Divaina - උසස් කලා රසය පහුරක් කොට ගත නොහැකි ද? පසක් කරන්නට පරම සත්‍යය?

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 wata16 5අද දිනට යෙදෙන මහගම සේකර 45 වන ගුණානුස්මරණය වෙනුවෙනි.
 
 ”ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත වෙනින් අනික් දෙයකට අනිකෙක් සමත” යන සුභාෂිත කතුවරයාගේ පූර්වෝක්ත කවිය පවා විසංවාදයට ලක් කරමින් විවිධ කලා ක්ෂේත‍්‍රයන්හි කුසලතා පූර්ණ මිනිස්සු ලොව කෙතෙකුත් බිහි වූහ. මහගම සේකර එවැනි කුසලතා පූර්ණ සුදුර්ලභ මනුෂ්‍යයෙකි. එමතු ද නොව, ඔහු ප‍්‍රතිභාපූර්ණ කවියෙකි. ගීත රචකයෙකි. නවකතාකරුවෙකි. කෙටිකතාකරුවෙකි. නාට්‍ය රචකයෙකි. චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකි. චිත‍්‍ර ශිල්පියෙකි. ගුරුවරයෙකි. එහෙත් මහගම සේකර ප‍්‍රකට වූයේ හොද කවියකු මෙන් ම හොද ගීත රචකයකු ලෙස ය. මහගම සේකර රචනා කළ කාව්‍ය ග‍්‍රන්ථ අටකි. ඒවා නම්, ‘ව්‍යංගා’(1960), ‘සක්වාලිහිණි’(1962), ‘හෙට ඉරක් පායයි’(1963), ‘මක්නිසාද යත්’ (1964), ‘රාජතිලක ලයනල් හා ප‍්‍රියන්ත’(1967), ‘බෝඩිම’ (1970), ‘නොමියෙමි’ (1973) , ‘ප‍්‍රබුද්ධ’ (1977) රචනා කිරීමෙන් පසු මහගම සේකර මිය ගියේ ය. ඔහු මිය යන්නට මොහොතකට පෙර ‘ප‍්‍රබුද්ධ’ කාව්‍යයෙහි අත් පිටපත මහාචාර්ය ජෝතිය ධීරසේකර මහතාට සෝදුපත් බැලීම පිණිස භාර දුන්නේ ය. හවස ජෝතිය ධීරසේකර මහතාට දැනගන්නට ලැබුණේ මහගම සේකර මහතා හදිසියේ ම ජාතියට සමුදුන් බව ය. මේ සංසාරය නිවන ගමන පිළිබ`ද ගැඹුරු වූ අවබෝධයකින් යුතු ව සේකර කවිය භාවිත කළ බව සැබැවි.
 
 ‘‘අම්බරුවෝ අපි කමතේ
 
 කැරකි කැරකි යනවා’’ බැලූ බැල්මට සරල කවි පේළි හතරක් සේ පෙනෙන මෙම නිර්මාණය ජන කවියේ හුදු අනුකරණයෙකැ’යි තවත් කෙනෙකුට තර්ක කළ හැක. එහෙත් කිසිම ජන කවියක නැති ගැඹුරක්, අර්ථයක් ඉතාම සංයමයෙන් ධ්වනිතාර්ථවත් ලෙස සංග‍්‍රහ කර ඇති සේ ය. බුදු දහමට අනුව අපි සසර කතරේ දුක් අනුභව කරමින් ඇවිද යන්නෙමු. ඒ කමත පුරා ඇවිදින අම්බරුවන් ලෙස ම නොවේ ද?
 
 ‘‘කවුද කෙනෙක් කෙවිට අරන් අපි පස්සෙන් එනවා’’ යන්නෙන් ධ්වනිත කරනුයේ අප පස්සෙන් එතැයි සැලකෙන කර්මඵල ප‍්‍රතිවිපාකයෝම ය. ගොනා පසුපස කරත්තය එන්නා සේ අප කළ හො`ද නරක, පිං පව් ද එන බව කවියා ව්‍යංගයෙන් කී සැටි අපූරු ය. මේ සසර කතරේ ඇවිද යන කල උසස් ගුණ දහම් යටපත් වී නීහින ගතිගුණ මතු වන බව කවියා පවසන හැටි!
 
 ‘‘රන්වන් බැත පෑගි පෑගි - නොපෙනී යට යනවා
 
 රන්වන් බැත යට කරගෙන - මැඩුවන් මතු වෙනවා’’
 
 ජන සාහිත්‍යයේ ඇසුර තුළින් පුරන් වූ සිංහල කවිකෙත අස්වැද්දූ සො`දුරු ම මිනිසා මහගම සේකර වූයේ ය. සේකර සහජයෙන් ම ලද කවිකම ඔහුගේ පරිකල්පනයෙන් ඔපවත්ව වැඩුණේ සිංහල කවි කෙතම නියන් සායට වට ක`දුළක් ව තිබූ කලෙක ය. ඔහු ගැමි ජන ජීවිතය තුළ ලද අත්දැකීම් පේ‍්‍රමය වැනි මනෝභාව නිරූපණයට ද ඉවහල් කරගත් සේ ය.
 
 රන් එළියට හැන්දෑවේ මුදු කෙහෙ දිලිසෙන්නේ
 
 රන් ගෝමර පෙති ඉහලා ළමැද බබු`ඵවන්නේ
 
 රන්වන් වී කරලක් මෙන් බිමට නැමී ඉන්නේ
 
 රන් එතනා ඉපනැල්ලේ මොනවද අහුලන්නේ
 
 සංයමය ජන කවියේ ලක්ෂණයකි. මහගම සේකර ද
 
wata16 1 ජනකවියේ හරවත් ආභාසයට නතු වීම නිසා රන් එතනාට කියන කවිභාව පූර්ණ ගුණයෙන් පොහොසත් ව අපගේ ආධ්‍යාත්මය පෝෂණය කිරීමට සමත් ය. අර්ථ රසය මෙන් ම ශබ්ද රසය ද මනාව සංකලනය කළ පැදි පෙළ ධ්වනිථාර්ථ නංවයි.
 
 ළා ගොයමේ නිල් ඇවිත් පොළෙව වසා ගන්ටයි
 
 හිනා කිරෙන් කිරි වැදිලා කරලින් බර වෙන්ටයි
 
 ඇෙ`ග් පාට රන් කරලින් අස්වනු පී දෙන්ටයි
 
 හිතේ තියෙන දුක් කරදර අමතක කරලන්නයි.
 
 ව්‍යවහාර භාෂාව කාව්‍යෝචිත මාධ්‍යයක් බවට පත් කර ගැනීම ජන කවියාගේ සිරිතකි. තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් හෙළි කිරීම ස`දහා උචිත ම මාධ්‍යය එය යි. මහගම සේකර ද රන් එතනාට කියන කවි ස`දහා යොදා ගත්තේ ද මේ කාව්‍යෝචිත ගැමි ව්‍යවහාර බසම ය. උතුරන්න, දුරු වෙන්න, බර වෙන්න, වසා ගන්න, පී දෙන්න, කරන්ට, දෙන්ටයි, ලන්ටයි.... ආදී වචන ජන කවියා අනුව යමින් සේකර ද කාව්‍යයට සංඝටනය කරනුයේ දිලිසෙන්න, බබු`ඵවන්නේ, නැමී ඉන්නේ, අවුලන්නේ, වසා ගන්ටයි, වෙන්නයි, දෙන්ටයි.... ආදී ලෙසිනි.
 
 කාලෙට මහ වැහි වැහැලා සාගත දුරු වෙන්ටයි
 
 වේලි ලියැදි ගං ඇළ දොළ පිරි ගලා යන්ටයි
 
 වේ ලූණු වැලි බිම තෙත් වී නැවුම් සුව`ද එන්ටයි
 
 සාරව මුළු පොළොව එයින් ජීවය උතුරන්ටයි
 
 පරිකල්පනය, ප‍්‍රතිභාව, ව්‍යුත්පත්තිය, බණ්ධන චාතුර්යය ඇති කවියෙකුට සතතාභ්‍යාසයෙන් හො`ද කාව්‍ය නිර්මාණ බිහි කළ හැකි බවට හො`ද ම නිදසුනකි මහගම සේකරගේ රන් එතනාට කියන කවි. මේ නිර්මාණය පිළිබ`ද මහාචාර්ය සුචරිත ගම්ලත් මහගම සේකර සහ සමාජ යථාර්ථය කෘතියේ මෙවැනි සටහනක් තබා ඇත. ‘‘...... මේ ගීතයේ තිබෙන්නේ ස්වභාව ධර්මයේ බලවේගවලට යට වී එම බලවේග මැඬිමට අවශ්‍ය තාක්ෂණික සම්පත් අහිමි කරනු ලැබීම නිසා ස්වභාව ධර්මයෙහි වහලෙකු සේ ජීවත් වන ගොවියෙක් එම ජීවිතයේ පේ‍්‍රමය ප‍්‍රාර්ථනා කරනවාත් එක්ක ම අනාගතයේ උදාවන සේ සිතන සෞභාග්‍යය පිළිබ`ද ව හැ`ගීම් ඔහුගේ සිත තුළට ගලා එන ආකාරය මේ ගීතයෙන් ගෙන හැර දක්වනවා....’’
 
 wata16 3පුරන් වූ කවිකෙත පුරාවට නව කවියට අවැසි, නව බීජ කවිකෙත පුරා යළි රෝපණය කළේ මහගම සේකර බව සත්‍යවාදීව ම සැබෑ ය. ඔහුගේ සක්වාළිහිණි කාව්‍යය සංග‍්‍රහය එය තහවුරු කරන සාක්ෂියකි.
 
 ඉරට මුවාවෙන් ඉ`දගෙන ඉස පීරනවා
 
 ස`දට මුවාවෙන් ඉ`දගෙන ස`ඵ පළ`දිනවා
 
 දීප චන්ද්‍ර රේඛාවෙන් මූණ බලනවා
 
 වලාකුළෙන් අහස් තලෙන් බිමට වඩිනවා
 
 මේ කාව්‍ය රචනා බසෙන්, විරිතෙන් හා රීතියෙන් ජනකවියට කෙතරම් සමීපද? සේකරගේ සක්වාළිහිණියෙහි හා ව්‍යංගාවෙහි එන රචනා මේ සම්ප‍්‍රදායෙහි අග‍්‍රඵලය ම වන්නේ ය. එමතු ද නොව, ජනකාව්‍ය සම්ප‍්‍රදායට අනුගත ව කවි ලියූවන් අතර පුරෝගාමියා වූයේ මහගම සේකර ය. ඔහුට එසේ හරඹ පෑමට හැකි වූයේ ඔහු සතු වූ නිර්ව්‍යාජත්වය හා පරිකල්පන ශක්තිය නිසා ම යැයි විචාරකයෝ කියති. ගම්පහ, ර`දාවාන, කන්නිමහර, මහවත්තේ, මහගෙදර දී 1929 අපේ‍්‍රල් මස 07 වන ඉරු දින උපත ලැබූ සේකර, ගමේ හැදුන වැඩුන කවියෙකි. ඒ නිසා ම ඔහුට ජන සාහිත්‍යයේ ඇසුර නො අඩු ව ලැබුණේ ය. ඒ තුළින් ලද අත්දැකීම් උපයුක්ත කරගෙන නව කාව්‍යා කෘතියක් පිළිබඳ සේකර කළ අත්හදා බැලීමකි මේ,
 
 ‘‘අත්තන මල් සාය ඇන්ද
 
 සාරි ඔසරි නෙරිය බැන්ද
 
 ආල වඩන අන්ද මන්ද
 
 රටවට කර තෙයි
 
 අ`ගර ද`ගර අලූ ගෝමර
 
 අහල පහල පට්ටන්දර
 
 අතන මෙතන කින්ද මන්ද
 
 රංඩු දබර වෙයි’’
 
 ගැමි කවියේ ආකෘතිය, භාෂාව, විරිත තුළින් රබන් පද නාද ධ්වනිය මතු කරන සේකරගේ මේ කාව්‍ය පරිකල්පනයෙහි කූඨප‍්‍රාප්තිය සනිටුහන් වන්නේ ද සේකරගේ කවිය ගැඹුරු දෘෂ්ටියකින් අවලෝකනය වන්නේ ද මේ සාම්ප‍්‍රදායික ජනකාව්‍ය ලක්ෂණ ප‍්‍රතියමාන කරන නිර්මාණවල දී නොව, සිරි ගුනසිංහ අනුදත් නිස`දැස් කාව්‍ය සම්ප‍්‍රදාය තුළ දී ය. නිස`දැස් කාව්‍ය සම්ප‍්‍රදාය තුළ දී සේකර සිරි ගුනසිංහයන් ද සමතික‍්‍රමණය කළ බව කිව හැකි ය. මේ ඊට කදිම නිදසුනකි.
 
 ‘‘සිතුවමක් සංගීතයක්
 
 මවන විට හෝ රස වි`දින විට
 
 රැුඳෙයි සිත එක ම එක අරමුණක;
 
 උසස් කලා රසය
 
 පහුරක් කොට ගත නොහැකි ද?
 
 පසක් කරන්නට පරම සත්‍යය?’’
 
 පෘථග්ජන කලාකරුවන් තුළ නිසර්ගයෙන් ම පිහිටි මමත්වයේ වරපට ලිහා දැමූ සේකර නිරාමිස චිත්ත සමාධිය උදෙසා පුළුල් විදර්ශනා වැඩුවෙකි. අධිමානයෙන් හෝ හීනමානයෙන් මත් නොවුණු සේකර කිසිම කලෙක ජනප‍්‍රියත්වය හඹා නොගිය අතර ජනප‍්‍රියත්වය ඔහු හඹාගෙන ආවේ ය. මමත්වයේ බැමි බි`ද, උපේක්ෂාවෙන් මිනිස් වර්ගයා දෙසත්, ලෝකය දෙසත් ඔහු හෙලූවේ ගැඹුරු දෘෂ්ටියකි. අප ජීවත්වන ධනේශ්වර සමාජයේ කාසි නෝට්ටු සෙවීමට වෙහෙසෙන මිනිසාගේ ආධ්‍යාත්මික පරිහානිය හෙවත් දරිද්‍රතාවය සේකරගේ සානුකම්පිත දෘෂ්ටියට හසුවන්නේ මෙසේය.
 
 හිස ගිනිගත්තකු එගිනි නිවන ලෙස
 
 දුවගෙන යන්නේ මුදල් සොයන්නයි
 
 දුවපන් බලා නොයිද?
 
 ...............................................
 
 විකුණපන් සත්‍යය
 
 විකුණපන් යුක්තිය
 
 දයාව, විශ්වාසය
 
 මිනිසත් බව’’
 
 මුදලට ගිජුව මනුෂ්‍යත්වය විකුණාගෙන කෑමේ ඵලය කිම? ඉන් ම පවත්නා ධනේශ්වර සමාජයේ අභ්‍යන්තර දිළි`දුකම ප‍්‍රකාශ කිරීම නොවේ ද? එකී දිළිඳුභාවය විසින් ඇති කළ පීඩනය සේකර රාජතිලක ලයනල් සහ ප‍්‍රියන්ත කාව්‍ය සංග‍්‍රහයෙහිදී ඥානනය කර ඇත්තේ මෙසේ ය.
 
 රස්සාවල්
 
 තව ටික දවසක් යනකොට
 
 උපාධිකාරයොත්
 
 වැටෙයි ගැට කපන්ඩ
 
 මහගම සේකරගේ කාව්‍ය ව්‍යාපාරයේ කූඨප‍්‍රාප්තිය සනිටුහන් වන්නේ ප‍්‍රබුද්ධ කාව්‍යයෙනි. ප‍්‍රබුද්ධ වූ කලී විමුක්තිය සොයා යන විමුක්තිකාමි තරුණයෙකි.
 
 ‘‘සිද්ධාර්ථ එබැවින් අද
 
 නියත විවරණ මට දුන මැනව
 
 මේ ලියන මේසය ළ`ග
 
 මේ පුටුව මත හි`ද
 
 මෙසේ නියත විවරණ ලබන ප‍්‍රබුද්ධ අවසානයේ දී පසක් කරන සත්‍යය ප‍්‍රබුද්ධ කාව්‍යයේ මෙන් ම, මහගම සේකරගේ කවීත්වයේ ද, කවියාගේ ප‍්‍රඥා පාරමිතාවේ ද කූඨප‍්‍රාප්තිය වන්නේ ය. ඒ වූ කලී, මු`ඵ මහත් අද්‍යතන සිංහල කාව්‍ය විසින් ප‍්‍රත්‍යවේක්ෂා කරන ලද සත්‍ය ද වන්නේ ය. අපගේ කවි පරපුරෙහි සාමූහික ධී ශක්තිය විසින් සපුරන ලද්දා වූ කාව්‍ය පාරමිතාවෙහි අග‍්‍රඵලය ද වන්නේ ය.
 
 ‘‘යසෝදා
 
 පසක් කළා මම තවත් සත්‍යයක්
 
 සාගතයෙන් පෙළෙන තැනක
 
 වගා නොවන බව ධර්මය,
 
 සුන්දරත්වය, නිවන සත්‍යය
 
 .......................................................
 
 උත්තර සමාජයක් ගොඩනැගීමේ පළමු පියවර
 
 කෑමෙන් -බීමෙන්
 
 ඇඳුමෙන් -ගෙයින් දොරින්
 
 තෘප්තිමත් ලොවක් තැනීම ය.
 
 යහපත් භෞතික පරිසරයක් ගොඩ න`ගා ඒ මත ධර්මය වගාකොට උත්තරීතර සමාජයක් බිහි කිරීමේ සත්‍ය ප‍්‍රත්‍යවේක්ෂණය තෙක් මහගම සේකර කවියා, ගමන්ගත් මාර්ගය දුර්ග ම එකක් වූයේ ය. එතෙකුදු මායාවෙන් අරඹන ලද කවියාගේ ගමන් ම`ග අවසන් වූයේ ප‍්‍රබුද්ධ මුණගැසෙන තැනිනි. සංස්කරණය - රුවන් ජයවර්ධන
 
 දර්ශනපති,  මහේෂ් කි‍්‍රශාන්ත
 
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles