Divaina - හෑගොඩ විමලඥාන හිමි යුගයේ පහළ වූ ශ්‍රේෂ්ඨ පඬිරුවනක්... දෙස් විදෙස් සංචාරකයන් නොමැතිව ආරුගම්බේ කඩා වැටෙයි... වැඩ වැරදුණු ගොවි නියෝජිතවරයා පොලිසියේදී සමාව ගනී...

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

perabara1358 වැනිදා සවස අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙන් භූමියේදී ශ්‍රේෂ්ඨ සඟරුවනක් වෙනුවෙන් මහා උත්සවයක් පැවතුණා. ඒ ගල්මඩුව පුරාණ රජමහා විහාරාධිපති අම්පාර විද්‍යානන්ද පිරිවෙන හිටපු පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති පූජ්‍ය හෑගොඩ විමලඥාන නාහිමියන්ට උපහාර දැක්වීමේ උළෙල සහ විද්‍යානන්ද පිරිවෙනේ නව පිරිවෙන් කාර්යාලය විවෘත කිරීමේ උළෙලයි.
 
 අම්පාර ගල්මඩුව සිට රිය පෙරහැරකින් විමලඥාන හිමියෝ අම්පාර පිරිවෙනට වැඩම කරවූ අතර පස්වරු 3.00 ට පමණ උත්සව සභාව ආරම්භ කරනු ලැබුවා. එම අවස්ථාවේදී උත්සව සභාව ආමන්ත‍්‍රණය කළ අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක පූජ්‍ය කිරිඳිවල සෝමරතන නාහිමි මෙලෙස අදහස් දැක්වූවා.
 
 හෑගොඩ විමලඥාන හිමියන් යුගයේ පහළ වූ ශ්‍රේෂ්ඨ ප`ඩිරුවනක්. උන්වහන්සේට හසල දැනීමක් තිබ්බා. පාලි, සංස්කෘත, ඉංග‍්‍රීසි, බුරුම වැනි භාෂා රැුසක් කතා කිරීමේ හැකියාව තිබ්බා. උන්වහන්සේ දේශීය විදේශීය උපාධි පවා හිමිකරගෙන තිබෙනවා. උන්වහන්සේගේ සමය තුළ අම්පාර විද්‍යානන්ද පිරිවෙන උසස් දියුණුවක් ඇති වූවා. ඉන්දසාර නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙක් ලෙස සම්බුදු සසුන පෝෂණය කරමින් ඉංග‍්‍රීසි භාෂාවෙන් පවා ධර්මය දේශනා කළා. ධර්මය පිළිබඳ සහ භාවනා පිළිබඳව හසල දැනුමක් තිබුණා. චතුර කථිකත්වයක් තිබුණා. ධර්ම දේශනා කිරීම වැනි සෑම අංශයකින්ම මනා සේ දස්කම් දක්වමින් රට ජාතිය වෙනුවෙන් සහ සම්බුදු සසුනට මහා මෙහෙවරක් කළ හිමිනමක් ලෙස අවිවාදයෙන් හ`දුන්වන්නට පුළුවන්.
 
 දිගාමඩුල්ලේ ආගමික ප‍්‍රබෝධය උදෙසා උන්වහන්සේ කළ මෙහෙය අති විශිෂ්ටයි යනුවෙන් එම උත්සව සභාව ආමන්ත‍්‍රණය කරමින් කිරි`දිවල සෝමරතන නායක හිමියන් පවසා සිටියා.
 
 මේ අවස්ථාවට අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරි`දිවල සෝමරතන නාහිමි, දීඝවාපි පරිවාර විහාරාධිපති පූජ්‍ය පෝද්දිවෙල චන්දානන්ද නාහිමි, මහාචාර්ය මිරිස්වත්තේ විමලඤාණ හිමි, අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ගම්පහ නාරද හිමි, ශ‍්‍රී ඉන්දසාර ධර්ම¥ත පිරිවෙන් අධ්‍යක්ෂක කෙත්සිරිගම උපතිස්ස හිමි, වික‍්‍රමශිලා පිරිවෙන අධ්‍යක්ෂක මහකන්දේ සුමනසිරි හිමි ඇතුළු මහ සඟරුවන සහ ආරාධිත අමුත්තන් රැුසක් සහභාගිව සිටියා.
 
 අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ පරිවේණාධිපති බුද්ධම විපස්සි හිමි ඇතුළු හිමිවරුන් සහ ගුරුවරුන් ඇතුළු සිසුන් විසින් මෙය සංවිධානය කර තිබණා.
 
 දෙස් විදෙස් සංචාරකයන් නොමැතිව ආරුගම්බේ  කඩා වැටෙයි...
 
 දියමත ලිස්සා යෑමේ ලොව සුපතල සුන්දර වෙරළ තීරයක් වන පොතුවිල ආරුගම්බේ වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන් නොමැතිව පාලූවට ගිහිල්ලයි තිබෙන්නේ. ආරුගම්බේට සංචාරකයන් බහුලව පැමිණෙන කාලය එළඹෙන්නේ ලබන මාසයේ සිටයි. නමුත් වෙනදා නම් මෙම සමයේ පවා බහුලව දෙස් විදෙස් සංචාරකයන් පැමිණියා.
 
 කොරෝනා උවදුරත් සමග කඩන් වැටුණු සංචාරක ව්‍යාපාරයේ බලපෑම තදින්ම ආරුගම්බෙටත් දැනුනා. ත‍්‍රිරෝද රථ රියැදුරාගේ සිට කුඩා පරිමාණයේ වෙළෙන්දා සහ මහා පරිමාණ සංචාරක නිකේතන හිමිකරුවන් දක්වා දැවැන්ත කඩාවැටීමක් මේ වන විට සිදුවෙමින් තිබෙනවා. සමහර සංචාරකයන් සහ හෝටල් වසා දමලා. ආහාර අලෙවිකරන්නන් ඇතුළු සංචාරක ක්ෂේත‍්‍රය හා බැඳුණු රැුකී රක්ෂා සහ ආදායම් උත්පාදන කඩා වැටිලයි තියෙන්නේ. සමහර අයට විදුලි බිල් සහ වතුර බිල් පවා ගෙවා ගන්න බැරිව අන්ත අසරණ වෙලයි ඉන්නේ.
 
 පාසල් නිවාඩුව සහ අලූත් අවුරුදු සමය හින්දා අඩුම තරමේ දේශීය සංචාරකයෝවත් එයි කියලා පුංචි බලාපොරොත්තුවක් ඔවුන්ගේ හිත්වල තිබෙනවා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා යම්කිසි හෙයකින් එම දේශීය සංචාරකයන් වත් නොපැමිණියහොත් කීයක් හරි යාන්තමින් හොයා ගන්නට තිබෙන ඉඩත් නැතිවෙලා යයි කියලා අරුගම්බේ ප‍්‍රදේශවාසීන් දැඩි කම්පාවෙන් යුක්තව බලා සිටිනවා.
 
 අරුගම්බේ කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය නැවත ගොඩන`ගන්නට රජයේ මැදිහත්වීම දැන්වත් සිදු කරන්න යනුවෙන් ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලබනවා.
 
 වැඩ වැරදුණු ගොවි නියෝජිතවරයා පොලිසියේදී සමාව ගනී
 
 අම්පාරේ වී අස්වනු මිලදී ගැනීමට රජය මැදිහත්වෙලා කටයුතු කළා. ඒ සඳහා කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර නිලධාරිවරුන් කටයුතු කරද්දී තවත් වැඩි වැඩියෙන් වී ගන්න කියලා ගොවි නියෝජිතයන් පත් කළා.
 
 පත්කරපු ගොවි නියෝජිතයකු දමන ප‍්‍රදේශයේ කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරිවරියක් විසින් අත්සන සහ මුද්‍රා තැබූ ලිපිවල ගොවි නියෝජිතයා එම අත්සන් සහ මුද්‍රාවන් රතු පෑනෙන් කපල දාල තිබ්බ බවට පසුගියදා වාර්තා වුණා.
 
 අදාළ ගොවි සංවිධානේ ගොවි මහත්තුරු කීපදෙනෙක් දමන පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබුණා. ගොවි නියෝජිතට කෘපනිසගේ නිල මුද්‍රාව පෑනකින් කපන්න බලයක් කොහෙන්ද? ඒ වාගේම ගොවි නියෝජිතගේ.
 
 ක‍්‍රියාකලාපය නිසා ගොවි සංවිධානයේ ගොවීන් කිහිප දෙනකුටද මූල්‍යමය පාඩුවක්ද වෙලා තිබෙනවා කියලා ගොවීන් කියනවා.
 
 අදාළ ගොවි නියෝජිතවරයාට දමන පොලිසියේදී වැඩ වැරදුනා. අධිකරණයට ගියොත් වෙන දේ දැනගත්තම ගොවි නියෝජිතයා බයට පත්වෙලා හීන් දාඩියත් දැම්මා. අදාළ ගොවීන්ගෙන් සහ කෘපනිසගෙන් සමාවත් ගත්තා.
 
 මේ ආකාරයෙන් වී මිලදී ගැනීමේදී කෘපනිසට එරෙහිව යන්නට ගොවි නියෝජිතයට බලය ලබා දුන්නේ කවුද? ඒ නිසා යළිත් එවන් දෙයක් සිදු නොවීමට ගොවි නියෝජිතයන් කටයුතු කළ යුතු බවද ගොවීන් අඬහැරයට පවසා සිටියා.
 
 සුසන්ත අමරබන්දු

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles