Divaina - කාටූන් කියැවීම... සිව්වරක් ජනපති වූ ආදීවාසියා ‘මොරාලෙස්’

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

evoදකුණු ඇමෙරිකාවේ රටක් වූ බොලිවියාවේ අයිමාරා නම් ස්වදේශික ඉන්දීය ජන කොට්ඨාසයකින් පැවැත ආ ඊවෝ ජුවාන් මොරාලෙස් (EVO Juan Morales) එහි 65 වැනි ජනපතිවරයා බවට පත්වූ අතර (2006 සිට 2019 දක්වා) ඉන්දීය ජන සම්භාවයක් ඇති එරට පළමු ජනපතිවරයා ද විය. 1959 ඔක්තෝබර් 26 වැනි දින බොලිවියාවේ ඉසල්ලාම්හීදී උපත ලැබූ මොරාලෙස්ගේ පියා ඩයොනිසියෝ මොරාලෙස් වූ අතර මව වූයේ අයිමා මාමානිය. ඊවෝ මොරාලෙස් බොලිවියාවේ ‘සමාජවාදය සඳහා වූ ව්‍යාපාරයේ Movement of Socialism-'MAS' ‘මාස් නායකයා ය.’
 
 අයිමාරා නම් ස්වදේශීය පවුලක උපන් මොරාලෙස් ජීවත් වූ නිවස සාම්ප‍්‍රදායික ඇඩෝබි නිවසකි. මොරාලෙස්ගේ මව පශ්චාත් ප‍්‍රසව රුධිර ගැලීමකින් මිය ගියාය.
 
 දරුවන් සත් දෙනකුගෙන් යුත් පවුලක් වූ මොරාලෙස්ගේ පවුල පාරම්පරික ගොවීන් වූ අතර ඔවුන් බෝග වගා කිරීමත් ලාමා සතුන් සහ බැටළුවන්ද ඇති කළේය. පස්වැනි වියේදී මොරාලෙස් ඉසල්ලාවි ප‍්‍රාථමික පාසලේ අධ්‍යාපනය ලැබීය. පාපන්දු කී‍්‍රඩකයෙක් වූ ඔහු අවුරුදු 13 දී පාසලේ පාපන්දු කණ්ඩායම් නායකයා විය. වසර දෙකකට පසු ඔහු එම පළාතේ පාපන්දු පුහුණුකරුවකු බවට පත්විය.
 
 ප‍්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව මොරාලෙස් ඔරිනෝකා හි ‘ගොවිජන මානවවාදී තාක්‍ෂණික ආයතනයට (ITAHO) සහභාගී වූ අතර අවසන් වසර හැර අන් සියලූ වසරවල් සම්පූර්ණ කළේය. 1977 වනවිට ඔහු පාඨමාලා විභාග සියල්ල අවසන්කර ගඩොල් සාදන්නකු, දිවා කම්කරුවකු, බේකරියක සේවකයකු සහ රාජකීය අධිරාජ්‍ය තූර්ය වාදක කණ්ඩායමේ හොරණෑ වාදකයකු ලෙස සේවය කර මුදල් උපයා ගත්තේය. 1977 සිට 1978 දක්වා මොරාලෙස් බොලිවියානු හමුදාවේ අනිවාර්ය සේවයට බැඳී ‘පලසියෝ ක්විවාඩෝ’හි (ජනපති මන්දිරයේ* ආරක්‍ෂක භටයකු ලෙස සේවය කළේය. 1980 ගණන්වලදී ඔහු ස්වදේශීය භාෂාවක් වූ ‘කෙචුවා’ භාෂාව කතා කිරීමට ඉගෙන ගත්තේය.

 

cartoon1
 
 බොලිවියානු ජනතාව ඔවුන්ගේ සංස්කෘතියේ සාම්ප‍්‍රදායික වෛi ඖෂධයක් වන හා චාරිත‍්‍රානුකූල ද්‍රව්‍යයක් වන ‘කොකා’ වගාකොට විදේශයන්ට විකුණා ආදායම ලබා ගත්තේය. 1980 දශකයේ මුල් භාගයේදී මොරාලෙස් ප‍්‍රාදේශීය කොකා වගාකරුවන්ගේ සංගමයේ කි‍්‍රයාකාරී වූ අතර 1985 දී ඔහු කණ්ඩායමේ ප‍්‍රධාන ලේකම් ලෙස තේරීපත් වී වසර තුනකට පසු කොකා වගාකරුවන්ගේ සංගමයේ විධායක ලේකම් විය. 1990 මැද භාගයේදී බොලිවියානු රජය එක්සත් ජනපදයේ සහාය ඇතිව කොකා නිෂ්පාදනය මැඬ පැවැත්වීමට කි‍්‍රයා කළේ කොකාවලින් මත්ද්‍රව්‍යයක් වන ‘කොකේන්‘ නිෂ්පාදනය කිරීම නිසාය. බොලිවියානු හමුදාවද කොකා වගාකරුවන්ට පහර දුන්නේය. බොලිවියානු ඇණ්ඩියන් සංස්කෘතියේ ගැඹුරින් කාවැදී ඇති කොකා සමග එහි මුතුන් මිත්තන්ගේ සම්බන්ධතාවයක් තිබූ අතර වඩාත්ම ලාභදායි වූ ජීවිනෝපායක් අහිමිකර ගැනීමට ජනතාව කැමැති වූයේ නැත. එය ජාතික ස්වෛරීභාවය පිළිබඳ ප‍්‍රශ්නයක් වූ අතර කි‍්‍රයාකාරීන් නිතර පැවසුවේ ‘දිගුකල් ජීවත් වන කොකා ඇමෙරිකා යැංකීන්ට මරණය’ යනුවෙනි. මොරාලෙස් කොකා ව්‍යාපාරයේ ප‍්‍රධාන ලේකම් ලෙස පත්වූ අතර රජයේ ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධව ගරිල්ලා ව්‍යාපාරයක් දියත් කිරීමට හැකිමුත් ඔහු ඉක්මනින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස මැතිවරණ ව්‍යාපාරයක් අනුගමනය කිරීමට තීරණය කළේය. 1994 අගෝස්තු මස මොරාලෙස් අත්අඩංගුවට ගත්තේය. 1994 සැප්තැම්බර් 7 දා නිදහස් කළේය.
 
 මේ අතර දේශපාලනයට අවතීර්ණ වූ මොරාලෙස් 2005 මැතිවරණයේදී 53.7% ක ප‍්‍රතිශතයක් ලබාගෙන බොලිවියාවේ වසර 40කට පසු බහුතරයක් ලබාගත් පළමු ජයග‍්‍රාහකයා ලෙස පත්විය. 1998 සිට ලතින් ඇමෙරිකාවේ තේරීපත්වූ හයවන වාමාංශික ජනාධිපතිවරයා ලෙස සලකන විට ඔහුගේ ජයග‍්‍රහණය කලාපයේ පුළුල්ලෙහි පැතිරුණු ‘රෝස වඩදියෙහි’ (Pink Tide) ජයග‍්‍රහණයක් විය. (Pink Tide) යනු ලතින් ඇමෙරිකානු රටවල දේශපාලන දෘෂ්ටිවාදයට සම්බන්ධ ආජන්ටිනාව, බ‍්‍රසීලය, වෙනිසියුලාව, කියුබාව ආදී රටවල එකමුතුව හඳුන්වන නමය.)
 
 2006 ජනවාරියේදී මොරාලෙස් තිවානාකුහි පැවැති ආදීවාසී ආගමික උත්සවයකට සහභාගි වූ අතර එහිදී ඔහුට ‘අපුමල්කු‘ (උත්තරීතර නායක* යන නම පුද කළේය. තම ජයග‍්‍රහණය වෙනුවෙන් ‘පචමාමා’ දේවතාවියට ස්තුතිය පුදකළ ඔහු ‘ජනතාවගේ එකමුතුවත් සමග අපි යටත් විජිත රාජ්‍යය සහ නව ලිබරල් ආකෘතිය අවසන් කරන්නෙමු’ යනුවෙන් ප‍්‍රකාශ කළේය.
 
 මොරාලෙස් තම ජනපති වැටුප සහ ඔහුගේ ඇමැතිවරුන්ගේ වැටුප 57% කින් අඩු කළේය. මොරාලෙස් තේරී පත්වනවිට බොලිවියාව දකුණු ඇමෙරිකාවේ දුප්පත්ම රට විය. ඔහු පතල්, විදුලිය, දුරකථන සහ දුම්රිය ජනසතු කිරීමේ සැලැස්ම ප‍්‍රකාශයට පත් කළේය. 2007-2008 දී ගෝලීය අර්බුදය අතරතුර බොලිවියාව ලෝකයේ ඉහළම ආර්ථික වර්ධනයක් පවත්වාගෙන ගියේය. ග‍්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කළේය. මාර්ග, ජලය, විදුලිය නොමැති ග‍්‍රාමීය ප‍්‍රදේශවලට රජයේ වැඩි අවධානය යොමුවිය. ගොවීන්ට ට‍්‍රැක්ටර් සිය ගණනක් රජයෙන් පරිත්‍යාග කළේය. ගෑස් සහ ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළේය. සාධාරණ මිල ගණන් යටතේ ආහාර බෙදා හැරීමට රජය සතු ආයතන ආරම්භ කළේය. මොරාලෙස්ගේ පළමු ධුර කාලය තුළ බොලිවියාව ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධිපත්‍යයෙන් මිදුණේය. 2009 වනවිට යුනෙස්කෝව ප‍්‍රකාශ කළේ බොලිවියාව නූගත්කමෙන් තොර රටක් බවයි. නොමිලේ ප‍්‍රතිකාර කිරීමට අක්‍ෂි මධ්‍යස්ථාන හා වෛi මධ්‍යස්ථාන රට තුළ ස්ථාපනය කළේය. බොලිවියා සිසුනට කියුබාවේ වෛi විiාව හැදෑරීමට ශිෂ්‍යත්ව 5000 ක් ලබා දුන්නේය. රජයේ පාසලකට දරුවන් යවන දෙමාපියන්ට ‘බොනෝජුවාන් සිටෝ පින්ටෝ’ වැඩසටහන යටතේ ඩොලර් 29 ක් ලබා දුන්නේය. අඩු ආදායම්ලාභී මවුවරුන්ට තම දරුවන් පෝෂණය කිරීමට උදව් කළේය. 2008 වනවිට බොලිවියා රජයේ විශ්වවිiාල 11කට ඇතුළත් වූ සිසුන්ගෙන් හරි අඩකටත් වැඩිය ආදීවාසීන්ගේ දරුවන් වූහ. 2007 දී රට තුළ කොකා වගා කිරීමට අක්කර 50,000 ක් වෙන් කළේය.
 
 මේ අතර ස්වයංපාලන කි‍්‍රයාකාරීන් නැෙඟනහිර බොලිවියාව පුරා වැඩවර්ජන සහ අවහිර කිරීම් දියත් කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ‘මාස්‘ කි‍්‍රයාකාරීන් හා ඔවුන් අතර සටන් ඇති වීමය. 2008 දී මොරාලෙස් නව ව්‍යවස්ථාව සම්මත වීමත් සමග ජනමත විචාරණයක් පවත්වා එයින් 83%ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත්තේය. මේ අතර බොලිවියාව පුරා නොසන්සුන්තාවන් ඇතිවිය. 2009 සිට 2014 දක්වා මොරාලෙස් දෙවැනි ජනාධිපති ධුර කාලය හෙබ වීය. 2011 අගෝස්තු මාසයේදී විරෝධතාකරුවන් 800ක් පමණ ටි‍්‍රනිඩෑඞ් සිට ලාපාස් දක්වා පාගමනක් සංවිධානය කළේය. පොලිසිය සමග ගැටුම්වලදී බොහෝ අය තුවාල ලැබීය.
 
 මොරාලෙස් නව ව්‍යවස්ථාවෙන් පසුව අධිකරණ තීන්දුවක් මත තෙවැනි වරටත් ජනපති ධුරයට තරග කිරීමට අවස්ථාව ලබාගත්තේය. මෙම ජයග‍්‍රහණයෙන් පසුව 2015 වනවිට මොරාලෙස් වොලිවියාවේ දීර්ඝ කාලයක් පාලනය කළ ජනපති බවට පත්විය. 2019 දී මොරාලෙස් සිව්වැනි වරටත් ජනපති ධුරය ඉල්ලා ජයග‍්‍රහණ ලබාගත් නමුත් මහජන විරෝධතා ඇතිවිය. මැතිවරණ වංචා සිදුවූ බවට ඔහුට චෝදනා ලැබීය. මොරාලෙස් 2019 නොවැම්බර් 19 දින ජනාධිපති ධුරයෙන් ඉල්ලා වූයේ රට තුළ ලේ වැගිරීමක් සිදු නොවීමටය. ඉන්පසු ඔහු නොවැම්බර් 11 වැනිදා මෙක්සිකෝ රජයේ ගුවන් යානයකින් මෙක්සිකෝවට ගියේය. 2019 දෙසැම්බරයේ ඔහු ආජෙන්ටිනාවට ගොස් දේශපාලන රැුකවරණ ලබා 2020 නොවැම්බර් 9 දින නැවත බොලිවියාවට පැමිණියේය.
 
 මොරාලෙස් විවාහවී සිටියේ නැත. ඔහු ජනාධිපති වීමෙන් පසුව වැඩිමල් සොහොයුරිය වූ එස්තර් මොරාලෙස් අයිමා බොලිවියාවේ ජනාධිපති ආර්යාවගේ චරිතයට තෝරාගෙන තිබුණි. එස්තර් මොරාලෙස් කොරෝනා වෛරසයේ බලපෑම මත 2020 අගෝස්තු 16වැනි දා මිය ගියේය. මොරාලෙස්ට දරුවන් දෙදෙනකු සිටී. ඒ විවිධ කාන්තාවන්ගෙනි. දියණිය ඊවා ලීස් මොරාලෙස් අල්වරාඩෝ සහ පුත් ඇල්වාරෝ මොරාලෙස් පරෙඩෙස්ය. ඔහුගේ දරුවන් 2019 නොවැම්බර් අගදී බොලිවියාව අතහැර බුවනෝස් අයර්ස් වෙත ගියේය. මොරාලෙස් දේශපාලන සංකේතයක් ලෙස කොකා භාවිත කළේය. බෙල්ලේ කොකා කොළ මාලයක් පැළඳ සිටියේය. කොකා කොළ සහිත තොප්පියක් නිතර පැළඳ සිටියේය. වෙනත් දේශපාලකයන්ගේ ඇඳුම්වලට වඩා වෙනස් ඉරි සහිත ජම්පර් පැළඳ සිටියේය. එම ඇඳුම් මොරාලෙස්ගේ සංකේතයක් වූ අතර එම නිර්මාණ පිටපත් බොලිවියාවේ බහුලව අලෙවි විය.
 
 ‘ෆිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) ප‍්‍රකාශනය මගින් ‘ලෝකයේ ජනපි‍්‍රයම නායකයෙකු‘ බවට ප‍්‍රකාශ කර ඇති ඊවෝ මොරාලෙස් පිළිබඳවද බොහෝ කාටූන් නිර්මාණයන් බිහිවී ඇත. කොළොම්බියාවේ කාටුන් ශිල්පී මැටඩෝර් (Matador) ගේ කාටූනය නම්කර ඇත්තේ කුමන්ත‍්‍රණය (Golpe de estado ස්පාඤ්ඤ භාෂාවෙනි* යනුවෙනි. කාටුනයේ දැක්වෙන්නේ මොරාලෙස්ව පා පහරක්දී එළවා දමන ආකාරයයි. පාපහර හමුදා බූට් එකකින් වගේ පෙනේ. විරුද්ධවාදීන් මේ සඳහා හමුදාව උපයෝගී කරගත් බව එමගින් පෙන්වාදී ඇත. මොරාලෙස් සමගම ඡුන්ද පෙට්ටිය ද විසිවී ඇත. ‘අපි ඔබගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා‘ (Aceptamos su Renuncia- ස්පාඤ්ඤ භාෂාවෙනි) යනුවෙන් කරනු ලබන ප‍්‍රකාශයක්ද කාටුනයේ දක්වා ඇත. මෙම කාටුනය 2019 දී මොරාලෙස්ට විරුද්ධව රටේ කැළඹීම සහ ඔහුගේ ඉල්ලා අස්වීමත් මොරාලෙස් මෙක්සිකෝවට පළා යෑමත් පෙන්නුම් කරයි.
 
 රුවන් තරස්වින්
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles