Divaina - ජාතිකවාදී හැඟීමකින් රැකගත යුතු මුලතිව් ‘කුරුන්දි’ පුරාවිද්‍යා බිම

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අනුරාධ විජයවර්ධන බණ්ඩාර
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

kurundi0

ප‍්‍රවේශය

අතීතය පිළිබඳ කුතුහලාත්මක දෘෂ්ඨියකින් බැලීම, අතීත දේ පිළිබඳ ඇති ඇල්ම (අතීතකාමය - Nostalgia) නොහොත් පුරාසක්තවාදී (Antiquariesm) දෘෂ්ඨිය සරලව ගත් කල පුරාවිද්‍යාවේ න්‍යායාත්මක එළඹුම සම්බන්ධයෙන් කතා කිරීමේදී මූලාරම්භකම අවස්ථාවයි. අතීතය පරිකල්පනය කිරීමට පෙළඹීම ගෝලීයකරණයත් සමග ලෝකය දේශගවේෂණයට විවෘත වීමත් සමග ඇති වූවකි. ලොව ඇති අතීත මහා නාගරික ශිෂ්ටාචාර අනාවරණය වූයේ අතීතයට අයත් වස්තූන් සෙවීමේ මූලික අරමුණ ඇතිව ය.

13 වන සියවස වන විට වැඩවසම් ක‍්‍රමයේ බිඳවැටීමත් සමග ජාතික රාජ්‍ය (National state) පිළිබඳ අදහස් ඇති වේ. මුදල් මත සමාජය බලවත් වූ අතර ලිබරල් තත්ත්වය මත වෙළෙඳ ප‍්‍රජාව බලවත් වේ. මේ මත විවිධ නිර්මාණයන්ට වෙළෙන්දන්ගෙන් ආධාර ලැබේ. ඒ මත ඔවුන්ගේ පරම්පරා බුද්ධිමත් වේ. ජාතික රාජ්‍ය ඇතිවීම මත ඔවුන්ගේ රටවල අතීතය, ඉතිහාසය ගවේෂණයට පෙළඹේ. බටහිර රටවල සිය නිර්මාණයන්ට ඇලූම් කළ මිනිසුන් අතීත නිර්මාණ සිය ජාතීන්ගේ අර්ථවත් වැඩ බව පැවසූහ.

 

kurundi1

ස්කැන්ඩිනේවියානු රටවලින් විශිෂ්ට චින්තනමය ප‍්‍රවනතා ඇතිවීමට බලපාන ලද ප‍්‍රබල සමාජ දේශපාලන හේතුව එරට වැසියන්ගේ තිබුණු ජාතිකවාදී හැ`ගීමයි. තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් ඇති වී ඒ ගැන සොයා බලා එය නිවරදි කරගැනීමට ඇතිවන යාන්ත‍්‍රණයයි. මෙයට ආසන්නම හේතුවක් වූයේ ප‍්‍රංශ විප්ලවය අවසන් කාලයේදී නැපෝලියන්ගේ සටන් ව්‍යාපාරයේ ප‍්‍රථිඵලයක් ලෙස විශාල යුද්ධයක් ඇති වීමයි. මේ නිසා එකළ සිටි ඩෙනිස් ජාතික විද්වතුන් බි`ද වැටී සිටි ඩෙනිස් ජාතිකයන්ගේ මානසිකත්වය ගොඩගැනීම සඳහා ඓතිහාසික උරුමය ප‍්‍රයෝජනයට ගෙන ඒ ජාතික මානසිකත්වය ශක්තිමත් කිරීමට පියවර ගත් හ.

එකල නිෂ්පාදනය කරන අය මත යැපුනේ පූජකයන් සහ ප‍්‍රභූවරුය. 16 වන ලූවී රජුගේ කාලයේ ප‍්‍රංශය විශාල අර්බුදයකට මුහුණපාන ලදී. ප‍්‍රංශය අනවශ්‍යය යුද්ධ කිහිපයකට පැටලැවුනි. යුද්ධය සඳහා විශාල මුදලක් වැය කරන ලදී. 1789 දී රාජ්‍ය විරෝධී කැරළි පටන් ගනී. හිටුපු ප‍්‍රභූ තන්ත‍්‍රයට හා පූජක තන්ත‍්‍රයට එරෙහිව සමාජයේ කි‍්‍රයාකාරීන් පහර දීමට පටන් ගනී. මෙයින් ඔවුන් අපේක්ෂා කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජාතිකවාදයයි.

විද්‍යාත්මක පුරාවිද්‍යාවේ ආරම්භය ගැන කියන විට වැදගත් වන්නේ විද්‍යාඥයෙක් ලෙස පුරාවිද්‍යාව දෙස බැලීමයි. මෙලෙස බැලීමටද හේතුවක් තිබිය යුතුය. අතීතය කාලනිර්ණය කිරීම වැනි විද්‍යාත්මක පුරාවිද්‍යාවේ ප‍්‍රගමනයට ස්කැන්ඩිනේවියානු රටවල් විශාල වැඩ කොටසක් ඉටු කරන ලදී. මෙය ඔවුන්ට හැකි වූයේ ජාතිකත්වය (nationalism) යන අදහස සමාජයේ
ගොඩනැ`ගුණු නිසා ය.

මෙවැනිම ප‍්‍රවනතාවයක් ශ‍්‍රී ලංකාවේද 19 වන සියවසේ අග භාගයේදී බෞද්ධ පුනරුද සමයේ ඇතිවිය. නාරංවිට සුමනසාර හිමියන්, අනගාරික ධර්මපාලතුමා, බ‍්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර, යන පුරෝගාමීන් විසින් අනුරාධපුරයේ සමස්ත නටබුන් පිළිඹිබු කරන සංකේතය වන් රුවන්වැලි මහා සෑය සංරක්ෂණය කිරීමට පෙරමුණ ගනිමින් එවකට පැවති යටත් විජිත පාලනයට ප‍්‍රතිවිරෝධයක් පෙන්වීමටත් ශ‍්‍රී ලාංකේය බෞද්ධ උරුමයන් මතුකර ගැනීමටත් උත්සාහ ගෙන තිබේ. එසේම මුල්ම දේශීය පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මෙම නටබුන් විද්‍යාත්මක අර්ථකථන සපයමින් පාදාගැනීමටත් සංරක්ෂණයටත් මහර්ඝ මෙහෙයක් සිදුකර තිබේ.

 

kurundi2

මෙම යුගයේදීම සංවර්ධනයට යෝජනා වී තිබූ වැදගත් බෞද්ධ ආරාමික නටබුන් බිමක් වන කුරුන්දි පුරාවිද්‍යා පරිශ‍්‍රය පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම ස්ථානය දේශීය සහ විදේශීය සංචාරක ආකර්ශණය ලබාගැනීමට වැඩිදියුණු කළ හැකි ඉතා සංවේදී පුරාවිද්‍යා පරිශ‍්‍රයකි.

වර්ෂ 1990 පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය (VENICE CHARTER) අනුව නීතිය හා අර්ථකථනය ජේදය යටතේ විස්තර කර ඇති ආකාරයට පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කිරීම සියලූ මනුෂ්‍ය සංහතියේ සදාචාරාත්මක යුතුකමක් ලෙසත් සාමූහික වගකීමක් ලෙසත් සැලකිය යුතුය. සක‍්‍රීය කළමනාකරණවලට අදාළ නීති සැකසීමේදී සහ අදාළ උපකාරක ක‍්‍රම සඳහා ප‍්‍රමාණවත් මුදල් ලබා දීමෙන් මෙම යුතුකම ඉටුකළ හැකිය. පුරාවිද්‍යාත්මක උරුමය සෑම මනුෂ්‍ය සමාජයකටම පොදු වන නිසා එය ආරක්ෂා  කරගැනීමට ප‍්‍රමාණවත් අරමුදල් සැපයීමෙන් වගබලා  ගැනීම සෑම රටකම වගකීමකි. ආරක්ෂාව සඳහා වන නීති ඒ ඒ රටවලට ප‍්‍රදේශයට, සිරිත්විරිත්වලට, ඉතිහාසයට වඩාත් උචිත අන්දමින් සහ ස්ථානගත ආරක්ෂාවටත් පර්යේෂණ අවශ්‍යතාවන්ටත් අනුකූල විය යුතුය. යන සංකල්පය පෙරදැරිව නිර්මාණය වී ඇති ජාතික පුරාවිද්‍යා ප‍්‍රතිපත්ති අනුව සිදුවිය යුතු පැරණි ස්මාරක සංරක්ෂණය යම් රටක ජාතික වශයෙන් සමාජ ප‍්‍රගමණයට සෘජු දායකත්වයක් සපයන බව පෙනේ.

 

kurundi3

පිහිටීම

මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු MUL 120 ග‍්‍රාමසේවා වසමේ නාගචෝලේ වන සංරක්ෂණ කලාපයේ පිහිටා ඇති කුරුඳුමලේ පුරාවිද්‍යා ස්ථානය මුලතිව් දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති අතිශය වැදගත් පුරාවිද්‍යා පරිශ‍්‍රයකි. පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍ය මූලාශ‍්‍ර අනුව අතීතයේ මෙම ස්ථානය හා ප‍්‍රදේශය ‘කුරුන්දක’, ‘කුරුන්ද’,‘කරුැඥ පාසක’,

‘කුරුන්ගම’, ‘කුරුන්දවාශෝක’ යන නම්වලින් හඳුන්වා ඇත. මුලතිව් නගරයේ සිට බී-297 කෝකිලායි මාර්ගයේ අලම්පිල් දක්වා කි.මී. 12ක් පැමිණ දකුණට කුමලමුනෙයි දෙසට ඇති මාර්ගයේ කි.මී. 13ක් පමණ ගමන් ගත් විට හමුවන නාගචෝලේ වන රක්ෂිතයේ කුරුඳුමලේ නම් උස් බිම් ප‍්‍රදේශයක මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත.

 

kurundi4

මෙම ස්ථානයේ ස්වභාවික උස් බිම ස්තර කිහිපයක් සේ සකසා ඇති ආකාරය ශේෂ වී ඇති කබොක් ගලින් නිර්මිත ප‍්‍රාකාර බැමිවලින් පැහැදිළි වේ. කඳු මුදුනේ වන තැනි බිමේ නටබුන් රාශියක් වේ. කබොක් ගලින් නිර්මිත නටබුන් ස්ථූපයක්, කැටයම් සහිත සඳකඩපහනක්, කොරවක්ගල්, ගොඩනැ`ගිලි බොරදම්, කැටයම් සහිත ශිලාමය උළුවහු කඳන්, ශිලා කුළුණු සහිත නටබුන්  ගොඩනැ`ගිලි මෙහි දැකිය හැකිය. ආරාම සංකීර්ණයේ දකුණට වන්නට විශාල පොකුණක් දැකිය හැකිය. මෙම ප‍්‍රදේශයේ බහුල වශයෙන් හමුවන ඉදිකිරීම් අමුද්‍රව්‍යක් වන කබොක් ගලින් මෙහි ප‍්‍රාකාර බැමි සහ ස්ථූපය ඉදිකර ඇත. මුල් ඓතිහාසික යුගයට (Early Historic Period) අයත් වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම් ලක්ෂණ ඉහත බොහෝ ඉදිකිරීම්වල දැකිය හැකිය. මෙම ස්ථානය වර්තමානය වන විට විවිධ අවස්ථාවල නිධන් හොරුන්ගේ දැඩි තර්ජනයන්ට මුහුණ පා ඇත. නිධන් සෙවීමේ අරමුනින් විවිධ අවස්ථාවල ගොඩනැ`ගිලි අසළ හාරා ඇති විශාල වළවල් හේතුවෙන් සහ යුද සමයේ ආරක්ෂිත බංකර ඉදිකිරීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක ව්‍යුහයන් ඒවා තිබූ මුල් සන්දර්භයෙන් විතැන් වී ඇත.

 

kurundi5

උතුරු පළාතේ සහ කුරුන්දි පුරාවිද්‍යා පරිශ‍්‍රයේ ඓතිහාසික පසුබිම

අතීතයේ රජරට හෙවත් පිහිටි රට පාලන ප‍්‍රදේශ පස්ස නමින් හැඳින්වෙන ප‍්‍රදේශ 4කට බෙදා තිබිණි. අනුරාධපුර අග නගරයෙන් දකුණු දෙස දක්ඛිණ පස්ස ලෙස ද, නැගෙනහිර දෙස පාචීන පස්ස ලෙස ද, බටහිර පෙදෙස පච්ýම පස්ස ලෙස ද, උතුරු පෙදෙස උත්තර පස්ස ලෙස ද වෙන් වී තිබුණි. වව්නියාවේ පිහිටි තෝනිගල ශිලා ලිපියට අනුවද මෙම ප‍්‍රදේශය ‘උතරපස’ යනුවෙන් හඳුන්වා ඇත. මෙම ප‍්‍රදේශ ප‍්‍රධාන රජුගේ ආසන්නතමයන් හෝ ප‍්‍රධාන ඇමැතීන් විසින් පාලනය වන්නට ඇත. (මේධානන්ද එල්ලාවල හිමි, 2013, පි.26* වසභ සහ පළමුවන ගජබාහු යන රජවරුන්ගේ ශිලා ලේඛණ අනුවද ගොඩනැ`ගිලිවල වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ අනුවද ක‍්‍රි. ව. 10 වන සියවස දක්වාම අනුරාධපුර කේන්ද්‍රකරගත් පාලනය මෙම ප‍්‍රදේශවලටද බලපා ඇති බව පැහැදිළිය.

ඊට වැදගත් පුරාවිද්‍යාත්මක උදාහරණ ලෙස වව්නියාව ඒරුපොතාන මූල බ‍්‍රාහ්මී ලිපි සහිත ලෙන් පරිශ‍්‍රයෙන් හමුවන දුටුගැමුණු රජුගේ සෙන්පතියකු වන නන්දිමිත‍්‍ර සෙනවියාගේ නම සඳහන් මූල බ‍්‍රාහ්මී ශිලා ලිපි (Paranavithana, 1970, P.26) සහ මහසෙන් රජුගේ පුත් ශ‍්‍රී මේඝවර්ණ රජුට අයත් වව්නියාව තෝනිගල ශිලා ලේඛණය පෙන්වා දිය හැකිය. (Paranavithana, 1989, P.178) පළමුවන විජයබාහු රජු විසින් කුරුන්දි විහාරයට සිදුකරන අනුග‍්‍රහයන් පිළිබඳ මහා වංශයේ සඳහන් වේ. ඒ හැරෙන්නට සමස්තයක් වශයෙන් පොළොන්නරු රාජධානි සමයේදී මෙම ප‍්‍රදේශ පිළිබඳ රාජ්‍ය අනුග‍්‍රහය හා අවධානය ගිලිහී ගොස් ඇත. ඒ සමයේ මෙම ප‍්‍රදේශය පිළිබඳ සඳහන් එකම ස්ථානය වනුයේ මාමඩුව වැව අසලින් හමු වූ මහා පරාක‍්‍රමබාහු රජුගේ පුවරු ලිපියයි. එය මෙම වැව ප‍්‍රතිසංස්කරණය කළ බවට දැක්වෙන ලිපියකි.

නැවත දඹදෙණිය රාජධානි අවධියේදී දෙවන පරාක‍්‍රමබාහු රජු විසින් වල් බිහිව තිබූ රජරට ප‍්‍රදේශයේ වාරි කර්මාන්ත විජයබාහු කුමරු ලවා ප‍්‍රතිසංස්කරණය කරවා එහි නඩත්තුව ‘වන්නියාර්වරු’ හට භාර කළ බව චූලවංශයේ සඳහන් වේ. සෙනරත් පරණවිතාන මහතාගේ අදහස අනුව යාපනය ස්වාධීන රාජ්‍යක් ලෙස නැ`ගී සිටින්නේ 13 වන සියවසේ දීය. 14 වන සියවසේ සිට මෙම ප‍්‍රදේශය ආර්ය චක‍්‍රවර්තී නම් රජ පෙළපතක් යටතේ පාලනය විය. මෙම පෙළපතේ රජවරු 15ක් පමණ වූ බව යාල්පානවෛපමාලෙයි ග‍්‍රන්ථයේ සඳහන් වේ. මාකෝපොලෝ, ඉබන් බතූතා වැනි සංචාරකයන් යාපනය ආර්ය චක‍්‍රවර්තී යටතේ පාලනය වූ බවට වාර්තා කර ඇත. පසුව සයවන පරාක‍්‍රමබාහු රජු මෙම ප‍්‍රදේශ නැවත එක්සේසත් කර තිබේ. සයවන බුවනෙකබාහු රාජ්‍ය කාලය අවසානයෙන් පසු 16 වන සියවස ආරම්භයත් සමග නැවතත් මෙම ප‍්‍රදේශ ද්‍රවිඩ පාලනයට යටත් විය. ලන්දේසීන් සමග සිංහල රජු ඇතිකරගත් ගිවිසුමකට අනුව මුලතිවු ඇතුළු උතුරු ප‍්‍රදේශය කොටස් තුනක් යටතේ පාලනය කොට ඇත. එනම් සිංහල පාලන ප‍්‍රදේශයට කොටසක්, යාපනය ප‍්‍රදේශයට කොටසක් සහ ලන්දේසීන්ගේ මුහුදුබඩ ප‍්‍රදේශයට කොටසක් ආදී වශයෙනි. ක‍්‍රි.ව. 1783 සිට 1796 දක්වා ලන්දේසීන් යටතේද 1796 දී බි‍්‍රතාන්‍ය පාලනයටද මෙම ප‍්‍රදේශ නතු වී තිබේ. ඔවුන්ගේ පාලනය යටතේ ත‍්‍රිකුණාමලයේ සිටි අවුමිල්දාර්වරයා විසින් මෙම ප‍්‍රදේශ පාලනය කොට ඇත. ක‍්‍රි.ව. 1807 දී බි‍්‍රතාන්‍යයන් විසින් ඇති කළ නව පළාත් බෙදීම් අනුව වව්නියාව අයත් වූයේ වන්නි පළාතටයි. ‘මූලදීප’ යන පැරණි නාමය පසුව ‘මුලතිව්’ යන්න ව්‍යවහාරයට පැමිණ තිබේ. මුලතිව් දිස්ත‍්‍රික්කය පසුකාලීනව යාපනය රාජධානියට අයත් විය. ක‍්‍රි.ව. දෙවන සියවසේ ටොලමිගේ ලංකා සිතියමේ නාගදීපය ලෙස නම්කර ඇත්තේ වව්නියාව ප‍්‍රදේශයයි.

අට්ඨකතාවන්හි හා වංශකතාවන්හි සඳහන් වන ‘කුරුන්දක’, ‘කුරුන්ද’ යන නාමයන්ගෙන් හඳුන්වා ඇත්තේ මෙම ස්ථානයයි. ඛල්ලාටනාග රජු (ක‍්‍රි.ව. 100 - 103* ‘කුරුඥ පාසක’ නම් මෙම විහාරය ගොඩනැ`ගූ බවත්, (ම.ව, 33 පරි. 32 පෙළ*, පළමුවන අග්බෝ (ක‍්‍රි.ව. 571 - 604* රජු කරුන්ද විහාරය පිළිසකර කර කුරුන්ද වාපි නමින් වැවක්ද, පොල් උයනක්ද කරවීය. (ම.ව, 41 පරි. 16 පෙළ*, පළමුවන විජයබාහු (ක‍්‍රි.ව. 1055 - 1110* රජුද කුරුන්දි විහාරයට විවිධ අනුග‍්‍රහයන් දැක්වූ බවත් මහාවංශයෙහි සඳහන් වේ. දෙවන පැරකුම්බා රජු (ක‍්‍රි.ව. 1236-1270* විසින් විනාශ කළ කාලිංග මාඝගේ බල කඳවුරක් කුරුන්දියෙහි වූ බවද, කුරුන්දි අට්ඨකතා සම්පාදනය වී ඇත්තේ මෙම ස්ථානයේදී බවද වංශකතාවල සඳහන්ය.

බුදුන්වහන්සේගේ දෙවන ලංකාගමනයේදී මෙම ස්ථානයට වැඩි බව ජනප‍්‍රවාදයේ සඳහන්ය, කුරුන්දාවශෝක විහාරයේ ශිලා ලේඛණයක් තිබූ බව 1905 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් වේ (ASCAR, 1905) තුන්වන මිහි`දු රජු මෙම ලිපිය කරවා ඇත. මෙකී ප‍්‍රදේශය ‘කුරුන්ගම’ යනුවෙන්ද හඳුන්වා ඇත. වැවේ දිය ආරවුලක් සංසි`දුවීම පිණිස බිසව හා දියණිය සමග පැමිණි රජු තමා විසින්ම ලිපිය කොටා ඇති අතර එහි අකුරු වැරදි ආදිය ඇතත් ඒවා නිවැරදි නොකරන ලෙසට නියෝග කර තිබූ බව පාලන වාර්තාවේ සඳහන් වේ. වර්තමානයේ මෙම ලිපිය හෝ එය පිහිටි ස්ථානය පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවේ (Lewis J.P., 1993, p.314).

මෙම ස්ථානයේ ස්වභාවික උස් බිම ස්තර කිහිපයක් සේ සකසා ඇති ආකාරය ශේෂ වී ඇති ප‍්‍රාකාර බැමිවලින් පැහැදිළි වේ. අඩි 140ක විෂ්කම්භයකින් ද අඩි 21ක උසකින්ද යුතු කබොක් ගල්වලින් නිර්මිත ස්ථූපයක් මෙහි පිහිටා ඇත. මුල් ඓතිහාසික යුගයට අයත් කැටයම් සහිත සඳකඩපහන්, කොරවක්ගල් ගල් කණු සහිත ගොඩනැ`ගිලි සාධක හා ගොඩනැ`ගිලි බොරදම් මෙහි දැකිය හැකිය. ආරාම සංකීර්ණයේ දකුණට වන්නට විශාල පොකුණක් දැකිය හැකිය. මෙම ප‍්‍රදේශයේ බහුල වශයෙන් හමුවන ඉදිකිරීම් අමුද්‍රවයක් වන කබොක් ගලින් මෙහි ප‍්‍රාකාර බැමි ඉදිකර ඇත. මෙම කුරුඳුමලය කන්දේ උඩ පිහිටි තැනිතලා භූමියේ ඉදිකර ඇති වාස්තුවිද්‍යා ඉදිකිරීම් පිළිබඳව දීර්ඝ විස්තරයක් යටත් විජිත යුගයේ සිවිල් නිලධාරීන්ගේ වාර්තාවල සඳහන්ව ඇත. එවකට සිවිල් නිලධාරියකුව සිටි ජේ. පී. ලෙවිස් ‘කුරුන්තන්ඌර්මලේ’ නම් මෙම ආරාමික නටබුන් ස්ථානය පිළිබඳ හෙන්රි පාකර්ගේ 1886 වාර්ෂික වාර්තා උපුටා දක්වමින් මෙසේ සටහන් කර ඇත

“This is the spot that is said to have been visited
by Buddha on his second journey to Ceylon. A flight
of stone steps led from the end of the bound to the
summit of the hill. The top of the hill is flat, and
of elliptical or oval shape. Round the side facing
the bound, and possibly round all the summit, a
retaining wall of squared blocks of the hard altered
gneiss has been built to height of 7 ft. or 8 ft. at a
batter of ½ 1. There are several ruins on the hill,
and at the back of the northern part of the bound;
but they are all dilapidated, more through willful
defacement by the Tamil occupants than by the
action of time."
(Parker H., 1886, p.454) ( Lewis J.P., 1993, p.311).

මෙම ස්ථානයේ ඇති කුරුඳු වැවට පහළින් ඇති තවත් ආරාමික නටබුන් සහිත ස්ථානයක්වේ. ශිලා කුලූණු සහිත නටබුන් ගොඩැලි, මුරගල් සහිත ස්ථාන, ස්ථූප ගොඩැලි සහිත ස්ථාන හමුවේ, මෙම ස්ථානයෙන් හමුව ඇති 4වන උයද රජුට (ක‍්‍රි.ව. 946-954* අයත් සෙල් ලිපියක් හමුව ඇත, එහි අභයගිරි ආරාමයට අනුබද්ධ සිරිස`ගබෝ රජමහ විහාරය නම් ආරාමයක් සම්බන්ධයෙන් සහ ඊට කළ පුද සිරිත් පිළිබඳවත්, භික්ෂූන් වහන්සේලාගේ පොදු කැමැත්තෙන් තුන් නිකායවල් සමගි කිරීම සම්බන්ධ කතිකාවතක් සහ අභයගිරි විහාරයේ සේවයේ නියුතු නිලධාරීන් විසින් මෙම ස්ථානයේ ඇති පධානඝරයට සහ පිළිමගෙයට දෙන ලද දීමනා සම්බන්ධව සඳහන්ව ඇත. මෑතක මෙම ස්ථානයේ සිදුකළ ගවේෂණයකින් එම ලිපියේ තවත් විශාල කොටසක් පොළවට යටව තිබී සොයාගැනීමට හැකි විය.

මෙම කුරුඳු වැවට බටහිර දෙසට වන්නට විශාල වශයෙන් යබොර කොටස් සහ වළං කැබලි සාධක හමුවන අතර ඒවා පැරණි ජනාවාසයකට අයත් ඒවා බව සිතිය හැකිය. මෙම නාගචෝලේ වන රක්ෂිතය තුළ තවත් භාවිතයෙන් අත්හැර දමන ලද වැව් විශාල වශයෙන් පැතිරී ඇති ආකාරය පැරණි සිතියම් අධ්‍යයනයෙන් අනාවරණය කරගත හැකිය.

කුරුන්දි පුරාවිද්‍යා පරිශ‍්‍රයේ වර්තමාන පසුබිම

වර්ෂ 1933 මැයි 12 දින විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් මෙම ස්ථාන ඇතුළත්ව අක්කර 78ක භූමි කොටසක් මැන ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර ඇත. එම සීමා මායිම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෑතක පාදා ගන්නා ලද අතර අවට නටබුන් විසිර පවතින ප‍්‍රදේශයද එක් වූ විට මෙම පරිශ‍්‍රය අක්කර 300 ක් පමණ විශාල වේ.

මෙම පුරාවිද්‍යා ස්ථානයේ සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් ගල්ගමුවේ සන්තබෝධි හිමිගේ අනුග‍්‍රාහකත්වයෙන් ආරම්භ කිරීමට 2018.09.04 දින මෙම පුරාවිද්‍යා ස්ථානයට ගිය විට දමිල ජනතාව කලහකාරී ලෙස හැසිරීම් සහ මහජන විරෝධතා හේතුවෙන් එම කාර්ය අතරමග නතර කර දැමීමට සිදු විය. පසුව ඔඞ්ඩුසුඩාන් පොලිස් ස්ථානය මගින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුනින් මුලතිව් දිසා අධිකරණයේ මෙම පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධව නඩුවක් ගොනු කරන ලදී. පසුව මෙම පුරාවිද්‍යා ස්ථානයේ පුරාවිද්‍යා කටයුතු ප‍්‍රදේශයේ සියලූ රාජ්‍ය ආයතන දැනුවත් කරමින් සිදුකිරීමට අවසර ලබා දෙමින් 2020.10.12 දින මෙම නඩු කටයුත්ත අවසන් කරන ලදී.

ඒ අනුව පසුගිය 2021.01.18 දින සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී යන මහත්වරුන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ නිලධාරීන්, වව්නියාව ප‍්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන්, මුලතිව් කලාප භාර පුරාවිද්‍යා නිලධාරී, මුලතිව් ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම පුරාවිද්‍යා ස්ථානයේ කැණීම් කටයුතු සුභ මොහොතින් ආරම්භ කරන ලද අතර මේ වනවිටත් මෙම පුරාවිද්‍යා පරිශ‍්‍රයේ පැරණි ස්ථූපයේ කැණීම් කටයුතු සිදුවෙමින් පවතී.

මෙම ආරාම්ක නටබුන් පරිශ‍්‍රය සංවර්ධනය වුවහොත් ප‍්‍රදේශයේ ජනතාවගේ සාමාජීය හා ආර්ථික දියුණුවට සෘජු බලපෑමක් එල්ලවිය හැකිය. එසේම ඉතා ආකර්ශනීය පරිසරයක පිහිටා ඇති මෙම ස්ථානය විදේශීය සංචාරකයන්ටද විවෘත කළ හැකි වැදගත් ස්ථානයක් බව සඳහන් කළ හැකිය.

කෙසේවෙතත් දමිල ඩයස්පෝරාවේ අතකොලූවක්ව වැඩකරන උතුරේ දමිල දේශපාලඥයන්ගේ බලපෑම් හේතුවෙන් මෙම ජාතික වශයෙන් අතිශය වැදගත් පුරාවිද්‍යා බිමේ සංවර්ධන කටයුතු විටින් විට නවතා දැමීමට සිදු වී තිබේ. මෙම බලපෑම් හුදෙක් ප‍්‍රදේශයේ සාමාන්‍ය ජනයාගේ උවමනා එපාකම් මත සිදුවන්නක් නොව, නිජබිම් සංකල්පයට බලවත් අතුල් පහරක් එල්ල වීම මෙම පුරාවිද්‍යා ස්මාරක කැණීම් කර මතුකර ගැනීමෙන් සිදුවන නිසා එය නොඉවසන සුළුතර දමිල දේශපාලඥයන්ගේ උවමනාවෙන් සිදුවන්නකි. රටේ ඉතිහාසය

මතුකරගැනීමට ඉඩ නොදී එක තැන පල්කිරීමට ඔවුන් ගන්නා මෙම අසාධාරණ නිර්ධය උත්සාහය ඉතා සූක්ෂම ලෙස බිඳහෙළිය යුතුව පවතී.

රාජකාරි අත්දැකීම්, විද්වත් දේශන හා පොතපත ඇසුරෙන්

1. Lewis, J.P. (1993) A Manual of The Vanni District,
Ceylon, ake House Book Shop, Colombo.

2' Archaeological Survey of Ceylon Annual Report
(ASCAR), 1905 ed., Plans & Plates, HCP Bell.

3. Paranavithana Senarath, (1970), Inscription of
Cylon Vol.1 , Deprtment of Archaeology.

4. Paranavithana Senarath, (1989), Epigraphia
Zeylanica Vol.III , Deprtment of Archaeology.

5. වීරසිංහ, පී, (1981) නාගයන්ගේ පා සටහන් : වව්නියාව දිස්ත‍්‍රික්කයේ පුරාවස්තු, සංඛ මුද්‍රණ ශිල්පියේ, කොළඹ.

6. එල්ලාවල මේධානන්ද හිමි, (2003), නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය, දයාවංශ ජයකොඩි මුද්‍රණ, කොළඹ

7. බණ්ඩාර ධම්මි, (2005), පෞරානික ස්ථාන හා ස්මාරක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ 07.

8. ශ‍්‍රී ලංකා සිතියම් සංග‍්‍රහය, දෙවන සංස්කරණය (2013), ශ‍්‍රී ලංකා මිණින්දෝරු දෙපාර්තමේන්තුව  ඓතිහාසික මූලාශ‍්‍ර (ප‍්‍රාථමික මූලාශ‍්‍ර) මහාවංසය සිංහල, (2007) බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, දෙහිවල.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles