Divaina - පළාත් සභා මන්ත‍්‍රී සංසදයේ බාරය... දීමනා නැතිව වැඩ කරන්න එජාප හිටපු මන්ත‍්‍රීවරුන් කැමතියි... අමතක නොවන ෂාන්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

maagam1351කොරෝනා වසංගතය අස්සේ පළාත් සභා මැතිවරණය පිළිබ`ද සමාජ කථිකාවක් නිර්මාණය වී තිබේ. මේ වනවිට දකුණු පළාතේ පොහොට්ටුවේ හිටපු මන්ත‍්‍රීවරු පළාත් සභාවෙන් වන සේවය පිළිබ`දව මහා සංඝරත්නය ඇතුළු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරති. ගම සමග පිළිස`දරක් වැඩසටහන ස`දහා සහභාගි වන පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු මේ පිළිබ`දව ග‍්‍රාමීය ප‍්‍රජාව ද දැනුවත් කිරිමට කටයුතු කරති. ඒ අතර ‘පළාත් සභා එපා’, ‘නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් ඇති කරනු’ ආදි වැකි සහිත පෝස්ටර්වලින් ද මේ දිනවල නගරයේ තාප්ප වැසී ගොස් තිබේ.
 
 පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට රක්ෂාවක් දෙන්න ඕන නිසා තමයි පළාත් සභා මැතිවරණය පවත්වන්න හදන්නේ. මෙවැනි කථාද අසන්නට ලැබේ. මේ කථාවන්ට ජනතාව අතරට ගොස් හිටපු පළාත් සභා මන්ත‍්‍රිවරු පිළිතුරු බඳිති. මේ අතර පොහොට්ටුවේ පළාත් සභා මන්ත‍්‍රී සංසදයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු පිරිසක් අනුරාධපුරයට ගොස් ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ ඉදිරියේ බාරයක් වූහ. දකුණු පළාත් සභාවේ සභාපති කේ.ඒ. සෝමවංශ, හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආරියවංග සම්මු, මන්ත‍්‍රී සංසදයේ සභාපති කංචන ජයරත්න, හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. කොරෝනා වසංගතය දුරුවී රටට සෞභාග්‍යය ප‍්‍රාර්ථනා කිරීම, රජයට සෙත්පැතීම මෙන්ම පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට හැකිවේවා යන අරමුණින් මන්ත‍්‍රී සංසදයේ මන්තී‍්‍රවරු ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට පූජාවක් පවත්වා ප`ඩුරු ගැටගැසූහ. ඉන්පසු මන්ත‍්‍රී කණ්ඩායම අටමස්ථානාධිපති නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය දැනුවත් කිරීමට කටයුතු කළහ. ‘‘අපි කියන්නේ කොරෝනා වසංගතය මේ රටින් තුරන් වූ පසු පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා. 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පළාත් සභා ක‍්‍රමය අපිට පටවපු එක ඇත්ත. ඒත් පළාත් සභා ක‍්‍රමයට වසර 32ක් වෙනවා. දැනට ඇමැතිවරුන් හා මන්ත‍්‍රීවරුන් පමණයි නැත්තේ. පළාත් සභා ස`දහා රජය මගින් වෙන්වන මුදල් ලැබෙනවා. ඇමැතිවරුන්ට මන්ත‍්‍රීවරුන්ගේ වියදම් නැතිව සියලූ මුදල් වැයවෙනවා. අද තනි ආණ්ඩුකාරවරයෙක් තමයි පළාත් සභාව පාලනය කරන්නේ. මුදල් අනුමත කරන්නෙත් ඔහු. වියදම් කරන්නෙත් ඔහ.ු ඒක වැරදියි.’’ දකුණු පළාත් සභාවේ සභාපති කේ.ඒ. සෝමවංශ මහතා නාහිමිවරුන් දැනුවත් කරමින් එසේ කීවේය.
 
 දීමනා නැතිව වැඩ කරන්න එජාප හිටපු මන්ත‍්‍රීවරුන් කැමතියි
 
 පළාත් සභා යළි සකී‍්‍රය කළ යුතු බවට ශී‍්‍ර.ල.නි. පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ශී‍්‍රලනිප මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කොට තිබුණි. මෙම යෝජනාවත් සමග දකුණු පළාත් සභාව නියෝජනය කළ එජාප හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු ද මේ ගැන කථා කරන්නට වූහ. එජාප හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරයක් මේ වන විට සමගි ජන බලවේගය නියෝජනය කරති.
 
 ‘‘අපි මේ ගැන එකතුවෙලා සාකච්ඡුා කරමු’’ ජයන්ත ජයවීර හිටපු මන්ත‍්‍රීවරයා සංජීව කරුණාතිලක හිටපු මන්ත‍්‍රීවරයාට දුරකථන ඇමතුමක් ගෙන කීවේය. ඒ අනුව සංජීව කරුණාතිලක මන්තී‍්‍රවරයාගේ මැදිහත්වීමෙන් දකුණේ හිටපු එජාප මන්ත‍්‍රීවරු 15  දෙනාගෙන් 12 දෙනෙක් ගාල්ල කොටුවේ පිහිටි හෝටලයක රැුස්වී මේ ගැන සාකච්ඡුා කළහ. හදිසි කටයුත්තක් යෙදී තිබුණු නිසා හිටපු විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේට මේ ස`දහා සහභාගි වීමට නොහැකි විය. ‘‘පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැතිනම් තියෙන පළාත් සභා සකී‍්‍රය කළ යුතුයි. එහෙම වුණොත් කිසිදු දීමනාවක් නැතිව සේවය කරන්න අපි සූදානම්’’ අශෝක ධනවංශ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා කීවේය. ‘‘පළාත් සභා කල්දැමීම ගැන පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුත් දැඩි කලකිරීමෙන් ඉන්නේ. දකුණු පළාත් සභාවේ ඇතැම් නිලධාරීන් ආණ්ඩුකාරතුමාට කෝකා පෙන්නල වැඩ කරනවා. ඉහළ නිලධාරීන් අතිකාල දීමනා විශාල වශයෙන් ගන්නවා. අනවශ්‍ය වියදම් විශාල ලෙස වැඩිවෙලා’’ හිටපු මන්ත‍්‍රීවරු කීහ. ‘‘ආණ්ඩුකාරතුමත් කියලා තියෙනවා පළාත් සභා මැතිවරණය තිබිය යුතුයි කියලා’’ සංජීව කරුණාතිලක හිටපු මන්තී‍්‍රවරයා කීවේය. ‘‘පළාත් සභාව නියෝජනය කරපු පොහොට්ටුවේ මන්ත‍්‍රීවරු 33 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. නමුත් පළාත් සභා සුදු අලියෙක් නෙවෙයි. පළාත් සභාව තුළින් විශාල සේවාවක් කරන්න පුළුවන් කියලා හිටපු මහ ඇමැති ෂාන් මහත්තයා කියලා තිබුණා. පළාත් සභාවේ ඉඳලා පාර්ලිමේන්තු ගිය පොහොට්ටුවේ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට අද පළාත් සභාව අමතක වෙලා’’ අශෝක ධනවංශ, සංජීව කරුණාතිලක, ජයන්ත ජයවිර යන හිටපු මන්ත‍්‍රීවරු කීහ. ‘‘අපිට අධිකරණයේ නඩුවක් වුණත් යන්න පුළුවන්’’ ජයන්ත ජයවීර කීවේය. පාඨලී චම්පක රණවක මන්ත‍්‍රීවරයා ගැන ද මෙහිදී මන්ත‍්‍රීවරු කථා කරන්නට වූහ. ‘‘පාඨලී ඇමැතිතුමා ගැන හැමතැනම කථා වෙනවා’’ නිහාල් වෙදආරච්චි කීවේය. අශෝක ධනවංශ, සංජීව කරුණාතිලක ඇතුළු මන්ත‍්‍රීවරු එය අනුමත කරමින් කථා කළහ. ‘‘අපි මාසයකට වරක් හමුවෙලා දේශපාලන කාරණා ගැන මෙන්ම පළාත් සභාව ගැන කථා කරමු’’ සංජීව කරුණාතිලක මන්ත‍්‍රීවරයාගේ යෝජනාවට සියලූ දෙනාගේ එක`ගතාව පළවිය.
 
 ටී.වී.කේ. සජිත්ගෙන් කළ ඉල්ලීම
 
 ටී.වී.කේ. ගාමිණි දකුණු පළාත් සභාවේ හිටපු පෙරළිකාර මන්තී‍්‍රවරයෙකි. ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ස`දහා හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් තරග කොට ලැයිස්තුවේ 4වැනියා බවට පත්විය. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මුල්කිරිගල විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගී විය. ඒ දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේගේ ආරාධනයෙනි. මෙහිදී නිලමේ සිය කථාවේදී සජිත්ගේ ගුණ ගැයීමට ද අමතක කළේ නැත. නියත වශයෙන්ම 2025 දී සජිත් පේ‍්‍රමාදාස මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන බව නිලමේ කීවේය. වත්මන් ආණ්ඩුව හෙතෙම දැඩි ලෙස විවේචනය කළේය. ‘‘මේ ආණ්ඩුවට දිට්ඨධම්ම වේදනීය කර්මය පලිසන් දීලා’’ නිලමේ කියන්නට විය. මේ අතර හිටපු මන්ත‍්‍රී ගාමිණි සජිත් අසලට කිට්ටු විය. ‘‘සර් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට මම තරග කළේ කිසිදු තනතුරක් නැතිව. මම ලැයිස්තුවේ 04 වැනියා වුණා. මට මුල්කිරිගල ආසන සංවිධායක ධුරය ලබාදෙන්න’’ ගාමිණි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ‘‘සංවිධායක ධුරයකට මම සුදුසු නැද්ද?’’ ගාමිණී විපක්ෂ නායකවරයාගෙන් අසන්නට විය. ‘‘ගාමිණි ඔයාට සියලූ දෙනාට වැඩිය සලකනවා. කලබල නොවී ඉන්න’‘ විපක්ෂ නායකවරයා ගාමිණීට කීවේය.
 
 අමතක නොවන ෂාන්
 
 දකුණු පළාතේ හිටපු මහ ඇමැති ෂාන් සෑම වර්ෂයකම ජනවාරි පළමු වැනිදාට කොයිකාටත් අමතක නොවන චරිතයකි. මක් නිසාද යත් ජනවාරි 01 වැනිදින වැඩිදෙනකු ෂාන් හමුවීමට යන්නේ ඔහු ලබාදෙන දිනපොත ලබාගැනීමටය. ඒ දිනපොත ඉතා වැදගත් දින පොතකි. මක්නිසාදයත් දකුණු පළාතේ සියලූ තොරතුරු මෙන්ම සියලූම ආයතන හා නිලධාරින්ගේ තොරතුරු එහි ඇතුළත්ව ඇති බැවිනි.
 
 අම්බලන්ගොඩ පොල්වත්තේ පිහිටි නිවසට ෂාන් හමුවීමට ඔහුගේ නිවසට ගිය හිතවත්හු පිරිසක් දිනපොත ගැන සිහිපත් කළහ. ‘‘සර් ඉන්නකොට ඉතින් අවුරුද්දට දිනපොතක්වත් දුන්නා. දැන් ඒ සියලූ දේවල් නතර වෙලා’’ ඔවුහු කියන්නට වුහ.
 
 කොරෝනා අස්සේ පාසල් විවෘත කිරීම
 
 කොරෝනා වසංගතය මැද නව පාසල් වාරය ආරම්භ වීය. දකුණු පළාතේ පාසල් 698ක් විවෘත කරනු ලැබීය. පාසල ආරක්ෂිත ස්ථානය යන හැඟීම දෙමව්පියන් තුළ ඇති කිරීම ස`දහා අවශ්‍ය සියලූ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී තිබුණි. පාසල් ආරම්භ වූ පසුගිය 11 වැනිදා දකුණු පළාතේ පාසල් සිසු සිසුවියන්ගේ පැමිණීමේ ප‍්‍රතිශතය සියයට 45.78කි. පාසල් සඳහා පැමිණිය යුතු සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව 3,86910ක් වන අතර පැමිණි සිසුන්ගේ සංඛ්‍යාව 177142කි. පාසල් ස`දහා ගුරුවරුන්ගේ පැමිණීමේ ප‍්‍රතිශතය සියයට 89.13කි. පැමිණිය යුතු ගුරුවරුන්ගේ සංඛ්‍යාව 31969ක් වන අතර පැමිණි ගුරුවරුන්ගේ සංඛ්‍යාව 28494කි. මේ වන විට දකුණු පළාතේ කොරෝනා මර්දන කටයුතු ද ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින අතර ගාල්ල බන්ධනාගාරයේ කොරෝනා පොකුර නිවා දැමීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකිවිය.
 
 ලලිත් චාමින්ද
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles