Divaina - මගේ ලෝභම චිත‍්‍රපටය ”මිදුණු විශ්වය’යි... උදාරි වර්ණකුලසූරිය

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

cinamaka444
 

udari555

 

සරල ටෙලි නාට්‍යවලින් පටන් ගෙන ඉන් මතු මහා සිනමාවට ද අවතීර්ණව ඉන් නොනැවතී එකී සිනමා කෘතීන්හි සංකීර්ණ චරිත නිරූපණයන්හි යෙදෙන කිසියම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිණියක් වේ නම් ඔහුට හෝ ඇයට එකී ක්ෂේත‍්‍රය තුළ අඛණ්ඩව පැවතිය හැක්කේ නිසැකයෙන්ම ඔහු හෝ ඇය කිසියම් ප‍්‍රාමාණික රංගන ප‍්‍රතිභාවක් ප‍්‍රකට කළහොත් පමණකිය යන්න පිළිගත යුතු සත්‍යයකි. නිසරු වැල් ටෙලි නාට්‍යවල රඟනා බොහෝ ශිල්පීන් සිනමාවට පැමිණි කල්හි සිනමා පේ‍්‍රක්ෂකයන්ගෙන් නිර්දය ලෙස ප‍්‍රතික්ෂේප වන්නේ එකී සත්‍යය නිසාම බැව් එසේම ප‍්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. ඉහතින් කී සත්‍යය මනා ලෙස ස්ඵුට කළ රංගන ශිල්පිණියක් ඇගේ රංගන කාර්යය ගැන කතාබහ පිණිස මෙවර ‘දිවයින සිනමා කලා සංග‍්‍රහයට’ කැඳවන්නට අපි අදහස් කළෙමු. නිසරු වැල් ටෙලිවලින් සිය රංගන කාර්යය අරඹා සම්භාව්‍ය සිනමාව දක්වා සාර්ථක ගමනක යෙදුණු ඇය, උදාරි වර්ණකුලසූරිය, ඇගේ රංගන පරාසය පිළිබඳව පළ කළ අදහස් මෙසේය.

 

udari555i
 
 සරල ටෙලි නාට්‍යවල හා චිත‍්‍රපටවල සැහැල්ලූ චරිත නිරූපණයක යෙදුණු ඔබ මුල් වරට සංකීර්ණ චරිත නිරූපණයක යෙදෙන්නේ ජැක්සන් ඇන්තනීගේ ”එකගෙයි සොකරි” චිත‍්‍රපටයේ. එම චරිතය ඔබට අභියෝගයක් වුණා නේද? අධ්‍යක්ෂවරයා ඔබව ඊට අනුගත කළේ කවර ලෙසද?
 
 මගේ එහි චරිතයේ නම සේදර මැණිකේ. මා ජැක්සන් ඇන්තනී මහතාට ස්තුතිවන්ත විය යුතුයි මා ගැන විශ්වාසයක් තියලා එවැනි බැ?රුම් චරිතයකට මාව තෝරා ගැනීම ගැන. මොකද එවැනි සංකීර්ණ චරිත නිරූපණයක් මා ඊට කළින් කරලා තිබුණේ නැහැ. ඔහු මාව එම චරිතයට ඉතා පුදුමාකාර ලෙස පෙර සූදානම් කළා. දෙබස් උච්ඡුාරණය හදන්නට සෑහෙන මහන්සි වුණා. ගෙදර සිට ඔළුව හදාගෙන ගිය විදිහ හරියන්නේ නැති බව මුල් දවසෙම මම තේරුම් ගත්තා. මම රඟපෑම කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තේ ජැක්සන් ඇන්තනී මහතාගෙන්. ඔහු මගේ රංගන ගුරුවරයා කියා කිව්වොත් නිවැරදියි. වෘත්තීමය වශයෙන් පුදුමාකාර දැනුමක් ඔහු ලබා දුන්නා. මගේ චරිතය හදාගන්නට සහ රංගන භීතිකාව නැති කරගන්නට එහි රඟපෑ ප‍්‍රවීණ හා අනෙකුත් රංගන ශිල්පීන් හැමෝගෙන්ම මට ලැබුණු සහයෝගය ඉමහත්.
 
 සේදර මැණිකේගෙන් පසු ඔබ රඟපෑ චරිතය ”මිදුණු විශ්වය” චිත‍්‍රපටයේ රාජිනී. එය සේදර මැණිකේට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. එම ප‍්‍රවේශය ගැන ඔබගේ විග‍්‍රහය කුමක්ද?
 
 එය චිත‍්‍රපට නිළියකගේ කතාවක්. ඇත්තටම මට එය දැනුනේ මගේ කතාව වගේ. එය මම ආශාවෙන් කළ චරිතයක්. මම ජයන්ත චන්ද්‍රසිරි මහතාට ස්තුතිවන්ත වෙනවා ඔහු මට දීපු වටිනාකමට. චිත‍්‍රපටය රූගත කිරීමටත් පෙර ඔහු මට කිව්වා,”උදාරි මම ඔයාව දාලා මගේ චිත‍්‍රපටය මේ වෙනකොටත් හදලා ඉවරයි” කියලා. එවැනි විශ්වාසයක් ඔහු මා කෙරෙහි තබා තිබුණා. මගේ කිසිම සාධනීය රංගනයක් නොදැක මාව මේ චරිතයට තෝරාගැනීම මට විශ්මයක්. මම ලෝභම චිත‍්‍රපටය මොකක්ද කියලා ඇහුවොත් මගේ පිළිතුර ”මිදුණු විශ්වය” චිත‍්‍රපටය. එහි එන පැරණි නිළියගේ චරිතය ගොඩනැගීමට මගේ හිතේ සන්ධ්‍යා කුමාරිගේ ඡායාව තිබුණාද කියලා මට හිතෙනවා. සමහරවිට එම චරිතයේ බොඩි ලැන්වේජ් එක, හැඟීම් ප‍්‍රකාශනය ගැන ජයන්ත චන්ද්‍රසිරි රංගන ගුරුවරයාගේ මෙහෙයවීම, දර්ශනයක් රූගත කිරීමට පෙර චරිතයට ආත්මීය වශයෙන් මාව ගෙනයෑම පිණිස කරන අභ්‍යාස, ඩයලොග් ඩිලිවරීස්. මට මහා දැනුමක් ලැබුණා. මම ප‍්‍රථම වතාවටයි ඩබිං වලදීත් අභ්‍යාස කළේ. ඒ අත්දැකීම ජීවිත කාලෙටම වටිනවා. ජයන්ත මහතා සමඟ වැඩ කරන්න ලැබීමම පෙර පිනක් ලෙසයි මං හිතන්නේ. ජැක්සන් මහතා සහ ජයන්ත මහතා සමඟ වැඩ කරන්නට ලැබීම මහා දැනුම් සම්භාරයක් දෙවිධියකින් එකවර ලැබුණා වගේ. විශ්වවිද්‍යාලයකට ඇතුළු වී උපාධියක් ලැබුණා වගේ. මේ අධ්‍යක්ෂවරුන් දෙදෙනා සමඟ එක ළඟ වැඩ කරන්න ලැබීම රංගන ශිල්පියෙකුට වාසනාවක්. මෙයට පසු එන ඕනෑම අභියෝගාත්මක චරිතයක් මට අභියෝගයක් නොවන බවයි මගේ හැඟීම.
 
 සංජීව පුෂ්පකුමාරගේ ආසු චිත‍්‍රපටයේත් ඔබේ චරිතය සුවිශේෂයි?
 
 ඔව්. ඉතා සුවිශේෂී සැබෑ චරිතයක්. ඉන්දිරා නම්, කරු ජයසූරිය මහතාගේ කණිටු දියණියගේ කතාව තමයි චිත‍්‍රපටයේ එන්නේ. මමත්, අධ්‍යක්ෂවරයාත්, අංගරචනා ශිල්පියාත් ඉන්දිරාගේ වැඩිමල් සොයුරිය වන ලංකා මහත්මිය හමුවී ඉන්දිරා මහත්මියගේ විශිෂ්ට, පුදුමාකාර කැප කිරීම ගැන සියලූ දේ දැනගෙන තමයි මේ චරිතය ගොඩනැගුවේ. ඇය මරණයට මුහුණ දුන් සැහැල්ලූ, නිර්භීත ආකාරය විශ්මයජනකයි. මේ සියලූ කාරණා එම චරිතයට අනුගතවීමට උපකාර වුණා. එසේම ඇගේ අවසාන කාලයේ ස්වරූපය විශිෂ්ට ලෙස මැවීමට අංග රචනා ශිල්පි නාරද තොටගමුව දැක්වූ දක්ෂතාවය විශ්මයජනකයි. ඉන්දිරාගේ චරිතය ප‍්‍රතිනිර්මාණය කිරීමට එයත් මට ඉතා ප‍්‍රබල ලෙස උදව් වුණා. එසේම සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂවරයා පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඔහු විශිෂ්ට ඇකඩමික් දැනුමක් ඇති අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ අධ්‍යක්ෂණ ක‍්‍රමවේදය වෙනස් එකක්. එය මට වෙනස්ම අත්දැකීමක් වුණා.
 
 ඔබගේ නවතම චරිත නිරූපණය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ”ක්ෂීර සාගරය කැළඹිණ” හි පුරම්බිකාවගේ චරිතය. නියත කාලයක් දේශයක් නොමැති පරිකල්පනීය චරිතයක් වූ එය රංගන ශිල්පිණියකට අභියෝගයක්. ඊට ඔබේ සූදානම කවරාකාරද?
 
 ඇත්තෙන්ම එම චරිතය සයිමන් නවගත්තේගමයන්ගේ පොතෙහි එන චරිතයක් නොවෙයි. ජැක්සන් ඇන්තනී මහතා එහි තිරරචනය සකස් කිරීමේදී ඇතුළු කළ චරිතයක්. ලංකාවේ ඕනෑම රංගන ශිල්පියකුගේ ශිල්පිණියකගේ සිහිනයක් තමයි සුනිල් සර්ගේ චිත‍්‍රපටයක රඟපෑම. මට ඒ සුභ පණිවිඩය ලැබුණේ ජනවාරි 01 වෙනිදායි. සුනිල් සර් මට දුරකථනයෙන් අමතා මේ බව දැනුම් දීපු වෙලාවෙ මට අදහාගන්නට බැරි වුණා. ඉතින් මේ දිනවල මගේ උපරිමයෙන් ඊට සූදානම් වෙමින් සිටිනවා.
 
 නිමල් ෆ‍්‍රැන්සිස්

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles