පසුගිය සතිය ගෙවී ගියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය ප්රමුඛ මාතෘකාවක් වෙමිනි. රටේ ප්‍රබල දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් මේ ආදී වශයෙන් බොහෝ පිරිසකගේ ප්‍රජා අයිතිය පවා අහෝසිවන මට්ටමේ කතාබහක් මතුව තිබිණි. ඒ අයට විරුද්ධව අපරාධ නඩුවක් ගොනු කළ හැකි දැයි සොයා බලන්න යැයි පාස්කු කොමිසම නීතිපතිට නිර්දේශ පවා ඉදිරිපත් කර තිබිණි. ඊට අමතරව ජිනීවා සමුළුවක් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ මෙරට සංචාරයත් අතර සිදුවීම් කිහිපයක් සමග එම සතියේ කියැවුණු කතා කිහිපයක් මෙසේය.
ඒකත් ඉවරයි
රටේ ප්‍රධාන කර්මාන්තයට ප්‍රසිද්ධ අමාත්‍යාංශයක රජයට ගණන් දෙන ලොක්කා හිටි හැටියේ ඉල්ලා අස්වී තිබේ. අමාත්‍යාංශයේ ඉහළම ධුරයක් දැරූ මේ ලොක්කා හිටපු නිල ඇඳුම් ඇඳි ලොක්කෙකි. රටේ ඉහළම තැන කිවූ පරිදිම අමාත්‍යාංශය හරි තැනකට ගේන්න සෑහෙන කැපවීමක් කරපු මේ ලොක්කා හිටි හැටියේ ඉල්ලා අස්වුණේ අදාළ ඇමැතිවරයා සමග ඇතිවුණු මත ගැටුමක් නිසා බවයි කියන්නේ. කොහොමත් සමහර තැන්වල වැඬේ අවුල් කරන්නේ දේශපාලන අධිකාරිය නිසා මේක පුදුම වෙන්න කාරණයකුත් නොවෙයි. හැබැයි මේ කතාව අහපු අමාත්‍යාංශයේ සමහර අය කිියන්නේ ‘තැන හරි පාරට එනකොම අවුල් කළා’ වගේ කතාවක්.
ඒ අයට මොකද වුණේ
රටේ ප්‍රධාන මුස්ලිම් පක්ෂයක නායකයෙක්ට සහ තවත් මුස්ලිම් දේශපාලනඥයකුට පසුගිය දිනවල මෙරට සංචාරයක නිරතවූ ඉම්රාන් ඛාන් හමුවීමට අවස්ථාවක් ලැබී නැත. අදාළ දේශපාලනඥයන්ට අවසන් මොහොතේදී අදාළ හමුවීම් අවලංගු කර ඇති බව දැනුම් දී තිබේ. ඒ දෙදෙනාම මේ මොහොත වනවිටත් ‘වුණේ මොකක්දැයි’ සොයමින් සිටින බව ආරංචිය.
හවුලේ කැඳත් එපා
පසුගිය 24 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව බරපතළ තීන්දුවක් ගෙන තිබේ. ඒ යළි කිසිදු දිනයක පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත නොවීමටය. පක්ෂ නායක හිටපු ජනාධිපතිවරයාටත් එහි මන්ත්‍රීවරුන්ටත්, ආධාරකරුවන්ටත් සිදුවන මදිපුංචිකම් නිසා මේ තීරණය ගන්නා බවත්, ශ්රීලනිපය සම්පූර්ණයෙන්ම දියකර හැරීමේ සැළසුමක් ඇති බවත් පිළිගත හැකි තොරතුරක් නිසා මේ තීරණය ගන්නා බව ආරංචිය. මේ අර්බුදයට මුල පිරුණේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම් වාර්තාවේ නිර්දේශ නිකුත්වීමත් සමගමය. කෙසේ හෝ උද්ගතව ඇති අදාළ කිසිදු කාරණයක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ සමඟ කේවල් නොකිරීමට පක්ෂයේ සාමාජිකයන් තීරණය කර තිබේ. මේ වනවිට පොදුජන පෙරමුණට සම්බන්ධව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පිරිසක් ඇතිව ඇති අර්බුදය සම්බන්ධයෙන් ශී‍්‍රලනිපය සමග සාකච්ඡුාවට සූදානමින් සිටින බව ද ආරංචිය. පවතින තත්ත්වයෙන් ප්‍රයෝජනයට ගැනීමට කුරුමානම් අල්ලමින් සිටින්නන්ගෙන් හැමටම පෙර ශ්රීලනිපය බේරාගත යුතු බව එහි ප්‍රබල සාමාජිකයෙක් කීවේය.
ඉන්දියාවේ ඒවා මෙහෙ බෑ! ඒත් වැඩ
ඉන්දියාවේ පාලන බලය සහිත භාරතීය ජනතා පක්ෂය සම්බන්ධයක් ඇති දේශපාලන පක්ෂයක් මේ රටේ ආරම්භ කිරීමට යන කතාබහක් පසුගිය දවස්වල බරපතළ ලෙස කතාබහට ලක්වුණා. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කීවේ එවැනි ක්‍රියාවලියකට කිසිසේත්ම ඉඩ නැති බවයි. එහෙත් දමිළ දේශපාලන විශ්ලේෂක ඞී. බී. එස්. ජෙයරාජ් කියන්නේ අදාළ පක්ෂය සමග සමීප සබඳතාවක් ඇති දමිළ පුද්ගලයන් තුන් දෙනෙක් ඒ වෙනුවෙන් කටයුතු කරන බවය. ඉන් එක් අයෙක් ශ්‍රී ලාංකිකයෙක් බව ද එදා සඳහන් කර තිබුණි. ශ්‍රී ලාංකික හින්දු සමාජ ක්‍රියාකාරිකයකු වන කනපතිපිල්ලේ හෙවත් මරවන්පූලාවූ සචිත්තානන්දන් ඉන්දීය වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමින් කියා ඇත්තේ එම පක්ෂය ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය (ඉලංකෙයි භාරතී ජනතා කච්චි* නමින් පිහිටුවීමට කටයුතු කරන බව ද දන්වා ඇත. ඉන්දියානු මැදිහත්වීමක් සමග එන මේ කතා නුවණට හුරු නැති බව සිහිපත් කර ගැනීම කාට කාටත් හොඳය.
ආණ්ඩුවේ අයත් සපෝට්!
අලි පාටිය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩ කටයුතු මේ වනවිට ආරම්භ කර අවසන්. ඒත් කුමන හෝ හේතුවක් නිසා එහි යම් මන්දගාමී බවක් පෙනෙන්නට තිබෙන බව කියන්නේ පාක්ෂිකයින්මයි. 2024 දී තමන්ගේ පාටියේ රාජ්‍ය පාලනයක් වෙනුවෙන් මේ වැඩසටහන් දියත් කරනවා යැයි කිව්වත් ඒ ගැන එතරම්ම අවධානය යොමුකර ඇති බවක් පෙනෙන්නට නැහැ. අලි පාටියේ සභාපති දකුණු පළාතේ පැත්තේ ජනප්‍රිය මන්ත්‍රීතුමා නම් කයන්නේ 2024 වර්ෂයේ පිහිටුවන ලබන ආණ්ඩුව වෙනුවෙන් තමන් වෙහෙස මහන්සිවී කටයුතු කරන බවයි.
අලි පාටියේ නායකතුමාගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන මේ ආණ්ඩුව ගැන වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු රැසක්ද සමගින් කතා ආරම්භ කර ඇති බවයි එතුමා කියන්නේ. මේ කතාවේ ඇත්ත නැත්ත මොකක් වුණත් පාක්ෂිකයෝ කිසිවෙක් අලි පාටියේ ඉහළ නිලතල වලින් නෙහැව්වත් ඒ හැම දෙනාගේම ඔළුවල තියෙන්නේ ‘මන්ද පමා’ වැනි අවිනිශ්චිත තත්ත්වයක්ලූ.
ඊටත් වැඩි දේවල් වෙයි
බස්නාහිර මාළු වලට ප්‍රසිද්ධ පැත්තක ප්‍රබල දේශපාලකයෙක්ලූ. පාර්ලිමේන්තුවේදී පවා ‘ඇවිලෙන සුළු’’ මට්ටමේ කෙනෙක්ලූ. හඬමින් කතා කරන්න කැමැති කෙනෙක්ලූ.
පහුගිය දවසක එක්තරා උත්සවයකට ගිහින් එතුමා කාන්තාවකගෙන් සෙරෙප්පු පාරක් කෑවලූ. සම්පූර්ණ කතාව මෙහෙමලූ. දේශපාලනඥයාට හිතැති ටිකක් දාමරික පන්තියේ ආරක්ෂකයෙක් හිටියලූ. මේ ආරක්ෂකයා එක් තරුණයකුට අමානුෂික විදිහට පහර දීලලූ. ඒකට හේතුව ඒ තරුණයා අදාළ දේශපාලනඥයාගේ පෝස්ටර් වගයක් ඉරා දැම්මාය කියන කතාවක්ලූ. ඒක සැකයක් පමණලූ. මේ පහරදීම සිදුකර ඇත්තේ තමන්ගේ මව ඉදිරිපිටදීමලූ. ඊට පස්සේ ඒ තරුණයා කාණුවකට දමා ගිහින්ලූ. ඉතින් අදාළ කාන්තාව මේ ගැන පොලිසියට කීවත් පැමිණිල්ල බාරගෙන නැතිලූ. මුලින් කිව් උත්සව අවස්ථාවේදී අදාළ දේශපාලනඥයාට සෙරෙප්පුවෙන් පහරදී තිබෙන්නේ එම මවලූ. මෙවැනි දේශපාලන බලපුලූවන්කාරකම්වලට එරෙහිව සෙරෙප්පු පහරවල් පමණක් නොව තවත් බොහෝ දේ සිදුවෙන්න නියමිත බවට මෙය පෙරනිමිත්තක්ලූ.
උදේශ සංජීව ගමගේ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.