Divaina - නව ජිනීවා යෝජනාවට ඇමරිකාවේ මැදිහත්වීම... ⋆ ඇමරිකානු සෙබළුන්ට යුද අපරාධ චෝදනා තහනම්... ⋆ ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා ගැන පරීක්‍ෂණ අවශ්‍යයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කීර්ති වර්ණකුලසූරිය
 
 
  fea555
 
ජිනීවාහි සිදුවන්නේ කුමක්ද? ඇමරිකාව පසුබිමේ සිට දියත් කර ඇති ශ‍්‍රී ලංකාවට එරෙහි කුමන්ත‍්‍රණකාරී මෙහෙයුමේ ප‍්‍රධාන නිළිය ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානයට සම්බන්ධ ආයතන සම`ග එක්ව කටයුතු කළ මිචෙලි බැෂලේයි. ඇගේ පියා චිලි හමුදාපාලන රජය යටතේ අත්අඩංගුවට ගනු ලැබ සිරගතව සිටියදී මිය ගියේය.
 
 චිලි හමුදා රජයට සහය දැක්වූයේ ඇමරිකාව වුවත් මිචෙලි ඒ ගැන නොසලකා ඇමරිකානු ක‍්‍රමවේදය තෝරා ගෙන ඇත.
 
 මේ පසුබිම මැද ශ‍්‍රී ලංකාවට එරෙහි නව ජිනීවා යෝජනාවක් කෙටුම්පත් කිරීම සඳහා බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහට සහය වී ඇත්තේද ඇමරිකාවයි. මානව හිමිකම් කවුන්සිලය අසූචිවළක් යැයි පැවසූවේ ට‍්‍රම්ප්ගේ තානාපතිනිය සිටි නිතිහේලිය. අද නිතිහේලි නැත. එම තත්්ත්වය මත ඇමරිකාව නිරීක්‍ෂකයකු ලෙස මානව හිමිකම් කවුන්සිලයට ඇතුල්වීමට තීරණය කර ඇත.
 
 මෙහිදී ශ‍්‍රී ලංකාවට එරෙහිව නව ජිනීවා යෝජනාවක් ගෙන එන මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ, ඇමරිකානු රූකඩ රටවල්ය.
 
 යුගෝස්ලෝවියානු ප‍්‍රාන්ත වූ මේ රටවල් ඇමරිකාව නිසාම අලූත් රටවල් විය. මේ රටවල ජනතාව ශ‍්‍රී ලංකාව ගැන දන්නේ නැත. එහෙත් ඇමරිකාවේ ඉල්ලීම මත ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවට එක් වී තිබේ. කෙසේ වෙතත් එම යෝජනා පසුබිමේ මානව හිමිකම් කොමසාරිස් මිචේලි බැෂලේ සිටී.
 
 ඇය ඇමරිකාවේ හමුදා සෙබළුන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති යුද අපරාධ චෝදනා හෝ බි‍්‍රතාන්‍ය හමුදා භටයන්ට චිල්කොට් වාර්තාවෙන් එල්ල කර ඇති යුධ අපරාධ චෝදනා ගැන හඬක් න`ගා නැත. එහෙත් ඇය දැඩි ස්වරයකින් ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 ක් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු බව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47න් ඉල්ලා ඇත.
 
 එලෙස ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑමටත් සර්වලෝක අධිකරණ පද්ධතිය ඔවුන්ට එරෙහිව ක‍්‍රියාත්මක කළ යුතු යැයි කියද්දී කොතලාවල ආරක්‍ෂක විශ්වවිiාලයේ උපදේශකයකු ලෙස කටයුතු කරන යුද මහාචාර්යවරයකු ලෙස තමාම හඳුන්වා ගත් අයෙක් මානව හිමිකම් කොමසාරිස් මිචේලි බැෂලේව මෙරටට කැඳවීමට රජය ක‍්‍රියා කළ යුතු බවට උපදේශයක් ලබා දී ඇත. කිසිදු අවස්ථාවක ජිනීවා ගොස් රණවිරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ක‍්‍රියා නොකළ මේ අපූරු යුද මහාචාර්යවරයා යළිත් වරක් සැරසෙන්නේ රජය රැුවටීටමද?
 
 මොහුගේ අතීතය හඳුනා ගැනීමට රජය සහ ආරක්‍ෂක බලධාරීන්ට තවමත් හැකි වී නැත.
 
 මේ එදා ඔහු කළ ප‍්‍රකාශයයි.
 
 1. කොටි පරාජය කළ නොහැකිය
 
 2. සර්ව ලෝක අධිකරණයට රජය අත්සන් කළ යුතුයි
 
 3. කොටි විරෝධියකු ඝාතනය කිරීමට ප‍්‍රභාකරන් කොළඹට පැමිණියා.
 
 මෙයට පෙර පැවැති මහින්ද රාජපක්‍ෂ යටතේ මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේ මෙරටට පැමිණියේය. ඇය නිදහස් චතුරශ‍්‍රය අසලින් යනවිට ලෙලදෙමින් තිබූ ජාතික කොඩිය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියාය. මෙරටදී ඇය හමුවූයේ තෝරාගත් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් පමණකි. කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී ඇය මුළුමනින්ම පැවසූවේ ශ‍්‍රී ලංකාවට එරෙහි තොරතුරුයි.
 
 නවිපිල්ලේ හමු වූ මෙරට රාජ්‍ය විරෝධී මාධ්‍ය පාර්ශ්ව ඝාතනය වූ හෝ අතුරුදන් වූ බව කියන මාධ්‍යවේදීන් 114 කගේ ලැයිස්තුවක් ඇයට භාර දුන්නේය. එහි හිටපු කොටි ක‍්‍රියාකාරීන් මාධ්‍යවේදීන් යැයි දක්වමින් නම් 21 ක් සඳහන් කර තිබුණි.
 
 නවිපිල්ලේ කොළඹදී ද්‍රවිඩ සංධාන දේශපාලකයන්ද හමුවිය. එහි දී ඇය වෙත සාවi තොරතුරු රැුසක් ඉදිරිපත් කර ඇත. මේ සාවi තොරතුරු නවිපිල්ලේගේ වාර්තාවට ඇතුළත්ව තිබුණි. මෙම තත්ත්වය යටතේ 2015 සිට 2019 තෙක්් යහපාලන රජය අපේ හමුදාව බටහිරට පාවාදීමේ ද්‍රෝහි ක‍්‍රියාවක නිරත වී සිටි අවස්ථාවේ මේ යුද මහාචාර්ය යැයි කියා ගන්නා පුද්ගලයා සිටියේ කොහේද? මොහු සුන්බට්සු හෝ වියට්නාම් යුද විශේෂඥ වෝ ගියන් නොවේ. එවැනි විටක මිචෙලි බැෂලේව මෙරට කැඳවන ලෙස ඔහු රජයට උපදෙස් දී ඇත්තේ නවිපිල්ලේ අනුගමනය කළ ක‍්‍රියාමාර්ගයම බැෂලේට ගැනීමට ඉඩදීම සඳහාද?
 
 මිචෙලි බැෂලේ ශ‍්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කරන ක‍්‍රියාමාර්ගය දැන් හෙළි වී ඇත. හිටපු මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේද අද මිචෙලි බැෂලේ අනුගමනය කරමින් ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බව කියා සිටී.
 
 මේ තත්ත්වය මත මිචෙලි බැෂලේ මෙරටට කැඳවන ලෙස යුද මහාචාර්ය යැයි හඳුන්වා ගන්නා පුද්ගලයා රජයට උපදෙස් දීම කැකිල්ලේ උපදේශයකි. මෙවන් පසුබිමක් මැද මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ මෙරටට කැඳවීම සියතින් බෙල්ල කපා ගැනීමකි.
 
 මිචෙලි මේ වනවිට ශ‍්‍රී ලංකා හමුදාවේ නිලධාරීන් 25 කට එරෙහිව පැමිණිලිකාරිය සාක්ෂිකාරිය සහ විනිසුරුවරිය ලෙස කි‍්‍රයා කර ඇත. මානවහිමිකම් කවුන්සිලය තුළ ඇය අවමංගල අධ්‍යක්‍ෂකවරිය ලෙස මෙතෙක් ක‍්‍රියා කර නැත. ස්වෛරී රටක හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන ඇය අනුගමනය කර ඇත්තේ ලූවිසේ ආබර්, නවිපිල්ලේ සහ සෙයිද් රාද් හුසේන් යන හිටපු මානව හිමිකම් කොමසාරිස්වරුන්ගේ ක‍්‍රියා පළිවෙතයි.
 
 එසේම මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරෙන ප‍්‍රතිචාර පිළිගැනීමටද කැමැත්තක් නැත. යහපාලන රජයේ ජිනීවා සම යෝජනාවකට එක`ගවීමට විදේශ ඇමැති මංගල සමරවීරට අයිතියක් නැති බවත් ඊට එක`ගවිය යුත්තේ ජනාධිපති යැයි රාජ්‍ය නීතිඥ ජෙප්රි නයිට් ඉදිරිපත් කළ තර්කය රැුගත් ලියවිල්ලද මානව හිමිකම් කවුන්සිලය ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීය. එසේම ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන මිචෙලි බැෂලේ සාක්ෂිකරුවන් අනාවරණය නොකරන්නේ මන්ද? ඒ සාක්‍ෂිකරුවන් හිටපු කොටි ත‍්‍රස්තයන් බව දැන් හෙළි වී තිබේ. මේ සාක්‍ෂිකරුවන් (කොටි ත‍්‍රස්තයන්ගෙන්* කට උත්තර ලබාගෙන ඇත්තේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මිත් සුකායි. ඇය යුරෝපා සංගමයේ සහ ලන්ඩන් කොටි ඩයස්පෝරාවේ අරමුදල් මත ක‍්‍රියා කරයි. මේ හැර ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන කෝර් කණ්ඩායම කවුද? ඒ යුද අපරාධ සිදු කළ බි‍්‍රතාන්‍යය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාවයි. එසේම තවත් රටවල් 6 ක් යුද අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල වී තිබේ. මේ නිසා යුධ අපරාධකරුවන් විසින් ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීම විහිළුවකි. මෙවන් පසුබිමක් මැද ශ‍්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් සම`ග එක්ව යුද අපරාධ චෝදනා එල්ල කරන පාර්ශ්ව කවුද යන්න ජනතාව හඳුනා ගත යුතුය.
 
 1. ද්‍රවිඩ සංධානය
 
 2 විග්නේශ්වරන් ගජන් පොන්නම්බලම්
 
 3. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය
 
 4. ඉම්පෝම් සහ ඉමාඩර් රාජ්‍ය නොවන සංවිධාන සහ තවත් සංවිධාන 19 ක්
 
 5. උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ජාලය
 
 6. කොටි ඩයස්පෝරාව
 
 7. ද්‍රවිඩ ඡුන්ද මත යැපෙන බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ සංසදය
 
 8. කොටින් වෙනුවෙන් දේදුන්න පුවත්පත මෙහෙය වූ කොටි හිතවාදී රෝහිත භාෂණ අබේවර්ධන
 
 9. ඇමරිකානු පර්ල් සංවිධානය
 
 10. තමිල්නාඩු පසුපතිනායගම්
 
 මෙහිදී යහපාලන රජය විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ පාත්‍යසෝති සරවනමුත්තු නැමැත්තා සංහිඳියා කාර්ය සාධක බළකායට පත් කරනු ලැබීය. ඔහු එම බළකායේ වාර්තාවේ නිර්දේශ කර තිබුණේ ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව හයිබි‍්‍රට් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවයි. සරවනමුත්තු නැමැත්තාට මේ රජය යටතේ තනතුරක් නොලැබීම නිසා ඔහු රාජ්‍ය නොවන සංවිධාන 21 ක් එක්ව ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු බව කියා සිටියේය.
 
 මෙම පසුබිම මැද 2021 වසරේදී ශ‍්‍රී ලංකාවට පක්‍ෂව රටවල් 29 ක් සහය දක්වනු ලැබීය. ඇන්ගෝලා, අසර්බයිජාන්, බහරේන්, බංගලාදේශය, බොලිවියාව, බ‍්‍රසීලය, බුර්කිනා පාසෝ, කැමරන්, චීනය, කියුබාව, සජිබුන්, ඊජිප්තුව, ඝානාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැඩගස්කරය, මැලේසියාව, නිකරගුවාව, නයිජීරියාව, පාකිස්තානය, පිලිපීනය, කටාර් රුසියාව, සව්දි අරාබියාව, සෙනගල්, දකුණු අප‍්‍රිකාව, ඌරුගුවේ සහ සැම්බියාව.
 
 එහෙත් මේ රටවල් අතරින් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් කීයක් අප සම`ග සිටින්නේද? මේ තත්ත්වය මත ජිනීවා චෝදනාවලින් ශ‍්‍රී ලංකාවට ගැලවිය හැකිද? කොටි ඩයස්පෝරාව සම`ග එක් වූ ජාත්‍යන්තර ප‍්‍රජාව අද ශ‍්‍රී ලංකාවට හැරී ප‍්‍රහාර එල්ල කරයි. මේ සඳහා රජය අරලියගහ මැඳුරේද විවිධ සාකච්ඡුා වාර කීපයක් පවත්වනු ලැබීය. එහිදී විවිධ අදහස් ඉදිරිපත් වුවත් එම අදහස්වලින් මානව හිමිකම් කවුන්සිලය නම්මවා
 
 ගැනීමට හැකිවේද?
 
 2014 වසරේ මහින්ද රාජපක්‍ෂ රජය යටතේ ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ලවෙද්දී රජය සිදු කළේ ඇමරිකාවේ ඒජන්තවරයකු වූ සුබෙයිරිට ඩොලර් මිලියන 6.5 ක අති විශාල මුදලක් ගෙවා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිමූර්තිය නංවාලීමට උත්සාහ කිරීමයි. එහෙත් සුබෙයිරිට එය ඉටු කිරීමට නොහැකි විය. මෙහිදී රජය එල්ල වන චෝදනාවලට අභියෝග කළේ නැත. ද්‍රවිඩයන් 40000 ක් මැරුවා නම් සිරුරු ගෙන ගියේ කෙසේද? එම 40000 ක පිරිස කවුද? පදිංචිව සිටියේ කොතැනද? වළදමුවේ කෙහේද? යැයි රජය මානව හිමිකම් බලධාරීන්ගෙන් විමසුවේ නැත.
 
 යහපාලන රජය ද ඒ ගැන ප‍්‍රශ්න නොකර එක්සත් ජාතීන්ගේ දූතයන්ට මෙරටට ඒමට දොර විවෘත කර බොරු සාක්කි තොග පිටින් පටිගත කර ගැනීමට ඉඩ දී හමුදාවද පාවාදුන්නේය. අඩු වශයෙන් නේස්බි සාමිගේ වාර්තා පවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට ක‍්‍රියා කළේ නැත. මින් සනාථ වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර ගැති ක‍්‍රියාදාමයයි. මෙහි ප‍්‍රතිඵලය වූයේ වත්මන් රජයේ බෙල්ල හිරවීමය. මෙයට හොඳම නිදසුන හිටපු කැනඩා පුරවැසි රාගවන් වත්මන් රජයේ පිං මන්තී‍්‍රවරයකු ලෙස පත් කර ගැනීමය. ඔහු උතුරේ ආණ්ඩුකාරයා සමයේ උතුරේදී පැවසුවේ යුද අපරාධ සිදුකළ හමුදා නිලධාරීන්ට දඬුවම් කරන බවයි. කොටි සංවිධානය එකම විදේශිකයෙකවත් මැරුවේ නැතැයිද සුරේන් රාගවන් කොටියට සුදුහුණු ගාමින් පළ කළේය. අනතුරුව ද්‍රවිඩ සංධානයෙන් නාම යෝජනා ලබා ගැනීමට උත්සාහ කළේය. එසේම මහින්ද රාජපක්‍ෂ ජාතිවාදී යැයිද ඔහු පළ කරනු ලැබීය. එහෙත් අද ඔහු මන්ත‍්‍රීවරයකු වී ඇත. මෙවන් පසුබිමක් මැද ස්විස් තානාපති සහ දේශපාලනකටයුතු භාර නිලධාරීනිය උතුරට ගොස් ද්‍රවිඩයන්ට හිරිහැර සිදු වන්නේද යැයි සොයා බලා ඇත. ද්‍රවිඩයන්ට හිරිහැර සිදු වන්නේද යැයි සොයා බලා ඇත. ඊට සමගාමීව ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලින්ද උතුරට ගොස් ද්‍රවිඩ සංධානය හමු වී රහස් සාකච්ඡුාවක් පවත්වා ඇත. ඊට පෙර ද්‍රවිඩ සංධානය ඉන්දීය මහ කොමසාරිස් හමු වී සාකච්ඡුා කර තිබේ.
 
 එහෙත් වියානා සම්මුතිය මත විදේශ තානාපතිවරුන්ට මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් විය හැකිද? ඇලෙයිනා ටෙප්ලින් උතුරට  ගොස් අතුරුදන් වූවන්ගේ ඥාතීන් හමු වී සාකච්ඡුා පවත්වා ඇත. එහෙත් ඉරාකයේ අතුරුදන් වූ ලක්‍ෂයකට අධික ඉරාක සිවිල් වැසියන් ගැන ඇය අවධානය යොමු කර නැත. මේ පසුබිම මැද ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන් ශ‍්‍රී ලංකාවට එරෙහිව නව ජිනීවා යෝජනාවට සහය දෙන ලෙස මානව හිමිකම් කවුන්සිලයේ රටවල්වලින් ඉල්ලා ඇත. මෙය එම්. සී. සී. ගිවිසුම රජය ප‍්‍රතික්‍ෂේප කළ නිසා සිදුවූ  පළිගැනීමකි. ඇමරිකානු සෙබළුන්ට එරෙහි යුද අපරාධ චෝදනා විභාග කිරීමට ඉඩ නොදෙන බව පවසන ඇමරිකාව ශ‍්‍රී ලංකාව වගවීමේ ක‍්‍රියාවලය ඉටු කළ යුතු යැයි පැවසීම විහිළුවක් නොවේද? බිලින්කන්ගේ මේ ප‍්‍රකාශයෙන් මෙරට සතුරන් කව්දැයි රජය අවධාරණයට ලක් කළ යුතුය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles