Divaina - කොරෝනා අස්සේ පිළිකාත් ඇවිත්... ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

deshapalanaye

 

පොල්තෙල් පිළිකාකාරකද...

මෙරටට ආනයනය කරනු ලැබූ පොල්තෙල් කන්ටේනර් 13 ක පිළිකා කාරක අඩංගු බවට මහත් ආන්දෝලනයක් ඇති වූ අතර,  සිංහල අලූත් අවුරුදු සමයේ පොල්තෙල් සඳහා අධික පාරිභෝගික ඉල්ලූමක් පවතිද්දී මෙවැනි තත්ත්වයක් මතුවීම සම්බන්ධයෙන්  ‘දිවයින’ දේශපාලනයේ අලූත් කතාව ඒ සඳහා පක්‍ෂ විපක්‍ෂ ස`දහා අවස්ථාව ලබා දුන්නේ මෙලෙසිනි.

 

handunnettiප‍්‍රශ්නය - ජනතාව සෞඛ්‍ය සම්පන්න ගුණාත්මක ආහාර වේලක් ලබාදීම සම්බන්ධයෙන් වන කාරණයේදී ආණ්ඩුව අසමත් බව පිළිකා කාරක පොල්තෙල් සම්බන්ධයෙන් වන සිදුවීමේදී තවදුරටත් ඔප්පු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජවිපෙ දරන මතය කෙසේද?
 
 පිළිතුර - ලංකාවට ගෙන්වන ලද පොල්තෙල්වල පිළිකා කාරක විස අඩංගු බව හෙළිවී තිබෙනවා. පිළිකා කාරක රසායනික, තුන්ගුණයක් පමණ අඩංගු පොල්තෙල් ගෙනත් තිබෙන බව දැන් තහවුරුවී තිබෙනවා. රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ගුණාත්මක ආහාර ලබාදීම, රටක ආණ්ඩුවක වගකීමක්. ආහාරවල ප‍්‍රමිතියේ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් සාධාරණ මිලකට ලබාදීම මේ අතරින් ප‍්‍රමුඛ කාර්යයක්. රජයේ ආයතන තියෙන්නේ ඒ වෙනුවෙන්. ප‍්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතනය පිහිටුවා තිබෙනවා වගේම විෂයභාර ඇමැතිවරුන් පත්කර තිබෙන්නේත් මේ වගකීම ඉටුකිරීමටයි.
 
 තමන් ලබාගන්නා භාණ්ඩයේ ප‍්‍රමිතිය පරීක්ෂා කර බලන්න පාරිභෝගිකයාට අවස්ථාවක් නෑ. පාරිභෝගිකයා අදාළ තහවුරුව ලබාගන්නේ ප‍්‍රමිති ආයතනය හෝ අනිකුත් වගකිව යුතු ආයතන ලබාදී තිබෙන සහතිකයෙන්. මේ වගවීම වරින්වර බරපතළ විදිහට ප‍්‍රශ්න කෙරෙනවා. යම් ප‍්‍රශ්නයක් පැනනගින මොහොතේදී ආණ්ඩුව, නිලධාරීන් මැදිහත්වී විවිධ ප‍්‍රකාශ කරනවා. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ගැන මාධ්‍ය සාකච්ඡුාවලදී කියනවා. ඒ කි‍්‍රයාවලියෙන් පස්සේ ඊළඟ අවස්ථාවක් එනකම් සියල්ලම යට යනවා. කාලයක් තිස්සේ අපි අත්දකින්නේ මේ තත්ත්වය.
 
 ප‍්‍රශ්නය - මීට පෙරත් කිරිපිටි සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් ආවා. නමුත් දැන් ඒ පිළිබඳ හා හූවක් නැහැ.
 
 පිළිතුර - ඔව්.. දැන් ඒ ගැන කතාවක් නැහැ.
 
 කිරිපිටිවල ප‍්‍රශ්නයක් එක වෙලාවකදී ආවා. දැන් කිරිපිටිවල විෂ කාරක තිබෙනවාද කියලා දන්නෙත් නැතිව මිනිස්සු පරිභෝජනය කරනවා. කල් ඉකුත් වූ සැමන් වෙළඳපොළට ඇවිත් ආසනික් තිබෙනවා කියලා ඊළඟට සොයා ගන්නවා. දැන් පොල්තෙල්. මිනිස්සු ලෙඩ වුණාම ගන්න තියෙන බෙහෙතුත් කල් ඉකුත් වූ ඒවා බව හෙළිවී තිබෙනවා. මේවාට වගකියන්නේ කවුද? ප‍්‍රශ්නය තියෙන්නේ එතනයි. මෙය දැන්වත් නතර කර ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීමට රජය කටයුතු කළ යුතුයි.
 
 ප‍්‍රශ්නය - පිළිකා කාරක පොල්තෙල් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වගකිව යුත්තෝ කවුද?
 
 පිළිතුර - පිළිකා කාරක පොල්තෙල් ලංකාවට ගෙන ඒමේ වගකිවයුත්තෙක් නැති තත්ත්වයක් මතුවෙලා. මේ විදියට ගියොත් කඩවල්වල ‘වස විස නැති ආහාර’ කියල බෝඞ් දාලා තියෙනවා වගේ හෙට අනද්දාට ‘වස විස නැති පොල්තෙල්’ කියලත් බෝඞ් දාන්න වෙයි. මිනිසුන්ගේ අතේ තිබෙන ගණන අනුව ගණන් වැඩි පිළිකා කාරක නැති පොල්තෙල් ගන්නවාද, මිල අඩු පිළිකා කාරක තිබෙන පොල්තෙල් ගන්නවාද කියලත් තීරණය කරන්න වෙයි. මේ නිසා ජනතාව බියට පත්වෙලා. මේ තත්ත්වය තුළ ආණ්ඩුව හැසිරෙන්නේ දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා කියන ප‍්‍රතිපත්තිය අනුව. පොල්තෙල් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවුණ නිසා දැන් ඒ ගැන කතා කරනවා. හැබැයි ආණ්ඩුවේ ජාවාරම්කාර ගජමිත‍්‍රයෝ ටික එකතුවෙලා විස පොල්තෙල් ආනයනය කරලා නිදහසේ ජනතාවට නිකුත් කරන්න ඉඩකඩ හදල දීලා තිබෙනවා.
 
 පොල්තෙල්වලට රුපියල් 150/-ට තිබුණ බද්ද අවස්ථා කිහිපයකදීම අඩුකරලා මිලියන 175ක විතර බදු වංචා කරන්න එක ව්‍යාපාරිකයෙකුට ඉඩ හදාදීලා තිබුණා. පොල්තෙල් බදු වංචා කරන අතර විෂකාරක ඒවා ගෙනල්ලා ජනතාවට වස කවන තත්වයක් තියෙන්නේ. විෂකාරක පොල්තෙල් වෙළඳපොළට ඇවිල්ලා තිබෙනවාද නැද්ද කියලා පරීක්ෂණවලින් තහවුරු කරන්නත් කලින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ආණ්ඩුව වෙනුවෙන් කියන්නේ මේවා ප‍්‍රතිඅපනයනය කරනවා කියලා. මේ ප‍්‍රශ්නයට වගකියන්න ඕනෑ කවුද, වෙළඳපොළට ගිහිල්ලද, හිඩැස තිබෙන්නේ කොතැනද කියලා හොයන්න ඕනෑ. මින් ඉදිරියට මෙවැනි දෙයක් වෙන්නේ නැහැ කියලා ආණ්ඩුව ජනතාවට සහතිකයක් දෙන්න ඕනෑ. එහෙම නැතිව ප‍්‍රතිඅපනයනය කරනවා කියන එක උත්තරයක් නෙවෙයි.
 
 ප‍්‍රශ්නය - පොල්තෙල් ගෙන්වූ සමාගම්වල ගුදම්වලටම මෙම පොල්තෙල් නිදහස් කිරීම හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නොවේද ?
 
 පිළිතුර- පැහැදිලිවම.. පොල් තෙල් සමාගම්වල ගුදම් වලට නිකුත් කළේ ඇයි?
 
 පුද්ගලික සමාගම්වල ගුදම්වලටම නිදහස් කළාට පස්සේ මොකද වෙන්නේ. ඔවුන් හොර රහසේ මේවා වෙළඳපොළට නිදහස් කරන්නේ නැද්ද? මේවා වෙළඳපොළට නොයාවි කියලා රේගු නිලධාරීන්ට සහතික වීමක් නැහැ. පෞද්ගලික ගුදම් රේගු නිලධාරීන්ගේ වගකීමක් යටතේ තියෙන ඒවා නෙවෙයි. තීරු ගාස්තු ගෙවීමෙන් පසුවයි අදාළ
 
 සමාගම්වල ගුදම්වලට මේවා නිදහස් කරන්නේ. සීනි බදු වංචාවට සම්බන්ධ නුෂාඞ් පෙරේරා සතොසෙන් අයින් කරල, ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ සභාපතිකමට පත්කළාට පස්සේ ජාවාරම්කාර චෞර වළල්ලට වැඩි ඉඩක් ලබාදී තිබෙනවා. නුෂාඞ් පෙරේරා මේ පුටුවේ වාඩිවුණාට පස්සේ පළවෙනි අවස්ථාව හැටියට පොල්තෙල් විස ප‍්‍රශ්නය ඇවිත් තිබෙනවා. විස පොල්තෙල් ගැන එළියට ආවේ ප‍්‍රමිති ආයතනයෙන් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ ඒකකයෙන්. පෞද්ගලික ගුදම්වලින් එළියට ගිය ඒවා ගැන පරීක්ෂණ කරන්නේ දැන්.
 
 ප‍්‍රශ්නය - සිංහල හින්දු අලූත් අවුරුද්ද එළිපත්තේ සිදු වූ මෙම සිදුවීම මෙම සංස්කෘතික චාරිත‍්‍ර වාරිත‍්‍ර වලට බාධාවක් වෙලා.
 
 පිළිතුර - ඔව්. මිනිස්සුන්ට අවුරුදු කන්න වෙලා තියෙන්නෙ වස විස එක්කයි.
 
 සිංහල, හින්දු අලූත් අවුරුද්ද එන කොට ජනතාව කන්නෙ මොන පොල්තෙල්ද කියන ප‍්‍රශ්නය තිබෙනවා. මේ සාම්පල් පරීක්ෂාව ප‍්‍රමිති ආයතනයෙන් සිදු කරන්නේ මොන තත්ත්වයන් යටතේද කියලා විශේෂයෙන් දැන ගන්න ඕනෑ. සාම්පල් පරීක්ෂාවේ වාර්තා එන්න කලින් පෞද්ගලික ගුදම්වලට ගියේ කොහොමද? ආණ්ඩුව කියන විදිහට ලංකාවට ගෙන්වන අනෙකුත් ආහාර ද්‍රව්‍යවලත් මේ ප‍්‍රශ්නය තිබෙනවා. ජනතාව කල්පනා කරන්නේ රජයේ වගකීමක් තිබෙන ආයතනයක ප‍්‍රමිති සහතිකය සහිතව භාණ්ඩ ගත්තා කියලා. තමන් පරිහරණය කරන පොල්තෙල් ඇතුළු ආහාරවල තත්ත්වය මොකක්ද කියලා ජනතාව දන්නේ නැහැ. රටේ ආණ්ඩුවක් ජනතාවට වගකියන්නේ නැති වුණාට පස්සේ මේ වගේ ප‍්‍රශ්න ඇති වෙනවා. ආණ්ඩුව තමන්ගේ ගජ මිතුරු හොරු රැුළ එක්ක හිටගත්තාට පස්සේ බදු සහන දෙන්නෙත් ඒ ගොල්ලන්ට.
 
 ප‍්‍රශ්නය - මෙම තත්ත්වය නිසා සාම්ප‍්‍රදායික පොල්තෙල් නිෂ්පාදනය කරන්නන් දැඩි ලෙස අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වෙනවා.
 
 පිළිතුර - ඔව්. මේ නිසා සාම්ප‍්‍රදායික ලෙස පොල්තෙල් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ටත් බරපතළ ප‍්‍රශ්නයක් මතුවී තිබෙනවා. ප‍්‍රමිති ආයතනය භාරව ඉන්න ඇමැතිවරයා හැටියට ජනාධිපතිවරයා තාමත් විස පොල්තෙල් ගැන මොකුත්ම කීවේ නැහැ. ජනාධිපතිතුමා ෆේස්බුක්වල යන පුංචි පුංචි දේවල්වලටත් ප‍්‍රතිචාර දක්වන කෙනෙක්. නමුත් තාක්ෂණ අමාත්‍යාංශය හදලා ප‍්‍රමිති ආයතනය ඒ යටතට ගත්තාට පස්සේ වෙන වෙන ඇමැතිවරු විවිධ ප‍්‍රකාශ කළත් ජනාධිපතිවරයා මේ දක්වා කිසිම දෙයක් කීව්වේ නැහැ.
 
 මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා කි‍්‍රයාමාර්ගය මොකක්ද කියලා ජනතාවට කියන්න ඕනෑ. අපි විශ්වාස කරන විදිහට ප‍්‍රතිඅපනයනය කරනවා කියන එක උත්තරය නොවෙයි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු අය කවුද කියලා නීත්‍යානුකූලව රට දැන ගන්න ඕනෑ. පිළිකා කාරක පොල්තෙල් ලංකාවට ගෙනඒමේ කි‍්‍රයාවලිය ගැන ආණ්ඩුවක් හැටියට වගකියන්නේ මොන ආකාරයටද. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වන්න ගන්නා කි‍්‍රයාමාර්ගය මොකක්ද? ඒ කි‍්‍රයාමාර්ග කොයිතරම් දුරට ජනතාවට පිළිගන්න පුළුවන්ද කියලා තහවුරු වෙන්නේ දැන් ගන්න කි‍්‍රයාමාර්ග අනුවයි. ප‍්‍රශ්නය මෙතැනින් එහාට ගෙනියන්නේ නැතිව ප‍්‍රතිඅපනයනයෙන් බේරෙන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. මීට කලිනුත් පිළිකා කාරක පොල්තෙල් ගෙනල්ලා ලංකාව තුළින්
 
 ලබාගන්නා හොඳ මට්ටමේ පොල්තෙල් පිටරට යවලා තියෙනවා කියලා හෙළිවෙනවා. ලංකාවේ ජනතාවට විතරක් නෙවෙයි කිසිම රටක ජනතාවකට පරිහරණය නොකර මේවා විනාශ කළ යුතුයි. රේගුවේ වගකීමක් වෙන්නේ නීත්‍යානුකූල වෙළඳාමට පහසුකම් සලසන එක. ඒ වගේම සමාජ ආරක්ෂණය පිළිබඳව වගකීමකුත් තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - රට තුළට ගෙනෙන ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජය මීට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතු නොවේද?
 
 පිළිතුර - පැහැදිලිවම යොමු කළ යුතුයි. අපි දිගින් දිගටම කියන්නේ එයයි. නමුත් ආණ්ඩුව නොකරන්නෙත් එයයි. අපේ රටේ දේශසීමාව ඇතුළට එන මත්ද්‍රව්‍ය, අවි ආයුධ මර්දනය ගැන විතරක් නොවෙයි ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වගකීමකුත් තිබෙනවා. ඒ වගකීම නිලධාරීන්ගේ අතේ විතරක් නෙවෙයි ආණ්ඩුවටත් තිබෙනවා. නමුත් පසුගිය ආණ්ඩු ගණනාවක්ම ආරක්ෂාව දුන්නේ ජනතාවට නෙවෙයි. තමන්ගේ ගජමිතුරන්ට, තමන් වටේ ඉන්න හොරු රැුළට ආරක්ෂාව සහ පහසුකම් දීමයි. පොල්තෙල් ජාවාරමෙන් තහවුරු වෙන්නෙත් ඒක. ඒ නිසා පවතින බරපතළකම ජනතාවට තේරුම් ගන්න කියලා අපි අවධාරණය කරනවා. ළඟ එන අවුරුදු සමයේ රටේ සෑම භාණ්ඩයකම මිල වැඩිවෙලා. පසුගිය අවුරුද්දේ කොරෝනා තත්ත්වය නිසා අවුරුදු සමරන්න බැරි වුණා. මේ අවුරුද්දේ කොරෝනා ව්‍යසනය විතරක් නෙවෙයි, ජීවන බරත් එක්ක පොල්තෙල් ටිකත් විස වුණාට පස්සේ ඇතිවී තිබෙන්නේ බරපතළ තත්ත්වයක්. ඒ නිසා ආණ්ඩුව පැත්තෙන් ඉටුකළ යුතු බරපතළ වගකීම ගැන අපි අවධාරණය කරනවා.
 
 සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles