Divaina - පොළවෙ පය ගහලා ජීවත් වෙමු ද ?

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sara1 ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. කෙනෙක්ට දෙයක් ලැබෙද්දි වෙන කෙනෙක් කොයිතරම් ඒ දේට ආස වුණත්, මොන තරම් කැප කිරීම් කළත්, එ් දේ නොලැබෙන්න පුළුවන්... මේක තමයි ඉතින් ජීවිතේ කියන්නෙම. ලැබීම නොලැබීම එක්ක තමයි ඔය කාගේ කාගේත් ජීවිත දෝලනය වෙන්නෙ, හරි අපූරුවට. එහෙම නේද? සල්ලිකාරයෝ කියලා අමුතු ජීවියො පිරිසක් අද ලංකාවේ අමුතුම විදිහට ජීවත් වෙනවා. රෝද හතරෙ වාහන ගත්තහම උන් හිතන් ඉන්නෙ රජ්ජුරුවෝ කියලා තමයි. රෝද දෙකේ බයික් කටුවලින් යන අහිංසක මිනිස්සු බල්ලො බළල්ලූ වගේ මහ පාරෙ යට කරන් යන්න තරම් මනුස්සකම නැති වුණේ සල්ලිකාරකම ඔලූවට ගහපු නිසාම තමයි. මොන දේ ලැබුණත් නිහතමානී වෙනවා නම් තමා හොඳ. මොකද සල්ලි කියන්නේ පැවැත්ම තහවුරු කරගන්න තියෙන දෙයක් විතරමයි. ඔය සල්ලි නැති වෙන්න යන්නෙ පුංචිම පුංචි වෙලාවක් විතරයි.
 
 තවත් පිරිසක් ඉන්නවා මේ රටේ ඉපදුනේ හැදුනේ කියලා අමතක වුණ. උන් හිතන් ඉන්නෙ තමන්ගේ ජාතකයම ලියැවුනේ ළඟදි ජොබ් එකක් කරන්න ගිය පර රටේ කියලා. එහෙම නෙමෙයි ද කියලා පොඞ්ඩක් හිතලා බලන්නකො. සල්ලි පොඞ්ඩක් අපිට ලැබෙන කොට අම්මා තාත්තා පවා අමතක වෙනකොට ඉපදුන රට අමතක වෙන එක පුදුමයක් නම් නෙමෙයි. ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි. මොණරු අතේ
 
 ගැවසෙනකොට අමතක වෙන දේවල් අමතක නොකර ඉන්න පුළුවන් වුණා නම් තමයි වටින්නේ? එ්ක තමයි වැදගත්ම දේ. වැලේ වැල් නැතුව, බඩට බත් ඇටයක් නැතුව යන්තම් හුස්ම ගැට ගහගත්ත උන් පොඩි ජොබ් කට්ටක් සෙට් වුණාම ඉන්නෙ හරියට මුල මතක නැති වුණා වගේ. මෙහෙ ඇවිත් හයිෆයි ගතිය අමුතුම විදිහට ඔළුව ඇතුළට ඔබ්බ ගන්න උන්.... සන්ග්ලාස් දාගෙන කකුල්වලට වඩා ලොකු අලි සපත්තු දාගෙන, ගඩොල් බාගයක් වගේ ලොකු ෆෝන් එකක් මදිවට දෙක තුනක් ආම්බාං කරන්නෙ මාරම උජාරුවෙන්. මෙහෙම ගියාට කමක් නෑ. ඉතින්.... එ් වුණාට පොළොවට වඩා අඩි ගාණක් උඩින් යන්නෙ හරියට අභ්‍යාවකාශ ගතවෙලා වගේම තමයි.
 
 තමාව නොකා නොබී, නිදි වර වරා, කටු කකා, හදපු වදපු ජීවිතය දුන්න අම්මා තාත්තා පවා සමහරුන්ට අමතක වුණේ ඕනවට වඩා උඩින් ගිය නිසාම තමයි. සල්ලිකාරකම්, නම්බුකාරකම්, බලපුළුවන්කාරකම් මේ ඔක්කොම යටයි මනුස්සකම නැත්තම්. තමන් ජාතක වුණ රට අමතක වෙලා ලොකුකම් දාන වුන්ට වගේම තමන් ජාතක කරපු අම්මා තාත්තා අමතක වුණ අයටත් මනුස්සකම
 
 ගැන තව ගොඩක් හිතන්න වෙයි. මේ මොන දේ ලැබුණත් වැඩක් නෑ පොළොවෙ පය ගහල ජීවත් වෙන්න බැරිනම්. ලෝකෙට බම්බු ගහන්න කියලා ලොකුකම් පාලා එහෙං මෙහෙං වෙට්ටු දාන ගොඩක් වුන්ට ජීවිතේ වැරදෙනවා. පුංචි පුංචි කාලයක් හරි යයි. එ්ත් ඒ තාවකාලික දෙයක්. හැමදේම සදාකාලික නොවන බව නම් ඇත්ත. එ්ත් ඉන්න ටික කාලේ පොළවෙ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් වුණා නම් එ්ක තමයි වටිනම දේ..... බාහිරෙන් මනුස්සයෙක් වුණාට වැඩක් නෑ හිත්වල අමනුස්සකම් ක`දු පිටින් නම්. කරන්න තියෙන එකම දේ තමයි අමනුස්සකම් දලූලන්න බැරි වෙන්නම හිතින් ගතින් ගලවලා දාන එක, මනුස්සකම විතරමයි අන්තිමට ඉතිරි වෙන්නේ. අන්න එ් දේ විතරම යි වැදගත් වෙන්නෙත්. අංක එක විය යුත්තෙත්... මේ ඔක්කොම කරන්න පුළුවන් පොළොවෙ පය ගහල ජීවත් වුණා නම්. ජීවිතය විඳින්න සල්ලි ඕන. එ්ක ඇත්ත.. එ්ත් සල්ලි හොයන්න ගිහින් මනුස්සකම නැති වෙලා නම් අන්න එතන ප‍්‍රශ්නයක්....? හිතන්න ඔයත්... මේ තමයි එ් දේට හොඳම කාලේ... වෙනස් වෙමු.....
 
 සදුනි අරවින්දිනී
 කැලණිය විශ්වවිද්‍යාලය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles