Divaina - උඩරට ගිවිසුමෙන් පසු සමයේ දළදා ප‍්‍රාතිහාර්යක් පෑ හැටි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 
මතුගම සෙනෙවිරුවන්
 
 dalada2
 
දළදා වහන්සේ මෙරට බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ වෙයි. රාජ්‍යයේ සංකේතය වෙයි. බුද්ධ ශාසනයේ වත්මන් පැවැත්ම තහවුරු කරන අසමසම ආශ්චර්යමත් වස්තුවක් බවටද පත් වෙයි. කීර්ති ශ‍්‍රී මේඝවර්ණ රජු සමයේ මෙරටට වැඩම කරන ලද දළදා වහන්සේ පිළිබඳ කතාව බ‍්‍රහ්මදත්ත රජ පරපුර හා සම්බන්ධ වෙයි. ගුහසීව රජු හා සම්බන්ධ වෙයි. මේ රජ පරපුර සිංහල රාජාවලියේ රජුන් සමග කළ අවාහ විවාහයෙන් සම්බන්ධ වෙයි. බුද්ධ ආදාහන මලූවෙහි දී ඉතිරි වුණ ද්‍රෝණයක් පමණ වූ ධාතුන් වහන්සේලා අතරින් දකුණු දළදා වහන්සේ සහ යටි වම් දළදා වහන්සේ ලංකාවට වැදගත්ව තිබූයේ මේ රාජාවලියේ අවිච්චින්න පැවැත්ම උදෙසාය.
 
dalada1එදා දන්ත කුමරු ගුහසීව රජු වෙත පැමිණ දළදා වහන්සේ වැඩ සිටි දළදා මාළිගයෙහි තේවාව ඉල්වා අයැදීය. ශ‍්‍රද්ධාවන්ත බවින් උසස් ඒ තරුණයා හට ගුහසීව රජු දළදා වහන්සේ භාරකරන ලද්දේ බුදුන් වහන්සේට කරන සත්කාර සංග‍්‍රහ දළදා වහන්සේ උදෙසාද කළ යුතු බැවිනි. දඹදිව බ‍්‍රහ්මදත්ත පරපුර පිළිබ`ද ඉතිහාස කතාවට ලංකාවේ රජ පවුලද සම්බන්ධය. කාලිංග රජ පරපුරේ චක‍්‍රවර්තී මහාමේඝවර්ණ චේතිය රජුගේ පුත‍්‍රයා වන දධිවාහන සහ පද්මාවතී දේවියගේ විවාහයෙන් චක‍්‍රවර්තී කරකණ්ඩු රජ බිහිවෙයි. මේ පද්මාවතී කුමරිය ලංකාවේ කුමරියකි. කරකණ්ඩු රජු විවාහ වන්නේ ද ලංකාවේ රජ කුමරියක් වන රිතිවේගා බිසව සමගයි. ඒ විවාහයෙන් උපන් වාසුපාල රජුට පසුව සිටි ප‍්‍රබලතම රජු වූයේ බ‍්‍රහ්මදත්ත රජුය. බ‍්‍රහ්ම දත්ත රජුගෙන් පසුව කාරවේලද ඉන්පසු ගුහසීව රජු ද වෙයි. ලංකාවේ රජපවුල සමග වූ දීර්ඝකාලීන සම්බන්ධය දරන කාලිංගරජ පවුලෙන් දියණියක් වන හේමමාලියත් දන්ත කුමරියත් ලංකාවට පැමිණෙන්නේ මේ දැඩි සබඳකම් හේතු කොටගෙනය.
 
 දළදා වහන්සේ මුල්වරට ප‍්‍රාතිහාර්ය පාන ලද්දේ දළදා යුද්ධය අවස්ථාවේ දීය. දළදා වහන්සේ කිණිහිරය මත තබා විනාශ කරන්නට අර අදින විට එයින් මෑත්ව අහසට නැ`ගී ප‍්‍රාතිහාර්ය පෑ බව දැක්විය හැකිය. දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීම සඳහා තාම‍්‍රලිප්ත තොටුපලෙන් නැව් නැ`ගීමට ප‍්‍රථම වැලි ගොඩක දළදා වහන්සේ නිධන් කොට තබන ලදී. එහිදී නාග ලෝකයෙන් පැමිණි පණ්ඩු නම් නා රජෙකු දළදා වහන්සේ පැහැර ගෙන නාග ලෝකයට ගිය අතර ඛේම නම් රහතන් වහන්සේ ගුරුලූ වෙස් ගෙන නාග ලෝකයට ගොස් ආපසු තොටුපළේ වැල්ලට පැමිණි බවත් එහිදී දළදා වහන්සේ හේමමාලාවෝ ගේ ශීර්ෂයට වැඩම කොට ප‍්‍රාතිහාර්ය පෑ බවත් දැක්වේ. ඉන් පසු රාජකීය යුවලට බිහිසුණු අත්දැකීම් කීපයකටම මුහුණ දෙන්නට සිදුවිය. නැව දියත් කොට දියඹේ දී ඇති වූ කුණාටුව මැ`ඩපවත්වා යහතින් ලංකාවේ ලංකාපටුනට ගොඩ බැසීමට හැකි වූයේ බෙම නම් රහතන් වහන්සෙ නිසාය. මේ රහතන් වහන්සේ බ‍්‍රහ්මදත්ත රජ පරපුරට ඥාති සබඳකම් ඇති භික්ෂුන්වහන්සේ නමකි.
 
 දළදා වහන්සේ අනුරාධපුරයට සැපත් කරවීමේ ගමනද එදා දුෂ්කර වන්නට ඇත. ලංකාපටුනේ සිට නාග දේවාලයට වැඩම කොට රැයක් එහි තබා පිටත් වූ බව ජනප‍්‍රවාදයේ ඇත. එම ගමන් මග පිළිබඳ ප‍්‍රවාදකතා බහුලය. කෙසේ වෙතත් අනුරාධපුරයට වැඩම කළ දළදා වහන්සේ මහත් භක්තියෙන් මේඝ විහාරයෙහි තැන්පත් කළහ. එහිදී රාජකීයන් විස්මයට පත්කරමින් දළදා වහන්සේ ප‍්‍රාතිහාර්ය පෑහ. මේ ආශ්චර්යයෙන් ඔද වැඞී ගිය රජු මුළු සිංහල ද්වීපයම දළදා වහන්සේට පූජා කොට සත්කාර කළහ..
 
 දළදා වහන්සේ සිය සිංහසාන මස්තකයේ තබා නව කරඬුවකට ඇතුළත් කර වාර්ෂිකව අභයගිරි විහාරය දක්වා දළදා පෙරෙහැර පැවැත්වීමට රජු කටයුතු කළේය. දළදා වහන්සේ ලංකාවට වැඩම කළ දන්තකුමරු සහ හේමමාලී කුමරියට කෑගල්ල දිසාවෙන් ගම්වරයක් දී පදිංචි කළ අතර එතැන් පටන් දළදා භාරකාරත්වය (දාඨා රක්ඛ) මේ දෙපළගේ දරුවන් සහ අනතුරුව පැමිණි කාලිංග රජදරුවන් විසින් ඉසිලූ ආකාරයත් ඉතිහාසයෙන් පැහැදිලි කරගත හැකිය. පොලොන්නරුව අවදියේ දී මහා විජයබාහු රජු අභිනව දළදා මන්දිරයක් ඉදිකළ අතර තමන්ගේ බිසව ලෙසට කාලිංග කුමරියක් ගෙන්වා ගත්තේ දළදා උරුමයට සාක්ෂි වශයෙන් බව පැහැදිලිය. පොලොන්නරු යුගයෙන් පසුව ඇතිවූ සතුරු ආක‍්‍රමණ හමුවේ දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටියේ නිධන් කොට තබා මහා සංඝ රත්නය විදෙස් ගත වූ බව ඉතිහාසයේ සඳහන්ය. මේ බැව් දැන ගන්නට ලැබුණු කාලිංග විජයබාහු කුමරු (එකළ රාජ්‍යත්වයට පත්ව නොමැත* මහත් හරසිරින් දළදා වහන්සේ බෙලිගලට වැඩමවා දළදා මැ`දුරක් සාදවා තැන්පත් කළ බව දැක්වේ. 1226 වසරේ මැදින් මාසයේ දී බෙලිගලදී දළදා වහන්සේ ප‍්‍රාතිහාර්ය පාන්නට යෙදුණු බව කීරවැල්ල පරපුරේ ප‍්‍රවාද අතර වෙයි. විජයබාහු කුමරුට රාජ්‍යත්වය හිමි වූයේ දළදා වහන්සේගේ අයිතිය ලැබුණු පසුවයි.
 
 ‘අනතුරුව දෙවනි පරාක‍්‍රමබාහු රජු සමයේ දඹදෙණියේ දළදා මන්දිරයට වැඩම කළ දළදා වහන්සේ එහිදීද ප‍්‍රාතිහාර්ය පෑ බව සඳහන්ය. දඹදෙණියෙන් පසු දළදා වහන්සේ යාපහු බලකොටුවේ අභිනව දළදා මැ`දුරේ තැන්පත් කර තිබූ අතර සතුරු ආක‍්‍රමණයකින් පසු දළදා වහන්සේ හා පාත‍්‍රා ධාතූන් වහන්සේ පාණ්ඩව දේශයට පැහැරගෙන ගොස් තිබේ. නමුත් දළදා භාරය ඉසිලූ පරපුරේ රාජකීයන් යාපහුවේ වැඩ සිටි දළදා වහන්සේ රහසේම ඉන් පිටමං කොට සඟවන ලදැයි ජනප‍්‍රවාදයේ සඳහන්ය. පාණ්ඩව රටට පැහැර ගෙන යන ලද්දේ දළදා අනුරුවකි. බුවනෙකබාහු රජු විසින් නැවත ලංකාවට මේ ධාතුන් වහන්සේ වැඩම කරවාලූ අතර වාරයේ කුරුණැගල අසල රත් කැරැුව්වේ සපු ගසක් මස්තකයේ දී දළදා වහන්සේ ප‍්‍රාතිහාර්ය පා ඇත. එසේ ප‍්‍රාතිහාර්ය පාන ලද්දේ යාපහුවෙන් රහසේම සඟවා ගෙන යන ලද සැබෑ දළදා වහන්සේය. මේ ආකාරයට විටින් විට රට අස්ථාවර වූ කාල වකාවානු වලදී දළදා වහන්සේ සඟවන ලදහ. දළදා අනුරුවක් තබා දිව නිලමේ විසින් දළදාව දුරු රටකට ගෙන ගොස් ඇත. කෝට්ටේ යුගයේ දී එලෙස සිදු විය. කීරවැල්ල පරපුරට අයත් හිරිපිටියේ දිවන නිලමේතුමා දළදා අනුරුවක් දළදා මැ`දුරේ තබා රහසේම පිටමං විය. අනතුරුව සෙංකඩගල මහනුවරට දළදා වහන්සේ වැඩම කොට රාජ්‍යත්වය උදෙසා කොනප්පු බණ්ඩාරගෙන් යම් දිවුරුමක් ලබා ගත්තේය. ඒ අවස්ථාවේ දීද දළදා වහන්සේ හිරිපිටියේ නිලමේවරයාගේ දෑත් මස්තකයේ සිට ප‍්‍රාතිහාර්ය පා ඇත. අනතුරුව කොනප්පුබණ්ඩාර කුමරු පළමුවන විමලධර්මසූරිය නමින් ඔටුණු පැළඳ දළදා මන්දිරයක් කරවා දළදා වහන්සේ එහි තැන්පත් කොට මහත්සේ සත්කාර කළහ.
 
 දළදා ප‍්‍රාතිහාර්ය වනාහි රටසෙමෙහි තබන්නට උත්සාහ කළ නරපතියන්හට ලබා දුන් ආශිර්වාදයකි. ධාර්මික පිළිවෙත මේ යැයි පෙන්වා දීමට කළ වෑයමකි. දළදා භාරය හිමි කීරවැල්ල පරපුර දිවි හිමියෙන් දළදාව ආරක්ෂා කරමින් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත කරලීමට කැපවූ ආකාරය ඉතිහාසයේ දැක්වේ. වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු සිංහල රාජාවලිය අවසන් විය. දළදා භාරකාරත්වය උසුලන කාලිංග පෙළපත් වන වැදින. ඉන් පසුව මේ පරපුරුවලට ඥාති සම්බන්ධ කම් දැක්වූ මහා සංඝරත්නය දළදා භාරකාරත්වය ඉසිලූහ. එසේම දළදා තේවාව ඉටු කළහ. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ සිල්වත් සමාගම සමග රටෙහි ධාර්මික පෙරළියක් ඇති කළහ. උපසම්පදාව ගෙන ඒමට නායක්කාර රජුගේ දෑස් පෑදුහ.
 
 උන්වහන්සේගේ ශාසනික පුනර්ජීවනයෙන් පසු දළදා වහන්සේ අවසාන වශයෙන් ප‍්‍රාතිහාර්ය පෑ බව සැලකෙන පුස්කොළ ලේඛනයක් දැනට ජාතික ලේඛනාගාරය සතුව ඇත. එම තල්පත් ඉරු දෙකේ මෙසේ දැක්වේ. (5/63/71 (1) පුස්කොළ ලේඛනය)
 
 සකල සාමාන්‍ය ගුණගනා ලංක‍්‍රතවූ පාතරට වාසී භූත ස්ථවීර මම නිකාදී සැම සංඝයා ලගන්නා පිනිස ලියා එවන වදන් පත්රශයේ වග හැටිනන් ,, ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන්සිය තෙශටක් වූ මෙම වර්ෂයෙහි දුරුතු පුර විසේනිය නම් තිථිය ලත් සියාවසේ නැකත ලත් සඳු දින මධ්‍යාන වේලෙහි නොහොත් ඉර උදාවූ තෙලෙස් පැයහමාර නිසම හරිහර ත්‍යාග රබ–හ පුහු සම සත සුරෙන්ද්‍ර භ‍්‍රනැ වන්දිත ශ‍්‍රී මර තර විනැළු‍්‍ර නෙන්දෝ පත ක්ෂිත ජිනේද්‍රථතමයන් වහන්සේ ශ‍්‍රීමත් ශ‍්‍රී ධාංෂඨ‍්‍රා. දළදා ස්වාමීන් වහන්සේ වැඩ හුන් නානා විධ රතන කමෙ–මා්ප සෝභිත රන් කරඬුවෙහි ථූපිකාග‍්‍රයෙන් රිදී සම සුදු බුදු රැුස් කෙ`දන් නෙග්ගිතව මාලිගාවෙහි රන් කොත සමීපයෙන් අහසට පැන නැ`ගී පහළොස් බඹයක් වැඩියක් පමන අද්‍රිස්‍යයෙන් ගොස් එතැන්හිදී සමන් මාල්රාශියක් මෙන්ද සෙවුවන්දි මල් රැුසක් මෙන්ද සුදු නෙලූම් මල් රාශියක් මෙන් පොළඟුන් රැුසක් මෙන්ද ඉතා සුදු බුදු රැුස් කඳන් අහස් කුස බුබුළුවා ආකාසයෙන් නොපෙනෙන තැන දක්වා ඉතා උස්ව පැන නැ`ගී විනාඩියකට වරක් දෙවරක් වාගේ සත් පැයක් ප‍්‍රමාන කල් බුදු රැුස් විහිදුනු හැටි දකින්ඩ ලැබුණා ඇත. ඉන් නිසා බුදුන්ගේ මෙබඳු ප‍්‍රාතිහාර්යයක් මෙබඳු ආශ්චර්යක් මෙබඳු විස්මයක් මෙබඳු මහිමතාවයක් නුදුටුවෝ අවාසනාවන්තයෝයි හැඟිම්හ.
 
 එතකුදු වුවත් පාතරට වාසී බුද්ධාගම යාදීම්ත්‍වය ඇති ශ‍්‍රද්ධාවේ බුද්ධි සම්භේන රදල ප‍්‍රධානීන් ප‍්‍රමුඛ කොට සියලූ ස්ත‍්‍රී පුරුෂයන් අතුරෙහි මේ ගැන සැළ කොට කියා බුදුන් කෙරෙහි සිත් පහදවා සඟ මොක් ඉසුරට පැමිණ විය යුතුය. අපිම කීර්ති ශ‍්‍රී මහ වාසල රාජසිංහ මහවාසල ප‍්‍රස්ථාවෛහිදී බුදුරැුස් වැඩිය අන්දමට මේ මෝසමෙන් බුදු රැුස් වැඩම කර වදාලේ බුද්ධ ශෑශන පසු බස්නා නිසාවෙන් බව සත්තය. එබැවින් සංඝයා වහන්සේලා එක්වී සිය අන්තේවාසිකාදී දුස් කථා පත්තියෙන් දුරුව සම්්‍යක් ප‍්‍රතිපත්තියෙන් දුරුව පිහිටා තම තමන් ආශ‍්‍රය කරන ගෘහස්ථ උපාසක උපාසිකා දීන්ටත් අවවාදානුශෑසන කොට සම්්‍යක් පිලිවෙත්හි යොදවා ස්වර්ග සම්පත්හි ප‍්‍රතිලාභයට පැමිණෙන ලෙසත් උත්සාහ කටයුතුය. මේ වගදක්වාලූවෙ පෝයමළු විහාරෙ වැඩ සිටිනා වැලිවිට නායක පදවිය ලැබී තිබෙන මහානායක උන්නාන්සේය. (වර්ෂ 1819 -1822 කාලයේ මහානායක පදවිය හෙබවූ වැලිවිට සරණංකර මහනාහිමි)
 
 දළදා ප‍්‍රාතිහාර්ය පාන අවස්ථා ගණනාවකදී රජුන් ප‍්‍රමුඛ කොට එය සිදු වී ඇත. රජුන්ගේ ශ‍්‍රද්ධාවත් දළදා භාරකාරිත්වය ඉසිලූ පරපුරේ ශ‍්‍රද්ධාව හා කැපවීමත් නිසා මෙවැනි අශ්චර්යයන් සිදු වී තිබෙන බව පැහැදිලිය. මෙයට හේතුව දළදාවහන්සේට පූජා කරන ලද සිංහල ද්වීපය ආරක්ෂා වීමටත් සිංහල රාජ්‍යත්වය ආරක්ෂා වීමටත් ඉන් මග සැලසීමය. මෙම තල්පතේ සඳහන් දළදා ප‍්‍රාතිහාර්ය ප‍්‍රවෘත්තිය මීට මදක් වෙනස්ය. පරංගි සහ ලන්දේසි පස්සේ වැටී සිටි ක‍්‍රිස්තියානිකාර බුද්ධ ඇදහිලිවන්තයන් ගේ පූජාසත්කාරයට ලක්ව සිටි පහතරට භික්ෂු සංඝයා වහන්සේලා පැහැදවීම මෙම ලියමනේ අරමුණයි. එසේම ඉන් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තහවුරු වන බව මල්වත්තේ පුෂ්පාරාමයේ වැලිවිට පන්සලේ වැඩසිටි වැලිවිට සරණංකර සඝ පරපුරේ මහ නාහිමියන් දකින්නට ඇත. 1815 න් පසු දළදා වහන්සේ සඟවා ගෙන සිටි කීරවැල්ල පරපුරේ වාරියපොල සුමංගල හිමියන් සිරභාරයට ගත් පසු ඉංග‍්‍රීසීන් විසින් දළදා වහන්සේ ඔවුන් සන්තක කරගන්නා ලදී. අද දක්වාම මහනුවර දළදා මාළිගයෙහි වැඩ සිටිනුයේ ඒ දළදා වහන්සේය. වත්මන් ශාසනික ප‍්‍රබෝධය උදෙසා දළදා වහන්සේ නැවතත් ප‍්‍රාතිහාර්ය පෑ යුතු බව සිංහල බෞද්ධයන්ගේ අධිෂ්ඨානයයි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles