Divaina - COVID-19 න් පසු ජීවිත හා ජීවනෝපායන් නැවත ගොඩනැංවීම

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fea6 23 1පසුගිය සතියේදී අරම්භ කරන ලද COVID-19 ප‍්‍රතිශක්තිකරණ එන්නත් මහජනතාව වෙත ලබාදීමේ වැඩසටහන තුළින් මෙම වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අංශය බලධාරීන් අපේක්ෂා කරයි. ඒ අනුව, 2022 වසර ආරම්භ වන විට වසංගතය හේතුවෙන් ඇතිවිය හැකි සමාජ ආර්ථික බලපැම්වල යම් ලිහිල් වීමක් සමඟ විශාල අස්වැසිල්ලක් රටවැසියන් වෙත ළ`ගාකර දෙන්නාවූ කාලසීමාවක ආරම්භය වනු ඇති බවට සුබවාදීව ඉදිරි දැක්මක් අප හට අපේක්ෂා කළ හැක. අපේක්ෂිත ආකාරයට COVID-19 වසංගතය පාලනය කිරීමට හැකි වුවත් ආර්ථික පසුබෑම පසකට දාම  නැගීසිටීම අප හමුවේ තිබෙන ප‍්‍රමුඛතම අභියෝගයකි. විශේෂයෙන්ම, ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව ඇත්තේ, ප‍්‍රමුඛතම අපනයන අංශ සියල්ල අඩපනව සහ රටට අත්‍යාවශ්‍යව පවත්නා විදේශ විනිමය ඉපැයීම් මාර්ග වන විදේශ ශ‍්‍රමිකයන්ගේ විදේශ මුදල් පේ‍්‍රෂණ සහ සංචාරක කර්මාන්තය අකර්මන්‍යව තිබෙන වටපිටවක වේ.
 
 එය 1944 ජුනි මාසයේදී දෙවන ලෝක සංග‍්‍රාමය අවසාන වූවාට පසු බි`දවැටුනු ආර්ථිකයන් සමග හෙම්බත්ව සිටි බටහිර යුරෝපය, ඇමෙරිකාව සහ ජපානය අදී රටවල්, පශ්චාත් දෙවන ලෝක යුද සමයේ දී අධික ණය බර, සම්පත් බෙදීයෑමේ විෂමතාව, දරිද්‍රතාවය සහ විරැුකියාව යන ආර්ථික සංවර්ධනය සඳහා වූ බාධක වේගවත්ව බි`ද දමමින්, පුළුල් හා සාර්ථක සමාජ ආර්ථික පදනමක් සහ සමාජ සංචලතාවක් ගොඩන`ගා ගැනීමට සමත්ව ඇත. ඒ තුළින් ඔවුන් ගෙඩන`ගා ගත් ශීඝ‍්‍ර ආර්ථික වර්ධනයේ සමෘද්ධිමත් බව අද දක්වා වූ පරම්පරා කිහිපයක්ම භුක්ති විඳිමින් සිටී. එම ආර්ථික සමෘද්ධිමත් බව ඇති කරගත්තේ ඔවුන් සතුව වූ කිසිදු ප‍්‍රාතිහාර්යයක් හෝ වාසනා බලයක් හේතුවෙන් නොව එම රටවල් තුළ ගොඩන`ගන ලද යහපත් ආර්ථික ප‍්‍රතිපත්ති, සංවර්ධනය අරමුණු කරගත් දේශපාලන කැපවීම සහ රටවැසියන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම යන සියල්ලේ සංකලනයක් තුළිනි. එසේ නම්, එම රටවල් ඇති කරගත් ශීඝ‍්‍ර ආර්ථික සංවර්ධනය ස`දහා යොදාගත් උපායමාර්ගික පිවිසුම් පිළිබ`දව අප කැමැත්තෙන් හා පරිකල්පනයෙන් යුතුව නැවැත සළකා බැලිය යුතු කාලයක් බවට අද දවස පත්ව ඇත. පෙර පැවැසූ පරිදි ඉදිරි කාලසීමාව ශ‍්‍රී ලංකාව තුළ පුළුල් අර්ථික හා සමාජීය ප‍්‍රතිසංස්කරණ නිර්මාණය කරගැනීමට සුදුසු මනා වටපිටවක් ගොඩනැ`ගීමට COVID-19 වසංගතය පලනය කිරීමත් සමගම උදාවනු ඇත. එබැවින් පෙර දක්වා සිටි රටවල් වලින් උගත හැකි පාඩම් අප රට තුළට අදේශ කිරීම පිළිබ`දව සකාච්ඡුා කිරීම ඉතා වැදගත් කරුණකි.
 
 ඵලදායිතාව වර්ධනය ප‍්‍රවර්ධනය කිරීම
 
 ආර්ථික විද්‍යාඥ පෝල් කෘග්මන්ට අනුව ”ඵලදායිතාව යනු ආර්ථික සංවර්ධනය ස`දහ අවශ්‍ය සියල්ලම නොවන නමුත් දිගුකාලීනව එය ආර්ථික සංවර්ධනයේ අත්‍යන්ත සාධකය වේ”. රටක ශක්තිමත් හා ගැඹුරු ආර්ථික ක‍්‍රියාකාරීත්වයක් ස`දහා අත්‍යවශ්‍ය අංගයක් වනුයේ ශක්තිමත් ඵලදායිතා වර්ධනයක් ඇති කරගැනීමට ඇති හැකියව වේ. සම්ප‍්‍රදායික ඵලදායිතා වර්ධන ක‍්‍රම ලෙසින් මානව ප‍්‍රාග්ධනය සංවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් පුළුල් කිරීම තුළින් රට තුළ ව්‍යාපාරවල තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කළ හැකිය. එහිද අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, අඩු පොලී ව්‍යාපාර ණය සහ මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධති නිර්මාණය කිරීම යන ක‍්‍රියාමර්ග දැක්විය හැක.
 
 නමුත් අද දවස වන විට රජය විසින් ඉහළ අවධානයක් යොමුකළ යුතු ප‍්‍රමුඛතම අංශය වනුයේ රට තුළ ඩිජිටල් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට වේ. විශේෂයෙන්ම, COVID-19 වසංගත තත්ත්වය තුළ සැලකිය යුතු රැුකියා ප‍්‍රමාණයක් දුරස්ථ ලෙස වැඩ කිරීමේ ක‍්‍රමවේද වෙත මාරුවීම (work from home) පෙන්නුම් කරයි. අතීතයේ දී, සාමාන්‍යයෙන් නව තාක්ෂණයන් රැුකියා ස්ථානයට අදේශ වීමට සාමන්‍යයෙන් දශකයක් හෝ ඊට වැඩි කාලයක් ගත වී ඇති බව පර්යේෂකයන් දක්වා සිටින කරුණකි. නමුත් COVID-19 වසංගතයට ප‍්‍රතිචාර දැක්වීමට යෑම තුළ එම ක‍්‍රියාවලිය දින හෝ මාස කිහිපයක් තුළ වේගවත්ව සිදුවූ බව තවදුරටත් ඔවුන් පෙන්වා දෙන කරුණකි. ගෝලීය ආර්ථිකය තුළ ඩිජිටල් යටිතල පහසුකම්වල ප‍්‍රමුඛතාවයක් හිමිවීම පිළිබ`ද තේරුම් ගැනීම ස`දහා ඉහත වාක්‍ය ප‍්‍රමාණවත් වේ.
 
 20 වැනි සියවස තුළ පුළුල් ආර්ථිකයට සහභාගිත්වයක් ඇති කිරීමට මාර්ග සහ දුම්රිය මාර්ග අවශ්‍ය වූවා සේම, 21 වන සියවස තුළ ශ‍්‍රම බළකායට සහ සමස්ථ සමාජයට ඩිජිටල් තක්ෂණය ස`දහා පිවිසීමට පහසුකම් අවශ්‍යව පවතී. ඒහෙත්, ශ‍්‍රී ලංකාව තුළ ඩිජිටල් තාක්ෂණික පහසුකම්වල විශාල හිඩැස් ඉස්මතු කරමින් පවතින් බව දක්නට ලැබේ. විශේෂයෙන්ම, අධිවේගී අන්තරජාල ප‍්‍රවේශයන් නොමැතිකම හෝ අන්තර්ජාල සම්බන්ධතා හා සන්නිවේදන උපාංග දැරිය නොහැකි මිලක් වීම නිසා තවමත් බොහෝ දෙනකුට ඩිජිටල්කරණයේ අපේක්ෂිත ප‍්‍රතිඵල අත්කර ගැනීමට නොහැකිව සිටී. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත් කල, විශේෂයෙන් ග‍්‍රාමීය සහ අඩු අදායම් ලබන පාසල් දරුවන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන් එවැනි හිඟයන් තුළින් ඇති කරන්නාවූ දිගුකාලීන බලපෑම් ඉතා අහිතකර වනු ඇත. ඒ අනුව, රජය විසින් ඉතා ඉහළ ප‍්‍රමුඛතාවයක් සහ මැදිහත්වීමක් තුළින් ඩිජිටල් ප‍්‍රවේශය පුළුල් කිරීම පවත්නා ඩිජිටල්කරණය හි ආර්ථික සහ ප‍්‍රාදේශීය අසමානාත්මතාවය යන කරුණු ද්විත්වයම අවම කිරීමට පියවර ගත යුතුය.
 
 යටිතල පහසුකම් හා සමාජ ප‍්‍රාග්ධනය ගොඩනැගීම
 
 සෑම වසරක දීම ශ‍්‍රී ලංකා රජය වෙත ප‍්‍රග්ධන වියදම් සිදුකිරීම ස`දහා ප‍්‍රමාණවත් නිදහසක් හෝ පිටුවහලක් වාර්ෂික රාජ්‍ය අයවැය තුළින් හිමි නොවන්නේ පවත්නා විවිධ අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම් දැරීමට සිදුවන බැවිනි. ඒසේ නම් රජය විසින් අවබෝධ කරගත යුතු දේ වනුයේ අකාර්යක්ෂම ලෙස වැය වන සෑම රුපියලක්ම වෙනත් ව්‍යාපෘතියක් සඳහා යෙදවිය හැකිව තිබුණු අවස්ථා මගහැරීමක් වන බවය. එසේම එම ආයෝජන තුළින් අපේක්ෂිත සමාජ ප‍්‍රතිලාභ දුර්වල වන බව සහ අවසාන වශයෙන් සමාජ අභිලාශ අදුරු දෙසට විතැන්ව යන බව වේ.
 
 සේවා අංශයේ තරගකාරීත්වයට ඇති බාධක ඉවත් කිරීමට තවදුරටත් ක‍්‍රියාකළ යුතුය. ව්‍යාපාර ගොඩනැ`ගීමට බාධා වන රතු පටි (නිලධාරි මැදිමත්වීම්) ඉවත් කිරීම සිදුකළ යුතුය. විශේෂයෙන්ම රජයේ නියාමන අංශ වඩාත් ප‍්‍රායෝගික තලයකට ගෙන ඒම ස`දහා නව තාක්ෂණික ක‍්‍රමවේද භාවිත කළයුතුය. එසේම, රාජ්‍ය අංශය තුළ ඵලදායිතාව ඉහළ නැංවීමට මානව හා මූල්‍ය සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස නැවත ප‍්‍රතිසංවිධානය කිරීම ඉතා වැදගත්වේ.
 
 මෑත කාලීන දේශපාලනික තර්ක විතර්ක තුළ විදේශ අයෝජන හා මැදිහත්වීම් පිළිබ`දව දැඩිව කතාබහ කළමුත් එයට වඩාත් වැදගත් මාතෘකාව වන පෞද්ගලික ව්‍යවසායන් යටිතල පහසුකම් ගොඩනැන්වීම් ස`දහා ඵලදායි ලෙස සහභාගි කරගැනීම පිළිබ`දව එතරම් කතිකාවතක් සමාජය තුළ ඇති නොවීම පුදුමයට කරුණකි. රාජ්‍ය පුද්ගලික හුවල් ව්‍යාපාර (PPP - Public Private Partnership)) ලෝකයේ සංවර්ධිත රටවල් විසින් යටිතල පහසුකම් ඉහළනැංවීම සදහා බහුලව යොදාගන්නා ක‍්‍රමවේදයකි. විශේෂයෙන්ම, ප‍්‍රග්ධන ආයෝජන හැකියවන් අවම මට්ටමක සිටින්නා වූ අප වැනි රටකට පවත්නා සමස්ථ නිෂ්පාදිතය ඉහළ නැංවීමට ප‍්‍රමාණවත් මූල්‍ය හා තාක්ෂණික ශක්තියක් මෙවැනි වැඩසටහන් තුළින් හිමිවේ.
 
 නිදසුනක් ලෙස, ජපානය හි සමහර විද්‍යුත් දුම්රිය මාර්ග දිවෙන්නේ විශාල ගොඩනැ`ගිලි යටින් වේ. එහිදී සිදුව ඇත්තේ, වාණිජමය වශයෙන් ශක්‍යතාවක් පවතින ස්ථානවල දුම්රිය මාර්ගයට ඉහළින් ගොඩනැ`ගිලි ඉදිකිරීමට පෞද්ගලික අංශයේ අයෝජකයනට අවස්ථාව ලබාදීම තුළිනි. පළමු මහල් කිහිපය රජය සතුවන අතර ඉන් ඔබ්බට ඉදිකරන තට්ටු පෞද්ගලික අයෝජකයන් සතුවේ. එවැනි වැඩසටහන් තුළින් අයෝජකයා සහ රජය පමණක් නොව මහජනතාව හටද ජයග‍්‍රාහි ප‍්‍රතිඵල අත්කොට දී තිබේ. නුමත්, මෙහිදී හො`දින් තේරුම් ගතයුතු කරුණ නම් රටේ සම්පත්වලින් උපරිම ප‍්‍රතිලාභ මහජනතාවට අත්වන ආකාරයට කටයුතු කිරීම සහා ඒවා පෞද්ගලික අභිමතාර්ත මත අපයෝජනයට ලක් නොකිරීම යන වැදගත් කරුණු දෙක පිළිබ`දව මනා අවබෝධයක් සහිතව එවැනි අයෝජන වෙත පිවිසීම වේ.
 
 මානව ප‍්‍රග්ධනයේ ගුණාත්මක බව
 
 රටක ආර්ථිකයේ අනාගතය බොහෝ දුරට රඳා පවතින්නේ ඔවුන්ගේ මානව ප‍්‍රාග්ධනයේ ගුණාත්මකභාවය මත ය. වර්තමානය වන විට තාක්ෂණික සහ සන්නිවේදන කුසලතාවලින් හෙබි මානව සම්පත සඳහා ඉල්ලූම වේගවත්ව ඉහළ යමින් පවතින නමුත් සැපයුම ඒකාකරීව පවතින බව ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර ප‍්‍රජාව නිතර ප‍්‍රකාශ කරන්නා වූ මැසිවිල්ල කි. වැඩකරන වයස් කාණ්ඩවල සිටින ශ‍්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට තෘතික අධ්‍යාපනය හෝ වෘත්තිය පුහුණුවක් ස`දහ අවස්ථා විරල වීම තුළ ඔවුනගේ රැුකියා සුරක්ෂිතාව කෙමින් කෙමින් ගිලිහෙමින් පවතී. ඔවුන්ව COVID-19 මගින් අසාමාන්‍ය ලෙස රිදවා ඇතිවා පමණක් නොව රැුකියා ස්ථානවල ඉදිරියේ දී ඇතිවිය හැකි ස්වයංක‍්‍රීයකරණයට ද ගොදුරවීමේ ඉහළ අවදානමක් සහිත වූවන් බවට පත්ව ඇත.
 
 කෙසේ වෙතත්, පසුගිය දශක දෙක තුළ සිදුවී ඇති පරිදි, කෘතිම බුද්ධිය (AI), ස්වයංක‍්‍රීයකරණය සහ ඩිජිටල්කරණය හේතුවෙන් අහිමි වූ රැුකියා ප‍්‍රමාණයට වඩා වැඩි නව රැුකියා ප‍්‍රමාණයක් තොරතුරු තාක්ෂණික අංශය හට උත්පාදනය කිරීමට සමත්වූ බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන කරුණකි. එහිදී වර්තමාන සේවකයන් තුළින් ආයතන හා සමාගම් අපේක්ෂා කරන කුසලතාවන් සැලකිය යුතු මට්ටමකින් වෙනස්ව ඇත. නිදසුනක් වශයෙන්, යම් ආයතනයක ගිණුම්කරණ ක‍්‍රියාවලිය ස්වංක‍්‍රීය වීම තුළ ගිණුම් තැබීමේ ලිපිකරුවකු වෙනුවට නව විකුණුම් නියෝජිතයකු අවශ්‍ය වීම දැක්විය හැක. එවැනි වටපිටාවක් තුළ, සේවකයන් හට වන සමාජීය හා ආර්ථික හානිදායකයන් අවම කරමින් එයට අනුවර්තනය වීමට හා සේවකයන්ට උපකාර කිරීමට රජ්‍ය අංශය මැදිහත් වීම වැදගත් වේ. ඒසේම රජය විසින් හ`දුන්වා දෙන භාවිතයන් සහ ඵලදායී වැඩසටහන් හඳුනා ගැනීම සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමට දරන උත්සාහයන්ට සහාය වීමට පුද්ගලිකය අංශයේ ව්‍යාපාර ආයතන, වෘත්තීය සමිති සහ වෙනත් ආයතන කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
 
 රාජ්‍ය සහ පෞද්ගලික අංශ  කළමනාකරුවන් සතු වගකීම
 
 ඩිජිටල්කරණය හමුවේ තමා යටතේ සිටින සේවක මණ්ඩල තුළ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවය වැඩි දියුණු කිරීම කළමනකරුවන් සතු වගකීමකි. එහිදී දුරස්ථව රාජකාරි කිරීම සදහා සේවක මණ්ඩලයට අවස්ථා සලසාදීමේ සිට වැඩ රාජකාරි ස්වයංක‍්‍රීය කිරීම ආදී කටයුතු ස`දහා අවශ්‍ය මූලෝපායික මැදිහත්වීම ඔවුන් විසින් සිදුකළ යුතු වේ. නව ඩිජිටල් පාරිසරික අවශ්‍යතාවට අනුරූප වන ආකාරයට වැඩ රාජකාරි වර්ග කිරීම, කොටස් කිරීම, අනුයුක්ත කිරීම සහ අධීක්ෂණය කිරීම පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීම ඔවුනට අත්‍යවශ්‍ය වේ. ඒ තුළින් බිහිවන්නාවූ නව වැඩ රටා ගෙනදෙන නම්‍යශීලීභාවය සහ කාර්යක්ෂමතාවය තුළින් බිහිවන ආයතනික ප‍්‍රතිලාභ එක් එක් පුද්ගලයා වෙත ද ලබාදිය හැකි විය යුතය. මෙම නූතන වැඩ ක‍්‍රමවේද අද වන විට අප රටේ සමහර ආයතන වෙත අලූත් අත්දැකීමක් නොවන අතර ප‍්‍රායෝගක භාවිතයන් වේ. එහෙත්, තවත් බොහෝ ආයතන තමන් සතුව පැහැදිලි අරමුණක් නොමැතිවීම, මූල්‍ය දුෂ්කරතා, සන්නිවේදන පහසුකම් නොමැතිවීම, අවශ්‍ය මානව සම්පත් නොවීම වැනි කරනු හේතුවෙන් තවමත් නව තාක්ෂණික ක‍්‍රමවේද වෙත අනුගත වීමට නොහැකිව සිටී. එවැනි තාක්ෂණික නැඹුරුවක් නොමැති ආයතන ඒ ස`දහා පෙළඹවීමක් කිරීමට රජය විසින් තාක්ෂණික සහය ලබාදීම, තාක්ෂණික උපකරණ මිලදී ගැනීම් ස`දහා බදු සහන ලබාදීම ආදි බහුවිධ ක‍්‍රියාමාර්ග ගැනීම වඩාත් සුදුසු වේ.
 
 අවසාන වශයෙන්
 
 වසර ගණනාවක් තිස්සේ, ”පූර්ව යුද්ධය” සහ ”පශ්චාත් යුද්ධය” යන වචන 20 වන සියවසේ විශාලතම විපතට පෙර සහ පසු බෙදීම් විස්තර කිරීමට පොදු කෙටිමං ය.
 
 ”පූර්ව COVID-19” සහ ”පශ්චාත් COVID-19” යන වචන ඒ හා සමාන කෙටිමං බවට පත්විය හැකිය. අප රටට ඇති අභියෝගය වන්නේ ශක්තිමත් වූත් හා සියලූ රටවැසියන් ඒකරාශී කරගත් ආර්ථික ප‍්‍රකෘතියක් ගොඩනැ`ගීම තුළින් නව ආර්ථික මොඩලයක් නිර්මාණය කිරීමයි. එසේ කිරීමට වර්තමාන රජ්‍ය පාලකයන් සමත් වුවහොත් එය යථාර්ථවාදී සාමාජ අභිලාෂයක් වෙමින් රටේ ඉදිරි ගමන වඩාත් සුරක්ෂිත කරනු ඇත.
 
 තිලංග ගුණවර්ධන

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles