Divaina - විෂ පොල්තෙල් ජනතාවට ගියේ නෑ... රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

deshapalanaye

 

පොල්තෙල් පිළිකාකාරකද...

මෙරටට ආනයනය කරනු ලැබූ පොල්තෙල් කන්ටේනර් 13 ක පිළිකා කාරක අඩංගු බවට මහත් ආන්දෝලනයක් ඇති වූ අතර,  සිංහල අලූත් අවුරුදු සමයේ පොල්තෙල් සඳහා අධික පාරිභෝගික ඉල්ලූමක් පවතිද්දී මෙවැනි තත්ත්වයක් මතුවීම සම්බන්ධයෙන්  ‘දිවයින’ දේශපාලනයේ අලූත් කතාව ඒ සඳහා පක්‍ෂ විපක්‍ෂ ස`දහා අවස්ථාව ලබා දුන්නේ මෙලෙසිනි.

 

lasanthaalagiyawannaප‍්‍රශ්නය - වෙළඳපොළේ විකුණන්නට තිබෙන පොල්තෙල් වර්ග බොහොමයි. සමහර ඒවා විවිධ ආයතන මගින් විවිධ නම් වලින් හඳුන්වා දී තිබෙන මිල ටිකක් වැඩි පොල්තෙල්. තවත් සමහර ඒවා කඬේ සිල්ලරට විකුණන සාමාන්‍ය පොල්තෙල්. හැබැයි අද ජනතාවට බැහැ මේ අතරින් ආනයනික පොල්තෙල් මොනවාද දේශීය පොල්තෙල් මොනවාද කියලා හොයාගන්න. රටේ පොල්තෙල් ඉල්ලූම වැඩි වෙලා තිබෙන මේ මොහොතේ ජනතාව කොහොමද බයක් සැකක් නැතුව සෞඛ්‍යාරක්ෂිත පොල්තෙල් මිලදී ගන්නේ..?

 
 පිළිතුර - දේශපාලනඥයෝ මේ ආහාර ද්‍රව්‍යවල ප‍්‍රමිතිය පිළිබඳව විශේෂඥයෝ නෙවෙයි. විශේෂඥයෝ වෙනම ඉන්නවා. ප‍්‍රමිතිය හා සෞඛ්‍යාරක්ෂිත බව තීරණය කරන වෙනම ආයතන තියෙන්වා. අන්න ඒ ආයතන මගින්, ඒවායේ ඉන්න නිලධාරීන් මගින් ලබාදෙන තොරතුරු හා දත්ත අනුව තමයි දේශපාලනඥයෝ කතා කරන්නේ සහ තීන්දු ගන්නේ. පොල්තෙල් ප‍්‍රශ්නයේදීත් අපි කතා කරන්නේ එහෙමයි. දැන් මේ විස සහිත ආනයනික පොල්තෙල් මොනවද කියලා නිවැරදිව හඳුනාගෙන තියෙනවා. අපි ඒවා හොයාගෙන ජනතාව අතරට යන්න නොදී නැවතත් ගුදම් වෙත හරවා යවා තිබෙනවා. දැනට බහාලූම් (containers) හයක් වරාය ඇතුළෙ තබා තිබෙනවා ලබන 11 වැනිදා ඒ අදාළ නැව ආවම ප‍්‍රතිඅපනයන කරන්න.
 
 ප‍්‍රශ්නය - පුද්ගලික අංශය විසින් ගෙන්වන ලද සියලූම විස සහිත පොල්තෙල් තොගය බහාලූම් 6 තුළ තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්ද..?
 
 පිළිතුර - දැනටමත් ඒ පිළිබඳව මේ වෙලාවෙත් රේගුව ප‍්‍රමාණයන් මැනීමේ කටයුතු කරමින් ඉන්නවා. ඒ අතර යම් හෙයකින් මේ තොග රට පුරා බෙදාහැර තිබෙනවාද කියල බලන්න පාරිභෝගික අධිකාරිය සෑම දිස්ත‍්‍රික්කයකටම ගිහින් සාම්පල් 5 බැගින් වෙළඳපොළෙන් ලබාගෙන පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. මේ පරීක්ෂණවලදී හා හොයා බැලීම් වලදී යම් හෙයකින් මෙම ව්‍යාපාරිකයන් රට තුළ අදාළ පොල්තෙල් බෙදා හැර තිබෙනවා කියන එක ඔප්පු වුණොත් එම සමාගම්වලට එරෙහිව උපරිමයෙන් නීතිමය කටයුතු කිරීමට හා ද`ඩුවම් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය හැටියටත් රජය හැටියටත් අපි බැඳිලා ඉන්නවා. හැබැයි එම රාජ්‍ය ආයතන කියන පරිදි දැන්ට පරීක්ෂා කර තිබෙන සාම්පල අතරින් ඔප්පු වෙලා නැහැ මෙම විෂ කාරක පොල්තෙල් රට තුළ බෙදා හැර තිබෙනවා කියලා. ඒ නිසා පාරිභෝගික ජනතාව මේ පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නෑ.
 
 ප‍්‍රශ්නය - පොල්තෙල්වල සෞඛ්‍යාරක්ෂිත බව මනින්න මොකක්ද අපි දැනට භාවිතා කරන ප‍්‍රමිතිය?
 
 පිළිතුර - මෙතනදී අපි පාවිච්චි කළේ 1993 දී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ගැසට් නිවේදනයට අනුව තිබෙන ප‍්‍රමිතිය. මෙම ගැසට් නිවේදනයට අනුව අදාළ ආහාර ද්‍රව්‍යයේ ඒකක මිලියන 1000ට ඒකක 30 ට වඩා වැඩියෙන් තිබුණොත් තමයි සෞඛ්‍යයට උචිත නෑ කියලා තහවුරු වෙන්නේ. ඒ අනුව රට තුළ සොයා ගත් සාම්පල වලින් කිසිදු සාම්පලයක එබඳු අහිත කර තත්ත්වයක් නෑ කියලා තමයි මෙම ආයතන හෙළි කරන්නේ.
 
 ප‍්‍රශ්නය - නමුත් ඇමැතිතුමා මෙම සමාගම් විසින් ලංකාවට ගෙන්වන ලද සියලූ පොල් තෙල් තොග සොයාගෙන ප‍්‍රතිඅපනයනය මේ සඳහා සූදානම් කරල තියෙනවා කියලා සහතිකයකුත් තාම නෑනේ... ගෙන්වන ලද පොල්තෙල් වලින් යම් ප‍්‍රමාණයක් අතුරුදන්...
 
 පිළිතුර - එහෙම කියන්න බෑ. තෙල් තොග තියෙනවා. අවශ්‍ය ප‍්‍රමාණයට තියෙනවද කියලයි බලන්න ඕන. ඒක තමයි ඉස්සෙල්ල මම කිව්වේ. රේගුව කිරුම් මිනුම් කටයුතු සම්බන්ධ ආයතනත් එක්ක එකතුවෙලා දැනටමත් අදාළ මිනුම් කටයුතු කරගෙන යනවා.
 
 ප‍්‍රශ්නය - සමාවෙන්න ඇමැතිතුමා. ආනයනික පොල්තෙල් අද වෙළඳපොළේ දෙයාකාරයකට තියෙනවා. විවිධ ආකර්ෂණීය නම්වලින් බෝතල් කරලාත් තියෙනවා. වෙළඳපොළේ සිල්ලරට විකුණන්නත් තියෙනවා...
 
 පිළිතුර - කවුද කියන්නෙ.... කොහෙද තියෙන්නේ... ඒ පොල්තෙල් ම මේ විදිහට මුදාහැරලා සිල්ලරට හා බෝතල් කරලා විකුණනවා කියලා.
 
 ප‍්‍රශ්නය - ඉතින් ඇමැතිතුමා... කවුරුවත්ම කියලත් නෑනෙ තවම ලංකාවට ගෙනාපු සියලූම අදාළ තෙල් තොග ටික රේගු මගින් හොයාගෙන ප‍්‍රතිඅපනයනය සඳහා වෙන් කළා කියලා...?
 
 පිළිතුර - තොග ටික හරියටම තියෙනවා... නමුත් ඒ නිසි ප‍්‍රමාණයන් අදාළව තියනවද කියලයි දැන් බලන්නේ.. අපි මේ කවුරුවත් බේරගන්න කතා කරන්න වත් නෙවෙයි. නමුත් අපිට උත්තර දෙන්න සිද්ධ වෙන්නේ රජයේ නිලධාරීන් අප වෙත ලබා දෙන තොරතුරු අනුව නේ. එහෙම නැතුව අපි ඔය පොල්තෙල් ගෙන්නන්නෙවත් බලන්නෙවත් මනින්නෙවත් හොයන්නවත් නෑ. නිලධාරීන් තමයි ඒවා කරන්නේ. රාජ්‍ය ආයතන තියෙනවා ඒව කරන්න. අපි පිළිගන්නවා රාජ්‍ය නිලධාරීන් කියන එක. ඒක වැරදියි කියලා කවුරුහරි තොරතුරු දෙනවනං අපි ඒවා හොයා බලන්න මැදිහත් වෙනවා.
 
 ප‍්‍රශ්නය - රාජ්‍ය නිලධාරීන් පිළිබඳ විශ්වාසය
 
 පහුගිය දවස්වල පලූදු වුණානේ... විශේෂයෙන්ම ප‍්‍රමිති කාර්යාංශයේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ගැන. එක් කෙනෙක් කිව්වා විෂකාරක පොල්තෙල් වුණත් ටිකක් තිබුණට කමක් නෑ කියලා. ඔය විවිධ කතා කියලාම ජනතාව දැන් එයාල ගැන විශ්වාස කරන්නේ නැහැ...
 
 පිළිතුර - බොහොම සුබවාදීව අපි රටක් හැටියට හිතන්න ඕන. මේ රාජ්‍ය නිලධාරීන් හැමෝම දූෂිත නෑ. හැමෝම හොරු නෙවෙයි. අතිවිශාල ප‍්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන් මේ රට ගොඩනගන්න මේ ජාතිය ගොඩනගන්න රට සංවර්ධනය කරන්න කැප වෙලා වැඩ කරන අය. හැබැයි ඔය අතරේ එක් කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් අනිත් පැත්තට වැඩ කරන. වැරදි වැඩ කරන අය, වංචනිකයෝ, දූෂිතයෝ සියයට හතරක් පහක් ඉන්න පුළුවන්. ඉතින් අපි මේක තෝර බේර ගන්න ඕන. එක් කෙනෙක් දෙන්නෙක් වරදක් කරලා කියල අපිට සමස්ත රාජ්‍ය සේවයටම දොස් කියන්න බනින්න දඬුවම් කරන්න බෑ. දැන් බලන්න දූෂිත නිලධාරීන් කොච්චර දෙනෙක් දඬුවම් වලට ලක්වෙලා ඉන්නවාද... හැබැයි අපිට නිවැරදි රාජ්‍ය සේවය තෝරගෙන බේරගෙන ඔවුන් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. හැමෝම දිහා සැකෙන් බලන එක වැරදියි.
 
 ප‍්‍රශ්නය - අධ්‍යක්ෂ ජනරාල්වරිය ම කියනවා මේ පොල්තෙල් යොදා ගෙන කරන තවත් කර්මාන්ත තියෙනවා හෙළි කරන්න බෑ කියලා. අපිත් දන්නවා පොල්තෙල් අමුද්‍රව්‍යක් ලෙස යොදාගෙන විවිධ නිෂ්පාදන කරනවා. බටර් වර්ග හදනවා. මාජරින් හදනවා. පාන් සඳහා යොදා ගන්නා හයිකො හදනවා. බිස්කට් හදනවා. මේවා සඳහා මේ අදාළ පොල්තෙල් යොදා ගෙන නැහැයි කියන සහතිකය කවුද දෙන්නෙ....
 
 පිළිතුර - දැනට අපට තියෙන තොරතුරුවලට අනුව රේගුව කියන්නේ මේ පොල්තෙල් සමාජගත වෙලා නෑ කියලා. ඉතින් අපිට ඕක පිළිගන්න වෙනවා. අපි ආරාධනා කරනවා ජනතාව අපිට ඒ පිළිබඳව මීට වඩා වැඩි තොරතුරක් දන්නවනං කරුණාකර දැනුම් දෙන්න කියලා.
 
 මම ඔබට පැහැදිලිවම වගකීමකින් එක දෙයක් කියන්න කැමතියි. අපේ අමාත්‍යාංශය තමයි සමුපකාර වෙළඳ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය. මේක ජනාධිපතිතුමා අලූතෙන් හදපු අමාත්‍යංශයක්. ඇයි මේක හැදුවෙ. මේක නිකං හැදුවේ නෑ. මෙහෙම එකක් හදනවා කියලා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් පවා කිව්වා. ඇයි ඒ. එතුමා කල් තියා දැනගෙන හිටියා පිටරටවල් වලින් ගෙන්නන ආහාර ද්‍රව්‍ය නිසා රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්න ඇති වෙනවා කියලා. පිටරටවල් වලින් ආහාර ආනයනය කිරීමේදී විවිධ ගැටලූ රැුසක් තියෙනවා. විවිධ විෂකාරක යම් යම් ප‍්‍රමාණ වලින් එනවා. ඒවා පිළිබඳ ප‍්‍රමිතීන් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ ප‍්‍රශ්නෙදි වුණත් ප‍්‍රමිති කාර්යාංශය ප‍්‍රමිතිය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රමිතිය දෙකක්. ප‍්‍රමිති කාර්යාංශය කියනවා විෂකාරක ඒකක දහයක් තිබුණට කමක් නැහැ කියලා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියනවා එම විෂකාරක ඒකක මිලියන දාහට ඒකක තිහක් තිබුණට කමක් නැහැ කියලා. මොකක්ද හරි එක. මෙන්න මේවා විසඳන්න තමයි මේ අමාත්‍යංශය හැදුවේ.
 
 ආහාර ද්‍රව්‍ය 7000 ක් විතර පිටරටින් එනවා. නමුත් පරීක්ෂාවට ලක් කරන්නෙ ආහාර ද්‍රව්‍ය 1500යි. ඉතින් අනෙක් ද්‍රව්‍ය එක්ක විෂකාරක එන්න බැරිද. මේ හැම දෙයක්ම හොයා බලලා එක් නීතියකින් ගැසට් එකක් යටතේ පරිපාලනය කරන්න තමයි ජනාධිපතිතුමා මේ අමාත්‍යංශය හදලා ඒක මට භාර දීලා තියෙන්නේ. මම ඒක කැපවීමෙන් කරනවා. ඒව කරන්න හදපු නිසා තමයි මේ වගේ ප‍්‍රශ්න ඇති වුණේ. විෂකාරක පොල්තෙල් දැන් නෑ අපි ඒවා හොයා බලන්න පටන් ගත්තට පස්සේ.
 
 මම කියන්න ඉස්සරහට අපි මේක හදමු. අතීතයේ වෙච්ච වැරදිත් හදාගෙන ඉස්සරහට යමු. ඒක අපිට විතරක් කරන්න පුළුවන් කමක් නෑ. මහජනතාව, නිලධාරීන්, මාධ්‍ය, දේශපාලනඥයෝ මේ හැම කෙනෙක්ගෙම සහයෝගය මේකට අවශ්‍යයි. එහෙම කළොත් තමයි ජනාධිපතිතුමා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දැකපු ඉලක්කය කරා අපිට යන්න පුළුවන් වෙන්නේ.
 
  සාකච්ඡා කළේ - බුලිත ප‍්‍රදීප් කුමාර

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles