Divaina - පාස්‌කු කොමිසමේ වාර්තාව ගැන මෛත්‍රී කී කතාව.... පරිසර විනාශය ගැන මෛත‍්‍රි සංවේදි වෙයි.... ආණ්ඩුකාරවරයා නව ජවයකින් වැඩ....

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

maagam135කෘතහස්ත දේශපාලනඥයකු වූ අභාවප‍්‍රාප්ත දකුණු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම ඇමැති නීතිඥ යූ.ජී.ඞී. ආරියතිලක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ස`දහා මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා හිටපු ඇමැතිවරයාගේ නිවසට පැමිණියේය. දේහයට අවසන් ගෞරව දක්වා හෝරාවකටත් අධික කාලයක් හිටපු ඇමැතිවරයාගේ නිවසේ රැු`දී සිටි මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා හබරාදුව ශී‍්‍ර.ල.නි. පක්ෂ සංවිධායක තිසර ගුණසිංහ මහතා සමග අකුරැුටියේ නන්ද නාහිමියන් මුණගැසීම ස`දහා ගාල්ල විද්‍යාලෝක පිරිවෙනට ගියේය.
 
 අකුරැටියේ නන්ද හිමියෝ හිටපු ජනාධිපතිවරයා සමග ආගිය තොරතුරු කථා කරමින් සිටින අතරතුරේ පාස්කු කොමිසමේ වාර්තාව ගැන ද කථා කළහ. ‘‘ඔබතුමා තමයි මේ කොමිසම් සභාවෙන් වැරදිකරු බවට පත්කරලා තියෙන්නේ. හිටපු අගමැතිතුමා නිදහස් කරලා. තඹ කම්හල් පවත්වාගෙන ගිය අය නිදහස් කරලා, මේ තුළ කුමන්ත‍්‍රණයක් තිබිලා තියෙන බව පැහැදිලියි’’ නන්ද හිමියෝ කීහ. ‘‘අපේ ෂාන් විජේලාල් ද සිල්වාට දුරකථන ඇමතුමක් දෙමින් කථා කළේය. ‘‘ෂාන් මම ඔයාගේ වැයික්කියට එනවා. එන්න කලින් ඔයා දැනුවත් කරන්න ඕනනෙ’’ හිටපු ජනාධිපතිවරයා කීවේය. හිටපු ජනාධිපතිවරයා පළමුව තිසර ගුණසිංගේ නිවසට පැමිණියේය. තිසර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් තේ පැන් සංග‍්‍රහයක් සූදානම් කොට තිබුණි. මෛතී‍්‍ර හිටපු ජනාධිපතිවරයා එන බව දැනගත් තිසරගේ ආධාරකරුවෝ පිරිසක්ද තිසරගේ නිවසට පැමිණ සිටියහ. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සුසිල් කුමාර, නාගරික මන්ත‍්‍රී මෙත්සිරි ද සිල්වා, රෝෂාන් ගුණවර්ධන තිසරගේ නිවසට පැමිණ සිටියහ.
 
 පරිසර විනාශය ගැන මෛත‍්‍රි  සංවේදි වෙයි
 
 තේ මේසයේදී හිටපු ජනාධිපතිවරයා පරිසර විනාශය ගැනද කථා කළේය. ‘‘මම එකවර ගැසට් 68 ක් ගැසුවා පරිසරය ආරක්ෂා කරගැනීම ස`දහා. පරිසර විනාශය ගැන මට තියෙන්නේ කනගාටුවක්’’ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කීවේය. ඉන්පසු තිසර ගුණසිංහ ද සිය මෝටර් රථයට නංවාගත් හිටපු ජනාධිපතිවරයා දිවංගත හිටපු ඇමැතිවරයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ස`දහා ඔහුගේ නිවසට ගියේය. ෂාන් විජේලාල් ද සිල්වා, ලයනල් පේ‍්‍රමසිරි, අශෝක වීරසිංහ ද සිල්වා, අරුණ ගුණරත්න, පරාක‍්‍රම දහනායක ඇතුළු පිරිසක්ද එහි වූහ. ‘‘සර් අපේ තාත්තා සමග දේශපාලනය කරපු සමකාලීනයින් ගොඩක් මෙතැන ඉන්නවා’’ තිසර කීවේය. ‘‘ඔව් ඒ කාලයේ අපි කොච්චර හො`දට වැඩ කළාද?’’ හිටපු ජනාධිපතිවරයා කීවේය.‘‘සර් අරුණ ගුණරත්න හිටපු පළාත් සභා මන්ත‍්‍රීතුමා පළාත් සභාව පවත්වාගෙන යෑමට ඒ කාලයේ ගොඩක් උදව් කළා’’ ෂාන් අරුණ ගුණරත්න මන්ත‍්‍රීවරයා හිටපු ජනාධිපතිවරයාට හ`දුන්වා දෙමින් කීවේය. ‘‘ඔව් මොන ප‍්‍රශ්න තිබුණත් අපි හිටපු මහ ඇමැතිතුමාට උදව් කළා’’ අරුණ කීවේය. දිවංගත හිටපු ඇමැති ආරියතිලකයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස, චමල් රාජපක්ෂ, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, මොහාන් පී. ද සිල්වා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ රැුසක් පැමිණ සිටියහ.
 
 ගාල්ලට වී  අලෙවි මණ්ඩලයෙන් සහතිකයක්
 
 ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගේ තෙත් වී මිලදී ගනු ලබන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගොවීන් 70 දශකයෙන් පසු වී අලෙවි මණ්ඩලයට වී ලබා දුන්නේ නැත. වීවලට සහතික මිලක් ලබා දී වී මිල දී ගැනීමේ යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම නිසා ගොවීන්ගේ වී අස්වැන්න මිල දී ගැනීම ස`දහා දැඩි තරගයක් මේ වනවිට නිර්මාණය වී තිබේ. මෙහි වාසිය ගොවියාට හිමි වී තිබේ. ගොවියාට මෙම වාසිය ලබා දීමට මුල්වූ මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා ඇතුළු රජයට ගොවි ජනතාවගේ ප‍්‍රසාදය හිමි වී තිබේ.
 
 මේ අතර ගාල්ල දිස්ත‍්‍රික්කයේ වී මිලදි ගැනීමේ ක‍්‍රියාන්විතය මෙහෙයවීමේ වගකීම ගාල්ල දිස්ත‍්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් (පරිපාලන* ජේ.ඩබ්ලිව්.එස්. ප‍්‍රියන්ජන් මහතා විසින් ගාල්ල දිස්ත‍්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තු* හේමපාල වර්ෂවිතාන මහතා වෙත පවරා තිබේ. වර්ෂවිතාන කොමසාරිස්තුමන් ගොවීන්ගේ දෙපා මුලට සිය යතුරුපැදියෙන් ගොස් මේ ගැන ගොවීන් දැනුවත් කරමින් ගාල්ලේ වී මිලදී ගැනීමේ ක‍්‍රියාන්විතය ඉතා සාර්ථකව සිදු කරගෙන යමින් සිටී. මේ වනවිට ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගේ තෙත් වී කිලෝ එක් ලක්ෂ විසිදහසකට අධික සංඛ්‍යාවක් මිල දී ගෙන තිබේ. ‘‘මේ මාසයේ මැද වනවිට මගේ ඉලක්කය තමයි වී කිලෝ ලක්ෂ 4ක 5ක ඉලක්කයකට යන්න’’ වරුෂවිතාන කොමසාරිස්තුමන් තම නිලධාරීන් සමග කීවේය. මෙම ක‍්‍රියාන්විතය සඳහා ගොවිජන සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, කෘෂි ඩිප්ලෝමාධාරීන් ඇතුළු පිරිසක් දිවා රාත‍්‍රී වෙහෙසෙමින් කටයුතු කරති. බොහෝ දිනවල අලූයම 3, 4 වන තෙක් වී අලෙවි මණ්ඩලයේ නියෝජිතයින් සමග එක් වී හෙතෙම වී මිල දී ගැනීමේ ක‍්‍රියාන්විතයේ නිරතව සිටී. වී අලෙවි මණ්ඩලයේ උපසභාපතිවරයා ද වරුෂවිතාන කොමසාරිස්තුමන්ගේ කැපවීම අගය කරමින් කථා කළේය.
 
 ආණ්ඩුකාරවරයා  නව ජවයකින් වැඩ
 
 කොවිඞ් ආසාදනය වී සුවය ලැබූ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා මේ දිනවල නව ජවයකින් යුතුව රාජකාරි කටයුතු ආරම්භ කොට ඇත. දකුණු පළාතේ පළාත් පාලන 49කට අයත් ප‍්‍රාථමික නුපුහුණු ශිල්පීන් නොවන ක්ෂේත‍්‍රවලට අයත් සේවකයෝ 622 දෙනෙක් තවමත් අනියම්, ආදේශක හා කොන්ත‍්‍රාත් පදනම යටතේ සේවය කරති. ඒ 2019 සැප්තැම්බර් මස 01 වැනි දින සිටය. 2019 සැප්තැම්බර් මස 29 වැනිදා නිකුත් කොට ඇති චක‍්‍රලේඛයක් මගින් දින 180 ක් සේවය කොට ඇති සේවකයින්ගේ පුරප්පාඩු නොසලකා ස්ථිර කරන ලෙස දැනුම් දී තිබුණි. එහෙත් 2019 වර්ෂයේ නොවැම්බර් 20 වැනිදා භාණ්ඩාගාරය මගින් එම චක‍්‍රලේඛය අවලංගු කොට ඇත. දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මේ පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළේය. මේ වනවිට ඒ ස`දහා අවශ්‍ය කටයුතු කිරීමට අනුකමිටුවක් ද පත්කොට තිබේ.
 
 ලලිත් චාමින්ද

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles