Divaina - Covid -19 ට යට නොවන සමාජ දර්ශනයක්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


කැප්පෙටිපොල ඤාණවිමල හිමි.
දර්ශන අධ්‍යයනාංශය.
පේරාදෙණි විශ්වවිද්‍යාලය.

 

covidd19444
 
සමාජය පිළිබඳ නොයෙක් මානයන් ඔස්සේ අර්ථකථනය කරන සමාජ විද්‍යාඥයන් එමගින් අවධානය යොමු කරන කරුණු, අධ්‍යයන ක්‍ෂේත‍්‍රයට පමණක් ලඝු කිරීම එක්තරා ආකාරයකින් විද්‍යාත්මක විෂයක් ලෙස පෙනී සිටීමට කෙතෙක් දුරට ගැළපේ දැයි කෙනකුට ප‍්‍රශ්න කළ හැකිය. කෙසේ නමුත් මෙමගින් සිදුවන මූලික කෘත්‍යයන් කීපයක් හඳුනා ගැනීමෙන් ගෝලීය සමාජ සන්දර්භයේ දැනට සමාජානුයෝජනය වන Covid -19 ව්‍යසනයේ ආස්ථානය පිළිබඳ කරුණු අධ්‍යයනය කළ හැකිය. එහිදී ඉදිරිපත් වන මූලික කෘත්‍යයන් අතර නිර්වචනානුකූල අධ්‍යයනය, විද්‍යාත්මක අධ්‍යයනය, දත්ත හා සංඛ්‍යාන අධ්‍යයනය, යනාදිය මේ සම්බන්ධයෙන් පුළුල් දාර්ශනික සංකථනයකට ප‍්‍රායෝගික වන අතර නව සමාජ ප‍්‍රවණතා පිළිබඳ අධ්‍යයනයන්ට ද ඉතා වැදගත්ය.
 
 21 වන සියවසේ මූලාරම්භයෙන් දශක දෙකක් ගතවන මෙතැන්හි උද්ගතව පවතින සමාජ අස්ථාවරභාවයේ මූලාකෘති සියල්ල විමර්ශනයට ලක් කිරීමෙන් නිගමනය කළ හැකි කරුණු කීපයකි. එනම්,
 
 ⋆ සමාජ සන්දර්භයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ මානුෂ පදනම්වාදය ඕනෑම විටෙක නිශ්ක‍්‍රීය විය හැකි බව.
 
 ⋆ විද්‍යාත්මක ලක්‍ෂණ සමාජ ස්ථාවර බව පිණිස ක‍්‍රියාත්මක වන්නේ ස්වභාවික ලක්‍ෂණ ස්ථාවරව පවත්වාගෙන යන්නේ නම් පමණක් බව.
 
 ⋆ ජෛව සහ සමාජ පද්ධති සියල්ලටම ව්‍යාධිවේදය පූර්ණ සංරක්‍ෂණ ක‍්‍රමවේදයක් නොවන බව.
 
 ⋆ අධිතක්සේරුක සමාජ පාලන මූලධර්ම හෙවත් න්‍යායන් මත ප‍්‍රායෝගික පාලන මූලධර්ම අවතක්සේරුවට ලක්වීමෙන් සමාජ සංස්ථිතිය අක‍්‍රීය විය හැකි බව.
 
 ⋆ සර්වකාලීන භෞතික ස්ථාවරමය ලක්‍ෂණ පිළිබඳ මනෝභාව, සමාජ ක‍්‍රියාකාරීත්වයේ දී නිශේධනීය ලෙස බලපාන බව.
 
 යනාදියයි. Covid -19 හෙවත් කොරෝනා නමින් හැඳින්වෙන වෛරස වසංගත තත්ත්වය ඔස්සේ නූතන සමාජ පද්ධතියේ බොහෝ අංශ ආක‍්‍රමණයට ලක්වීම සාමාජයීය පැවැත්ම පිළිබඳ ස්ථාවරයන් දැඩි අර්බුදයකට ලක්වීමක් සේ පෙනේ. ධනවාදය හෝ වේවා සමාජවාදය හෝ වේවා කොමියුනිස්ට්වාදය හෝ වේවා ලිබරල්වාදය හෝ වේවා සමාජ සම්මුතීන්හි පදනම්වාද සියල්ලක්ම, අභිබවනීය සංලක්‍ෂයන්ගෙන් යුක්ත ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ පීඩිත සමාජයට දැන් අවශ්‍ය වන්නේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන් නොව ස්ථාවර ජීවන දර්ශනයකි. පාලනාධිකාරීත්වයෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ධනපතියාගෙන් තොර ධනවාදයත් සේම සමාජයක් නොමැති සමාජවාදයෙන් ද ඵලක් නොවනා සේ නිවැරදි දර්ශනයකින් තොර සංස්ථාවක පැවැත්ම ද නිසැකවම අර්ථශූන්‍යය. සමාජ ක‍්‍රියාකාරීන් දුටු සමාජ ක‍්‍රමය තුළ කඩතොලූ තැන් මතු වන්නේ සෑම අස්සක් මුල්ලක් පුරාම ව්‍යාප්ත වන ගෝලීය හෝ සාමාජයීය අර්බුද නමැති අනෝරා වැසි ඇදහැලූනු විටෙකදීය. සාම්ප‍්‍රදායික පද්ධතිකරණයේ නිරර්ථක ප‍්‍රයාසයන් එම සාමාජයීය හා ගෝලීය අර්බුදකරණය හමුවේ නිශ්ප‍්‍රයෝජන නම් ඒ වෙනුවට හිලව් කරගත හැකි විකල්ප සමාජ ක‍්‍රමවේදයක් තිබේදැයි සොයා බැලීම වැදගත්ය. අනෙත් අතට සමාජ සම්මුතිවාදයේ සිදුවිය යුතු පරිණාමයන් පිළිබඳව ද සමාජ චර්යාවාදයේ ප‍්‍රතිසංස්කරණ පිළිබඳව ද අවධානය යොමු කරලීම වැදගත්ය.
 
 සමාජ ප‍්‍රභවයෙහිලා බලපාන සාධක අතර මානව සම්පත, සන්නිවේදනය, සහ චර්යා පද්ධතිය ප‍්‍රමුඛ ස්ථානයක් උසුලනු ලබන සාධකයෝ වන අතර මේ සාධක උපනිශ‍්‍රයෙන් නිර්මාණය වන ද්විතීයක සාධක ලෙස සංස්කෘතිය හා පාලන තන්ත‍්‍රය දැක්විය හැකිය. ද්වීතීයික සාධක සමාජ සන්දර්භයේ දී උපකාරී වන්නේ පැවැත්ම හා අනන්‍යතාව තහවුරු වීම පිණිස ය. මෙම සාධක නිශේධනීය ආකාරයට බලපෑම සමාජ අවනතිය පිණිස හේතුවන බව සංක්‍ෂිප්තව සලකා ගත යුතුය. මීළ`ගට සමාජ සම්මුතීන්හි පදනම විය යුත්තේ ප‍්‍රාථමික සාධක අනුසාරයෙන් සැකසෙන ද්වීතීයික සාධක කෙරෙහි ඇති විශේෂ සැලකිල්ලයි. මන්ද මෙකී ද්විතීයික සාධක සෑම සමාජ සන්දර්භයකම එක ලෙස පවතින්නක් නොවන බැවිනි. එසේම සෑමවිටම දේශ - කාල ආදියේ නිරන්තර බලපෑමට යටත්ව මෙම සාධකයෝ පවතින බැවිනි. බොහෝවිට සමාජ පදනම් බිඳ වැටීමට හා අර්බුද හටගැනීම පිණිස බලපාන ප‍්‍රධාන සාධක දෙකක් මේ අතරේ පෙනේ. එනම්, සමාජ සම්මුතිවාදයන්ට එයින් පරිබාහිර ලක්‍ෂණ ඈඳා ගැනීමට යෑමේ දී ඇතිවන බලපෑම් සහ මිනිස් චර්යාමය බලපෑම් ය. Covid -19 පිළිබඳ සාකච්ඡාවේ දී බොහෝ සමාජ පර්යේෂකයන් මේ පිළිබඳ තත්ත්වය උද්ගත වූ ආකාරය විමර්ශනය කළ ද අපට පෙනී යන්නේ එකම ආකාරයකි. එනම් අවිධිමත් ජීවන දර්ශනය යි. මේ වටා පුද්ගල (ආත්ම) සංකල්පයේ පටන් විශ්ව සංකල්පය තෙක් දිවෙන අවිධිමත් ජීවන රටාවන් පිළිබඳ පුළුල්ව සාකච්ඡුා කළ හැකිය. එබැවින් මේ පිළිබඳ සමාජ දර්ශනයේ දී අප විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ විධිමත් හා අපිස් (Moderate) ජීවන දර්ශනයක් කෙරෙහි ය.
 
 බොහෝ පර්යේෂණාත්මක ක්‍ෂෙත‍්‍රයන්හි පොදුවේ විද්‍යමාන වන වැදගත් සංකල්පයක් වන්නේ අණුවාදයයි. (Atomism) අණුවාදයෙන් යම් පර්යේෂණාත්මක විෂයවස්තූන්හි ඒවායේ කුඩා ම ඒකකය දක්වා ඛණ්ඩනය කොට අධ්‍යයනය කිරීමෙන් ප‍්‍රකට වන යථාර්ථයක් නම් ඒ ඔස්සේ ඕනෑම සංකීර්ණත්වයක් පර්යේෂණාත්මකව අවබෝධ කරගැනීමේ හැකියාවයි. විද්‍යාවේදීන් ෙසෙල හෝ පරමාණු පිළිබඳ අධ්‍යයනය කරන්නේත් සමාජ විද්‍යාඥයන් පවුල් ඒකකය ප‍්‍රාථමිකම සමාජය ලෙස අධ්‍යයනය කරන්නේත් බෞද්ධ දර්ශනයේදී ඝන සත්ත්ව සංඥාව වෙනුවට ස්කන්ධ පඤ්චකය ප‍්‍රතීත්‍යසමුත්පනන්ව විභාග කරන්්නේත් මේ හේතුවෙන් යැයි දත යුතුය. මනුෂ්‍ය සංහතියට එක්වරම බලපෑ වසංගත තත්ත්වය සමාජ විද්‍යාත්මකව කුමන හේතුවක ප‍්‍රතිඵලයක් වුවද දාර්ශනික හා අණුවාදී දෘෂ්ටිකෝණයෙන් බලතොත් එය පුද්ගල (ආත්ම* පැවැත්මේ (egoism) ම ප‍්‍රතිඵලයකි. පැවැත්මටම කැමති වන ලෝකයා තුළ මතුවන, පැවැත්මට අදාළ සීමිත ධර්මතාවන්ගේ අසීමිත අතිරික්ත පරිභෝජනය හා ඌන පරිභෝජනය පිළිබඳ අපේක්‍ෂාවන් ව්‍යසනයයි. උදාහරණයකට ගත්විට, ආහාරය කයේ පැවැත්මයි. ආහාර ඌනනය හා අධිපරිභෝජනය කයේ ව්‍යසනයයි. ආහාරය පමණක් නොව පැවැත්මට අදාළ ඕනෑම දෙයක ප‍්‍රාමාණිකත්වය නොදැනීම ව්‍යසනයයි. සමාජ වසංගත තත්ත්වයන්ට පූර්වයෙන් කි‍්‍රයාත්මක විය යුතු මෙවැනි ජීවන ප‍්‍රතිපත්ති මනුෂ්‍යයාගේම අවිධිමත් චර්යාවන්හි අතුරු ප‍්‍රතිඵලයි.
 
 මීළ`ගට ආචාරවිද්‍යාත්මකව, පැවැත්ම සම්බන්ධ මිනිස් චර්යාවන්ගේ අවිධිමත් බව ගෝලීය අර්බුදවලට මග පාදයි. වර්තමාන අර්බුදකාරී තත්ත්වය හුදෙක් අපවිත‍්‍ර ස්වභාවය, සමීපස්ථභාවය වැනි කායික අසංවර ස්වභාවයේ ප‍්‍රතිඵලය. HIV වසංගතය අයෝග්‍ය ලිංගික චර්යාවන්හි ප‍්‍රතිඵලයකි. ඩෙංගු වැනි තත්ත්වයන්ද අපවිත‍්‍ර ස්වභාවය, අපරීක්‍ෂාකාරී ස්වභාවය වැනි චර්යාමූලිකය. මෙවැනි වසංගත වාහකයා වන්නේම අවධිමත් චර්යාවන් හෙවත් ආචාර විද්‍යාත්මක රාමු ඛණ්ඩනයන්ම ය. එබැවින් විධිමත් සමාජ දර්ශනයකට අවශ්‍යය වන්නේ සමාජ සම්මුතිවාද නොව ප‍්‍රාමාණික පරිභෝජන රටාවකට අදාළ අපිස් මූලික ජීවන දර්ශනයකි. මෙය කළ හැක්කේ සීමිත පරිභෝජනය පිළිබඳ දේශනාවලින් නොව අවශ්‍යතා මූලික (necessity based) පුද්ගලයාගේ සහ කුඩාම සමාජ ඒකකයේ පටන් විශාලතම සමාජ ඒකකය දක්වා විහිඳෙන පරිදි සම්පත් කළමනාකරණය කිරීමෙනි. මේ හරහා සමස්ත අර්බුද ප‍්‍රමාණයටම විසඳුම් ඇතැයි කිව නොහැකිමුත් උපන් අර්බුද මැනවින් නිරාකරණය කළ හැකි බව පැහැදිලි වන්නේ පුද්ගල සිතිවිලි පිළිබඳ මූලික අණුවාදී විශ්ලේෂණයක් මේ හරහා සිදුවන බැවිනි. සිතිවිලිවල ක‍්‍රියාකාරීත්වය ලෝකයේ ක‍්‍රියාකාරීත්වයයි. චින්තන රාමුව හෙවත් සිතිවිලි ක‍්‍රියාකාරීත්වය ඔස්සේ අපිස් චර්යාමය පදනමක් ගොඩනැ`ගීම මේ වෙනුවට හිලව් කළ හැකි විකල්පයයි.
 
 කහවනු වැස්සක් වැස්ස ද මිනිස් මනස සංතෘප්ත කළ නොහැකි බව බුදුන් වහන්සේ පවා පෙන්වා දුන් සමාජ යථාස්වභාවයයි. එමෙන්ම මිනිස් කයේ ස්වභාවය රෝග පීඩාදියට කැදැල්ලකැයි ද උන්වහන්සේ පෙන්වා වදාළහ. කය - මනස පිළිබඳ අවශ්‍යතාවල යථාවබෝධය, ඒ ඇසුරින්ම උද්ගත වන අර්බුද හමුවේ සිදු කළ හැකි විකල්පීය චර්යාමය ප‍්‍රතික‍්‍රියාවයි. මෙම පදනම ම සාමාජයීය ජීවන දර්ශනයට ඈඳා ගැනීමෙන් හෙවත් සමාජය ඇසුරින් සාමාජයීය සත්ත්ව ප‍්‍රජාවට උද්ගත වන අර්බුද, අවශ්‍යතා පමණක් මූලික වූ සාමාජික ප‍්‍රජාවකගේ අල්පේච්ඡ සදාචාරාත්මක ප‍්‍රතික‍්‍රියාම සමාජයට දැක්වීමෙන් නිරාකරණය කළ හැකි බව සහ න්‍යායික සමාජ සිද්ධාන්තවලට වඩා ප‍්‍රායෝගික සිද්ධාන්ත මත ක‍්‍රියා කිරීමෙන් හැඩගැසෙන සමාජ දර්ශනය, වර්තමානයේ Covid -19 වැනි වසංගත තත්ත්වයන් හමුවේ වඩාත් ප‍්‍රයෝජනවත් බව මෙහිලා සඳහන් කළ යුතුය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles