Divaina - ඇඩ‍්‍රස් නෑ ගීතය ගත්තාට භාතිය සන්තුෂ්ට ඇඩ‍්‍රස් නැතිවෙයිද!.. සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ නඩු මගට

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

bathiya444භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් විසින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ගේය පද රචනා කළ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත නිර්මාණය කළ ඇඩ‍්‍රස් නෑ ගීතය අවසරයකින් තොරව වාණිජ කටයුත්තක් සඳහා යොදා ගැනීම නිසා ඇතිව තිබෙන අර්බුදය මේ වන විට නරක අතට හැරී ඇත. තම නිර්මාණ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ පදනම මත භාතිය සහ සන්තුෂ් ට එරෙහිව නඩු මගට පිවිසෙන බව සුනිල් ආරියරත්නයන් මේ විට ප‍්‍රකාශ කර සිටින්නේය. භාතිය සහ සන්තුෂ් ස්වකීය බුද්ධිමය දේපල පැහැරගැනීමට එරෙහිව සාධනීය පියවරක් නොගැනීම නිසා සුනිල් ආරියරත්නයන් සහ රෝහණ වීරසිංහයන් ඊට විරෝධය දක්වමින් ඉකුත් සතියේදී ඔස්කාර් සංවිධානයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ද ඉවත් විය.
 
 ඔස්කාර් සංවිධානය පිහිටුවා ගැනීමේ මූලික අරමුණ වී ඇත්තේද නිර්මාණ මංකොල්ලයට එරෙහිව සංවිධානාත්මක කටයුතු කිරීම සහ නිර්මාණකරුවන්ගේ අයිතීන් සුරක්ෂා කර දීමය. මෑතකදී පිහිට වූ එම සංවිධානය මේ රටේ ගීත රචකයන්, සංගීතඥයන් සහ ගායක ගායිකාවන් ඇතුළත් සංවිධාන රැුසක එකතුවකින් සැදුම්ලත් ප‍්‍රබලම සංවිධානය වන්නේය. භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන්ද ඔස්කාර් සංවිධානයේ තරුණ නිර්මාණකරුවන් නියෝජනය කරන අධ්‍යක්ෂවරුන් දෙපළක් වන අතර ඔවුන් එම සංවිධානයේම ජ්‍යෙෂ්ඨයින් දෙපළකගේ නිර්මාණ අවනීතික ලෙස පැහැර ගැනීම නිසා එවැනි පිරිසක් සමග තවදුරටත් එකට වාඩි විය නොහැකි නිසා තමන් එම තනතුරුවලින් ඉවත් වූ බව රෝහණ වීරසිංහ සහ සුනිල් ආරියරත්න පවසති.
 
 ‘‘අපිට තවදුරටත් භාතියල ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න ලැජ්ජයි. එයාල ඒකෙම ඉඳගෙන අයිතිවාසිකම් ගැන ලොකුවට පාරම්බාල මෙහෙම දෙයක් කරද්දි තවදුරටත් අපිට එකට වාඩි වෙන්න පුළුවන්ද. ඔස්කා යූත් කියල සංවිධානය වෙද්දි අපි ලොකු බලාපොරොත්තු තිබ්බා මේ ගොල්ලන් ගැන. අන්තිමේට ඒක පිහිටුවල මාසයක් යන්න කලින් මෙයල කළේ වෙන දෙයක්. එයාල මේ දිනවල පුද්ගලික නාලිකාවක ජාත්‍යන්තර තලයේ සංගීත වැඩසටහනක් කරනවා. ඒ කට්ටියත් එක්ක භාතියලගේ ප්‍රොජෙක්ට් එකක් තියනවා ගීත ගණනාවක් රෙකෝඞ් කරල විකුණන්න. අපේ ඇඩ‍්‍රස් නෑ ගීතය අරන් තියෙන්නෙ බීම බෝතල් වෙළඳ දැන්වීමකට. එම සංගීත වැඩසටහනට සහභාගී වන ළමයෙක් ඇඩ‍්‍රස් නෑ ගීතය කියද්දි මිනිත්තු තුනහමාරක්ම පසුබිමින් යන්නෙ ඒ බීම බෝතල දැන්වීම. භාතියගෙන් මම මේ ගැන ඇහුවම ඔහු කිව්වෙ ‘‘අනේ දන්නෙ නෑ ඒ ගීතය ඔය දෙන්නගෙද කියල, අපේ කොම්පනියේ මැනේජර් මේක අරන් තියෙන්නෙ ෆිල්ම් එකේ ප්‍රොඩියුසර්ට රුපියල් 60000 දීල. ගීතය අයිතිය තියෙන්නෙ ප‍්‍රඩියුසර්ට කියලයි එයා හිතල තියෙන්නෙ.’’ භාතිය එහෙම කිව්වා.
 
 ‘‘අපි නිර්මාණ අයිතිය වෙනුවෙන් නේද මේ ඔස්කාර් එක හදන් සටන් කරන්නෙ. ඔය ගොල්ලන්ට යුතුකමක් තිබ්බා නේද නිර්මාණවල කර්තෘවරුන්ගෙන් අවසර ගන්න කියල මම එතකොට භාතියගෙන් ඇහුවා. එතකොට දෙන්නම ඉතින් බබාල වගේ කතා කරා. ඒ නිසාම අපි යෝජනා කළා ඔස්කාර් එකට මේ දෙන්නට මේ කරපු දේට දඬුවමක් දෙන්න කියල. මොකද භාතියල ඔස්කාර් එකේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඇතුල් වෙද්දි ගොඩක් තැන්වලින් විරෝධය ආවේ මේ දෙන්න හොඳ වෙළෙන්දො දෙන්නෙක් ඒ අය මොන අරමුණකින්ද මේකට එන්නෙ කියල හිතන්න කියල. එහෙම විරෝධයක් එද්දි එයාල වෙනුවෙන් පෙනී හිටියෙත් මම. ඔවුන් හොඳ තරුණ නියෝජනයක් කියල අධ්‍යක්ෂක මණ්ඩලයටත් දැම්මා. අන්තිමේදි ඕන්න තරුණ නියෝජනය ජ්‍යෙෂ්ඨ නියෝජනයට කෙළල ඇරිය හැටි.’’
 
 රෝහණ වීරසිංහයන් එසේ පැවසුවේ දැඩි සිත් තැවුලෙනි. පසුව ඔවුන් මේ පිළිබඳ ඔස්කාර් සංවිධානයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාට පැමිණිලි කර ඇත්තේ සංවිධානය තුළ මේ අවනීතියට විරුද්ධව විනයානුකූල පියවරක් ගන්නා ලෙසය. එහිදී සාකච්ඡුාමය මාර්ගයෙන් මේ ගැටලූව විසඳා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබිණ. නමුත් එහිදී ඇති වූ එකඟතාවන් භාතිය සහ සන්තුෂ් ක‍්‍රියාත්මක නොකිරීමත් ඔස්කාර් සංවිධානය ඒ ගැන නිද්‍රාශීලි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම මත සුනිල් අරියරත්න සහ රෝහණ වීරසිංහ ඔස්කාර් සංවිධානයේ දැරූ ස්වකීය තනතුරුවලින් ඉල්ලා අස්විය. දැන් එම අර්බුදයේ වර්තමාන තත්ත්වය ගැන සුනිල් ආරියරත්නයන් පවසන්නේ මෙවැන්නකි.
 
 ‘‘අපි බැලූවේ නීතිමය පැත්තට නොගිහින් ඔස්කාර් සංවිධානය හරහා මේකට විසඳුමක් ගන්න. නමුත් ඉතින් එතනින් විසඳුමක් ලැබෙන්නෙ නැති නිසා දැන් අපිට නීතිමය පැත්තට යන්න වෙයි. මොකද අපිට මෙහෙම දෙයක් කරනවා නම් සාමාන්‍ය කෙනෙක්ගෙ බුද්ධිමය දේපල පැහැරගෙන දන්නෙ නෑ කියන එක සාමාන්‍ය දෙයක් බවට හැරෙයි. නීතිය දන්නෙ නෑ කියන එක සමාවට කාරණාවකුත් නෙමෙයි. මේ ගීතයේ අයිතිකරුවන් දන්නෙ නෑ කියන එක පිළිගන්නත් බෑ. මොකද මේක ග‍්‍රැමෆෝන් යුගයේ ගීතයකුත් නෙමෙයි. මීට වසර කිහිපයකට කලින් එළියට ආව ඒ කාලේ සමාජයේ විශේෂයෙන් කතාබහ වුණ ගීතයක් තමයි ‘‘ඇඩ‍්‍රස් නෑ’’ කියන්නෙ. ඉතින් මේක ගැන දන්නෙ නෑ කියන්නෙ ඒගොල්ලො සංගීත ලෝකෙ ඉන්න අය නෙමෙයි.’’
 
 
 
 තිස්ස ගුණතිලක

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles