Divaina - රට වෙළාගෙන ඇති ගින්නෙනුන් ගිනිතපින බලලෝභින් ඉන්නවා... අප රට හමුවේ බලවත් අභියෝගයක්...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

  රට වේළාගෙන ඇති ගිනි නිවනවා වෙනුවට බලලෝභයෙන් පත්වුණු කීපදෙනෙක් එයින් ගිනි තපිමින් සිටින්නේ යැයි සාධරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය.
 
 හෙතෙම මේ බැව් සඳහන් කළේ  පසුගියදා (25 දා* කොළඹ ජානකී හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදීය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා මෙසේ ද කීය.
 
 karusdkශී‍්‍ර ලාංකිකයකු වශයෙන් අපි අද කතා කරන්නේ බලවත් සිත් වේදනාවකින්. අද අපේ මවුබිම අවුල් වූ නූල් බෝලයක් වගේ හැම අතකින්ම පටලවලා. එහිදී මූලික වශයෙන් පටලවාගෙන ඇති අංශ දෙකක් පිළිබඳව පමණක් අද අප අවධානය යොමු කරන්න කැමැතියි. එක් අතකින් කොවිඞ් වසංගතය නිසා ජනතාව මහා පීඩනයකට ලක්වෙලා තිබෙනවා. ආර්ථිකය විශාල කඩාවැටීමකට පත් වෙලා. ජීවන වියදම බලවත් ලෙස ඉහළ යෑම නිසා ජනතාව නොකා නොබී ජීවත්වන තත්ත්වයකට පත් වෙලා. තුන්වේල නොකන පවුල් බොහෝ ගණනක් අද මේ රටේ ඉන්නවා.
 
 එක පැත්තකින් මේ විදිහට රට පටලවාගෙන තියෙද්දී තවත් අතකින් ලෝකයේ බලවත් රටවල් කිහිපයක් ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහි සම්බාධක පැනවීම් ගැන ද කතා කරනවා. ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදයට මුහුණ දුන් අපි එහි බැ?රුම්කම හා එයින් ඇති වූ ජීවිත හා සම්පත් විනාශය හොඳින් වටහාගෙන තිබෙනවා. ඒ වගේම ලෝකය කියන්නේ අපේ රට පමණක්ම නොවන බව තේරුම් ගත යුතුව තිබෙනවා.
 
 එහිදී බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාව ඇතුළු ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කි‍්‍රයාකාරී වන කණ්ඩායමට අයත් රටවල් කිහිපයක් විසින් ශී‍්‍ර ලංකාව පිළිබඳව කරන්නා වූ යෝජනාවක ප‍්‍රථම කෙටුම්පත පසුගියදා ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.
 
 වාර්තා වන අන්දමට මෙම යෝජනාව පිළිබඳ මාර්තු මස 01 වන දින සාකච්ඡුා කිරීමට නියමිතය. එයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සියලූම රටවලට ආරාධනා කෙරෙන බව ද සඳහන් වෙනවා.
 
 
 අප රට හමුවේ බලවත් අභියෝගයක්
 
 මෙම යෝජනාවේ සමස්තය පිළිබඳව සලකා බැලූවහොත් එහි ඇතුළත් පූර්විකා ෙඡ්දයන් පිළිබඳව ගැටලූවක් නොමැති බවක් පෙනී යනවා. ඒ මගින් ශී‍්‍ර ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, සමගිය හා භෞමික අඛණ්ඩතාවය පිළිබඳව වන එම රටවල කැපවීම යළිත් තහවුරු කර තිබෙනවා. එයට අමතරව 2018 වසරේදී සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව ඔවුන් කනගාටුව පළ කරන අතරම
 
 පසුගිය ජනාධිපතිවරණය හා මහමැතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට පවත්වා ඇති බව ද පිළිගෙන තිබෙනවා.
 
 එහෙත් අදාළ යෝජනාවේ ඇතුළත් කි‍්‍රයාකාරීත්ව ෙඡ්දයන් පිළිබඳව සැලකීමේදී අප රට හමුවේ බලවත් අභියෝගාත්මක තත්ත්වයක් ද දක්නට තිබෙනවා. අප රටක් ලෙස ඒ පිළිබඳව බලවත් ලෙස අවධානය යොමු කළ යුතුයි. එහිදී රජය ඉතාමත්ම බුද්ධිමත්ව එමෙන්ම පරිණත රාජ්‍ය තාන්ති‍්‍රක ඥානයෙන් යුතුව මෙන්ම අවංකව රට වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මොනම තත්ත්වයක් තුළවත් එහිදී උද්දච්ච හා අමනෝඥ ලෙස කි‍්‍රයා කළ යුතු නැහැ.
 
 බුද්ධිමත්ව කටයුතු කළ යුතු මොහොතක්
 
 ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස විශ්ව මානව හිමිකම් ප‍්‍රඥප්තියට ගරු කරන හා ඒ වෙනුවෙන් බැඳී සිටින රටක් ලෙස මෙන්ම ශී‍්‍ර ලංකාව රටක් ලෙස අතීතයේදී තහවුරු කරගෙන පැවැති ජාත්‍යන්තර ගෞරවය හා කීර්තිය ආරක්ෂා වන ආකාරයට එහිදී කි‍්‍රයා කළ යුතුව තිබෙනවා. ඒ නිසා අප නැවත නැවතත් කියන්නේ ස්වාධීන, ස්වෛරී රටක් ලෙස අපගේ අභිමානය ද ආරක්ෂා කර ගනිමින් මේ මොහොතේ බුද්ධිමත්ව හා රාජ්‍ය තාන්ති‍්‍රක පරිණතභාවයෙන් යුතුව මෙම අභියෝගයට මුහුණ දිය යුතුව ඇති බවයි.
 
 එසේ කටයුතු නොකරමින් අප මේ ප‍්‍රශ්නය තවත් අවුල් කරගතහොත් ඒ හේතුව නිසාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යම් දැඩි තීරණයකට යොමු වුවහොත්, එයින් පීඩාවට පත්වනු ඇත්තේ මේ රටේ පාලකයන් හෝ දේශපාලකයන් නොවේ, අසරණ ජනතාවයි. එබැවින් සෑම පාර්ශ්වයක්ම සාකච්ඡුාවෙන් හා සම්මුතියෙන් යුතුව මෙම ගැටලූව නිරාකරණය කර ගැනීමට කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා. එය එසේ වුවහොත් එය අපට මානසික වශයෙන් විශාල සහනයක් වෙනවා.
 
 අප මෙසේ කියන්නේ මේ සියල්ලටම ආණ්ඩුවට දොස් පවරන්න හෝ විවේචනය කිරීමට නොවෙයි. රට හමුවේ ඇති අභියෝගය සියල්ලන්ම තේරුම් ගත යුතුව ඇති නිසයි.
 
 මෙවැනි අවස්ථාවක මුළු දේශයම එක්සත් විය යුතුයි. සමගි සම්පන්න විය යුතුයි. එහෙත් සත්‍ය තත්ත්වය එය නොවෙයි. අද අපි විවිධ කරුණු මත බෙදී සිටින ජාතියක්. 20 වැනි සංශෝධනය ගෙන ඒම තුළ අද රටේ විශාල අවුලක් ඇතිවී තිබෙනවා. මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික ප‍්‍රජාවේ අති බහුතරයක් මෙන්ම සමාජයේ වැඩි කොටසකින්ම 20 වැනි සංශෝධනය ගැන ඇත්තේ විරෝධයක් හා පිළිකුලක්.
 
 20 ජයග‍්‍රහණ තියෙනවද?
 
 මා මෙහිදී 20 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි පාර්ශ්වයන්ගෙන් එක් දෙයක් විමසීමට කැමතියි. එනම් 20 වන සංශෝධනය මගින් එක් පුද්ගලයකු වෙත අසීමාන්තික බලතල ලබා ගනිමින් ඔවුන් රටට ලබා දෙන්නේ යැයි කියූ ජයග‍්‍රහණ කිසිවක් හෝ ලබාදී තිබෙනවාද යන්නයි. ඇත්තටම 20 වන සංශෝධනය හේතුවෙන් රට ලබාගෙන ඇති ජයග‍්‍රහණයක් තිබෙනවාද? රටේ ජනතාවගේ අයිතිවාසිකම් ඒ මගින් තහවුරු වුණාද? රට මුහුණ දෙන ආර්ථික අර්බුදය ජය ගන්නට 20 වන සංශෝධනය පිටිවහලක් වී තිබෙනවාද? කොවිඞ් වසංගතය මර්දනය කරන්න ඒ මගින් ලබාගෙන ඇති පිටුබලය කුමක්ද? රටේ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන්න එහෙම නැත්නම් නිතියේ ආධිපත්‍ය ස්ථාපිත කරන්න ඒ මගින් පුළුවන් වුණාද? වෙන දෙයක් තබා ජිනීවා අභියෝගයට මුහුණ දෙන්න 20 වන සංශෝධනය මගින් එක් පුද්ගලයෙක් ලබාගත් අසීමාන්තික බලයට හැකියාවක් තිබෙනවාද?
 
 නමුත් 20 වන සංශෝධනය මගින් ඒ සියල්ලම ආපසු හරවා තිබෙනවා. රටේ නීති සම්පාදනය කරන ආයතනය පුරන් වූ කුඹුරක් කරමින් මහජන නියෝජිතයන් ඒ වටා සිටුවා තබන පඹයන් බවට පත්කර තිබෙනවා. අධිකරණය පත්කර ඇති තත්ත්වය ගැන මා මෙහිදී අමුතුවෙන් කිව යුතුව තිබෙනවාද? රටේ ආර්ථිකය ඉතිහාසයේ අන් කිසිදු යුගයක දකින්නට නොතිබූ ආකාරයට ප‍්‍රපාතයකට ඇදවැටෙමින් තිබෙන ආකාරයක් දකින්නට තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ගත් විට ද අද අපේ රට බොහෝ ගෞරවනීය මිතුරන් අහිමි කරගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකාව ලෝකය තුළ හුදෙකලා වෙමින් පවතින රටක් බවට පත්කරමින් තිබෙනවා.
 
 20 වන සංශෝධනය නිසා ඇති වූ මහා විනාශය තවත් මහා විනාශයක ආරම්භයක් වෙන්නත් පුළුවන්. ඉහත සඳහන් කරුණු දෙකම ජිනීවා යෝජනාවලට ඇතුළත් වී තිබීම මගින් ඒ බව පෙනෙනවා. මේ සිද්ධීන් ඇති වුණේ වර්තමාන පාලනය තුළ. එම නිසා ඒ කරුණු දැඩි අධ්‍යයනයට ලක්කිරීම මේ අවස්ථාවේ ගතහැකි බුද්ධිමත් පියවරක් ලෙස අපි දකිනවා.
 
 නමුත් කනගාටුවට කරුණ වන්නේ රට වෙළාගෙන ඇති එවැනි ගිනි නිවනවා වෙනුවට බලලෝභයෙන් මත් වුණ කිහිපදෙනෙක් එයින් ගිනි තපිමින් ඒ ගින්දර තව තවත් අවුලවන ආකාරයක්ද දකින්නට තිබීමයි. තමන්ගේ කඳවුරට හා කල්ලියට අයත් නොවන වෙනස් මත දරන්නාවූ දේශපාලනඥයන් දඩයම් කිරීම සඳහා ඔවුන් දක්වන උනන්දුව හා අපේක්ෂාව සලකා බලන විට ඒ බව තේරුම් ගන්න පුළුවන්.
 
 
 අධිකරණයට කරන ලද දරුණුම අපරාධය
 
 උපාලි අබේරත්න කොමිෂන් වාර්තාව අපි දකින්නේ අධිකරණයට කරන ලද දරුණුතම අපරාධය හා අපහාසය ලෙසයි. ලෝකය දකින්නේ මෙය මහා විහිළුවක් ලෙසයි. බලයට ගිජු රජයේ කිහිපදෙනකුට අවශ්‍යව ඇත්තේ විපක්ෂයේ කොන්ද කඩා විරුද්ධ මතධාරීන්ගේ ප‍්‍රජා අයිතිය අහිමි කරමින් මේ රටේ සදාකාලික ඒකාධිපති ආණ්ඩුවක් ඇති කිරීමටයි.
 
 මෑත වකවානුවේදී දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ශී‍්‍ර ලංකා අධිකරණය ලබාගත් දැවැන්ත පිළිගැනීමට හා ගෞරවයට උපාලි අබේරත්න නිර්දේශ තුළින් සිදුකර ඇත්තේ දැවැන්ත හානියක්. මේ තත්ත්වය පිළිබඳව අප තුළ බලවත් වේදනාවක් ඇතිකර තිබෙනවා. මෙම තත්ත්වය තුළත් අපේ අධිකරණය කෙරෙහි බලවත් විශ්වාසයකින් යුතුව අප කටයුතු කරන බව මෙහිදී වගකීමකින් යුතුව සඳහන් කරනවා. අප අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එම විශ්වාසය තවදුරටත් තහවුරු කරන ලෙසයි.
 
 ඒ අනුව අද වනවිට මේ රට විනාශය කරා රැගෙන යමින් සිටින බලලෝභීන් කිහිපදෙනාට අපි කියන්නේ 2/3 න් උදම් වෙන්න එපා. මේ අවාසනාවන්ත අවස්ථාවේ රටට ගිනි තියන්න එපා.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles