Divaina - යහපත් සමාජ මාධ්‍ය භාවිතයක වැදගත්කම...

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sarasavi23 1මිනිසාගේ නව සොයාගැනීම් සංස්කෘතික වෙනස්වීම් ලෙස අර්ථගැන්විය හැක. මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිට අද දක්වා ඔහු නිර්මාණය කරන ලද සෑම සංස්කෘතිකාංගයක්ම පාහේ කුමන ආකාරයකින් හෝ මිනිස් සමාජය වෙත බලපෑමක් කර ඇත. එසේ මිනිසා විසින් නිර්මාණය කරන ලද මිනිස් ජීවිතය හා තදින් බද්ධ වූ සංස්කෘතිකාංගක් ලෙස සමාජ මාධ්‍ය හඳුන්වා දිය හැක.
 
 සමාජ මාධ්‍ය යනු අන්තර්ජාලය හා බැඳුණු තාක්ෂණය මගින් අන්තර් ක‍්‍රියාකාරී අදහස්, තොරතුරු නිර්මාණය වන සහ හුවමාරු කර ගන්නා නව මාධ්‍යයේ දියුණු අවස්ථාවකි. ඒ අනුව අද වන විට ලෝකයේ වඩාත් ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ලෙස Facebook" You Tube" WhatsApp" FacebookMessenger" WeChat" Instagram" Twitter යනාදිය හඳුන්වා දිය හැක. තාක්ෂණයේ දියුණුව සමග පුද්ගලයාට වඩාත් පහසුවෙන් සහ දෛනික කටයුතු සිදු කෙරෙමින් වුවද සමාජ මාධ්‍ය සමග ගනුදෙනු කිරීමට හැකි වී තිබේ. එනිසා සමාජ මාධ්‍ය වර්තමාන මනුෂ්‍ය ජීවිතයේ කොටසක් වන අතර, පෞද්ගලික හා රාජකාරී ජීවිතය සමග තදින් බද්ධ වී ඇත. එබැවින් සමාජ මාධ්‍ය යනු පුද්ගලයාගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා දේශපාලනික යන සෑම අංශයක් සමගම ප‍්‍රබල සම්බන්ධතාවක් දක්වන හා බලපෑමක් කළ හැකි සංස්කෘතිකාංගයකි.
 
 අද වන විට දෛනික ජීවිතයේ බොහෝ කටයුතුවලදී මිනිසාගේ ප‍්‍රධාන ඉලක්ක නම් පහසුව, ක්ෂණික බව මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිතභාවයි. එම අවශ්‍යතා සපුරාලීමේ ප‍්‍රමුඛ මාධ්‍ය බවට වර්තමානයේ සමාජ මාධ්‍ය මගින් සිදුකරන මෙහෙය සුවිශාලය. මෙම තත්ත්වය තුළ මීට පෙර යම් යම් දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමේ ක‍්‍රමවේදයන්හී විශාල පරිවර්තනයක් සිදුවී ඇත.
 
 ජනමාධ්‍ය මගින් සිදුකරනු ලබන්නේ තොරතුරු සන්නිවේදනය හා මිනිසාගේ රසවින්දන අවශ්‍යතාව සපුරාලීමයි. ජනමාධ්‍යන්ගේ ගුණාත්මක හා සංඛ්‍යාත්මක වැඩි වීම ඕනෑම රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහළ මට්ටමකට ගෙන ඒමට හේතු වේ. අද වන විට සාම්ප‍්‍රදායික ජනමාධ්‍ය ක‍්‍රියාත්මක වෙමින් පවතින අතරම, සමාජ මාධ්‍ය ජනමාධ්‍යයේ කාර්යභාරය නවීනත්වයට පත්කර ඇත. එය පුද්ගලයා විසින්ම හසුරවමින් ඔහු හා නිරන්තරව බැඳී පවතින්නක් බවට පත්ව තිබේ. මේ හේතුවෙන් තොරතුරු දැන ගැනීම හා තොරතුරු සන්නිවේදනය කිරීම යන අවශ්‍යතා දෙකම හසුරවමින් සමාජයේ බොහෝ පුද්ගලයන් සමාජ මාධ්‍ය සමග බැ`දී සිටිති. එබැවින් සන්නිවේදනය සඳහා සාම්ප‍්‍රදායික ජනමාධ්‍ය තුළම පමණක් එල්බ නොසිටින නූතන මිනිසා සමාජය තුළ මාධ්‍ය හසුරුවන්නෙකු බවටද පත්ව තිබේ.
 
 අධ්‍යාපනික වශයෙන් සමාජ මාධ්‍යයේ වැදගත්කම අතිමහත්ය. එය දැනුම් ගබඩාවකි. නවීනත්වය හා බැඳුණු ජංගම පුස්තකාලයකි. එය නියමාකාරව පරිශීලනය කරන්නාට දැනුම වර්ධනයෙහිලා ලද හැකි පිටුබලය ඉමහත්ය. සමාජයේ විද්වතුන්, විෂය ප‍්‍රවීණයන්ගේ අදහස් ආදී බොහෝ කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වේ. ඒවා පාසල් දරුවාගේ සිට වෘත්තීය දැනුම හා නිපුනතාව ඉහළ නංවාගැනීමට උපකාරී කරගත හැකිය.
 
 එමෙන්ම සමාජ මාධ්‍ය මගින් කලාකරුවන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට අනගි අවථාවක් හිමිව ඇති අතර, ප‍්‍රජාව තුළ කලා රසඥතාවක් ඇති කිරීමටද හැකි වී තිබේ. විවිධ ආර්ථික ක‍්‍රියාකාරකම් පවත්වාගෙන යෑමට අවශ්‍ය බොහෝ දේ සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩනැ`ගී ඇත. විවිධ ප‍්‍රචාරණයන් හා භාණ්ඩ ඇනවුම් කිරීම යන කටයුතු ඒ මගින් සිදුකර ගැනීම ඒ සඳහා නිදසුන්ය. එමෙන්ම මානව සම්බන්ධතා ගොඩන`ගා ගැනීමට හා මිතුරු මිතුරියන් භෞතික වශයෙන් හමු නොවුණද මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය මගින් එම සම්බන්ධතා පවත්වාගෙන යෑමට අවකාශ සලසා ඇත. එය මිනිසුන් අතර මානසික පීඩනය වැනි තත්ත්වයන් අවම කිරීමට ද හේතු වී තිබේ. ඒ අනුව සමාජ මාධ්‍ය COVID 19 වසංගතය හේතුවෙන් අකර්මණ්‍ය වූ ජන ජීවිතය පවත්වාගෙන යෑමේ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය සඳහා මහත් පිටුබලයක් වී ඇති බව ද කිව යුතුය.
 
 එහෙත් තාක්ෂණයේ දියුණුව සමග ඇති වූ සමාජ මාධ්‍ය භාවිතය සෑම විටම මිනිසාට සහ සමාජයට යහ බලපෑමක් පමණක් සිදු කරන්නේද යන්න තවදුරටත් සාකච්ඡුාවට ලක් විය යුතුය. විශේෂයෙන් සන්නිවේදනය යන කරුණේදී ඒ පිළිබඳ ස්වයං වාරණයක් සහ පුළුල් නියාමණයක් පැවතිය යුතු බව සමාජ මාධ්‍ය තුළ සැරිසරන පුවත් සිද්ධීන් පිළිබඳ සැලකීමේදී අවබෝධ වේ. විශේෂයෙන් ඡායාරූප හා විවිධ වීඩියෝ සමාජ මාධ්‍යයට නිකුත් කිරීම වගකීම් රහිත වන අවස්ථා දැකිය හැක. සන්නිවේදනය යනු පුද්ගලයන් දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක් අතර සිදු වන අදහස් හුවමාරුවයි. සන්නිවේදනයෙන් තොර සමාජයක් නැත යන තරමින් වත්මන් මිනිසා තොරතුරු හා බැඳී සිටියි. සාම්ප‍්‍රදායික ජනමාධ්‍ය මගින් එම මානව අවශ්‍යතා සපුරාලනු ලැබුවද අද වන විට සමාජ මාධ්‍ය ඒවා අතික‍්‍රමණය කරමින් තොරතුරු සන්නිවේදනයේ ප‍්‍රමුඛ වාහකයෙක් බවට පත්ව ඇත. ජනමාධ්‍යයේ පුළුල් ව්‍යාප්තිය ප‍්‍රජාතන්න‍්‍රවාදී සමාජයකට හොඳ තත්ත්වයක් වුවද සමාජ මාධ්‍ය භාවිතයේදී එය එසේම වන්නේද යන්න ගැටලූවකි.
 
 සාම්ප‍්‍රදායික ජනමාධ්‍ය තුළ යම් යම් දේ ඉදිරිපත් කිරීමේදී වාරණයන් සිදු වේ. එම වාරණය නෛතික තත්ත්වයන්ට අමතරව ආයතනයේ ප‍්‍රතිපත්තීන් මත සිදු වේ. එබැවින් සාම්ප‍්‍රදායික ජනමාධ්‍යය භාවිතාව තුළ යම් යම් සීමාවන් පවතී. එහෙත් සමාජ මාධ්‍ය තුළ සන්නිවේදකයා ප‍්‍රචාරණයේ මූලිකයා වන බැවින් ස්වයං වාරණයක් හෝ නොමැතිව යම් යම් දේ අන්තර්ජාලයට මුදාහරින අවස්ථා පවතී. එය සමාජ මාධ්‍ය භාවිතයේ පවතින ප‍්‍රධාන ගැටලූවකි. මේ නිසා එම මාධ්‍ය සතු සුවිශේෂී හැකියාවන් වන අධිවේගී ප‍්‍රචාරණය හා ගෝලීය මට්ටමින් සන්නිවේදන කාර්ය සිදු වීම, අඩු වියදම් නිර්මාණකරණය වැනි සාධක සමාජයට අව බලපෑම් එල්ල කරන තත්ත්වයන් බවට පත් වී තිබේ. සමාජ මාධ්‍ය සන්නිවේදකයාට අවශ්‍ය නම් නිර්ණාමිකව හෝ වෙනත් නමකින් පෙනී සිටීමට හැකියාවක් පැවතීම මෙම ගැටලූව උග‍්‍ර කිරීමට හේතු වී තිබේ.
 
 යමෙකුගේ පෞද්ගලිකත්වයටද හානි වන පරිදි යම් යම් දේ මාධ්‍යට මුදා හැරීමට හැකි වීම එහි තවත් බරපතළ තත්ත්වයකි. මෙහිදී වැඩි අවදානමකට ලක්ව ඇත්තේ කුඩා දරුවන්, කාන්තාවන් හා තරුණ කණ්ඩායම්ය. විශේෂයෙන් යම් යම් පුද්ගලයන් විවිධ අරමුණු පෙරදැරි කරගෙන සමාජ මාධ්‍යට මුදාහරින විවිධ වීඩියෝ හා ඡුායාරූප හේතුවෙන් මෙරට සංස්කෘතිය විශාල අභියෝගයකට ලක්ව ඇත. එය මිනිසාගේ ඇඳුම් පැළඳුම්, කෑම බීම යනාදී සියලූ දේවල්වල මෙන්ම මනුෂ්‍ය චර්යාවන්ගේ වෙනස්කම්වලටද හේතු වී ඇති අතර, සමාජයේ සහ සංස්කෘතික මිනිසාගේ ඉදිරි පැවැත්මට බාධාවක්ව ඇති බව අවබෝධ වේ.
 
 සාමූහික ක‍්‍රියාකාරකම් වෙනුවෙන් සංවිධානය වීමට අවස්ථාව සැලසීමට හැකි වීම සමාජ මාධ්‍යයේ සුවිශේෂී ලක්ෂණයකි. ඒ අනුව කාර්යබහුලත්වය හේතුවෙන් අවිවේකී මනුෂ්‍ය ජීවිතයට මානව සබඳතා පවත්වාගෙන යෑමටද සමාජ මාධ්‍ය මගින් මනා සම්බන්ධතාවක් ගොඩන`ගයි. විශේෂයෙන් විවිධ පුද්ගල කණ්ඩායම් ජාලගත කිරීමක් මෙමගින් සිදු වේ. වසර ගණනක සිට සජීවීව හමු නොවුවද එකිනෙකාගේ දෛනික තොරතුරු හුවමාරු කර ගැනීමට මේ හේතුවෙන් අවස්ථාව සැලසී තිබේ. එහෙත් එය සමාජයට අව බලපෑමක් එල්ල කර ඇත්තේ ෆේස්බුක් සාද වැනි දේ සඳහා සංවිධානය වීමට තරුණ ප‍්‍රජාව යොමු වීම හේතුවෙනි. එය තරුණ පිරිස අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට ද හේතු වී ඇති බව පෙනේ. සමාජ මාධ්‍යයට රහසිගතව පුද්ගලයන් ජාලගත කිරීමට හැකියාවක් පැවතීම ඊට පදනම් වී ඇත. මේ හේතුවෙන් නිවැරදි සමාජ මාධ්‍ය භාවිතාවක් පිළිබඳ විද්වත් සමාජ කථිකාවක් ගොඩනැ`ගීම අවශ්‍යය.
 
 ඉහත කී අවබලපෑම්වලින් තොර වූ සමාජ මාධ්‍ය භාවිතාවන්ද පවතී. විශේෂයෙන් අන්තවාදී චින්තනයන්ගෙන් බැහැර වීමට හේතු වන යම් යම් සිද්ධි හා වාර්තා දැකිය හැක. එමෙන්ම මානව දයාව, සංවේදීතාව, සහජීවනය හා අන්තර් ආගමික සහයෝගිතාව වර්ධනය කිරීමට හේතු වන සමාජ මාධ්‍ය භාවිතාවන්ද පවතී. විශේෂයෙන් සාමූහික ක‍්‍රියාකාරකම්වල නිරත වෙමින් තවත් මනුෂ්‍ය ජීවිතයක් න`ගාසිටුවීමට හේතු වන ක‍්‍රියාකාරකම්ද සමාජයේ සිදුකරන අතර, ඒවාට සංවිධාන වීමට හා අවශ්‍ය ජාලගත වීමට සමාජ මාධ්‍ය මගින් ඉඩ සලසාගෙන ඇති බව බොහෝ අවස්ථාවල දැකිය හැක. එවැනි ක‍්‍රියාකාරකම් මගින් මානව සමාජයට සුවිශාල සේවයක් වන බවද කිව යුතුය. එය ගුණාත්මක තත්ත්වයකි. ඇගයිය යුතු කරුණකි.
 
 ඒ අනුව සමාජ මාධ්‍ය භාවිත කරන ලෝකයේ පුද්ගලයන් බිලියන තුනකට ආසන්න පිරිසට එවැනි ගුණාත්මක සමාජ මාධ්‍ය භාවිතාවක් තුළින් ලෝකය ගොඩනැ`ගීමට මහඟු දායකත්වයක් සැපයිය හැකි බව ප‍්‍රත්‍යක්ෂ කරුණකි.
 
 ගයාන් මුණසිංහ

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles