Divaina - ගජබා රෙජිමේන්තුවේ අපේ සිංහයා - ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sara23 2මෙරට යුද හමුදා ඉතිහාසය වර්ණවත් කළ යුද හමුදාපතිවරුන් අතරින් වත්මන් යුද හමුදාපති වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හිමිවනුයේ අග‍්‍රගන්‍ය ස්ථානයකි. විශේෂයෙන්ම තිස් අවුරුදු දෙමළ ඊළාම් කොටි ත‍්‍රස්ථවාදීන්ට එරෙහි අරගල සමයේදී ජෙනරාල් ජානක පෙරේරා සහ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයන් යටතේ කළ මෙහෙය මෙන්ම ඉන් ඔබ්බටද ගොස් පශ්චාත් යුද සමයේදී අද වන තුරුම විවිධ ක‍්‍රියාන්විතයන් හා සබැ`දිව කළ විශිෂ්ඨ සේවාව නිසා කිසිදා නොමැකෙන ඇගයීමක් ඔහු හට ලැබී ඇත. ගෙවුනු වසරක් පුරාවට ලාංකීය සංදර්භය තුළ කොරෝනා වසංගත තත්ත්වය නිසාවෙන් අධික ලෙසම තෙහෙට්ටුවට පත් වුණු පුරවැසියන් අතරින්ද මෙතුමාගේ නාමය ඉහළින්ම කියැවේ.
 
 මේ මොහොත තුළත් සමස්ථ ගෝලයම වෙලාගෙන තිබෙන කොරෝනා වසංගතය නිසා දැඩි තර්ජනයකට ලක්වී ඇති ජීවිත අවදානමෙන් ජනයා ගලවා ගැනීම උදෙසා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඔහු කරන සේවය කියා මිල කළ නොහැකි තරම්ය. පසුගිය දෙසැම්බර් මස 29 වැනිදා ඔහුගේ හමුදා ජීවිතයේ කළ කැපකිරීම් හට ලැබුණු තවත් තෑග්ගක් නිසාවෙන් අපේ සිංහයා පිළිබ`ද වෙනස්ම ආකාරයේ සංවාදයක් ඉපිළෙමින් වැඩෙනු දැක ගත හැකි විය. එනම් අප ජනරජයේ යුද හමුදාපති තනතුරේ සේවය කළ ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හට ජෙනරාල් තනතුර හිමිවීමය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවිශේෂී තීන්දුවක් මත වසර 36 ක් පුරා මොහුගේ යුද හමුදා දිවියේ කළ විශිෂ්ඨ සේවාව ඇගයීමෙහිලා ජාතික වශයෙන් යුද හමුදා නිලධාරියකුට ළ`ගා විය හැකි උසස්ම නිලය වන ජෙනරාල් පදවිය දක්වා උසස් කරන ලදී.
 
 මෙතුමා පිළිබ`දව බොහෝ සෙයින් ජනතාව අතර කතාබහට ලක් වුවද එක් තරුවක දෙවැනි ලූතිනන්වරයකුව සිට වසර 36 කින් අනතුරුව තරු හතරේ ජෙනරාල්වරයකු දක්වා මහත් අභියෝග මතින් පැමිණි ඔහුගේ සැබෑම ගමන පිළිබ`ද ඉතා
 
 ගැඹුරින් විමසා බැලීම අද ලාංකීය තාරුණ්‍යටද මහත් ආදර්ශයකි. ඒ අනුව අප සටහනේ කථානායකයා වන මොහු නමින් ශවේන්ද්‍ර සිල්වාය. වර්ෂ 1964 ජූනි මස 22 වැනි දින මාතලේ හීදී උපත ලැබූ මෙතුමා මාතලේ ශාන්ත තෝමස් සහ මාතලේ විජය විදුහල්වලින් තම මූලික අධ්‍යාපනය ලබා වර්ෂ 1984 මාර්තු මස 5 වැනිදා යුද හමුදා 19 වැනි බ`දවා ගැනීමේදී (19එය ෂබඒනැ* කැඩෙට් නිලධාරියකු ලෙස සේවයට බැෙ`දන ලදී. එකී දිගුකාලීන පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව වර්ෂ 1985 නොවැම්බර් මස 16 වැනිදා දෙවැනි ලූතිනන්වරයකු ලෙස ගජබා රෙජිමේන්තුව යටතේ රෙජිමේන්තු ගත වෙන ලදී. එම රෙජිමේන්තුව ඒ වන විටත් ලූතිනන් කර්නල් විජය විමලරත්න යටතේ තිබූ යුද ක‍්‍රියාන්විතයට එක් වූ නව්‍යතම රෙජිමේන්තුව විය.
 
 පසුව 1987 වන විටදී විශේෂ බළකා සහ කමාන්ඩෝ රෙජිමේන්තු වෙත සේවය ලබා දෙන්නටද මොහු එක් විය. මොහුගේ හමුදා ජීවිතයේ පළමු වරට හමුවන අභියෝගාත්මකම මෙහෙයුම් අවකාශය උදා වනුයේ වර්ෂ 1987 දී වන අතර එය කා අතරත් සුප‍්‍රසිද්ධ වඩමාරච්චි මෙහෙයුම නම් වේ. එහිදී ගජබා රෙජිමේන්තුවේ 1 වන බළඇණියේ එවකට ප‍්‍රධාන අණදෙන නිලධාරීවරයා වූ මේජර් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ (වත්මන් ජනාධිපති) නායකත්වය යටතේ සාර්ථක මෙහෙයුමක නියැළීමට මෙතුමාට හැකි විය. දෛවය කොතෙක් දුරට මිනිසුන්ගේ ජීවිත වෙනස් කරනවාද යන්න මොනවාට පැහැදිලි කරනුයේ එදා ලූතිනන්වරයකුව සිටි ශවේන්ද්‍ර සිල්වා මහතා දිනෙක රටේ හමුදාපති බවටත් එදා ගජබා රෙජිමේන්තුවේ 1 වන බළඇණියේ ප‍්‍රධාන අණදෙන නිලධාරීව සිටි මේජර් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනෙක රටේ විධායක ජනාධිපති බවටත් එකම වර්ෂයකදී පත්වේ යැයි කිසිවකුත් සිහිනයකින්වත් සිතන්නට නොමැත.
 
 ඒ අනුව වර්ෂ 1991 දී එයිනුත් යම් පිම්මක් ඉදිරියට ගොස් ශ‍්‍රී ලංකා යුද හමුදා ඇකඩමියේ විදේශීය නිලධාරීන්ද ප‍්‍රථම වරට බ`දවා ගනු ලැබූ 37 වන බ`දවා ගැනීමේදී උපදේශන නිලධාරිවරයකු ලෙස ප‍්‍රකට සේවයක් කළ බවටද සැළකේ. වර්ෂ 1995 දී බලඇණියක් මෙහෙයවීමට පත් කළ ලාබාලතම නිලධාරියා බවට පත් වෙමින් රිවිරැුස ක‍්‍රියාන්විතයේදීද සාර්ථක ප‍්‍රවේශයක් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ලබා දී ඇත. ඉතා සුවිශේෂී කාල පරිච්ෙඡ්දයක් වූ 1995-1998 අවදිය තුළ ගජබා රෙජිමේන්තුවේ පිළිවෙලින් 1 වන, 5 වන සහ 8 වන බලඇණියන්හි ප‍්‍රධාන අණදෙන නිලධාරිවරයා බවට පත් විය. වර්ෂ 2002-2004 බොහෝ අයට මතක පරිදි ත‍්‍රස්තවාදීන් සමග සාම සාකච්ඡුා අවධියක් ක‍්‍රියාත්මක විය. එහිදී A 9 මාර්ගය විවෘත කිරීමට නොදීමට එරෙහි අරගලයේ ප‍්‍රමුඛතම සේවාවක් මොහු විසින් ඉටු කරන ලදී. විශේෂයෙන් එහිදී ලංකා ජනරජයේ අනෙක් හමුදා නායකයන් විසින් දෙමළ විමුක්ති සංවිධානයේ ඉහළ පෙළේ නායකයන්ට අතට අත ලබා දුන්නද මෙතුමා එයිනුත් වැළකී සිටි අයුරු දැක්වෙන එඩිතර රූප දර්ශන අදටත් මොහුගේ පෙර ශ්‍රේෂ්ඨ කල් ක‍්‍රියාව නියම ලෙසම පසක් කරයි.
 
 කෙසේ වෙතත් සාම සාකච්ඡුා අවධිය නිම වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා 2004 දී ජනාධිපති ධූරයට පත් වීමත් සමගම 2005 දී ජංගම ගුවන් සේනාංකයයේ සේනාංකාධිපතිතුමා බවට ශවේන්ද්‍ර සිල්වා මහතා පත් විය. වැඩි කල් නොගොස්ම යුද වාතාවරණය එක එල්ලේ වැඩි වී මාවිල් ආරු අර්බුදය හට ගත් කාල සමය වන විට ඉතා තීරණාත්මක වූ මුහමලේ ආරක්ෂක වළල්ලේ සේවය වෙත මොහු ඇතුළු නිලධාරීන් රැුසක් අනියුක්ත කරන ලදී. ඒත් සමගම අවසන් යුද මෙහෙයුමෙහි පරතෙරටම සේවය ලබා දුන් 58 වන සේනාංකයෙහි ප‍්‍රධාන අණදෙන නිලධාරිවරයා බවට මෙතුමා පත් විය. ත‍්‍රිකුණාමලය දෙසින් ආරම්භ වුණු මුල්ම සටන මන්නාරම, වෙඩිතලතිව්, නච්චිකුඩා, පුනරීන්, පරන්තන්, අලිමංකඩ, පුදුකුඩුඉරිප්පු, වෙල්ලමුල්ලිවයික්කාල් ආදී කොටි මරමස්ථාන සියල්ල බි`ද හෙළමින් අවසානය වූ මුලතිව් දිස්ත‍්‍රික්කයට අයත් නන්දිකඩාල් කලපුවෙන් විජයග‍්‍රාහී ලෙස නිමා කර දේශයට වසන්තය උදා කරලීමට කළ කැප කිරීම් ඉතිහාසයට එක් වනුයේ රන් අකුරෙනි.
 
 එදා සියලූ සේනාංක අතරින් 58 වන සේනාංකය ප‍්‍රමුඛ තැනක් ගනු ලැබුවේ කිසි විටෙකත් පසු නොබැසම ඉදිරියටම ගිය නිසාවෙනි. එහි ගෞරවනීය දැක්ම නිර්මාණය කළ වත්මන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික වීරයෙක් වන බවට කිසිදු විවාදයක් නැත. වර්ෂ 2009 මැයි මස 18 වැනිදා වසර තිහක ශාප ලත් යුද්ධය නිමා වීමෙන් අනතුරුව අගනුවර යුද හමුදා මූලස්ථානයේ ප‍්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ බවට මොහුව පත් කරන ලද අතර මේත් සමගින්ම එවකට බි‍්‍රගේඩියර් නිලයේ සිටි ශවේන්ද්‍ර සිල්වා මහතාව මේජර් ජෙනරල් තනතුර දක්වා උසස් කරන ලදී. වර්ෂ 2010-2015 අවදියේදී තානාපති තනතුරකින්ද හිමි ලද මෙතුමා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ නියෝජ්‍ය ශ‍්‍රී ලාංකික නිත්‍ය නියෝජිත බවට පත් විය. එහිදී සමුළු කිහිපයකදීම තම හ`ඩ අවධි කළ මොහු ලෝක සාම ව්‍යාපෘතියෙහිලා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ හමුදා රෝහල සංවර්ධනය කිරීමටද පියවර ගන්නා ලදී.
 
 ඉතා සබුද්ධික නිලධාරියකු වන මෙතුමා ජාතික ආරක්ෂක විද්‍යාලය, ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබ`ද හාවඞ් විශ්වවිද්‍යාලයේ උපාධි සහතිකය, මනෝ විද්‍යාත්මක ක‍්‍රියාන්විත පිළිබ`ද එක්සත් ජනපදයේ උපාධිය ඇතුළු ක්ෂේත‍්‍ර කිහිපයක උපාධිධරයෙකි. එලෙසම කොන්ටිකෝ නාවික යුද්ධ පාසලේ සහය කථිකාචාර්යවරයකු ලෙසද ලබා ඇති අත්දැකීම් කිසි විටෙකත් අමතක කළ නොහැක. කෙසේ හෝ වසර 35 ක යුද හමුදා ක‍්‍රියාන්විත ඉතිහාසයේ හිනිපෙත්තටම වර්ෂ 2019 දී ළ`ගා වන මොහු හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ විශ‍්‍රාම යෑමත් සමගම එවකට ලූතිනන් ජෙනරල්වරයකු වූ ශවේන්ද්‍ර සිල්වා මහතා වර්ෂ 2019 අගෝස්තු මස 21 වැනිදා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනයන් විසින් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත් කරන ලදී. මෙහිලා ඉතා සුවිශේෂීතම කාරණය වනුයේ ගජබා රෙජිමේන්තුවෙන් බිහි වූ ප‍්‍රථම යුද හමුදාපතිවරයා වීමයි.
 
 වර්ෂ 2020 ජනවාරිහිදී සහය මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට මොහුව පත් කරන ලද අතර 2020 දෙසැම්බර් මස 29 වැනිදා තරු හතරේ ජෙනරාල් තනතුර වෙත උසස් කරන ලදී. ඒ අනුව කොවිඞ් වසංගතය හමුවේ කළ දැවැන්ත සේවය නිසාවෙන්ම පසුගිය මාර්තුහිදී Covid 19 වැළැක්වීමේ ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී බවටද පත් කරන ලදී. මෙවැනි අතිශය ප‍්‍රබල සේවාවක් කළ මෙවැනි විරුවකුගේ සමස්ථ පවුලේ සාමාජිකයන්ටම එක්සත් ජනපදයට ඇතුළු වීම අත්හිටුවන ආකාරයෙන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කළ වාරණයන් සම්බන්ධයෙන් සැබැවින්ම ඛේදනීය ලෙස හෙළා දැකිය යුතුවම ඇත. කිසිදා කියා නිම කළ නොහැකි වංශ කථාවක් වැනි මොහුගේ ජීවිතාන්දරයෙන් රටක් ලෙස උගත හැකි පාඩම් බොහෝය. තමන්ට හිමි වටිනා මනුෂ්‍ය ජීවිතය මුළුමනින්ම රට දැය වෙනුවෙන්ම කැප කළ වීරයන් මීට පෙර අප අසා තිබුණේ නවකථාවල පමණි. එහෙත් අද එය සැබෑ ලෝකයේ යථාර්ථයකි.
 
 අදටත් මෙතුමා සන්නද්ධ සේවා ඉතිහාසයට එක් වනුයේ යුද හමුදා ඉතිහාසයේ වැඩිම පදක්කම් ලාභී සහ ඒවා පළ`දින යුද හමුදාපතිවරයා ලෙසයි. වීර වික‍්‍රම පදක්කම, විභූෂණ රණ වික‍්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ උත්තම සේවා ආදී පදක්කම් එකී වීරයාගේ සැබෑම දේශපේ‍්‍රමීත්වය වෙනුවෙන් ලද දායාද බව නොරහසකි. සො`දුරු බිරි`දක් සමගින් ¥වරු දෙදෙනකුගේ පියකු වන මෙතුමා සතුටු කැදැල්ලකටද හිමිකම් කියනු ලබන්නේ කවර රාජකාරී මධ්‍යයේ වුවද සාර්ථක පවුල් ජීවිතයකද නියැළෙමිනි. එම මැතිණිය නමින් සුජීවා නෙල්සන් නම් වේ. කෙසේ වෙතත් මෙම කරුණු කාරණා ඔස්සේ හිනිපෙත්තටම ගොස් වැජඹෙන අපේ සිංහයා පිළිබ`ද සිතා බැලීමේදී පෙනී යනුයේ එක් කාරණයක් පමණකි. එනම් මෙම පදක්කම් ඇතුළු මෙම ක‍්‍රියාන්විත ඇගයුම් සියල්ලක් හුදෙක් ඔහුගේ පෞද්ගලික ඉසව්වන් තුළින් ලැබූ ඒවා නොව සැබෑ ලෙසම දේශය වෙනුවෙන් කළ අභිමානවත් සේවය නිසාවෙන්ම ලැබූ බවයි. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යනු මිහිමත තම්බපන්නියට කිසිදු ණයක් නොමැති අභිමානවත් විරුවෙක් බවට අතිශයින් පැහැදිලිය.
 
 මේ අනුව බලන කළ නොබෝ දිනකින් විශ‍්‍රාම දිවියට එළැඹුනද සදාකල් මෙවැනු උත්තම විරුවන් ඇගයීමද ඔවුන්ගේ සදා අනුස්මරණීය ප‍්‍රකට මෙහෙය ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කිරීමද යුගයේ අවශ්‍යතාවයක් බව නොඅනුමානය.
 
 සහන් ඇලෙක්සැන්ඩර්
 ජනමාධ්‍ය අධ්‍යයනාංශය,
 කොළඹ විශ්වවිද්‍යාලය,
 ශ‍්‍රීපාලි මණ්ඩපය.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles