Divaina - ‘කොළඹ’ චිත‍්‍රපටයේ තියෙන්නෙ කොළඹ යථාර්ථය... අධ්‍යක්ෂ අසම රන්දිල්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

cinamaka444

 

colomba222මේ ගමන මම පටන් ගන්නෙ ශී‍්‍ර ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සිනමා පාඨමාලාව හැදෑරීමට ලැබුණ අවස්ථාවත් එක්ක. පතිරාජ සර් 2016 වසරෙදී එම ආයතනයේ පටන්ගත්ත සිනමා පාඨමාලාවේ මමත් ශිෂ්‍යයෙක්. එම සිනමා පාඨමාලාවේදි හමු වුණ මිතුරන් එක්ක තමා සිනමා නිර්මාණයක් කරන්න ඕන කියන මුල් පියවර තැබුවේ.

මෙසේ කියන්නෙ මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන කොළඹ චිත‍්‍රපටයේ නිර්මාණ අධ්‍යක්ෂ අසම රන්දිල් විසිනි. කොළඹ සිනමාපටයත් සමග චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස අභිෂේක ලබන අසම රන්දිල් ලාබාල තරුණ අධ්‍යක්ෂවරයෙකි. තම කුළුඳුල් සිනමා නිර්මාණයේදීම සිනමාවේ දිගු පිම්මක් පනින ඔහු ඒ ගැන කියන්්නේ කුමක්දැයි අපි ඔහුගෙන් විමසමු.

කොළඹ සිනමාපටයේ තියෙන්නෙ මම අත්දැකපු දේවල්. කොළඹ ජීවත් වන පිරිසකගේ සිහින සහ යථාර්ථයත් එක්ක මම දැකපු ‘‘ වීක් පොයින්ට්’’ එකක් එක්ක මේ කතාව ගොඩනැගෙන්නෙ. හැබැයි චිත‍්‍රපටයේ පිටපත මගේ වුණාට අපි මේ වැඬේ කරන්න ගත්තාම මේකෙ වැඩකරපු ප‍්‍රවීණයොත් එක්ක කතා කරල වෙනස් කරපු තැන් තියනවා. නිර්මාණය ඔපමට්ටම් වෙමින් තමයි ඉදිරියට ගලා ගියේ.

මේ ඔබ කියන්නෙ කොළඹ සිනමාපටය කියන්නෙ එකතුවෙලා කරපු වැඩක් කියලද

පිටපත සහ අධ්‍යක්ෂණය මගේ. නමුත් හැමෝම තමන්ගෙ දායකත්වය උපරිම වගේම තමන්ට අයිති සීමාවක් ගැන හිතන් නැතිව කළා. චිත‍්‍රපටයේ රූගත කිරීම් මාස හයක් දක්වා දික් වුණා. නමුත් කඩින් කඩ රූගත කිරීම් සිදුවුණේ. ඒකට සෑම රංගන ශිල්පි ශිල්පිණියකුගෙන්ම මට ලොකු සහයක් ලැබුණා.

මේ ඔබේ කුළුඳුල් සිනමා නිර්මාණය. මොනවද තිබ්බ අභියෝග...

චිත‍්‍රපටයක් කරනවා කියන්නෙම අභියෝගයක් තමා. අනික මේ චිත‍්‍රපටයට සහභාගි වුණ බොහෝ දෙනෙක්ගෙ පළමු අත්දැකීම වුණෙත් මේක. ඒ නිසා වැඬේට බැස්සාම තමා ඒක කොහොම අත්දැකීමක් ද කියල වැටහුණේ. හැබැයි ඊටත් වඩා අභියෝගයක් වුණේ චිත‍්‍රපටය තිරගතකරවා ගැනීම. චිත‍්‍රපටයක් කරනවාට වඩා තිරගත

කරගැනීම තමා ලංකාවේ අපහසු. ඒත් එයින් සැලෙන්නෙ නෑ. තවත් පිටපත් කිහිපයක් අතේ තියන් ඉන්නවා අලූත් වැඩක් කරන්න.

ලංකාවේ සිනමාව හෙට දවස සාර්ථක වෙන්න නම් තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔබ දකින්නෙ

”යූත් ජෙනරේෂන්” එක අල්ලන වැඩක් තමයි අපි කරන්න ඕන.

- තිස්ස

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles