Divaina - කාටූන් කියැවීම.... දූෂණයට එරෙහිව ‘කහ පුවත්පත් කලාව’ හඳුන්වාදුන් පුලිට්සර්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

cart222මාධ්‍යවේදියකු, ප‍්‍රකාශකයකු, පුවත්පත් ආයතන හිමිකරුවකු, නීතිඥයකු, දේශපාලනඥයකු, දානපතියකු වූ සහ ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමනු ලබන විශිෂ්ටතම ත්‍යාගයක් වූ ‘පුලිට්සර් ත්‍යාගය’ (Pulitzer Prize) ලොවට ලබාදුන් ජෝශප් පුලිට්සර් (Joseph Pulitzer) 1847 අපේ‍්‍රල් 10 වැනි දින හංගේරියාවේ මාකේ නගරයේදී උපත ලැබීය. හංගේරියානු භාෂාවෙන් ඔහුගේ නම පුලිට්සර් ජැසෙෆ් (Pulitzer Jazef)) නම් විය. ඔහුගේ පියා ප‍්‍රදේශයේ ගෞරවණීය ව්‍යාපාරිකයකු වූ අතර පුලිට්සර්වරුන් යුදෙව් ජාතිකයන්ය.
 
 1857 පුලිට්සර්ගේ පියා වූ ෆෙල්ප් පුලිට්සර් ව්‍යාපාරවලින් විශ‍්‍රාම ගත්තේය. ඔහු තම දරුවන්ට පෞද්ගලික ගුරුවරුන් ලවා අධ්‍යාපනය ලබාදුන් අතර ප‍්‍රංශ සහ ජර්මන් භාෂාව ද ඉගැන්වීය. 1858 දී ෆෙල්ප් ගේ මරණයෙන් පසු ව්‍යාපාර බංකොලොත් විය. පවුලම දරිද්‍රතාවයට පත්විය. ජෝශප් පුලිට්සර් විවිධ යුරෝපීය හමුදාවන්ට එක්වීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වීමෙන් පසුව 1864 දී ඇමරිකාවේ බොස්ටන් නුවරට පැමිණියේය. ඉන්පසු ඇමරිකා සිවිල් යුද්ධ සමයේදී මාස අටක් යුද සෙබළෙකු වශයෙන් සේවය කළේය.
 
 යුද්ධය අවසන් වූ පසු පුලිට්සර් නිව්යෝර්ක් නගරයේ පස්වන වීදියේ පිහිටි ටෝනි ෆවුස්ට් නම් අවන්හලේ වේටර්වරයකු ලෙස සේවය කළේය. පුලිට්සර් විවේක වේලාවලදී ශාන්ත ලූවී වෙළඳ පුස්තකාලයේ ගත කළ අතර එහිදී ඉංගී‍්‍රසි භාෂාව ලිවීමට හා කියවීමට පුරුදු විය. 1867 මාර්තු 6 වන දින පුලිට්සර් හංගේරියානු පුරවැසිභාවය අතහැර ඇමරිකාවේ පුරවැසි භාවය ලබා ගත්තේය.
 
 1868 දී පුලිට්සර් බාර් එකක වැඩ කළ අතර බාර් එකට පැමිණි නීතිඥයන්, ශල්‍ය වෛiවරුන්, උගතුන් ඔහුව ෂේක්ස්පියර් ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වීමට පටන් ගත්තේ ඔහුගේ අසාමාන්‍ය අදහස් අනුවය. ඔහුගේ එම මිතුරන් ඔහුට අත්ලාන්තික් හා පැසිපික් දුම්රිය මාර්ගයේ රැුකියාවක් ලබා ගැනීමට උදව් කළේය. පුලිට්සර් වාර්තාකරණය ගැන දස්කම් දැක්වීය. ඔහු දාර්ශනික සංගමයකට බැඳුණු අතර බොහෝ බුද්ධිමතුන් රැුඳී සිටි ජර්මානු පොත් සාප්පුවකට නිතර ගියේය.

 

cart333
 
 මේ අතර පුලිට්සර් ‘ෂූර්ස්’ ගේ රිපබ්ලිකන් දේශපාලන පක්‍ෂයට බැඳුනි. ඔහු වීදි රැුස්වීම් සංවිධානය කළේය. ඔහු අවංකභාවය ප‍්‍රදර්ශනය කළ නිසා 200 න් 147 ක් ඡන්දය ලබාගෙන 1870 ජනවාරි 5 වන දින ජෙෆර්සන් නගරයේ රාජ්‍ය නියෝජිතයකු ලෙස අසුන් ගන්නා විට වයස අවුරුදු 23 කි. ජෙෆර්සන් නගරයේ සිටි කාලයේදී පුලිට්සර් 15 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට පක්‍ෂව ඡන්දය දුන් අතර දූෂිතව තිබූ ශාන්ත ලූවී ප‍්‍රාන්ත අධිකරණය ප‍්‍රතිසංස්කරණයට ඉදිරිපත් විය. ව්‍යවස්ථා දායකයේදී ඔහු දූෂණයට විරුද්ධව සටන් කළේය. එහිදී ඇතිවූ ආරවුලකදී පුලිට්සර් විරුද්ධවාදියකුගේ කකුලකට වෙඩි තැබීය. මිතුරන් විසින් දඩ මුදල ගෙවා ඔහුව දඬුවමින් නිදහස් කර ගත්තේය.
 
 පුලිට්සර් වසරක් තිස්සේ ලින්කන් අශ්වාරෝහක හමුදාවට බැඳී දස්කම් දක්වා ත්‍යාග ද දිනා ගත්තේය. ඔහු පුස්තකාලයේ චෙස් කී‍්‍රඩාවට නැඹුරුවී විශිෂ්ට දස්කම් දැක්වීය. මේ අතර ජර්මන් භාෂාවෙන් පළවෙන Westliche Post පුවත්පතේ රැකියාවක් ඔහුට ලබා ගැනීමට උදව් කළේ ඔහු හා චෙස් කී‍්‍රඩාවේ යෙදුණු ජර්මන් හිතවතෙකි.
 
 මේ අතර පුලිට්සර් කථිකයකු, ලේඛකයකු, සංස්කාරවරයකු වශයෙන් ඉංගී‍්‍රසි භාෂාව අසාමාන්‍ය ලෙස ප‍්‍රගුණ කළේය. කඩවසම් තැනැත්තෙකු වූ පුලිට්සර් රතු පැහැයට හුරු දුඹුරුවන් රැවුලකින් සහ පයින්ස්-නෙස් කණ්ණාඩියක් (Pince-Nez Glasses) නාසයෙන් රඳවා ගන්නා ඇස් කණ්ණාඩිය) පැළඳ සිටි අතර සමාජයේ ප‍්‍රභූවරුන් සමග මිත‍්‍රත්වයක් ඇතිකර ගත්තේය. වෙහෙස මහන්සි නොබලා වැඩකර ව්‍යවසායකයකු ලෙස කීර්තියක් ගොඩනඟාගත් පුලිට්සර් බංකොලොත් භාවය ලබා තිබූ ශාන්ත ලූවී පෝස්ට් ඩිස්පැච් (St. Louis Post-Dipatch) පුවත්පත් ආයතනය ඩොලර් 3000 කට මිලදී ගත්තේ 1878 දීය. එම වසරේම ඔහු වොෂින්ටන්හි සමාජයීය වශයෙන් කැපී පෙනෙන කාන්තාවක් වූ කැතරින් ‘කේට්’ ඬේවිස් (Kathering 'kate' Davis)  සමග විවාහ විය.
 
 ඔහු උදේ සිට මධ්‍යම රාති‍්‍රය වනතුරු තම පුවත්පතේ වැඩ කළේය. රජයේ දූෂණ, හිටි හැටියේ ධනවත් වූ බදු අයකරන්නන් හා සූදු කී‍්‍රඩාවේ නියැලෙන්නන්ට එරෙහිව විමර්ශන ලිපි හා කතුවැකි පළ කළේය. මෙය ඵලදායි වූ අතර ජනතාව ඔහුගේ පුවත්පත වටා රොක්විය. මේ අතර පුලිට්සර් මූල්‍ය අර්බුදයකට ලක්වී තිබූ ‘ද වර්ල්ඞ්’ පුවත්පත ද මිලදී ගෙන පෞද්ගලික අංශවල දූෂණය පවා හෙළි කළේය. ප‍්‍රවෘත්ති තීරු සංවේදී අංගයන්ගෙන් පිරී ගියේය. නිදර්ශන පළමු වරට පුළුල් ලෙස භාවිතා කළේය. ඔහුගේ මෙම සූත‍්‍රය හොඳින් කි‍්‍රයාත්මක වූ අතර පුවත්පත පිටපත් 600,000 ඉක්මවා ගියේය.
 
 මේ අතර ‘ද වර්ල්ඞ්’ හි සාර්ථකත්වය නිසා කඩා වැටුණු සන් පුවත්පතේ ප‍්‍රකාශක ඇන්ඩර්සන් ඩනා ‘පුලිට්සර් ජාතිය ආගම ප‍්‍රතික්‍ෂේප කළ යුදෙව්වා’ ලෙස නම් කර ඔහුට විරුද්ධව පෞද්ගලික මඩ ගැසීම් ද දියත් කළේය. 1896-1898 කාලවලදී පුලිට්සර් විලියම් රැුඩොල්ෆ් හයර්ස් ගේ ‘ජනරල්’ පුවත්පත සමග ද ගැටුණි. කියුබාව ස්පාඤ්ඤ පාලනයට විරුද්ධව කැරලි ගැසූ අතර පුලිට්සර් ගේ පුවත්පත හා හයර්ස්ට්ගේ පුවත්පත එකිනෙකා අභිබවා යමින් කියුබාවට උදව් කළේය. 1898 පෙබරවාරි 15 දින ඇමරිකානු නෞකාවක් වූ ‘මේන්’ අභිරහස් ලෙස හවානා වරායේදී ගිලී යෑමෙන් පසුව දෙදෙනාම ස්පාඤ්ඤයට විරුද්ධව තම පුවත්පත් මඟින් යුද්ධයක් ඉල්ලා සිටියේය.
 
 පුලිට්ස්ර් තම පුවත්පත් මගින් ‘කහ පුවත්පත් කලාව’ (Yellow Journalism) නම් න්‍යායක් ඉදිරිපත් කළේය. මෙය රටේ දූෂණ හෙළි කිරීමේ කලාවක් විය. 1909 දී ‘ද වර්ල්ඞ්’ පුවත්පත ඇමරිකානු ප‍්‍රංශ පැනමා ඇළ සමාගමේ ඩොලර් මිලියන 40 ක වංචාවක් කළේය. වරදකරුවන් වූයේ ඇමරිකා ජනපති තියඩෝර් රූස්වෙල්ට් සහ බැංකුකරු ජේ. පී. මෝගන් ඇතුළු පිරිසකි. ෆෙඩරල් රජය පුවත්පතට එරෙහිව අවි අමෝරා ගත්තේය. පුලිට්සර් සියල්ල ලෝකයට හෙළි කළේය. මාධ්‍ය නිදහස වෙනුවෙන් තීරණාත්මක ජයග‍්‍රහණයක් ලැබීම නිසා පුලිට්සර් පැසසුමට ලක්විය. මේ අතර පුලිට්සර් රිචඞ් එෆ් නම් කාටූන් ශිල්පියාගේ කාටූන් චරිතයක් වූ ‘යෙලෝ කිඞ්’ තම පුවත්පතේ පළ කළේය. යෙලෝ කිඞ් රටේ දූෂණයන් හෙළි කරමින් කහ පුවත්පත් කලාව ඉදිරියට ගෙන ගියේය.
 
 ඔහු තම පුවත්පත මගින් කී‍්‍රඩා ආවරණ, කාන්තා විලාසිතා ආවරණ, නවෝත්පාදන හඳුන්වා දුන්නේය. 1880 අග භාගයේදී වික‍්‍රමාන්විත කාන්තාවක් වූ නෙල්ලි බ්ලී සේවයට යොදා ගත්තේ වාර්තාකරණය ප‍්‍රවර්ධනය කිරීමටය. බ්ලී දින 72 ක් ලොව වටා ගමන් කර ඇගේ අරුම පුදුම ගමන් ගැන විස්තර පුවත්පත මගින් ලෝකයට හෙළි කළේය.
 
 1890 දී පුලිට්සර් වර්ල්ඞ්හි කර්තෘ ධුරයෙන් ඉවත් වූයේ අන්ධභාවය හා දැඩි මානසික පීඩනයක් හේතුවෙනි. ශබ්දයට දැඩිලෙස සංවේදී වන අසනීපයකට ඔහු ගොදුරු විය. ඔහු විදේශ ගතවූයේ සුවය ලබා ගැනීම සඳහාය. ආපසු පැමිණි වහා ඊළඟ වසර කීපය ශබ්දය නොඇසෙන සුරක්‍ෂිතාගාරයක ජීවත් විය. පුලිට්සර් තම ලේකම්වරුන් හරහා සංනිවේදනය වෙමින් කහ පුවත්පත් කලාව හරහා තම පුවත්පත මෙහෙයවූයේ රහස් කේතයක් භාවිතා කරමිනි.
 
 1904 මැයි මාසයේදී පුවත්පත් පාසලක් ආරම්භ කිරීම සඳහා පුලිට්සර් යෝජනාවක් ගෙන ආවේය. 1911 දී ඇමරිකාවේ දකුණු කැරලෝනාහී චාල්ස්ටන් වරායේ නවතා තිබූ ඔහුට අයත් මුහුදු යාත‍්‍රාව තුළදී ඔහු මිය ගියේය. පුලිට්සර්ගේ මරණයෙන් පසුව 1912 දී කොලොම්බියා ජනමාධ්‍ය පාසල ආරම්භ කළ අතර 1917 වර්ෂයේදී විශිෂ්ටතම ජනමාධ්‍යවේදීන්ට පිරිනමන පුලිට්සර් ත්‍යාගය ත්‍යාගලාභීන්ට ප‍්‍රථමවරට ප‍්‍රදානය කරනු ලැබීය. එදා සිට අද දක්වා ඇමරිකානු පුවත්පත් කලාව, ඡුායාරූපකරණය, සාහිත්‍යය, ඉතිහාසය, කවි, සංගීතය, නාට්‍ය, කාටූන් යන අංශවල විශිෂ්ටයන්ට මෙම පුලිට්සර් ත්‍යාගය වාර්ෂිකව පිරිනමන්නේ කොලොම්බියා විශ්වවිiාලය මඟින් පත්කරනු ලබන උපදේශක මණ්ඩලයක අධීක්‍ෂණය යටතේය.
 
 මේ අසහාය පුවත්පත් කලාවේදියා ගැනද බොහෝ කාටූන් නිර්මාණය වී තිබුණි. විලියම් ඒ. රොජර්ස්ගේ කාටූනයේ දැක්වෙන්නේ නිව්යෝර්ක්හි ‘ද වර්ල්ඞ්’ පුවත්පතේ බලගතු හිමිකරු පුලිට්සර් ඔහුගේ පුවත්පතේ පිටු ලෝකය වටකර ඇති හෙයින් ඔහු බොහෝ ආඩම්බරයෙන් තම මුද්‍රණාලය පවත්වාගෙන සිටින ආකාරයයි. මෙම කාටූනය Harper's Weekly පුවත්පතේ 1901 දෙසැම්බර් 28 වැනිදා පළවූවකි.
 
 රුවන් තරස්වින්
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles