණය වන්නේ තම සිතැඟි ලෙස කලා ක්ෂේත‍්‍රයට පය තැබීමේ ඒකායන අධිෂ්ඨානයෙනි. එහිදී හඳුනාගන්නා කිංග් රත්නම් නමැති දමිළ අධ්‍යක්ෂවරයාගේ ප‍්‍රථම සිනමා නිර්මාණය වූ ”කෝමාලි කිංග්” චිත‍්‍රපටයේ චරිතයකින් මහා සිනමාවට පිවිසෙන ඇය දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ”ගිරිවැසිපුර” චිත‍්‍රපටයේ චරිතයක් නිරූපණය කරමින් සිංහල සිනමාවට ද දායක වන්නීය.
 
 ඉන් ලද අත්දැකීම් සමඟින් පෙරට පැමිණි නවයුගා මේ වනවිට ජාත්‍යන්තර සම්මාන 17 ක් දිනා සිටින පුදියවන් රාසයියා විසින් අධ්‍යක්ෂණය කරන ලද ”ද සිංගල් ෆාම් ටී‍්‍ර” නම් ශ‍්‍රී ලාංකේය දමිළ චිත‍්‍රපටයේ ප‍්‍රධාන ස්ත‍්‍රී චරිතය රඟපෑවාය. ඉන්පසු ආනන්ද රාමනන් අධ්‍යක්ෂවරයාගේ ”ද සික්ස්ත් ලෑන්ඞ්” ශ‍්‍රී ලාංකේය දමිළ චිත‍්‍රපටයේ ද ප‍්‍රධාන චරිතයට පණ පොවන නවයුගා සිය සිහිනය වූ අධ්‍යක්ෂණ කාර්යයටද අතගසා ඇත්තේය. වෘත්තාන්ත චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමේ මූලික පියවර ලෙස ඇය මේ වනවිට කෙටි චිත‍්‍රපටයක් නිර්මාණය කොට තිබේ. සම්ප‍්‍රදායික දමිළ වැන්දඹුවකගේ ජීවිතය තේමාව කොටගත් ”පොට්ටු” නම් වූ නවයුගා විසින් රචනා කොට ප‍්‍රධාන චරිතය රඟපා අධ්‍යක්ෂණය කොට ඇති එම කෙටි චිත‍්‍රපටයට අනුග‍්‍රහ දක්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලයයි. ශ‍්‍රී ලාංකේය පොළොවේ දමිළ සිනමාවක් පැළ කරන්නට වෙර දරනා අතලොස්සක් වූ දමිළ කලාකරුවන් අතරට අලූතින් එක්වන්නා වූ නවයුගා කුගරාජා කලාකාරිනියට අපි සුබ පතන්නෙමු.
 
 නිමල් ෆ‍්‍රැන්සිස්

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles