Divaina - සහල් අර්බුදයේ ඇත්ත කතාව

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ශ්‍යාම් නුවන් ගනේවත්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

sahalarbudaya

 

සිංහල අලූත් අවුරුද්දට ඇත්තේ තවත් දින කිහිපයකි. කොරෝනා වසංගතය නිසා ජනයාට ගිය වසරේ (2020* අලූත් අවුරුද්ද සැමරීමට නොහැකි විය. මේ නිසා මෙවර අවුරුද්ද සුළුවෙන් හෝ සැමරීමට ජනයා සූදානම් වෙමින් සිටී. ඒ අතරේ පසුගිය දිනවල මතු වූ විෂ පොල්තෙල් ගැටලූවත් සමග ආහාර සම්බන්ධයෙන් මේ දිනවල විශාල කතාබහක් ද ඇතිව තිබේ. එසේම වෙළෙඳපොළේ සහල් මිල ගණන් ද ඉහළ ගොස් ඇත. බත අපේ ප‍්‍රධාන ආහාරයයි. මේ නිසා ජනයාට ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමේ දී ඔවුන්ට කලට වෙලාවට සාධාරණ මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට ඇති හැකියාව රජය විසින් සහතික කිරීම ඉතාමත් අවශ්‍යමය. මෙහිදී අදාළ භාණ්ඩ සම්බන්ධයෙන් ආරක්ෂිත තොග පවත්වාගෙන යන්නේ නම් ඒවායේ මිල ගණන් අනවශ්‍ය ලෙස ඉහළ යෑමක් හෝ භාණ්ඩ හිඟයක් ඇති නොවේ. මේ සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට විශාල වගකීමක් තිබේ. විශේෂයෙන් සහල් සංචිතයක් තබා ගැනීමේ වගකීමක් ඔවුන්ට පැවරී තිබේ. එහෙත් පසුගිය කාලයේ සිදු වී ඇත්තේ කුමක් ද? ජාතික විගණන කාර්යාලය විසින් සිදු කරන ලද කාර්යසාධන විගණනයකින් අනාවරණය වන්නේ ඒ කාර්යය ඒ අයුරින් ඉටුව නොමැති බවකි. වරින් වර සහල් සැපයුමට බලපෑම් කරමින් සහල් වෙළෙඳුන්ට සහල් මිල ගණන් ඉහළ දමා අධික ලාභ උපයා ගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ ද මේ නිසා බව පැහැදිලි වන කරුණකි.
 
 ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ අරමුණින්, ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම, ගබඩා කිරීම හා මිල නියම කිරීමේ අරමුණින් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව වර්ෂ 1942 දී ආරම්භ කරන ලද්දකි. වර්ෂ 1987 දී ආහාර මුද්දර ක‍්‍රමය ඇති කරන තෙක් එම දෙපාර්තමේන්තුව මෙරට ක‍්‍රියාත්මක සහනාධාර හා සලාක ක‍්‍රමයන් ක‍්‍රියාත්මක කිරීමේ මූලික කාර්යයන් ඉටු කරන ලදී. පසුව තිරිඟු පිටි වෙළෙඳාම පූර්ණ වශයෙන් පුද්ගලීකරණය කරන තෙක් රජය වෙනුවෙන් ප‍්‍රීමා සමාගමේ තිරිඟු පිටි බෙදා දීමේ කාර්යය ද මේ දෙපාර්තමේන්තුවට පැවරී තිබිණි. මේ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ක‍්‍රමානුකූලව අඩු වීම නිසා පසුව එනම් වර්ෂ 2006 දී ගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙහි දේපොළ වෙනත් ආයතනයකට පැවරීමට තීරණය කර තිබුණි. එහෙත් වර්ෂ 2008 දී ගත් අමාත්‍ය මණ්ඩල තීරණයෙන් මේ දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා විය. මේ අනුව සීමිත කාර්ය මණ්ඩලයක් සහිතව ආහාර සුරක්ෂිතතාව අරමුණු කර ගනිමින් වසරකට සහල් මෙටි‍්‍රක් ටොන් 100ල000 ක් ගබඩා කර තබා ගැනීම සඳහා ආහාර දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. මේ අනුව ”ආරක්ෂිතව, අඛණ්ඩව පෝෂ්‍යදායි ධාන්‍යමය ආහාර සෑම නිවසකටම” යන්න මේ දෙපාර්තමේන්තුවේ දැක්ම වූ අතර මෙටි‍්‍රක් ටොන් 100ල000 ක සහල් සංචිතයක් පවත්වාගෙන යෑම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යයක් වේ. මේ සඳහා අවශ්‍ය වූ ධාරිතාව මෙටි‍්‍රක් ටොන් 286ල946 ක් විය. ඒ සඳහා ගබඩා 120 ක් දිවයින පුරා ව්‍යාප්තව පැවතිණි.

 

viganakadipathi
 
 මින් 2012 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් 31 වන විට ධාරිතාව මෙටි‍්‍රක් ටොන් 34ල300 ක් වන ගබඩා හයක් රු. 292ල311ල945 ක මුදලක් වැයකර විද්‍යාත්මක ගබඩා බවට නවීකරණය කර තිබේ. ජාතික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි මිනිස් පරිභෝජනයට සුදුසු ගුණාත්මක සහල් තොගයක් වර්ෂයකට හෝ අඩු/ වැඩි වශයෙන් ඊට ආසන්න කාලයක් සුරක්ෂිතව පවත්වාගෙන යෑමට හැකිවීම, තුළින් වෙළෙඳපොළ මිල උච්ඡුාවචනයන් පාලනය කිරීමේ අරමුණින් දේශීය වෙළෙඳපොළ කරා තොග මෙහෙයවීමට ඇති හැකියාව වර්ධනය කිරීම, රට තුළ ඇතිවන හදිසි ආපදා තත්ත්වයකදී භාවිතා කිරීමට අවශ්‍ය ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යෑම, පාරිභෝගිකයාට හිතකර සහල් මිලක් පවත්වාගෙන යෑම සඳහා දායකත්වය ලබාදීම මෙම ගබඩා නවීකරණය කිරීමේ අරමුණ ලෙස පෙන්වා දී තිබුණි. වසරකට මෙටි‍්‍රක් ටොන් 100ල000 ක ආරක්ෂිත සහල් තොග සංචිත පවත්වා ගෙන යෑමේ කාර්යක්ෂමතාව ඇගයීම, විද්‍යාත්මක ගබඩා හයක් නවීකරණය කිරීම හා ඒවායේ උපයෝජනය පිළිබඳ ඇගයීම සහ අනෙකුත් ගබඩා උපයෝජනය පිළිබඳ ඇගයීම හා හිඟ කුලී අයකර ගැනීමේ ක‍්‍රියාමාර්ග පරීක්ෂාව රජයේ විගණකාධිපතිවරයාගේ මෙම කාර්යසාධන විගණනයේ මූලික අරමුණු වී තිබේ.
 
 මෙසේ සහල් තොග පිළිබඳ සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් එහි ගබඩාවල සහල් මෙටි‍්‍රක් ටොන් 100ල000 ක
 
සංචිතයක් තබාගත යුතු නමුත් වසර කිහිපයකම සිට එවැන්නක් සිදුවී නොමැති බව මෙම ජාතික විගණන වාර්තාව මගින් හෙළිදරව් වී ඇත. මේ පිළිබඳ පුවතක් පසුගිය සඳුදා (05) ‘දිවයින’ මුල් පිටුවේ ද පළ වී තිබුණි. මේ අනුව පෙර සඳහන් කළ විද්‍යාත්මක ගබඩා නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය ඇගයීම සඳහා 2012 වර්ෂයේ දී ගබඩා ගත කරන ලද මෙටි‍්‍රක් ටොන් 661.767 ක සහල් තොගය හැර 2012 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් 31 දක්වා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු ගබඩාවල කිසිදු ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන ගොස් නොමැත. මෙය ඉතා බරපතල කරුණකි. එම විගණන වාර්තා පෙන්වාදෙන පරිදි 2014 වර්ෂයේ දී සමුපකාර කොමසාරිස් දෙපාර්තම්න්තුව සතු සහල් තොගයක් ලංකා සතොස සතු සහල් තොගයක් සහ 2017 වර්ෂයේ දී සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව සතු සහල්  තොගයක් ද මේ විද්‍යාත්මක ගබඩාවල ගබඩාගත කර තිබී ඇත. මේ අනුව සිදුව තිබෙන්නේ මේ දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවට වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල අරමුණු ඉටු කර දීම වෙනුවෙන් කටයුතු කිරීමටය. මේ නිසා සිදු වූයේ මෙකී විද්‍යාත්මක ගබඩා නවීකරණය කිරීමේ අරමුණු ඉටු කර ගැනීමට සහ ගබඩාවල ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ළඟා කර ගැනීමට නොහැකි වීමයි. එසේම විගණන වාර්තාව සඳහන් කරන්නේ මේ නිසා සහල් හිඟව පවතින කාලවලදී වෙළෙඳපොල සහල් සුලභතාව ඇති කිරීම සඳහා සහල් නිකුත් කිරීමෙන් මිල උච්ඡුාවචනය පාලනය කිරීමට නොහැකි වී තිබුණු බවයි. සහල් මාෆියාව කියමින් රජයේ ඇමැතිවරුන් වී මෝල් හිමියන්ට සහ සහල් නිෂ්පාදකයන්ට දොස් කීවත්, මේ විගණන වාර්තා අනුව රජයට සහල් ප‍්‍රශ්නයේ දී නිසි මැදිහත්වීමක් කිරීමට නොහැකි වීමේ ප‍්‍රධාන හේතුවක් මේ අනුව පැහැදිලි වේ.
 
 ආරක්ෂිත සහල් තොග ගබඩාවල නොපැවතීම හේතුවෙන් ගබඩා ධාරිතාව උපරිම ප‍්‍රයෝජනයට ගෙන නොතිබීම, ගබඩා නිෂ්ක‍්‍රීයව පැවතීම, වේයන්ගොඩ පරිශ‍්‍රයේ යටිතල පහසුකම් ප‍්‍රයෝජනයට නොගැනීම, මෙම පරිශ‍්‍රය සඳහා අධික මාසික විදුලි පිරිවැයක් දැරීමට සිදුවීම, රසායනාගාරය නිෂ්ක‍්‍රීයව පැවතීම, තත්ත්ව පාලන නිලධාරී හා ධාන්‍ය සමීක්ෂක තනතුරු සඳහා ප‍්‍රමාණවත් කාර්යභාරයක් නොපැවතීම ආදිය මෙම විගණනයේ මූලික නිරීක්ෂණයන් ලෙස ද රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වේ. එසේම කුලී පදනම මත ලබා දී ඇති ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩාවලින් 2019 දෙසැම්බර් 31 දින වන විට රු.111ල161ල637 ක් අයවීමට තිබී ඇත. එම හිඟ කුලී අයකර ගැනීම සම්බන්ධව ප‍්‍රමාණවත් ක‍්‍රියාමාර්ග ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වීම ද තවත් නිරීක්ෂණයක් ලෙස එම විගණනයෙන් හඳුනාගෙන තිබේ.
 
 අනාවරණය වී ඇති තොරතුරු අනුව ආහාර දෙපාර්තමේන්තුව සතුව ක‍්‍රියාත්මක මට්ටමේ සහල් ගබඩා 24 ක් තිබේ. වසර 2012 සිට වසර 2019 දක්වා ගත වූ මුළු කාලය තුළම එම ගබඩාවල සංචිත වශයෙන් තිබී ඇත්තේ සහල් ටොන් 661.567 ක් වූ ආරම්භයේ දී ගබඩා කළ සහල් තොගය පමණි. සහල් මිලට ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය මගින් නිකුත් නොකිරීම මෙයට හේතුව බව සඳහන් වේ. නවීකරණය කරන ලද විද්‍යාත්මක ගබඩාවන්හි ආරක්ෂිත සහල් තොග පවත්වා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින්
 
 භාණ්ඩාගාරයෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන ඉල්ලූම් කළ යුතු වුවද 2012 හා 2013 වර්ෂයන්හි දී ගබඩා දෙකක නවීකරණ කටයුතු අවසන් කර තිබුණ ද, 2012 වර්ෂයේ සිට 2017 වසර දක්වා ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යෑම සඳහා වාර්ෂිකව ප‍්‍රතිපාදන ඉල්ලූම් කර නොතිබුණි. 2016 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා පිළිවෙළින් රු. මිලියන 276 ක, රු. මිලියන 1103.45 ක, රු. මිලියන 1100 ක් හා රු. මිලියන 2462 ක්වූ ප‍්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ඉල්ලූම් කර තිබුණ ද එම මුදල් කිසිවක් ලැබී නැත.
 
 මේ හේතුව නිසා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩා විශාල ප‍්‍රමාණයක් නිරන්තරයෙන් තිබී ඇත්තේ හිස්වය. එසේම මේ ගබඩා සියල්ල විශාල වියදමකින් විද්‍යාත්මක මට්ටමකින් ප‍්‍රතිසංස්කරණය කළ ඒවා බව ද අප අමතක කළ යුතු නැත. ඒ සියල්ලට වැය කර ඇත්තේ ද මහජන මුදල්ය. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප‍්‍රමුඛ වගකීමක් වන්නේ අත්‍යවශ්‍ය ආහාර තොග සංචිත වශයෙන් තබාගෙන එම භාණ්ඩවල හිඟයක් රටේ ඇතිවන අවස්ථාවල ඒවා වෙළෙඳපොළට මුදාහැරීමය. එමගින් භාණ්ඩ හිඟය නිසා ඇතිවන මිල ඉහළ යෑමේ පීඩනය සමනය වේ. එය එම භාණ්ඩවල මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යෑමට ද හේතු වේ. රජයේ ඇමැතිවරු කියන ඔය සහල් මාෆියාව වැනි දේට මුහුණ දිය හැක්කේ මෙසේ ආරක්ෂිත තොග රැුස් කර තබා ගැනීමෙනි. එහෙත් එම කාර්යය සිදු නොකිරීමේ වගකීම මුළුමනින්ම ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවටම පැවරිය හැකි බව අපි නොසිතමු. මේ සඳහා අරමුදල් ද අවශ්‍ය වේ. එසේම මේ ආයතනය භාරව සිටින ඇමැතිවරයා ද මේ සඳහා නායකත්වය ගනිමින් නිලධාරීන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබාගෙන ක‍්‍රියාත්මක විය යුතුව තිබිණි. එසේ නොකිරීමේ විපාක අවසාන වශයෙන් විඳීමට සිදු වන්නේ මේ රටේ අතිමහත් බහුතර පාරිභෝගික ජනයාටය. මේ අනුව ඇත්තවශයෙන්ම රටේ සහල් හිඟයක් නැතත් ගබඩා පහසුකම් තිබියදීත් රජයට සාධාරණ මිලකට වෙළෙඳපොළ සහල් සුලභතාව ඇති කිරීමට නොහැකි වී ඇත්තේ මෙසේ ආරක්ෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යෑමට පියවර නොගැනීම නිසාය. ඒ නිසා දැන්වත් මේ තත්ත්වය තේරුම් ගෙන පවතින නවීකරණය කළ ගබඩා පහසුකම් උපයෝගී කරගෙන ආරක්ෂිත සහල්
 
 තොගයක් පවත්වා ගනිමින් රජයට ඔය කියන සහල් මෝල් හිමියන්ගේ මාෆියාවට මුහුණ දිය හැකි වේ.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles