Divaina - ජාතක කථා විනිවිද දුටු වික‍්‍රමසිංහ චින්තනය

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 wata16 6‘‘පන්සිය පනස් ජාතක පොත් වහන්සේ’’ යහ වන්දනීය වදනින් ජනතා වන්දනාවට පත් ජාතක කථා පොත මෙරට පොදු ජන සාහිත්‍යයේ උත්තම අංගය වශයෙන් ප‍්‍රණමිතය. ජන දිවිය උදෙසා උවදෙස් දෙමින්, උපතේ සිට විපත දක්වා යහමඟ කියා ලූ මුනිවර බණ කථා මාලාව වූයේ මේ ජාතික කථා සමූහ සංග‍්‍රහය යි.
 
 මාර්ටින් වික‍්‍රමසිංහ මෙලෙස පොදු ජන දිවියට අරක්ගත් ජාතක කථා වින්දනය කළේ අපූරු චින්තනයකින් උපේතවය. ඔහු මේ කථා බොහොමයක් අගය කළේ හුදු කථා ප‍්‍රබන්ධ ලෙස නොව, ආධ්‍යාත්මික චරිත විදහා පෑ මානව ජීවිතය විනිවිද දුටු මනෝ විiාත්මක රචනා වෙසෙසක් වශයෙනි. හුදු දේව භක්තිය නංවා ලූ දසට පොරණ කථාවලින් මෙන් නොව, ජාතක කථාවලින් මතු කළ හැකි චෛතසික විඥානය මාර්ටින් වික‍්‍රමසිංහ සිය ලිපි රචනා හා විචාර ග‍්‍රන්ථ රැුසක් මගින් උද්දීප්තියට පත්කළේය. ඒ සාහිත්‍යකරුවකු මෙන්ම මනෝචිකිත්සකයකුගේ ද විලාසයෙනි. ‘‘දෙසීයක් අවුරුද්දක් ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීමටත් මානව චරිතය පිළිබඳ දැනුමටත් තැන්පත් නුවණටත් වැඩි අත්දැකීමක්, මානව චරිත දැනුමක් හා තැන්පත් නුවණක් ද ජාතක පොත උගැන්මෙන් ලැබිය හැකිය.’’ මාර්ටින් වික‍්‍රමසිංහගේ ‘‘බණ කථා සාහිත්‍යය’’ නමැති කෘතියෙන් උදුරාගත් මේ කියුම ජාතක කථා පිළිබඳ ඔහුගේ චින්තනය විභාග කිරීමට බෙහෙවින් උචිතයැ යි හැෙඟ්. හුදු කථා පෙළක් මගින් අත්දැකීම, දැනුම හා තැන්පත් නුවණ නොව භක්තිය, ත‍්‍රාසය හා තැතිගැන්ම ජනනය කරන්නේ ගතානුගතිකත්වය තුළිනි. එහෙත් ජාතක කථා ආධ්‍යාත්මික ගුණාංග මතුකරන චෛතසික විඥානය රැුඳී නිර්මිත බව වික‍්‍රමසිංහ ගැඹුරින් විනිවිද දකියි.
 
 wata16 4බෞද්ධ චිත්ත චෛතසික විභාගයේහිදී කියැවෙන ජාගර සිතට පිවිස මතුවන වංචක ධර්ම පිළිබඳව ජාතක කථා කිහිපයක් අනුසාරයෙන් ඔහු පෙන්වා දී ඇත. ඉන් එක් කථාවක් නම් චුල්ල ජලෝභන ජාතකය යි. එහි එන අසනඝ කුමාරයා ගැහැනුන් නොඉවසූ කෙනකු වූයෙන් කුඩා කල කිරි බීවේ ද තිරයක් තුළින් මතු කළ තන පුඩුව උරාය. උපන්දා සිට එසේ විසූ මොහු අවසානයෙහිදී ගැහැනියකගේ ගීත නාදයක් අසා රාගයෙන් මත්ව මාහැර අනිකකු ස්ත‍්‍රීන් හා ආස්වාදයේ නොබැඳිය යුතුයි සිතා වීදියට බැස අන් පිරිමින් පොලූ ගසා තාඩනයට පත් කළේ යටපත්ව තැබූ රාගය වංචක ධර්මයක් ලෙස අනර්ථකර අයුරින් මතුවීමෙනැ යි වික‍්‍රමසිංහ අර්ථ දක්වයි. කුස කුමරා ගැහැනුන් පිළිකුල් කරන තැනට පත්වූයේ ද කාමරාගයේම අනික් වේශයක්, එනම් වංචක ධර්මයක් ලෙසින් බව ඔහු චිත්තනාත්මකව මෙසේ පෙන්වයි.
 
 ‘‘කුස රජ පබවතිගේ මුහුණට කෙළ ගැසුවේ ඔහුගේ සිතෙහි වැදි චෛතසිකයක් මතුවූ හෙයිනි. කුස රජුගේ සිතෙහි සැඟවී සිටි වැද්දා ඒ හිංසනයෙන් ආස්වාදය ලැබුවේය. කුස රජ බත් උයනු, වළං සෝදනු දැනගත් පබවතිගේ යටි සිතෙහි සැඟ වී සිටි වැද්දා ද සන්තෝෂ විය.’’ (සිංහල විචාර මඟ 46 පිටුව)
 
 රාග චෛතසිකයක වංචක ධර්මයක් අනික් ලෙසින්, එනම් මාත්සර්ය චිත්තයක් විලසින් මතුවීමක් සේ දැක වික‍්‍රමසිංහ ඡුද්දන්ත ජාතතය ද විමංසනය කරයි. මේ ජාතක කථාවේ රජ බිසවට ඡුද්දන්ත නම් ඇත් රජුගේ දළ දැකීමේ දොළක් පහළ වූයෙන් විපිළිසර වී මනා ආරක්‍ෂාවෙන් වැජඹෙන ඇත් රජු මරා දළ රැගෙන එන ලෙස සෝනුත්තරනම් වැද්දෙකු යොදවයි. වැද්දා ද දහසක් ගැහැට විඳ ඇත් රජු වසන වන රජදහනට වැදී අපමණ දුක් දී දළ යුවළ කපා ගෙනැවිත් බිසවට සමීපකළ පසු ඕ ළය පැලී මිය යන්නීය. මේ කථාව විමසන වික‍්‍රමසිංහ බිසවට දළ යුවළ දැකීමෙන් ශෝකය මතුවීමත්, ළය පැළී මියයෑමත් දකින්නේ පෙර යම් භවයක තම සැමියා වූ ඇත් රජු කෙරෙහි පැවැති අපමණ සෙනෙහස අවදි වී දරාගත නොහැකි වූ ප‍්‍රකම්පනයට පත්වීමක් ලෙසිනි. මේ මුළු කථාවේ ම පරිසර වැනුම පවා ආධ්‍යාත්මික ස්වරූපයක් ගන්නා බව වික‍්‍රමසිංහ පවසයි. බිසවක හා ඇතකු ඇසුරුකොට ලියූ අභූත කථාවක් සේ පෙනී ගිය ද මේ කථාවේ අධ්‍යාත්මික සත්තාව හා බැඳි චරිත දැකීමට සමත්වීම අපූරු චින්තනයකි.
 
 මහා කපින ජාතකයෙහි දෙසතියක් හාමත් වූ පුරුෂයා තමා නරා වළෙන් ගොඩ ලූ වානරයා මරා කෑමට ගලකින් තලා හිස පොඩි කළ පුවත වික‍්‍රමසිංහ දකින්නේ හුදු කථා මාත‍්‍රායක් වශයෙන් නොව, සාගින්නෙන් විකල වූ කල මිනිස් සිත කි‍්‍රයා කරන සාහසික ගූඨ විලාසය හුවා දැක්වීමක් ලෙසිනි. කාන්තාරවල තනිවූ නූතන මිනිසුන් පවා සාගින්න තියුණු වූ කල උනුන් මරා කෑ ඇතැම් පුවත් ඔහුගේ දැක්මට දෙස් දෙයි. හාමත් වූ තැනැත්තා ප‍්‍රකෘතිමත් වූ පසු තමා වඳුරාට කළ අපරාධය යළි යළිත් සිහිකරමින්, භයංකර දුක් විඳිමින් සත් වසරක් පීඩා ලැබීම ද මනෝවිiාවට එකඟය.
 
 නච්ච ජාතකය වස්තුවෙන් ආඪ්‍ය වූ පුද්ගලයකු පැවිදිවීමෙන් පසු ද පුරුදු පරිදි අධි පරිභෝජනයෙන් යුක්තව වාසය කරනායුරු විදහා පායි. මේ භික්‍ෂුව තුන් සිවුරට අමතරව සිවුරු රැුසක් ඇතිව ද මාළුපිණි ආදිය සහිතව රුචි වූ පරිදි දානමානාදිය සප්පායම් වෙමින් ද වාසය කරයි. මේ බව බුදුන්වහන්සේට සැල කළ පසු උරණ වූ මේ භික්‍ෂුව ‘‘මා හට කියන්නේ මෙලෙස සිටින්නද ’’ යි එකටෙක කියා සියලූ සිවුරු උනා දමා නිරුවතින් සිටි විලාසය මාන්නය හා බැඳි ගුප්ත මමංකාරය නිරූපණය කිරීමක් සේ වික‍්‍රමසිංහ අර්ථ දක්වා විග‍්‍රහ කරයි.
 
"The Buddhist Jataka Stories and The Russion Novel", නම් වික‍්‍රමසිංහ ඉංග‍්‍රීසියෙන් ලියූ ග‍්‍රන්ථය ප‍්‍රස්තුත දෙකක් පිළිබඳව, එනම් ජාතක පොත හා රුසියානු නවකථාව අරඹයා ඔහුගේ ප‍්‍රසම්බන්ධතා දැකීමේ කුසලතාවට හා ජාතක පොත කෙරෙහි යොමු කළ අපූරු චින්තනයට ද දිය හැකි මහඟු නිදසුනකි. මේ ග‍්‍රන්ථය තුළින් ඔහු මතුකරන්නේ ඩස්ටවුස්කි, ලියෝ ටෝල්ස්ටෝයි, මැක්සිම් ගෝර්කි හා ඇන්ටන් චෙකොෆ් වැනි රුසියානු නවකථා හා කෙටිකථාකරුවන් මිනිසාගේ උතුම් ගති මෙන්ම අධම ගති ද ගෙන ආධ්‍යාත්මික චරිත නිරූපණය කළ බවයි. මේ කෘතිවල නිර්මිත චරිත අරුමැස ිචරිත :ඍදප්බඑසජ ක්‍ය්ර්ජඑැරි) නොව, ඇතුළු හද හෙළිකරන යථාර්ථවාදී චරිත බව පවසන වික‍්‍රමසිංහ ඒ අනුව ජාතක කථාවල හා රුසියානු නවකථාවල සුසමාහිත බවක් දකියි. කලාත්මක නිර්මාණය හා චරිත නිරූපණය විසින් නොව, වස්තු විෂය හා අර්ථය විසින් රුසියානු නවකථා මෙන්ම කෙටි කථා ද ජාතක කථා රීතියට ළං වන බව ද හේ ස්ථුට කරයි.
 
 මීට අවුරුදු දෙදහසකටත් පෙර ආධ්‍යාත්මික චරිතත් ඒ චරිතයන්ට අදාළව චිත්ත චෛතසික ධර්මත් හෙළිකරන කථා බෞද්ධ භික්‍ෂූන් අතින් ලියැවී ඇතැයි කියන වික‍්‍රමසිංහගේ දැකීමෙන් හා යට කළ දිගු විවරණයෙන් ද මාහැඟි ලෙස සනාථ වන්නේ ජාතක කථා විනිවිද දුටු චින්තනයේ පෘථුලාර්ථය යි.
 
 මාර්ටින් වික‍්‍රමසිංහ ජන කෞතුකාගාරයේ අධ්‍යාපන හා පරිපාලන උපදේශක
 ජේ. ජයනෙත්ති

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles