Divaina - ‘හම්බ කරන්න බලාගෙන කලාවට එන අය වරදට පෙළඹෙනවා වැඩියි’... නිලන්ති විජේසිංහ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

cinamaka444


සුජීව තත්සර

nila333සිංහල සිනමාව වර්ණවත් කළ ‘දෙවැනි ගමන’ චිත‍්‍රපටයේ ‘නීලා’ සහ පුංචි තිරය රස ගැන්වූ ‘කඩවර’ ටෙලි නාටකයේ ‘ආනක්කා’ චරිත තුළ ජීවත් වෙමින් ඈ විදහාලූ රංගන දක්ෂතා මෙරට පේ‍්‍රක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කෙරුමට සමත්කම් දැක්වූවා ය. සිනමාව, පුංචි තිරය සහ වේදිකාව ද සිය රංගනයන්ගෙන් වර්ණවත් කරමින් පැමිණි ඇගේ කලා දිවිය අද දශක පහ අභිමුවටම පැමිණ ඇති මොහොතක, නිලන්ති විජේසිංහ නම් වූ මේ ප‍්‍රවීණ සම්මානනීය රංගනවේදිනිය සමග ‘දිවයින සිනමා කලා’ පැවැත් වූ කතා බහක සංක්‍ෂිප්ත සටහන මෙසේ ගෙන හැර දක්වමු.

1968 දී මෙරට රූප රාජිනිය ලෙස කිරුළ පැළª ඔබ පසු කලෙක කලා ලොව තුළ දිගු ගමනක නියැලෙනවා. එ් අතීතයට යමින් අපේ කතාවට ප‍්‍රවේශ වුවහොත්....

අපේ රටේ රූප රාජිනිය ලෙස කිරුළ දිනීම ම නිසා නෙවෙයි මම කලාවට පිවිසෙන්නේ. නමුත් මම පාසලේදී කලාව සහ සබැඳි බොහෝ දේ සිදු කළා. සාරි පටලවාගෙන රඟපෑමට මට හරි ආශාවක් තිබුණා. එ්ක නිකන් පිස්සුවක් වගේ කීව්වත් වරදක් නැහැ. නමුත් මගේ අම්මා මම කලාවට පිවිසෙනවාට කැමැත්තක් පෙන්වූයේ නැහැ. ඕවට ගිහිල්ලා එක එක අයගෙන් කතන්දර අහන්න බෑ කියලයි ඇය නිතරම කිව්වේ. අපේ සිනමාවේ ප‍්‍රවීණතම චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වන ජී.ඞී.එල්.පෙරේරා මහතා මගේ පියාගේ හිතවතෙක්. එ් මහත්තයා එයාගේ ‘දහසක් සිතුවිලි’ චිත‍්‍රපටය වෙනුවෙන් ප‍්‍රධාන රංගන ශිල්පිනියක් සොයමින් තමයි ඉඳලා තියෙන්නේ. ඉතිං ජී.ඞී.එල්. මහත්තයා අපේ තාත්තාට කියලා තියනවා, විජේ, මට දුවව දෙන්න මේ චරිතය වෙනුවෙන් ම කියලා. එ් වෙනකොට මම උසස් පෙළට මුහුණ දීලා ගෙදර හිටියේ. අම්මා මට රඟපාන්න ඉඩ නොදෙන එක ගැන මම ටිකක් මුරණ්ඩුවෙන් හිටියේ. කොහොම හරි අවසානයේ මට ටික කලකට රඟපෑම වෙනුවෙන් අම්මා අවසරය ලබා දුන්නා. ඊට පස්සේ තමයි මම ජී.ඞී.එල්. මහත්තයාගේ ‘දහසක් සිතුවිලි’ චිත‍්‍රපටයේ එදා සිටි ප‍්‍රවීණතම රංගධරයකු වූ ටෝනි රණසිංහයන් සමග ප‍්‍රධාන චරිතය නිරූපණය කළේ. එ් මගේ ප‍්‍රථම සිනමා රංගනය. ඊට පසුව ‘දහසක් සිතුවිලි’, ‘දැවෙන පිපාසය’, ‘හරි මඟ’, ‘තිසාහාමී’, ‘පූජිතයෝ’, ‘සඳ නැග එද්දී’, ‘දෙවැනි ගමන’, ‘සුද්දිලාගේ කතාව’, ‘සිත්තර පැංචා’ සහ ‘රෝස කැළේ’ ඇතුඵ චිත‍්‍රපට තිහකට ආසන්න ප‍්‍රමාණයක විවිධ චරිත නිරූපණය කළා. ‘සුද්දිලාගේ කතාව’ චිත‍්‍රපටයේ ‘පීටර්ගේ ගෑනි’ චරිතයත් මගේ රංගන දිවියේ සන්ධිස්ථානයක් වුණා. කොහොම වුණත් සිනමාව වෙනුවෙන් මා කළ කී දෑ වෙනුවෙන් මෙතෙක් කිසිම ඇගයීමක් සිදු නොවීම නිසා මා කනගාටුවෙන් පසු වන බවත් කිව යුත්තක්. කලා ශිල්පියකුට දෙයක් ලැබෙනවා නම් එය ඔහු හෝ ඇය මියයෑමට ප‍්‍රථමයෙන් ලැබිය යුත්තේ.

ඔබේ විවාහයත් සමග... කලා ගමනට නැවතත් තහංචි වැටෙනවා...

ඔව්නේ. 1970 දී තමයි මම විවාහ දිවියට ඇතුළත් වෙන්නේ. එතකොට හිටියේ කුරුණෑගල. කොහොම හරී මගේ නැන්දම්මයි මාමණ්ඩියි මම රඟපාන එකට විරුද්ධ වුණා. ඔහොම ඉඳලා කොහොම හරි අවසරය ලැබෙන්නේ ‘දෙවැනි ගමන’ චිත‍්‍රපටය වෙනුවෙන්. එ් කියන්නේ මගේ කලා දිවියේ දෙවැනි ගමන ආරම්භ වෙන්නේ ‘දෙවැනි ගමන’ චිත‍්‍රපටය හරහා.

ඔබ රූපයෙන් ලස්සනට හිටියට රඟපෑම ගැන අවබෝධයක් තිබුණේ නෑ නේද...

nila222ඇත්තෙන්ම ඔව්. මට කලාවට ආශාවක් තිබුණට රංගනය ගැන හැදෑරීමක් තිබුණේ නැහැ. පාසලේ දී කරපු ටික විතරයි. හැබැයි ජී.ඞී.එල්. මහත්තයාගේ චිත‍්‍රපටයට ආවාට පස්සේ ඔහුගේ ‘කලා පෙළ’ හා එක්ව නාට්‍ය සහ රංග කලාව පිළිබඳව හැදෑරීම් සිදු කිරීමට අවස්ථාව ලැබුවා. එ් මහතාගේ වේදිකා නාටක බොහොමයකටත් රංගනයෙන් දායක වුණා. එ් අතරතුර පොත් පත් කියෙව්වා. චිත‍්‍රපට බැලූවා. මේ සෑම දේ හරහා චරිත ගොඩනඟා ගැනීමටත්, මනස හදා ගැනීමට සහ කැපවීම් සිදු කිරීමේ වැදගත් කම පිළිබඳවත් මා උගත්තා. එ් ආ ගමන තමයි අද මේ යමින් පවතින්නේ. ලස්සන විතරක් තිබිලා කලාව කරන්න බැහැ. අද නම් කලාව වෙළෙඳාමක් බවට පත්වෙලානේ තියෙන්නේ. අද හැම චරිතයකටම ලස්සන ඕනෑ නෑ. නමුත් තමන්ගේ මනසින් චරිත හදාගෙන පිටපතට අනුව එ් චරිත තුළ ජීවත් වෙන්න රංගන ශිල්පීන් උගත යුතුයි. එයට කැපවීම සහ හික්මීමත් ඉතාම අවශ්‍ය අංගයන්. ඔළුවේ විවිධ දේ තියාගෙනත් රඟපාන්න බැහැ. මම හිතන්නේ මමත් තවම කලාව ගැන ඉගෙන ගන්නවා කියලා. හුඟක් නවක අයට අද කලාව තමන් තුළ රඳා පවත්වා ගැනීමට නොහැකිව තිබෙන්නේ අධ්‍යාපනය, පවුල් පසුබිම, හික්මීම සහ කැපවීම නිසියාකාරව නොමැති නිසා. එ් වගේම කලාවේ දුර ගමනක් යෑමට නම් අපේ කලාකරුවන් අතර සහෝදරත්වයක් තබා ගත යුතුයි. එදා අපි මේ දේවල් ආරක්ෂා කර ගත්තා.

ඔබ පුංචි තිරයේ දී මතක හිටින රංගනයන් නිරූපිත කළ අපූරූ රංගනවේදිනයක්. එ් ගැන යමක් පැවසුවොත්...

මම කසාද බැඳලා කුරුණෑගල ඉන්න සන්ධියේ දී ම තමයි බර්ට‍්‍රම් නිහාල් නම් වූ අපේ ප‍්‍රවීණතම අධ්‍යක්ෂවරයා ‘කඩවර’ නම් වූ ඔහුගේ ටෙලි නාටකය වෙනුවෙන් මටම කියලා ලියපු ‘ආනක්කා’ චරිතයත් අරගෙන මාව හොයාගෙන එන්නේ. ‘ආනක්කා’ කියන්නේ ටිකක් කළු චරිතයක්. එ් නිසාම මගේ නැන්දා මාමා ඕකට අකමැති වුණා. මහත්තයා අකමැති වුණේ නැහැ. මේ වෙනකොට මගේ ළමයි පාසල් යනවා. ඉතිං මටත් හිතුණා මේ වගේ චරිතයක් කරලා හරි යන්නේ නෑ නේද කියලත්. එ් වගේම මිනිස්සු මොනවා කියයිද කියලත් ලොකු අවුලක හිටියේ. පස්සේ මම පිටපත පුතාට කියවන්න දුන්නා. එයා එ්ක කියවලා, තාත්තා කැමති නම් අම්මා කරන්න කිව්වා. ඊට පස්සේ තමයි මම මේ චරිතයට පණ පොවමින් පුංචි තිරයට ගොඩ වෙන්නේ. ‘ආනක්කා’ කියන්නේ අදටත් පේ‍්‍රකෂක මතකයේ සදාතනික වුණු චරිතයක්. ඊට පස්සේ මම ‘දෑ කැති මුවහත’, ‘මහ ගෙදර’, ‘හේලී’, ‘එකට ගැටුම’, ‘බිඳුණු බැදුම’, ‘ඉංගම්මාරුව’, ‘උතුරුකුරු සටන’, ‘පිපුණ මල්’, ‘චාතූර්යා’, ඇතුළු ටෙලි නාටක සියයක පමණ එකිනෙකට වෙනස් වූ චරිත මැව්වා. මම අවසන් වරට රඟ පෑ ‘ධරණි’ සහ ‘නෝ පාකින්’ මේ දිනවල විකාශය වෙනවා. පුංචි තිරය නිසා තමයි මම යම් සම්මානයක්, ඇගයීමක් ලැබුවේ. එ් ගැන සතුටක් තියනවා.

ඔබ අද වෘත්තීය මට්ටමේ රංගනවේදිනයක දැයි මා විමසුවොත්...

නැහැ. මම වෘත්තීය මට්ටමේ රංගනවේදිනයක් නෙවී. නමුත් අපේ වටිනාකමට ගෙවන්න වෙනවා. නිකන්ම රඟපාන්න බෑනේ. එ් වුණාට මම සල්ලි පස්සෙම යන ගැහැනියකුත් නෙවෙයි. හැබැයි අදටත් මට චරිත වෙනුවෙන් නම් කෑදරකමක් තියෙනවා. මම රංගනයට ආවේ ආශාවට වගේම මගේ ආත්ම තෘප්තිය නිසාවෙන්. අදටත් ඉන්නේ එ් අරමුණ ඇතිව. මම ආදායමක් තියන ගැහැනියක්. එ් නිසා කලාවෙන් ලැබෙන මුදලක් තියනවා නම් එ්ක මට සොච්චමක් විතරයි. මම ඉන් වැඩි මුදලක් යොදවන්නේ අසරණ වූවන්ට උපකාර කිරීම වෙනුවෙන්.

ඔබට ලැබුණු චරිත නිසා අපහසුතාවයට ලක් වූ අවස්ථා ගැන යමක් පැවසුවා...

මෙහෙමයි. මට විවිධ වූ නොගැලපෙන චරිත වෙනුවෙන් ඕනෑ තරම් ආරාධනා ලැබුණා. නමුත් මට ජීවිතයට අවශ්‍ය සියල්ල තිබුණු යම් ස්ථාවරයක සිටි නිළියක් නිසා මට එවැනි ආරාධනා අරගෙන එන්න එ් අයම පස්සේ බිය වුණා. එ් නැතත් මම ගොනා හැරෙන විදිහෙන් දන්නවා මූ මොකටද එන්නේ කියලා. කලාවට මුවා වෙලා අකටයුතුකම් කිරීම වැරදි කි‍්‍රයාවක්. කලාව කියන්නේ පූජනීය දෙයක්. අද බාල පරම්පරාව කලාවට එන්නේම හම්බ කරන්න බලාගෙන. එ් නිසා ඔවුන් වරදට පෙළඹෙනවා වැඩියි. බලාපොරොත්තුව හම්බ කිරීම නිසා ලැබෙන අවස්ථා ප‍්‍රතික්ෂේප කරන්නත් ඔවුන්ට බැහැ. එ් නිසාම එ් අයගේ ජීවන රටාව විසින් ම එ් අයව විනාශ කරලා තියෙනවා. තමුන් කවුද කියලා තමුන් ම හඳුනා ගත යුතුයි. අපිට තාම පිළිගැනීමක් තියෙන්නේ එ් නිසයි.

ඔබේ කලා දිවියේ ඉදිරිය පෙළ ගැසී තිබෙන්නේ කුමනාකාරයෙන්ද...

මා රඟපෑ චිත‍්‍රපට හතරක් එන්න තියනවා. රංගනවේදිනී නීටා ප‍්‍රනාන්දු මහත්මියගේ ‘ස්වර’, සංජය නිර්මාල් මහතාගේ ඵෙතිහාසික කතා තේමාවක් රැුගත් චිත‍්‍රපටයක් සහ ටෙලි නාට්‍ය කිහිපයකුත් තියනවා. රඟපෑම පිළිබඳව හැදෑරීමක් නැතිව දෙවියන් වහන්සේ පිළිබඳව විශ්වාසය තබා ගනිමින් දෙමාපියන්ට පින් සිදුවෙන්නට සහ මා ලැබූ ගුරුහරුකම් නිසාවෙන් මට සුදුසු චරිත තෝරා ගනිමින් මේ ගමන පැමිණි බවත් එ් නිසාවෙන්ම මා ඉතාමත් තෘප්තිමත් කලාකාරිනියක බවත් සතුටින් කියන්නට කැමතියි. අද මගේ සැමියා මිය ගොස් ඇතත් ඔහු මගේ කලා දිවියට එකතු කරපු ආලෝකය කිසිදා නොනිමෙන්නක් කියලත් කිව යුතුයි. මගේ දර්ශන පුතු සහ දැනට ඔස්ටේ‍්‍රලියාවේ සිටින මෛතී‍්‍ර පුතු සමඟ මම අද මගේ ජීවිතය සතුටින් සැහැල්ලූවෙන් ගෙවමින් පසුවෙනවා. එ් වගේම මට ආදරය කරන රසික ජනතාව නිරතුරුව ලැබ දෙන යහපත් වූ ප‍්‍රතිචාර නිසාවෙන් එ් ජීවිතය තවත් අර්ථවත් වෙනවා කියලා ඉතා සතුටින් කියන්න කැමතියි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles