Divaina - යුග දිවිය අඩපණ කරන හුරුබුහුටි රූ සපුව

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

suwa1 1 1විවාහය ගැන අප කොයි කවුරු පුරසාරම් දෙඩුවත් ලිංගිකත්වය ඊට මූලික වන බව සැබෑ සත්‍යයකි. සම්මත සමාජයක මතු පරපුර බිහිකිරීමට හිමිකම ලැබෙන්නේ විවාහයකිනි. එය වර්තමාන සමාජයේ පවතින සම්මත ලියාපදිංචි විවාහයකින් පමණක් නොව අතීත ගැමි සමාජයේ පැවැති සහේට ගැනීමේදී ද පිළිගනු ලැබූවකි. එනිසා විවාහයේ ලිංගික ජවය දුර්වල නම් එම විවාහ දිවිය ද දෙදරන බව පැවසිය යුතුය. අප දකින බොහෝ පවුල් ජීවිතවල අඬදබරවලට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ ද මෙම ලිංගිකත්වය දුර්වල වීමය.
 
 හුරුබුහුටි රූසපුවක් ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ තරුණියන් යැයි පැවසුවත් වර්තමානයේ බොහෝ තරුණයෝ් ද තම රූප සොබාව ගැන සිතති. කඩවසම් පෙනුමට වඩා හුරුබුහුටි  රූ සපුවකට ඔවුන්ට ද ඇත්තේ වැඩි කැමැත්තකි. එනිසා ඔවුහු ආහාර පාන ගැනීම සීමා කරමින් සිහින් සිරුරක් පවත්වා ගැනීමට උත්සාහ කරති. මෙවැනි හුරුබුහුටි තරුණ තරුණියන් පසු කලෙක විවාහ වූ විට සිය හුරුබුහුටිකමේ ප‍්‍රතිඵල අත්වි`දිති. එහි අත්දැකීම් කිහිපයක් පිළිබඳව විමසා බලමු.
 
 වෛද්‍යතුමනි හුරුබුහුටි තරුණ තරුණියන් විවාහ වූ විට අත්විඳින ඵල විපාක මොනවාද?
 
 පළමුවෙන්ම මා කිවයුතු වන්නේ් මේ මා පවසන සිද්ධීන් සියල්ල සැබෑ සත්‍ය බවය. විවාහ දිවියේ අමිහිරි බව පවසමින් පැමිණෙන මෙම හුරුබුහුටි අඹුසැමියන්ගේ ගැටලූවලට සවන්දීමේදී පැහැදිලි වන්නේ ඔවුනට නිරෝගී සිරුරක් ගැන අවබෝධයක් නොමැති බවය. එසේම මෙවැනි හුරුබුහුටි තරුණ තරුණියන් තම ගැටලූ ගැන පවසන්නේ දැඩි වේදනාවෙන් වුවත් ඊට විසඳුම් ලෙස ඔවුන් අනුගමනය කරන සිද්ධීන් ගැන පවසන්නේ ඉතා සැහැල්ලූවෙනි. මෙය ඔවුන්ගේ හුරුබුහුටි බවේ එක් ලක්ෂණයකි.
 
 විවාහය කියන්නේ තරුණියක් සහ තරුණයෙක් නෑදෑ පිරිස රැුස්කර උත්සවයක් පවත්වා එක වහලක් යටට එන එක නොවන බව අප පළමුව වටහා ගත යුතුය. විවාහය ගැන අප කොයි කවුරු පුරසාරම් දෙඩුවත් ලිංගිකත්වය ඊට මූලික වන බව සැබෑ සත්‍යයකි. සම්මත සමාජයක මතු පරපුර බිහිකිරීමට හිමිකම ලැබෙන්නේ විවාහයකිනි. එය වර්තමාන සමාජයේ පවතින සම්මත ලියාපදිංචි විවාහයකින් පමණක් නොව අතීත ගැමි සමාජයේ පැවැති සහේට ගැනීමේදී ද පිළිගනු ලැබූවකි. එනිසා විවාහයේ ලිංගික ජවය දුර්වල නම් එම විවාහ දිවිය ද දෙදරන බව පැවසිය යුතුය. අප දකින බොහෝ පවුල් ජීවිතවල අඬදබරවලට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ ද මෙම ලිංගිකත්වය දුර්වල suwa1 1 2වීමය. බොහෝ විවාහකයෝ් තම පවුල් දිවියේ ගැටුම්වලට විවිධ හේතු දක්වති. සැමියා මත්පැන් පානය කරන නිසා ඔහු මට එපාවී යැයි ඇතැම් බිරින්දෑවරු චෝදනා කරති. නමුත් ඔවුන් පවසන සැමියා එපා වීමට බලපා ඇති සැබෑ හේතුව එයම නොවේ. මෙවැනි බිරින්දෑවරුන්ට සමග කථාබහ කරන විට හෙළිවන්නේ එක්කෝ ඔවුනට දරුවන් නැහැ. නැත්නම් තවම ඉන්නේ එක් දරුවෙක් පමණයි. එසේත් නැතිනම් ඇය තුළ ඇති ලිංගික සම්බන්ධයට ඇති නොකැමැත්තය.
 
 මේ අතර තම බිරිඳ සමග ගැටුම් ඇතිකරගන්නා සැමියන්ගෙන් ඊට හේතු විමසූ විට පවසන්නේ එයා ගැන මට හැඟීමක් නැති බවය.
 
 මෙසේ පවසන විවාහක අඹුසැමියන් දෙස බැලූවිට ඔවුන්ද හරිම හුරුබුහුටිය. මෙවැනි ඇතැම් ස්වාමිපුරුෂයෝ් බිරිඳට වඩා තම රූසපුව ගැන සිතති. ඔවුන් ජීවිතය ගැන සිතන්නේ සිහින ලෝකවල තනිවී සිටිමිනි. එනිසා බිරිඳ සොයන ජවසම්පන්න බව ඔහු තුළ නැත. බිරිඳ ජවසම්පන්න පිරිමියකු ගැන සිහින මවන විට සැමියා හුරුබුහුටි බවකට සිහිනමවයි. එසේම මෙම බොහෝ විවාහයන් ආදර සබඳතා මතින් සිදුවූවන් නොවේ. යෝජිත විවාහයන් මත සිදුවූවන්ය. මහා සෘෂි නාඩි වෛද්‍යවරු ගැහැනියක සතුව තිබිය යුතු නාරි දේහයන් ගැන පවසා ඇත්තේ පුන් පියයුරු, පුළුල් උකුල සහිත දේහ ලක්ෂණ ඇති යුවතිය නිරෝගී කාන්තාවක් යැයි කියාය. එහි අර්ථය වන්නේ ඇයට නිරෝගී දරුඵල ඇති බවය. එනම් හොඳින් ආර්ථවය සිදුවන අතර තමා බලාපොරොත්තු වන කාලයට ඉතා පහසුවෙන් දරු පිළිසිඳ ගැනීමකට යොමුවිය හැකි බවය.
 
 පිරිමියා ගැන පවසා ඇත්තේ පුළුල් දෙවුරක් ඇති දීප්තිමත් දෙනෙතක් ඇති තරුණයා සරු බීජ නිපදවන්නකු බවය.
 
 අප පවසන හුරුබුහුටි තරුණ තරුණියන්ට මේ කිසිවක් නැති බව ඉතා කනගාටුවෙන් වුව පැවසිය යුතුය. ඔවුනට ඇත්තේ බාහිරින් කෘත‍්‍රිමව සාදාගත් රූසපුවක් පමණි. එහි ඇත්තේ සායම් වර්ග සහ විෂ සහිත තෙල් වර්ග පමණි. මේවා සෝදා හැරිය විට ඉතිරි වන්නේ වියැලූනු සමක් සහ මියගිය බාහිර රූසපුවක් පමණි.
 
 වෛද්‍යතුමනි එසේ නම් ඔබ පවසන සැබෑ රූසපුව ඇතිකර ගන්නේ කෙසේද?
 
 ඒ සඳහා සිරුරේ පෝෂණය වගේම මනසේ සැහැල්ලූ බවත් ඇතිකර ගත යුතුයි. කායික සහ මනසික නීරෝගී බව ඇති පුද්ගලයින් ජවසම්පන්න බව මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් පවසා ඇත. මෙම ජවසම්පන්න බව ඇතිකරගැනීම සඳහා කුඩා කල සිටම නිසි පෝෂණයෙන් යුතු ආහාර ගැනීම කළ යුතුය. මේ හුරුබුහුටි තරුණ තරුණියන් බොහෝ දෙනකුගේ අවශ්‍යතාව වී ඇත්තේ සිරුරක් පවත්වා ගැනීමය. ඒ සඳහා ඔවුන් දිනපතා ගනු ලබන ආහාරපාන සීමාකර ඇත. අවාසනාවකට ඔවුන් සීමාකර ඇත්තේ සිරුරට අත්‍යවශ්‍ය ආහාර පානය. ඔවුන් අසීමිතව ගෙන ඇත්තේ සිරුරට අත්‍යවශ්‍ය නොවන ආහාර පාන වර්ගය. උදාහරණයක් ලෙස රටකජු, කඩල, රතු කවුපි, පුහුල්, වැටකොළු, හාතාවාරිය, පොලොස් මාළු, හත්මාළුව, කැඳ, වෙරළු, ලාවුලූ, වැල, වරකා වැනි ආහාර තම දිනපතා ආහාරයට එක්කර ගැනීම අත්හැර දමා ඇත. දිනකට පිරිසිදු ජලය බෝතල් පහක්වත් පානය වෙනුවට රසකාරක සහිත සකස් කළ බීම වර්ග පානයට හුරුවී තිබේ. ජවසම්පන්නබවින් යුත් නිරෝගී සිහින් සිරුරක් ඇති කරගැනීමට පැණි මිශ‍්‍ර තල, කුරහන්, කොල්ලූ යන ධාන්‍ය මිශ‍්‍රකර සකස් කරගත් රොටී සතියකට දෙතුන්වරක් උදෑසන ආහාරය ලෙස ගත හැකිය. මීපැණි ගැල්වූ ආනමාළු සතියකට දින තුනක් උදෑසනට ආහාරයට ගැනීම මගින් සිහින් සිරුරක් සහ ජවසම්පන්න බවක් ඇති කරගැනීමට අවශ්‍ය පෝෂණය ලබාගත හැකිය.
 
 එසේ කටයුතු කළොත් නීරෝගී හුරුබුහුටි සිරුරකින් යුත් ජවසම්පන්න තරුණ තරුණියන් පිරිසක් සමාජයට දායාද කළ හැකිය. එවැනි තරුණ තරුණියන් විවාහ වූවිට අඬදබරවලින් තොරව නීරෝගී දරු ලැබ ප‍්‍රීතිමත් යුගදිවියක් ගත කරනු ඇත.

suwa15 2

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles