Divaina - අස්ගිරි විහාරයේ ගේට්ටුවේ ප‍්‍රශ්නය දුර දිග ගිය හැටි.....!

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 p2 8 2
 එක්සත් ජාතික පක්ෂයේ යළි පිබිදීම සනිටුහන් කරනු ලබන එජාප දිස්ත‍්‍රික් කමිටු රැුස්වීමෙන් ඇවිස්සුණු අස්ගිරි විහාරයීය ගේට්ටුවේ ප‍්‍රශ්නය ඉකුත් සතිය පුරාම මහනුවර හොල්මන් කළේය. මෙහි සත්‍ය අසත්‍යතාවයන් පිළිබ`දව නොයෙක් කතාබහ තැනින් තැන ඇසෙන්නටද විය.
 
 සිද්ධියේ සැබෑම ස්වරූපය දන්නා එකම කෙනා වූයේ අස්ගිරි මහා නායක ස්වාමින් වහන්සේගේ ලේකම් ධුරය දරණ රඹුක්පොත මහතාය. එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කාලවේලාවක් වෙන්කරගෙන මහනුවර අස්ගිරි මහානායක හිමියෝ බැහැදැකීමට ගිය දිනෙක මේ ඇබැද්දිය සිදුවිණි. අදාළ අවස්ථාව ආවරණය කිරීම ස`දහා අස්ගිරි විහාරයට මාධ්‍යවේදීහු පැමිණ සිටියහ. රඹුක්පොත මහතා ඒ ගැන මෙසේ කීය. ”ඔය අතරේ මාධ්‍යවේදියෙක් කියා ගන්නා කෙනෙක් අධික වේගයෙන් වාහනය පදවාගෙන ඇවිත් තොරණ ළ`ග ගේට්ටුවත් කඩාගෙන මුර සෙබළෙකුත් යට කරගෙන ගිහින් ආටිගල මහත්තයාගේ වාහනයෙත් වැදිලා නතර වුණා.
 
 මේ වෙලාවේ රුවන් විජයවර්ධන මහත්තයා කිව්වා ගේට්ටුව හදලා දෙන්නම් කියලා. හො`ද කොන්ත‍්‍රාත්කරුවෙකුට වැඬේ භාර දෙන බවත් කිව්වා. මම කෙනෙක්ට කතා කරලා එක්ලක්ෂ හැත්තෑ පන්දහසක ඇස්තමේන්තු මුදලත් රුවන් මහත්තයාගේ ලේකම්තුමාට කියා සිටියා. ලේකම්තුමා කිව්වා චානක අයිලප්පෙරුම මහත්තයාට වැඬේ පවරලා තියෙන්නේ පහසුවතකා කියා. මමත් හො`දින් චානක මන්ත‍්‍රීතුමා දන්නා නිසා අපි කතා කරගත්තා. අනතුරුව චානක මන්ත‍්‍රීතුමා මට කිව්වා නියෝජ්‍ය නායකතුමා මුදල් එවනතුරු මම පනස්දහසක් දෙන්නම් කියා. දවසක් උදේ 11.00 ට පමණ මුදල් මට ගෙනැවිත් දුන්නා. කොන්ත‍්‍රාත්කරුට මම මුදල දුන් පසු ඔහු වැඬේ අවසන්කරලා ඉතිරි මුදල් ඉල්ලා සිටියා. මම චානක මන්ත‍්‍රීතුමාට ඇමතුම් සියයකට කිට්ටුව දුන්නා. ඔහු නිහ`ඩයි. අනතුරුව මම කෙටි පණිවුඩයකින් දැනුම් දුන්නා මේ සම්බන්ධයෙන් රුවන් විජයවර්ධන නායකතුමා දැනුවත් කරන්නට සිදුවන බව.
 
 විජයවර්ධන මහත්තයා මට එක්ලක්ෂ පනස් දහසක් එවා තිබුණා. කොන්ත‍්‍රාත්කරුගේ මුදල ගෙවලා තවත් විසිපන්දහසක් මා අත ඉතිරිවී තිබෙනවා. ඒ මුදල ආපහු දෙන්න කතා කළ විට රුවන් විජයවර්ධන මහත්තයා කිව්වා එය පන්සලේ වැඩකට යොදා ගන්න කියා. ඒ මුදල අදටත් පන්සලේ වැඩකට යෙදවීම පිණිස තබා තිබෙනවා. එයට විජයවර්ධන මහත්තයාට පිං අයිති වෙන්න ඕනෑ. සම්පූර්ණ මුදල මා අතට පත්කළ බවට චානක අයිලප්පෙරුම මහතා කියා තිබූ පුවත අසත්‍ය බව මම කියනවා. මොකද මා අතට සම්පූර්ණ මුදල ඔහු ලබා දුන්නේ නැහැ. මේ වගේ අසත්‍ය කතා කීම ඉතාම බරපතළ සේම, අන් අයත් අපහසුතාවට පත්කරන සිදුවීමක් බව තරයේ ඔහු මතක තබා ගත යුතුයි...” රඹුක්පොත මහතා කීය.
 
 හොර දොස්තර නෝනාගේ අලකලංචිය....?
 
 මහනුවර රෝහලේ හතේ වාට්ටුවේ ප‍්‍රසව හා නාරිවේද අංශයේ වෛද්‍ය නිලධාරි එච්. කේ. හෙට්ටිආරච්චි මහත්මිය මේ සිද්ධියෙන් අපහසුතාවකට පත්ව ඇත. ඇයගේ රූපයට සමානකම් ඇති මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ කාන්තාවක් පෙර කී වෛද්‍යවරියගේ වෛද්‍ය සභා අංකයට තමන්ගේ තොරතුරු සකසා ඉදිරිපත් කොට ව්‍යාජ ලෙස මුදල් උපයා ඇති බවට තොරතුරු හෙළි වී ඇත. ඇයගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීම පිණිස මිනුවන්ගොඩ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත මෙයට වසරකට පෙර ගොස් ඇති බර්ටි පේ‍්‍රමදාස නැමැත්තෙකු විසින් ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් කර තිබේ. පැමිණිල්ලෙහි ස`දහන් පරිදි ඇය වෛද්‍යවරියක් දැයි සැක සහිත බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසත්ය. නමුත් එම පැමිණිල්ලට සිදුවූ දෙයක් නැත. තවද, මේ වන විට ඇයගෙන් ප‍්‍රතිකාර ලබාගත් ඇතැම් පිරිස් මිනුවන්ගොඩ සහ ගම්පහ පොලිස් ස්ථාන වෙත ගොස් පැමිණිලි කිරීමට කටයුතු කළද පොලිස් ස්ථාන
 
 මගින් හරිහැටි ප‍්‍රතිචාරයක් නැති බව එහි යන උදවිය කියා සිටිති. එබැවින් ඔවුහු පැමිණිලි කිරීම පසෙක තබා නිහ`ඩව සිටීමට පියවර ගෙන තිබේ.
 
 මේ සම්බන්ධයෙන් විමසීමේදී ගම්පහ පොලිසියේ ස්ථානාධිපතිවරයා ප‍්‍රකාශ කොට සිටියේ එවන් සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගම්පහ පොලිසිය වෙත කිසිවකු නොපැමිණි බවය. මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති මහතා දුරකථනයෙන් සම්බන්ධ කර
 
 ගැනීමට උත්සාහ ගත් නමුත් සම්බන්ධ කරගත නොහැකි වූ අතර මිනුවන්ගොඩ පොලිසියේ සන්නිවේදන අංශයේ නිලධාරිවරයා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවය.
 
 තත්ත්වය එසේ වුවත් මෙහි නොපෙනෙන අවදානමක් ඇති සැටියෙන් ඇත්තේ, වෛද්‍ය විද්‍යාව නොදන්නා අයකු විසින් රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදී ඇති නිසාය. මුදල් පසුපස හඹා යමින් ජීවිතවල වටිනාකම නොතකා ජීවත ලංසු තබා කර ඇති මේ පාපය කවරදාක හෝ පටිසන් දෙනු ඇත. සත්‍ය ලෙස වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින මහනුවර රෝහලේ හතේ වාට්ටුවේ වෛද්‍යවරිය මහජන හිතසුව පිණිස දැන් සිදු කරන්නේ, ව්‍යාජ තොරතුරු මත ප‍්‍රතිකාර ලබාගත්
 
 රෝගීන්ගේ අවදානම් තත්ත්වයන් සොයා බලා නැවත ප‍්‍රතිකාර ලබා ගැනීම ස`දහා යෙදවීමය. ඒ නිරෝගිමත් ජීවිත උදෙසාය.
 
 මධ්‍යම පළාත් ප‍්‍රවාහනය කොට උඩ...
 
 ඇත්තෙන්ම මේ වන විට මධ්‍යම පළාතේ ප‍්‍රවාහන සේවාව කොට උඩටම වැටී ඇති සෙයක් පෙනෙන්නට තිබේ. හරි වේලාවකට පාරේ බස්රථයක් ධාවනය නොවන්නා සේම, ටිකට් පත්හි මිල ඉහළ ගියද බස්රථවල පොල්පටවන්නා සේ  මගීන් පටවාගෙන යති.
 
 මේ සම්බන්ධයෙන් සහ සෙසු ප‍්‍රවාහන ගැටලූ සම්බන්ධයෙන් පියවර ගැනීම පිණිස ඉකුත් දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සාකච්ඡුාවක් පැවැත්විණි. එහිදී ප‍්‍රවාහන ලේකම්වරයා වන උපාලි රණවක මහතා ඇතුළු බලවත්තු කණ්ඩායමක් රැුස්ව සිටියහ. විවිධ අදහස් හුවමාරු වූ අතර, තීරණයක් ගත නොහැකි තැනකට ආයේ බස්රථවල මගීන් පැටවීම සම්බන්යෙන් නිශ්චිත තීරණයකට කිසිවකුටත් ගත නොහැකි විණි. ඒ එක් එක් අයට ආවේණික වූ ක‍්‍රම අනුගමනය කෙරෙන බැවිනි. අවසානයේ නිගමනය කළේ ඒ ඒ මාර්ග ස`දහා වැඩිපුර බස් යෙදවීමටය.
 
 මේ අවස්ථවේ ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා අපූරු කතාවක් කියා සිටියේය. ”මගී ජනතාවට සහන සැලසීමට යැයි කියා මේ මාර්ගවලට වැඩිපුර බස් යෙදවීම හො`දයි. නමුත් කිසිම අවස්ථාවක මෙය ලංසුවට තබාගෙන අලූත් පර්මිට් දීමට කවුරුත් කටයුතු කරන්න එපා. එය තවත් ප‍්‍රශ්නයකට මුලක් වෙන්න පුළුවන්...” බොර දියේ මාළු බාන පිරිසක් සිටින බව දන්නා මැද රට නායකයා එසේ කීම ගැන කිහිප දෙනකු කියා සිටියේ බොහොම හො`දයි ඒ වග මුලින්ම කියා හිටපු එක කියාය.
 
 පෙනහළු රෝගීන් කබලෙන් ළිපට...!
 
 මහනුවර ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබ`ද විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා ඉකුත් දා ගස් සිටුවීමේ පරිසරය සුරැුකීමේ වැඩසටහනක් සිදුකළේය. එහිදී ඔහු කියා සිටියේ සුවැති පරිසරයක් තුළ තමන්ගේ ස්වසන පද්ධතිය රැුකගත හැකිවන බවය. මේ වන විට පරිසර ¥ෂණය වැඩි බවත්, එලෙස ¥ෂණය වන පරිසර පද්ධතියක් හේතුවෙන් අනාගතයේ ස්වසනාබාධ ඇති පිරිස් වයස් භේදයකින් තොරව දක්නට ලැබෙන බවත් කී ඔහු අපූරු කතාවක් කීවේය.
 
 මහනුවර රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මගින් ආරම්භ කළ අවයව බද්ධ කිරීමේ ක‍්‍රියාවලියට පෙනහළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ද ඇතුළත් කොට තිබූ නමුත්, පරිපාලනය සහ බද්ධ කිරීමේ කාර්ය මණ්ඩලයේ විවිධ නොගැළපීම් සහ අදහස් මත පෙනහළු බද්ධය නතර කිරීමට සිදුවූ බවත්ය. පෙනහළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ස`දහා පහළොස් දෙනකුට වැඩි පිරිසකගේ පොරොත්තු ලේඛනයක් තිබූ බවත්, මේ වන විට ඒ සියල්ලෝම මියගොස් ඇති බවත් කී දුෂ්‍යන්තර මැදගෙදර වෛද්‍යවරයා කියා සිටියේ තමන්ට යළි වෛද්‍ය වෘත්තියේ යෙදී සිටන කාලය තුළ එම පිංකමට සහභාගි වීමට නොහැකිවනු ඇතිය කියාය. සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමෙන් වුවද සියලූ පහසුකම් ලබාදී තිබියදීත්, පෙනහළු සොයා ගැනීමේ දුෂ්කර බවක් නොමැති පසුබිමකදීත්, ඒ ස`දහා පුහුණුව ලැබූ වෛද්‍යවරු සිටියදීත් එම කාර්ය සිදු කිරීමට නොහැකි වීම ජාතියේ අභාග්‍යයකි.
 
 සුරකිමු ගංගා  වැසිකිළි හංගා.....
 
 මේ දිනවල සුරකිමු ගංගා වැඩසටහනක් ක‍්‍රියාත්මක වන්නේද ජාතික මට්ටමෙනි. ඒ ස`දහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද සහභාගිත්වය දී ඇත. ගංගා සුරැුකීමට නම් ගංගාවලට එක්වන අපද්‍රව්‍ය අවම කිරීම පළමුව සිදුකළ යුතුය. නමුත් මේ වන විට මහවැලි ග`ග අසබඩ ඇති ව්‍යාපාරික ස්ථාන දොළහකට වැඩි සංඛ්‍යාවකින් මහවැලි ග`ගට අපජලයත් අපද්‍රව්‍යත් එක්වන බව කියා ඇත්තේ පරිසර අධිකාරිය මගිනි. ඇත්ත වශයෙන්ම මේ සියලූ ආයතනවල වැසිකිළි බට මහවැලියට හරවා තිබේ. මේ සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර
 
 ගැනීමට කටයුතු කරන ලෙස මැදරට ආණ්ඩුකාරවරයා අදාළ ආයතන නියෝජිතයන්ට දැනුම් දී තිබේ.
 
 දැන් ඉතින් සිදුවන්නේ මේ ව්‍යාපාරික ප‍්‍රජාව අනවසර ඉදිකිරීම සිදුකළ මුල්කාලයේ තමන්ට සහාය ලබාගත් දේශපාලන බලවතුන් වන්දනාවේ යෙදීමය. මැතිවරණයට ඇතිපදම් මුදල් යොදවා... මහවැලි ග`ග අසබඩ අනවසර ඉදිකිරීම් සිදුකර ගන්නට පසුබිම සකසා ගන්නා මොවුන්, කිසියම් ප‍්‍රශ්නයක් පැනනැ`ගී මොහොතකද, දේශපාලන වන්දනාවේ යන්නේ තමන්ට සිදුව ඇති විපත කියන්නටය. දැන් මේ සිදුවීම් පෙළ දෙස දෑස් අයා සිටින්නට නුවර ජනතාවට සිදුව තිබේ. ඇසිපිය හෙළ ඇසිල්ලේදී පවා මේ පිරිස් කණින් රිංගා යාහැකි බැවිනි.
 
p2 8 1 

සමන්තී වීරසේකර
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles