Divaina - චත‍්‍ර වීරමන් දෙවන සිනමා නිර්මාණය.... ”ආයු” ළඟදීම රිදී තිරයට

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

aau333විශ‍්‍රාමික යුද හමුදාපති ජෙනරල් දයා රත්නායක මහතා සිංහල සිනමාවට නිෂ්පාදකවරයකු ලෙසින් දොරට වඩමින් ද, සිංහල සිනමාවේ නිළි රැජනිය වූ මාලිනී ෆොන්සේකාගේ දශක හයක රංගන චාරිකාවේ එකසිය පනස් පස් වන රංගනය සනිටුහන් කරනා චත‍්‍ර වීරමන්ගේ දෙවන සිනමා සම්ප‍්‍රාත්තිය වූ ”ආයු” ළඟදීම තිරගත වීමට නියමිතව ඇත. සිංහල සිනමාවේ වෙනසක් සනිටුහන් කළ ”ආලෝකා උදපාදී” චත‍්‍රගේ පළමු සිනමා නිර්මාණයයි.
 
 ජීවිතේ යනු විටෙක සුමට හා මිහිරි වූද විටෙක රළු හා අමිහිරි වූද පුද්ගල අද්දැකීම් සමුදායකි. ජීවිතේ කිසිවක් මිථ්‍යා නොවේ. එහෙත් පුද්ගලයන් ජීවිතේ මේ යථාර්ථය පිළිබ`දව අවධානය යොමු කරන්නේ සිය ජීවිත කටුක අත්දැකීම්වලට අභිමුඛ වන විටය. එවිට ඇතැමෙක් ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා වෙනුවට ජීවිතය සෙල්ලමට  ගනිමින් හෝ අවධදානමේ හෙළමින් හෝ ප‍්‍රශ්නවලින් පලා යෑමට උත්සහ දරයි. ඒ අතර ඇතැමෙක් ජීවිතයේ අරුත සොයයි. ඒ හරහා ඔවුන් තුළ හට ගෙන තිබෙන පරාජිත හැඟීම් තුනි වී ජීවත් වීමට හේතුවක් සැලසෙයි. හේතූන් හෝ අරමුණු රහිත ජීවිත තුළ
ආත්ම තෘප්තිය මුණ නොගැසේ. මෙසේ භෞතිකත්වය හා බැඳි ක‍්‍රියාත්මක වන්නා වූ අධ්‍යාත්මය සෙවීමේ මාවතට පිවිසෙන යෞවන ජීවිත දෙකක් ඔවුනට පොදු සන්ධිස්ථානයක මුණ ගැසීමේ දෛවෝපගත සිද්ධියක් අළලා ගෙතෙන විරාගික පේ‍්‍රම වෘත්තාන්තයක් ලෙස ”ආයු” කතා තේමාව ගෙතී පවතී.
 
 
aau444i

නීතිඥ සමන් වීරමන් මහතා ලියූ කතා පිටපත, චත‍්‍ර වීරමන් සහ ශක්ති වීරසිංහ එක්ව තිර රචනය ගොඩ නගා ඇත.
 
 පසුගිය දා ස්පාඤ්ඤයේ පැවැති බාසිලෝනා ආසියානු සිනමා උළෙල නියෝජනය කිරීමට සමත් වූ ”ආයු” සම්පූර්ණ ඩොල්බි ඇට්මොස් ශබ්ද තාක්ෂණ ක‍්‍රමයට අනුව නිර්මාණය වී ඇත.

 

aau444
 
 ”ආයු” වර්ණවත් කරන රංගනයෙන් සැන්ඩ‍්‍රා මාක්, ජගත් මනුවර්ණ, මාලිනී ෆොන්සේකා, අශාන් ඩයස්, කෙනෙර විතානගේ, සමනලී ෆොන්සේකා, සම්පත් ජයවීර, ප‍්‍රියන්ත සිරිකුමාර, තුමි`දු දොඩම්තැන්න, දසුන් පතිරණ, නලින් ලූසේනා, උදය අබේසුන්දර ඇතුළු විශාල නළු නිළි පිිරිසක් දායකත්වය දක්වා ඇති අතර, කැමරා කරණයෙන් කාලිංග දේශප‍්‍රිය, නිෂ්පාදන සැලසුම් හා කලා අධ්‍යක්ෂණයෙන් බිමල් දුෂ්මන්ත, සංස්කරණයෙන් සමන් ඇල්විටිගල, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්, අංග රචනයෙන් සහ කොණ්ඩා සැකසුමෙන් හර්ෂ මංජුල සම`ගින් හරුන් ෂයිඞීන්, ශබ්ද සැලසුම්කරණයෙන් ශෂික මාරසිංහ, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ, ඇඳුම් නිර්මාණයෙන් කුමාර කරව්දෙනිය, නිෂ්පාදන කළමනාකරණයෙන් ඉරේෂ් කරුණාරත්න, රේඛීය නිෂ්පාදනයෙන් ප‍්‍රීමාල් රණසිංහ සහ ශෂික ගණේගොඩ සම්බන්ධ වන ”ආයු” හි සහය නිෂ්පාදනයෙන් අනුරුද්ධ වීරමන් සම`ගින් සමන් වීරමන් දායකව ඇත. ”ආයු” වීරමන් බ‍්‍රදර්ස් ඉදිරිපත් කිරීමකි.
 
 සටහන - ඇන්ටන් ජේ. ප‍්‍රනාන්දු
 සිනමා කලා සංස්‌කරණය තිස්‌ස ගුණතිලක

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles