Divaina - ජීවිතයම පරිසරය කරගත් මුතුකුඩආරචිචි මහතා සේවයෙන් විශ‍්‍රාම ලබයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

soba23 6මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර දූෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් සේවය කරමින් සිටි කේ. එච්. මුතුකුඩආරච්චි මහතා මෙම මස 25 වන දින රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම යනුයේ දශක 3ක් ඉක්මවා සේවය කිරීමෙන් අනතුරුවය. පරිසර නිලධාරි තනතුරක් ලබමින් 1990 වර්ෂයේ මධ්‍යම පරිසර අධිකාරියේ සේවයට එක් වූ එතුමන් පරිසර දූෂණ පාලන අංශයේ ප‍්‍රධානියා හෙවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර දක්වා උසස්වීම් කීපයක්ම ලැබීමට වාසනාවන්තයෙක් විය.

මධ්‍යම පරිසර අධිකාරියේ නීති අංශය මගින් මෙරට අධිකරණ පද්ධතිය වෙත ගොණුකරන නීති කාර්යයන්හි වැඩි ප‍්‍රමාණයක් වනුයේ පරිසර දූෂණ පාලනයට අදාළ ඒවාය. පාරිසරික ප‍්‍රමිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කරන අවස්ථාවන්හි දී ප‍්‍රථමයෙන් කරනුයේ නිලධාරීන්ව අදාළ ක්ෂේත‍්‍රයන් වෙත යවා පරීක්ෂණ වාර්තාවන් ගෙන්වා ගෙන කර්මාන්ත කරුවන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදීමයි. ඔවුන්ට තම ක‍්‍රියාවලීන් නිවැරදි කරගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් මධ්‍යම පරිසර අධිකාරියේ නොමැති අවස්ථාවන්හිදී ආයතනයේ ලියාපදිංචිය සහිත ආයතන වෙත එම කර්මාන්ත කරුවන් යොමු කරවමින් පරිසර හිතකාමී මාවතට ඔවුන්ව අවතීර්ණ කිරීම සඳහා දැඩි ප‍්‍රයත්නයක නිරතවීම සිදු කරනු ලබයි. තවදුරටත් එම උපදෙස් පිළිපදින්නේ නැතිව අත්තනෝමතික ආකාරයෙන් යම් කර්මාන්ත කරුවෙක් පරිසර දූෂණය කරමින් තම ක‍්‍රියාවලීන් කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා ද කටයුතු කිරීම සිදුවේ. එවන් බොහෝ අවස්ථාවලදී මධ්‍යම පරිසර අධිකාරිය වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා මුතුකුඩආරච්චි මහතා නොපැකිලව ඉදිරිපත් වන අතර පැමිණිල්ලේ මෙන්ම විත්තියේ නීතිඥ මහතුන් පමණක් නොව විනිශ්චයකාරවරුන් වෙත ද පරිසර විෂය ක්ෂෙත‍්‍රයේ ගැඹුරු තැන් පිළිබඳව මනා පැහැදිලිවීමක් ලැබෙන අයුරින් එම කාර්යය ඉටු කිරීමේ විශේෂ ප‍්‍රාගුණයක් හෙතෙම සතුවීය. පරිසර දූෂණය පාලනය කිරීමේ ක‍්‍රමෝපායයක් ලෙසින් නීතිමය පියවර ගනු ලැබුවත්, අති විශාල පිරිසක් කර්මාන්ත ඇතුළු විවිධ ආයතන පරිසර හිතකාමී අයුරින් පවත්වාගෙන යමින් ආදර්ශවත්ව කටයුතු කරන අතර එවැනි පුරවැසියන් හා ආයතන ජාතික මට්ටමින් ඇගයීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරන ජාතික හරිත සම්මාන වැඩසටහන ආරම්භයේ පටන් සෙසු නිලධාරීන් සමග සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට ද මුතුකඩ මහතා දායකවිය.

ගුරුමුෂ්ටි තබා නොගෙන කනිෂ්ඨ නිලධාරීන්ට විෂය උපරිම ආකාරයන් නිරන්තරයෙන් ලබාදීමට ද මුතුකුඩආරච්චි මහතා පරාර්ථකාමී විද්වතෙක් වූ අතර ම පරිසර දූෂණ පාලන ක්ෂෙත‍්‍රයේ වඩාත් දියුණු තාක්ෂණික ක‍්‍රමවේද අනුගමනය කරන විදෙස් රාජ්‍යයන් සමග සම්බන්ධතා ඇති කරගනිමින් ඔවුන්ව මෙරටට

ගෙන්වා හෝ අපේ නිලධාරීන්ව ඒ රටවල්වලට යවා අවශ්‍ය පුහුණුවීම් ලබාදීම සඳහා සුවිශේෂී කැපවීමක් කරන ලදි. ඉන්දියාවේ පිහිටි පරිසර දූෂණ පාලන ඒජන්සිය මෙන්ම ජපානය, කොරියාව, නෙදර්ලන්තය ආදී රාජ්‍යයන්හි විද්වතුන්ගේ දැනුම අපේ නිලධාරීන් වෙත ලබාදීමට දිගු කාලීන වශයෙන් කටයුතු කිරීම අවධාරණය කළ යුතුය.

කර්මාන්ත ක‍්‍රියාවලීන්හි පරිසර දූෂණ තත්ත්වයන් පාලනය කරමින්, පාරිසරික ප‍්‍රමිතීන්ට අදාළව පවත්වාගෙන යෑම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරන ප‍්‍රධාන නීතිමය ලියවිල්ල පරිසර ආරක්ෂණ බලපත‍්‍රයයි. මෙම නෛතික ලියවිල්ල වඩාත් අර්ථවත් කිරීමට, එය පෝෂණය කිරීමට මෙන්ම ඒ ඒ කර්මාන්ත ක‍්‍රියාවලීන්හි දූෂණ ධාරිතාවන්ට අනුව ඒ, බී, සී යනුවෙන් වර්ග කිරීමට මෙන්ම ”සී”කාණ්ඩයට අයත් සුළු පරිමාණ කර්මාන්ත සඳහා බලපත් නිකුත් කිරීමේ බලය පළාත් පාලන ආයතනයන්ට පැවරීම වැනි ඉහළ තීන්දු තීරණවලට එළඹීමේදී මුතුකුඩ යන නාමය එම බලපත‍්‍රයත් සමග අත්‍යන්තයෙන් බැඳී තිබෙනු ඇත.

මෙරට තුළ පරිසර විෂය හා සම්බන්ධ වන විවිධ වූ සාකච්ඡුා සම්මන්ත‍්‍රණවලදී නිරන්තරයෙන් ඊට දායක වන ආයතනයන් වන වන සංරක්ෂණ, වන ජීවී, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ආයෝජන මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, දැව සංස්ථාව, පහත්බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල.... වැනි ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් මුතුකුඩ මහතා වටා නිරන්තරයෙන් ඉතා සුහදව කටයුතු කරනු ලබූහ.

පරිසර දූෂණ පාලන විෂය ක්ෂේත‍්‍රයට මුතුකුඩයක් වූ කෝලිත හිමාල් මුතුකුඩආරච්චි මහතාට සැපවත් විශ‍්‍රාමික ජීවිතයක් වේවායි, පරිසර විෂයට ලැදි අප කාගේත් ප‍්‍රාර්ථනයයි.

සුනිල් උඩුකල
අධ්‍යක්ෂ - පරිසර අධ්‍යාපන
මධ්‍යම පරිසර අධිකාරිය.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles