Divaina - කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යය කොරෝනා නිසා අවලංගු වෙයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Thal1කොරෝනා වසංගතය නිසා මෙවර කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යය අවලංගු කොට තිබේ.
 
 වාර්ෂික මංගල්‍යය පැවැත්වීම සඳහා යාපනයේ සිට කතෝලික පූජකවරුන් කීප දෙනකු එහි ගොස් දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය. මුලින්ම පෙබරවාරි මස 26 හා 27 යන දිනවලදී කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීමට සැලසුම් කොට තිබුණි.
 
 කච්චතිව් දූපත ඉන්දියාවෙන් අපට තෑගි ලැබුණු දූපතකි. මේ දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වැදගත් වන්නේ ධීවරයන්ටය. ධීවර ප‍්‍රජාවගේ දෙවියා වන්නේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ය. මේ නිසා ඉන්දීය ධීවරයෝ විශාල පිරිසක් මෙන්ම ශ‍්‍රී ලංකාවේ ධීවරයෝද විශාල පිරිසක් මේ වාර්ෂික මංගල්‍යයට වෙනත් වසරවලදී පැමිණියහ.
 
 1974 වසරේ කච්චතිව් දූපත ශ‍්‍රී ලංකාවට පවරා දෙන ලද ගිවිසුමේ සඳහන් කාරණාවලට අනුව දෙරටේම බැතිමතුන්ට මේ වාර්ෂික මංගල්‍යයට සහභාගි විය හැකිය. ඉන්දියාවේ වැසියන්ට වීසා නොමැතිව ශ‍්‍රී ලංකාවට පැමිණ දින දෙකක් රැුඳී සිටිය හැකි එකම ස්ථානය වන්නේද දෙරටේ ධීවර කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡුා කරන්නේද මේ කච්චතිව් දූපතේදීය. මේ වසරේ කොරෝනා වසංගතය නිසා ඒ සියල්ලම අවලංගු වී තිබේ.
 
 උතුරේ හදිසි බිය
 
 උතුරේ මෙන්ම දකුණේ පිරිසද මේ සතියේදී කතා බහ කළේ උතුරේ ආරක්ෂක තත්ත්වය පිළිබඳවය. ඊට ප‍්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපෑවේය. ඉන් පළමු වැන්න වවුනියාවේ සෙට්ටිකුලම වීරපුරම් ප‍්‍රදේශයෙන් කොටි සංවිධානයේ මරාගෙන මැරෙන සාමාජිකයන් විසින් භාවිත කරනු ලබන ඇඳුම් කට්ටල දෙකක් හමුවීමය.
 
 අනෙක් කාරණය වූයේ වවුනියාවේ නෙඩුන්කේණී සේනාපිලව් ප‍්‍රදේශයේ නිවසකින් කොටි සාමාජිකයන් සතු පුපුරන ද්‍රව්‍ය හා බෝම්බ තොගයක් හමුවීමය. මේ කතා දෙකම පාර්ලිමේන්තුවේදී කතා කිරීමට තරම් සුවිශේෂී වැදගත් සිදුවීම් දෙකක් විය.
 
 නමුත් කොටි සාමාජිකයන්ගේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් හමුවීම එතරම් බරපතළ නොවේ. ඊට හේතුව ඒවා වළ දමා බොහෝ කල් ගතවීමත් ඒවා ආරක්ෂා කළ පුද්ගලයකු නොවීමත් නිසාය.
 
 නමුත් නෙඩුන්කේණියේදී කොටි සාමාජිකයන් සතු පුපුරන ද්‍රව්‍ය හා බෝම්බ තොගයක් හමුවීම සුළුපටු සිද්ධියක් නොවේ. ඒවා සුරක්ෂිතව අසුරා ළඟ තබාගත් පුද්ගලයෙක්ද සිටියි. මේ වන විට ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ තවත් දෙදෙනකුද පොලිස් ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන වවුනියාවේ රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යයි.
 
 මේ පුපුරන ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා කොටි සාමාජිකයන් මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ නොමැති බව සත්‍යයකි. එමෙන්ම ඔවුන් විසින් ගොඩනගා ගත් ජාලයක්ද මෙතෙක් දක්නට නොමැත. මේ නිසා මේ පුපුරන ද්‍රව්‍ය හා බෝම්බ පණ ගන්වනු ලබන්නේ කොටි සාමාජිකයන් නොවූවත් ඒවා මුදලට ගන්නා පිරිසට ඒවා පණ
 
 ගැන්විය හැකිය. මේ තත්ත්වය ඉතාම භයානකය. මේ පුපුරන ද්‍රව්‍ය මෙහෙයවීමට හැකි ඒ සඳහා පුහුණුව ලැබූ විශාල පිරිසක් තවමත් උතුරු පළාතේ සිටින නිසා උතුරට පුපුරන ද්‍රව්‍ය ඉතා භයානකය.
 
 යුද්ධය හමාර වී වසර දහයක් ගතවූ පසුවද එවැනි ක‍්‍රියාකාරකම් රැුසක් උතුරු පළාතේදී සිදු වූ නිසා නෙඩුන්කේණියෙන් හමු වූ පුපුරන ද්‍රව්‍ය පිළිබඳව මීට වඩා දැඩි අවධානයක් යොමු විය යුතුය.
 
 යුද්දෙට වඩා භයානක දේශපාලනය
 
 ප‍්‍රභාකරන් යුද්ධ කළේ මේ රටෙන් උතුරු නැගෙනහිර පළාතෙන් වෙනම කොටසක් කඩා වෙන් කර ගැනීමටය. කොටි සංවිධානයට පසුකාලීනව දේශපාලන අංශයක් ඇතුළත් වූ අතර එහි ප‍්‍රධානියා වූයේ තමිල් සෙල්වම්ය. නමුත් තමිල් සෙල්වම් පාර්ලිමේන්තුවට නොගිය නිසා කොටි සංවිධානයට දේශපාලනය කිරීමට සිදු වූයේ පාර්ලිමේන්තු ගිය නඩයක් හරහාය.
 
 මේ කතාව ඉතා දුර දිග කතාවක් වූවත් දෙමළ ජාතික සන්ධානය බිහිවූයේ කොටි සංවිධානයේ දේශපාලන වුවමනාවන් ඉටු කිරීමට බව හැමෝම දන්නා දෙයකි.
 
 මේ වන විට කොටි සංවිධානය නැතත් ඔවුන්ගේ හයියෙන් වැජඹුණු දෙමළ දේශපාලනඥයන් තවමත් ඔවුන් ළඟ තබාගෙන සිටින්නේ පරණ හයියමය. ඒ තත්ත්වය දෙමළ ජාතික සන්ධානයට පමණක් පොදු වූවක් නොවේ. සියල්ලෝම සූදානම් වන්නේ ආණ්ඩුත් සෙසු ජනතාවත් ඔවුන්ට එරෙහි දේශපාලන බලවේගයනුත් යටපත් කිරීමටය. එය හරියට පිහිය පෙන්වා මුදල් මංකොල්ලකෑමක් බඳුය.
 
 දෙමළ දේශපාලනඥයෝ සියල්ලන්ම පාහේ මේ සතියේදී ඉල්ලා සිටියේ උතුරු නැගෙනහිරට වෙනම පාලන ක‍්‍රමයකි. දෙමළ ජනතාව පාලනය කිරීමේ බලතල දෙමළ ජනතාවට ලැබෙන ආකාරයේ දේශපාලන විසඳුමක් මේ රට තුළ ක‍්‍රියාත්මක විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා පවසයි.
 
 ව්‍යවස්ථා කෙටුම්පත් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සාකච්ඡුාවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ සම්බන්ධන් මන්ත‍්‍රීවරයා පැවසුවේ ස්වයං නිර්ණය සඳහා දෙමළ ජනතාවට ඇති අයිතිය සියලූ දෙනාම පිළිගත යුතු බවත් ඊට ගරු කළ යුතු බවත්ය.
 
 රජයේ වගකීම දෙමළ ජනතාවට ගෞරවයෙන් හා සෙසු ජාතීන් සමග මේ රටේ සමානාත්මතාවෙන් ජීවත් වීමට හැකි පරිසරක් නිර්මාණය කොට දීම බව පැවසූ දෙමළ ජාතික සන්ධානයේ නායකයා ඉතාම ඉක්මනින් මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ලක් වී දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට යම් විසඳුමක් ඉදිරිපත් කෙරෙන දේශපාලන රටාවක් නිර්මාණය කළ යුතු බවද පැවසීය.
 
 සුමන්තිරන් මන්ත‍්‍රීවරයාගේ කතාවත් ඊටම නොදෙවෙනි එකක් විය. නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් මේ රටේ ජාතික ප‍්‍රශ්නය විසඳීමට ස්ථිරසාර පියවරක් අනුගමනය කරන්නේ නම් රජය සමග එකට කටයුතු කිරීමට හැකි බව දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා පවසයි.
 
 ව්‍යවස්ථා කෙටුම්පත් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සාකච්ඡුාවෙන් පසුව මන්ත‍්‍රීවරයා පැවසුවේ පසුගිය වසර 87ක කාලය මුළුල්ලේම උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දෙන අන්දමේ ව්‍යවස්ථා සංශෝධනයක් මේ රටේ සිදුව නොමැති බවයි.
 
 1987 වසරේදී යළි මේ සම්බන්ධයෙන් සාකච්ඡුා වූ බවත්, 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යමක් ලබා දෙන්නට උත්සාහයක් ආරම්භ වූ බවත් ප‍්‍රකාශ කරන සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ස්ථිර ලෙස ජාතික ප‍්‍රශ්නය විසඳීමට ව්‍යවස්ථා මගකට රජය අවතීර්ණ වන්නේ නම් රජය සමග එකට වැඩ කිරීමට දෙමළ ජාතික සන්ධානයට පමණක් නොව සියලූම දෙමළ දේශපාලන පක්ෂවලට හැකියාව ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
 
 ජිනීවා නාඩගම්
 
 සෑම වසරකම මාර්තු මාසය ඉතා ඝෝෂාකාරී මාසයක්ය. ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලයේ නිලධාරීන්ටත් වඩා කාර්ය බහුල වන්නේ උතුරය. මේ සතියේදී කාන්තාවෝ පවා උතුරේ මහා මාර්ගවලට පැන ඩෙගා නැටූහ. පොලිසිය බලා සිටිද්දීම ඔවුහු කළුකොඩි එසවූහ. මේ තත්ත්වය මුළු රටටම වැරදි පූර්වාදර්ශයක් වූවත් නීතිය රකින පිරිස නිහඬව බලා සිටින්නෝය.
 
 කිළිනොච්චිය නගරයට ඒකරාශී වූ කාන්තාවන් විශාල පිරිසක් කළු ඇඳුම් ඇඳගෙන කළු කොඩි ඔසවා ගිනි කබල් හිසේ තබා ගනිමින් විරෝධතාවක නිරත වූයේ යුද සමයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලීමක් කරමිනි.
 
 කිළිනොච්චිය කන්දසාමි කෝවිල අසලින් ආරම්භ වූ විරෝධතා පෙළපාලිය ඒ-9 මාර්ගය ඔස්සේ ගමන් කරමින් කිළිනොව්ච්චියේ මානව හිමිකම් කමිටු කාර්යාලය දක්වා පැමිණියේය. මෙම විරෝධතාවට සහභාගි වූ පිරිස ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට යැවීම සඳහා ලිපියක් කිළිනොච්චියේ මානව හිමිකම් කමිටු කාර්යාලය වෙත භාර දී තිබේ.
 
 ඔවුන් එම ලිපියේ සඳහන් කොට ඇත්තේ යුද සමයේ අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම සෙසු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වහාම ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙසය.
 
 මේ රටේ සිටින පිරිස මහ පාරේ ඩෙඟා නටද්දී මේ රටේ සිටින බොහෝ තානාපතිවරු සහ දෙමළ දේශපාලන පක්ෂ මෙවර ජිනීවා නුවරට ඉදිරිපත් කරනු ලබන කාරණා මොනවාදැයි දැන ගැනීමට සාකච්ඡුා පවත්වත ඔවුන්ට ඇති අවශ්‍යතාවේ තරම තේරෙන්නේ ඒ සාකච්ඡුා සඳහා ඔවුන් කොළඹ සිට යාපනයට පැමිණීමට පටන් ගෙන තිබීම නිසාය.
 
 දෙමළ ජාතික සන්ධානය විසින් ජිනීවා නුවරට ඉදිරිපත් කිරීමට යන මානව හිමිකම් ලියවිල්ල සම්බන්ධයෙන් තොරතුරු සාකච්ඡුා කිරීමට ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා යාපනයට පැමිණ සිටියේය. මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කීප දෙනකු හා ස්විස්ටර්ලන්ත තානාපතිවරයා අතර විශේෂ සාකච්ඡුාවක් යාපනයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්වුණි.
 
 මෙම සාකච්චාවෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් මාධ්‍යවේදීන්ට කියා සිටියේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලිය
 
 ගැන මෙහිදී සාකච්ඡුා කළ බවයි.
 
 මීට පෙර ඉදිරිපත් වූ 30/1, 34/1, 40/1 යෝජනාවලට අමතරව, වර්තමාන යෝජනාව මගින් ශ‍්‍රී ලංකාව මත ඇති වන පීඩනයන් පිළිබඳවද අවධානය යොමු කරන බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන ඉඩම් අත්පත් කර ගැනීම් පිළිබඳව සාකච්ඡුා කිරීමට යෝජනා ඇතුළත් කොට ඇති බවත් දෙමළ ජාතික සන්ධානය ස්විස්ටර්ලන්ත තානාපතිවරයාට පවසා තිබේ.
 
 එමෙන්ම ස්විට්සර්ලන්තයේ සරණාගතයන් වූ සිය දෙමළ ජනතාව වහාම පිටුවහල් නොකළ යුතු බව පවසමින් තමන් ස්විට්සර්ලන්ත තානාපතිවරයා වෙත ලිපියක් භාර දුන් බවද දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු කියා සිටියහ.
 
 ඉන්දියාවයි අපියි
 
 ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර මේ දිනවල කතා බොහෝය. ඒ කතා දකුණට වඩා දැනෙන්නේ උතුරටය. කවුරුන් මොනවා කිව්වද මේ කාල වකවානුවේදී ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර යම් නොරිස්සුම් ගතියක් පහළ වී තිබේ.
 
 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සිද්ධිය මෙන්ම යාපනයේ ප‍්‍රධාන දූපත් තුනේ ඉදිකිරීමට යන විදුලි බලාගාර සම්බන්ධයෙන් වූ ආරවුලත් තවත් දේශපාලන පක්ෂත් ඊට හේතූන් වී තිබේ.
 
 ඉන්දියාවේත් ශ‍්‍රී ලංකාවේත් මේ හොඳ හිත පළුදු වීම වාසියට ගැනීමට උත්සහ කරන්නේ උතුරේ දෙමළ දේශපාලන පක්ෂයි. ළඟ එන ජිනීවා මානව හිමිකම් මණ්ඩල රැුස්වීමේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ලබා ගැනීමටත් දෙමළ දේශපාලන පක්ෂ විසින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන යෝජනා වලට සහාය ලබා ගැනීමටත් දෙමළ දේශපාලන පක්ෂ තුරුම්පුවක් කරගෙන ඇත්තේ ඉන්දියාවේත් ශ‍්‍රී ලංකාවේත් විරසකයයි.
 
 ඉන්දියාව ශ‍්‍රී ලංකාවෙන් හීන් නූලෙන් පළිගන්නා බවද පෙනෙන්නට තිබේ. ඉන්දීය භාරතීය ජනතා පක්ෂය මේ රට තුළ පැළපදියම් කිරීමට ඔවුන් උත්සාහ කරන්නේ ඒ නිසාමය. ඊට මේ දිනවල දෙමළ දේශපාලනඥයින්ද උඩගෙඩි දීම තුළ පෙනී යන්නේ කුමක් හෝ නාඩගමක් මේ අය අතර සිදුවන බවයි.
 
 ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයට ශ‍්‍රී ලංකාව තුළ දේශපාලන කටයුතු කිරීමට ඉඩ ලබා නොදී ඊට තහංචි පනවන්නේ නම් ශ‍්‍රී ලංකාව ප‍්‍රාන්ත දෙකකට බෙදීයාමේ විශාල අනතුරක් ඇති බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම් යාපනයේදී පැවසීය.
 
 මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් කතා කළ ශිවාජිලිංගම් හිටපු මන්ත‍්‍රීවරයා සඳහන් කළේ කොමියුනිස්ට් පක්ෂයට ලෝකයේ ඕනෑම රටක දේශපාලනයේ නිරත වීමට අවකාශ ඇත්නම් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයටද ඒ අයිතිවාසිකම හිමි වන බවයි.
 
 ඒ අයිතිවාසිකම ඉන්දියාවට ලබා නොදෙන්නේ නම් ශ‍්‍රී ලංකාව තුළ ශ‍්‍රී ලංකාව හා තමිල්නාඩුව වශයෙන් ප‍්‍රාන්ත දෙකක් බිහි වීම කවරකුටවත් වැළැක්විය නොහැකි බවද ඔහු සඳහන් කරයි.
 
 ඉන්දීය භාරතීය ජනත පක්ෂයේ පක්ෂ ලාංඡුනය නෙළුම් මල බව පැවසූ ඔහු එය ශ‍්‍රී ලංකාව තුළ වන්දනීය පුෂ්පයක් ලෙස සලකන්නේ නම් එම පක්ෂයේ සලකුණ වෙනස් කොට මේ රට තුළ භාවිත කළ හැකි බවද කියා සිටියේය. එය එසේ වුවහොත් නවදිල්ලි පාර්ලිමේන්තුව හා උතුර අතර දැඩි සබඳකමක් ගොඩ නැගෙන බව පවසන ඔහු තවදුරටත් කියා සිටියේ ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් ජනපදය මහා බි‍්‍රතාන්‍ය වැනි රටවලට විරුද්ධ නොවිය යුතු බවයි.
 
 එවැනි ක‍්‍රියා නිසා එම රටවල හමුදාවන් ශ‍්‍රී ලංකාවට පැමිණ පදිංචි විය හැකි බව පවසන ශිවාජිලිංගම් හිටපු මන්ත‍්‍රීවරයා ඉන්දු-ලංකා ගිවිසුම්වලට අනුව මේ රටේ ඉඩම් වෙනත් රටවලට විකිණීම බදු දීම නොකළ යුතු බවද සඳහන් කළේය.
 
 උතුරේ සංවර්ධන ව්‍යාපෘති චිනය වැනි රටවලට භාර දීම නිසා උතුරු පළාත තුළ නොනවතින විරෝධතා රැල්ලක් නිර්මාණය විය හැකි බවද ඔහු පැවසීය.

Thal
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles