Divaina - මාස්‌ කන්නයේ වී අස්‌වැන්නේ අග්‍රඵලය බුදුරදුන් උදෙසා පූජා කළ වගයි... අවුරුද්දත් කිට්ටු කිට්ටු බඩ වියතට තට්ටු තට්ටු.... ණය බරින් මිරිකෙන කතුන්ගේ සටනට දින 30 ඉක්ම යයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

rajarataමේ රටේ ගොවි ජනතාව සිය වී අස්වැන්නේ අග‍්‍ර ඵලය බුදුන් වහන්සේ උදෙසා පූජා කිරීමේ ජාතික අලූත් සහල් මංගල්‍ය මෙවරද සිරිත් පරිදි ඓතිහාසික අනුරපුර පින්බිමේ ජයසිරිමා බෝ සමිඳුන් අබියසදී සිදු කරන්නට යෙදුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙනි. අටමස්ථානාධිපති, ආචාර්ය පල්ලේගම සිරි නිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ උතුම් පිංකම සංවිධානය කර තිබූ අතර මේ අවස්ථාවට උතුරු මැද පළාතේ ආණ්ඩුකාර මහීපාල හේරත්, ඇමැතිවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලූත්ගමගේ යන මහත්වරුන් සහ දිවයිනේ නන් දෙසින් පැමිණි ගොවි ජනතාව එක්ව සිටියහ.


මේ අතර පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවි ජනතාව මෙවර මාස් කන්නයේ නෙළාගත් වී අස්වැන්නේ අග‍්‍රඵලය චාරිත‍්‍රානුකූලව බුදුන් වහන්සේ උදෙසා පූජා කිරීමේ උතුම් වාර්ෂික පිංකම වන අලූත් සහල් මංගල්‍ය හෙවත් අගසස් දානය පිරිනැමීම ඊයේ (07දා* පෙරවරුවේ පොලොන්නරුව ඓතිහාසික ගල් විහාරය අබියසදී සිදු කෙරිණි. පොලොන්නරුව සොලොස්මස්ථානාධිපති, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ ශ‍්‍රී උපාලි නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඓතිහාසික කිරි වෙහෙර අබියසදී සිදු කෙරුණු මූලික ආගමික වතාවත් වලින් පසුව අලූත් සහල් රැුගත් පාත‍්‍රා ගල් විහාරය පුදබිම වෙත පෙරහැරින් වැඩම කරවීම සිදුවිය. ඉන් පසුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මධ්‍යයේ බුදුන් වහන්සේ වෙත සහල් පූජා කිරීම සඳහාවූ විශේෂ මංජුසාව අලූත් සහලින් පිරවීමේ චාරිත‍්‍රය සිදු කෙරිණි. එහිදී සොළොස්මස්ථානාධිපති මහ නාහිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය, පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ගොවි ජනතාව, ගොවි සංවිධාන නියෝජිතයින් එක්ව අලූත් සහලින් පාත‍්‍රය පිරවීම සිදුකරනු ලැබීය. උතුර, උතුරුමැද, නැෙඟනහිර යන තෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක, පෙලොන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද නාහිමිපාණන්වහන්සේ ප‍්‍රමුඛ ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ. දිස්ත‍්‍රික්කයේ ගොවි සංවිධාන සහ කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවි ජනසේවා යන දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන රැුසක සහයෝගය ඇතිව පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මේ පිංකම සංවිධානය කරනු ලැබීය.

මහවැලි බී කලාපයේ ගොවි ජනතාව ඓතිහාසික සෝමාවතිය සෑ රදුන් අබියස පවත්වනු ලබන අලූත් සහල් මංගල්‍ය මෙවරද එම පුදබිමේදී පවත්වන ලද්දේ සෝමාවතිය රාජ මහා විහාරාධිපති පූජ්‍ය පහමුනේ ශ‍්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදිය. මහවැලි ඇලවේලි ආශ‍්‍රිත සංවර්ධන රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම පිංකම සඳහා මහවැලි නිලධාරීහු සහ ප‍්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

අවුරුද්දත් කිට්ටු කිට්ටු බඩ වියතට  තට්ටු තට්ටු

අප රටේ සිහල - දමිළ ජනයා ඉතා ඉහළින් සමරනු ලබන අලූත් අවුරුද්දේ උදාවට තව ඇත්තේ සීමිත දින ගණනකි. පසුගිය වසරේ මෙන්ම මේ වසරේද අලූත් අවුරුද්ද උදාවන්නේ කොරෝනා වසංගත රෝ බියෙන් අඩුවක් නොමැති වටපිටාවක බැව් සැවොම දනිති. එසේ වුවද තම දරුවන්ට අලූත් ඇඳුමක් පැළඳුමක් අරන් දෙන්නට, වෙනත් දිනයන්හිදීට වඩා විශේෂිත කෑමක් බීමක් නිවෙසේ පිළියෙල කරන්නට ඇති කැමැත්ත, උවමනාව අලූත් අවුරුද්ද සමරන සෑම දෙනෙකු තුළම පවතින පොදු බලාපොරොත්තුවක් බවද අමුතුවෙන් කිවයුතු නැත. ඒ මට්ටමෙන් ඔබ්බට ගොස් මහ ඉහළින් අවුරුදු සමරන සමාජ පන්තීන් ගණනාවක් මේ රටේ වෙසෙන බව නොරහසක් නමුදු අප මේ සඳහන් කරන්නේ පොදු ජනතාව බහුතරයක් දෙනා අයත් සමාජය ගැන පමණි. මේ පිරිසේ දරුවන්ද ඇඟිලි ගණිමින් අලූත් අවුරුද්ද එන තෙක් කල් මරමින් සිටින නමුදු ඔවුනගේ මාපියන්ට ඉහතින් සඳහන් කළ සරල උවමනාකම් හෝ තමන්ගේ ඇඟට තදින් නොදැනෙනසේ සපුරාලිය හැකිද යන්න බරපතළ ගැටලූවකි. මක්නිසාද අප කන බොන දෑ ඇතුළුව සෑම දෙයක්ම මිල ඉතා අධිකය. බඩුවල මිල ගණන් පිළිබඳව අපට නියත වශයෙන්ම දැනගත හැක්කේ වෙළඳපොළට ගිය පසුව බව සැවොම දන්නා කරුණකි. මේ දිනවල කොහොමත් බඩු මිල වෙනදාටත් වඩා වැඩි බවද රහසක් නොවේ. එහෙයින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සෑම දෙයකම මිල ගණන් විමසන විට ඉහ මොළ රත්වෙන බව මහජනයා කියන්නේ නිකමට නොවන බවද පැහැදිලිය. හාල් පොල් ආදිය ගිණි ගණන්ය. එළවළුද මිල ඊට නොදෙවෙනිය. අනෙකුත් කලමනා, ආම්පන්න මිලදී ගන්නට අතේ මුදලක් ඉතිරි නොවෙනා විට අලූත් අවුරුද්ද සැමරීමේ සිහිනය පොදු ජනතා සිත් සතන් තුළින් බොඳවී යන්නේ සුපුරුදු පරිද්දෙන්ම නෙතු අග කඳුලැලි අලූත් කරමින්ය. එහෙයින් මේ මොහොතේ රජයේ වගකීම වනුයේ ප‍්‍රකාශ වලට පමණක් සීමා නොකර රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ සහන මිලකට ලබා ගත හැකි නිවැරදි වැඩපිළිවෙලක් ඇති කිරීම බැව් පීඩිත ජනයා පෙන්වා දෙති. එසේ නොකළහොත් මෙවරද පෙරසේම ඇත්තෝ පමණක්ම කති, බොති, අවුරුදු සමරති. නැත්තෝ සුපුරුදු පරිද්දෙන්ම කඳුළුම බොනු ඇති බවට කිසිදු සැකයක් නැත.

ණය බරින් මිරිකෙන කතුන්ගේ සටනට  දින 30 ඉක්ම යයි

ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන ලෙස ඉල්ලා එම ණය බරින් විපතට කාන්තාවන් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් පසුගියදා (06* පොලොන්නරුව, හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි. එම ණය උගුලේ සිරවී දැනට පීඩාවිඳින, දිවයිනේ නන් දෙසින් පැමිණි කාන්තාවෝ 1000කට අධික පිරිසක් එම උද්ඝෝෂණයට එක්ව සිටියහ. ඔවුන් එහිදී කියා සිටියේ එම ණය අහෝසි කරන ලෙස රජයට බලකරමින් ඔවුන් විසින් හිඟුරක්ගොඩ නගරයේ ආරම්භ කර ඇති උපවාසයට මේ වනවිට දින 30ක් සපිරෙන බවයි. එහෙත් රජයේ කිසිදු වගකිවයුතු පාර්ශ්වයකින් ඊට යහපත් ප‍්‍රතිචාරයක් මෙතෙක් නොලැබුණු බවද ඔවුහු පැවැසූහ. ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවූ කාන්තාවන් 200කට වැඩි පිරිසක් මේ වනවිට සිය ජීවිත වලින් වන්දි ගෙවා ඇති බවත් දැනට මේ රටේ පවුල් ලක්‍ෂ 29ක කාන්තාවෝ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන පීඩාවට පත්ව සිටින බවත් එම කාන්තාවෝ කීහ. ස්ත‍්‍රීන් බිලි ගන්නා මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගම්වල වසංගතයක් ලෙස පැතිර යන බවත් ඔව්හු වැඩිදුරටත් කියා සිටියහ. තවත් ඡුන්ද පොරොන්දු එපා යැයිද, ආණ්ඩුව පොරොන්දුවූ පරිදි මෙම ණය කපා හැරිය යුතු යැයිද පවසන එම කතුන් ව්‍යාජ මුල්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු යැයිද පෙන්වා දෙති. එම උද්ඝෝෂණයට එක්ව සිටින කාන්තාවෝ වැඩිදුරටත් කියා සිටියේ කෙතරම් බාධක පැමිණියද තම අරගලය නොකඩවා දිගටම කරගෙන යන බවයි.

රජරට බිමේ අලූත්වන, බඩ ඉරිඟු  ගොවි කඳුළු

මේ දිනවල රජරට බිමේ බොහෝ ගොඩ බෝග වර්ගවල අස්වනු නෙළන කාලයයි. එනමුත් ඒ අස්වැන්නට වෙළඳපොළේ නිසි මිලක් නැති අඳෝනාව එතරම් අරුමැසි නොවන්නකි. සොබා දහමේ අපල උපද්‍රවයන්ද, සේනා දළඹු හානිය මෙන්ම වෙනත් කෘමි උවදුරුද බව බෝග වගාවට කිසිදු අඩුවක් නැති මේ බිමේ ඒවාට මුහුණ දෙමින් ගොවිතැන් කිරීමේ අසීරුතාව ගොවීහු නොඅඩුව අත් විඳිති. එලෙස දහදුක් විඳ කරනා ගොවිතැනේ අස්වැන්න කුණු කොල්ලයට විකුණා දමන්නට සිදුවීම යනු අහස පොළොව නුහුලන අපරාධයක් බඳුයැයි ගොවි ජනතාව හඳුන්වනුයේ නිකමට නොවේ. නුදුරේ ඇසෙන නවමු අඬහැරය බඩ ඉරිඟු ගොවීන්ගේය. ඒ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව සහ තිරප්පනේ යන බඩ ඉරිඟු වගාව බහුලව සිදු කෙරෙන ගොවි බිම්වලිනි. මේ දිනවල බඩ ඉරිඟු අස්වැන්න නෙලීම සිදු කෙරෙන බවත් මෙතෙක් ඒ අසවනු මිලදී ගැනීමට පැමිණි පෞද්ගලික සමාගම් සහ වෙළෙඳුන් එම මිලදී ගැනීම් හිටි අඩියේ නවතා දමා තිබීමෙන් තමන් ඉමහත් දුෂ්කරතාවට පත්ව සිිටින බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මෙලෙස සිය අස්වනු විකුණා ගැනීමට නොහැකිව ලතැවෙන ගොවි බිම් අතර තිරප්පනේ, පුලියන්කුලම, පඬිකෙටූවැව, මාවතවැව, මයිලගස්වැව, ඌරාකොටේ, කොලොන්ගස්වැව ආදී ගම්මාන රැුසක් තිබෙන බවයි ගොවි ජනතාව කියා සිටියේ.මේ බඩ ඉරිඟු අස්වනු අවුරුද්දට පෙර විකුණා මුදල් ලබා ගන්නට නොහැකි වුවහොත් මෙදා තම අඹුදරුවන්ට අවුරුද්දත් නැතැයිද ඔවුහු කියා සිටියේ හැඬූ කඳුලින් යුතුවය.

gamage

 

කරුණාරත්න ගමගේ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles