Divaina - සියවසක සටහන්.... පළමුව මව්බිම - දෙවනුව පක්‍ෂය

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
 
 11 වැනි ලිපිය
 
චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැුදීම් සහ වැරැුදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ චීන ජාතික පක්‍ෂය සමඟ මෙහෙයවන පොදු වැඩපිළිවෙළකට පදනම සකස් වූ ආකාරය ගැනයි.
 
 cheena666
 
 හූ-නන් පළාතේ නැගෙනහිර මායිම් වෙන්නේ චියං-ශි පළාතෙන්. පළාත් සීමාවෙන් කිලෝ මීටර් 20 ක් විතර දුරින් චියං-ශි පළාතේ අන්-යුවන් ගල් අඟුරු පතල තියෙනවා. මේක කනින්න පටන් අරගෙන තියෙන්නේ 1898 අවුරුද්දේ. මේ විදිහට හාරන ගල් අඟුරු හූ-නන් පළාතේ චූ-චෝ නගරයට ගෙනි යන්න පුළුවන් නම් එතැන ඉඳලා ෂියං ගඟ දිගේ ඡං-ෂා නගරයටත් එතැනින් වූ-හන් නගරයටත් ඒවා ප‍්‍රවාහනය කරන්න පුළුවන්. මේ ගැන හිතපු පතල් හිමියෝ ඒ වෙනුවෙන් දුම්රිය මාර්ගයක් හදන්න තීරණය කළා. ඉතින් ඒ වෙනුවෙන් 1899 ජනවාරි මාසයේ වැඩ පටන් ගත්ත දුම්රිය මාර්ගයේ වැඩ 1905 අවුරුද්දේ අවසන් කළා.
 
 ගල් අඟුරු පතල සහ දුම්රිය මාර්ගය එකකට එකක් සම්බන්ධයි. 1922 අවුරුද්ද වෙද්දි ඒ දෙකේම වැඩ කරපු සේවක සංඛ්‍යාව දහ තුන්දාහකට වැඩි. ඒ වෙද්දි චීනයේ විශාලතම යකඩ කර්මාන්ත ශාලාව තිබුණේ වූ-හන් නගරයේ. ඒ සඳහා අවශ්‍ය යපස් වූ-හන් නගරයේ ඉඳලා කිලෝ මීටර් අනූවක් විතර ඊසාන පැත්තෙන් තිබුණු තා-යේ නිධියෙන් ලැබුණා. ඉතින් අන්-යුවන් ගල් අඟරු පතල, තා-යේ යපස් නිධිය, සහ වූ-හන් යකඩ කම්හල එක පද්ධතියක් විදිහට ක‍්‍රියාත්මක වුණා. දිගින් දිගටම ණය වෙලා හිටිය හින්දා පතල් හිමියෝ ජපානයෙන් සල්ලි ගත්තා. ඉතින් මේ මහා ව්‍යාපාර පාලනය කිරීමේ බලයක් ජපානයටත් උරුම වුණා.

 

cheen444
 
 ඒ සමාගම්වලට කඹුරපු කම්කරුවෝ මහා පීඩාවකට ලක් වෙලා හිටියා. මේ පීඩාව ගැන සෘජු අත්දැකීමක් ලබාගන්න අදහසින් 1921 අවුරුද්දේ සරත් කාලයේ දී මා ඕ ත්ස-තුං තරුණයා අන්-යුවන් පතලේ වැඩට ගියා. කම්කරුවෝ මූණ දීලා තිබුණු ප‍්‍රශ්න හඳුනගන්න අතරම ඒ අයත් එක්ක ඉතා ළඟ සම්බන්ධයක් ඇති කරගන්නත් මේ හරහා ඔහුට පුළුවන් වුණා. ඒ වෙද්දි චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ හූ-නන් පළාත් සංවිධානයේ ලේකම් තනතුර දරපු ඔහු මේ ප‍්‍රශ්න විසඳන්න මැදිහත් වෙන ක‍්‍රමයක් ගැනත් හිතුවා. මේ ගැන පක්‍ෂයේ මධ්‍යම කාර්යාලයේ අය සමඟ සාකච්ඡුා කරන්නත් ඔහු පටන් ගත්තා. 1922 අවුරුද්ද ආරම්භයේ දී පක්‍ෂය විසින් ලී ලී-සන්ට අන්-යුවන්වල රාජකාරි භාර දෙන්න මේ කාරණය හේතු වුණා.
 
 මා ඕ ත්ස-තුං සහ ලී ලී-සන් අතර සම්බන්ධය ගැන කලින් කිව්වා. ඒ දෙන්නා ම හූ-නන් පළාතේ අය. ලී ලී-සන් 1915 වෙද්දි මා ඕ ත්ස-තුං ගැන දැන ගත්තා. ඉතින් මා ඕ ත්ස-තුංගේ නායකත්වය යටතේ අන්-යුවන්වල වැඩ කරන එක ලී ලී-සන්ට අමාරු වුණේ නෑ. ඹා ඕ ත්ස-තුං රැුඳිලා හිටියේ ඡං-ෂා නගරය ආසන්නයේ. අන්-යුවන් පතලට ම ගිහිල්ලා කම්කරුවොත් එක්ක වැඩ කරන්න ලී ලී-සන් පටන් ගත්තා.
 
 අන්-යුවන් සහ චූ-චෝ අතර තියෙන ලී-ලිං ප‍්‍රදේශයේ ඉපැදිච්ච කෙනෙක් හින්දා ලී ලී-සන් බොහොම ලේසියෙන් කම්කරුවෝ එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වුණා. කම්කරුවන්ගේ වෘත්තීය සමිතියක් පිහිටුවපු ඔහු පාඩම් වැඩපිළිවෙළකට මුල පිරුවා. ? පංති තියලා කම්කරුවන්ට අකුරු උගන්නන්න, ඒ අයගේ අයිතිවාසිකම් සහ ශක්තිය ගැන කියලා දෙන්න ලී ලී-සන් පටන් ගත්තා. ඉතින් මේ ගුරු - ගෝල සම්බන්ධයය හරහා කම්කරුවොත් එක්ක ඉතා ළඟ සම්බන්ධයක් ගොඩ නගා ගන්න ඔහුට පුළුවන් වුණා.
 
 1921 ජුලි 9 වැනි දා මොස්කව් නුවරට ගිය ලියූ ෂ ඕ-ජී ඉගෙන ගත්තේ පෙරදිග කම්කරු විශ්වවිද්‍යාලයේ. මාක්ස්වාදී න්‍යාය පිළිබඳ මූලික අධ්‍යාපනය ලබා ගත්ත ඔහුට 1922 මැයි මාසයේ දී ආපහු චීනයට එන්න සිද්ද වුණා. ඒ වෙද්දි ඔහු චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ සාමාජිකයෙක්. ඉතින් ආපහු චීනයට ඇවිල්ලා ෂං-හයි නුවර තිබුණු චීන කම්කරු සංගම් ලේකම් කාර්යාලයේ වැඩ පටන් ගත්ත ඔහුට ඉතා කෙටි කාලයක් ඇතුළත තවත් වැඩක් පැවරුණා. ඒ තමයි හූ-නන් පළාතට ගිහිල්ලා අන්-යුවන් වැඩ වර්ජනය මෙහෙයවන රාජකාරිය.
 
 ලියු ෂ ඕ-ඡී කියන්නෙත් හූ-නන් පළාතේ කෙනෙක්. ඉතින් පක්‍ෂයේ උපදෙස් අනුව ඡං-ෂා නගරයට ආපු ඔහු මා ඕ ත්ස-තුං මුණ ගැහුණා. ඒ වෙද්දි අවශ්‍ය මූලික සංවිධාන වැඩ ලී ලී-සන් විසින් කරලා තිබුණේ. ඊට අමතරව තවත් කෙනෙක් අන්-යුවන් ප‍්‍රදේශයට පිටත් කරන්න මා ඕ ත්ස-තුං කටයුතු කළා. ඒ තමයි ඔහුගේ ලොකු මල්ලි. ඒ මල්ලි (ඔහුගේ නම, මා ඕ ත්ස-මිං) ගිණුම් සහ ආර්ථික කටයුතුවලට දක්‍ෂ කෙනෙක්. ඉතින් අන්-යුවන් ප‍්‍රදේශයේ කම්කරුවෝ වෙනුවෙන් සමුපකාර ක‍්‍රමයක් ඇති කරන්න ඔහු මහන්සි වුණා.
 
 මේ හැම දෙයක්ම ඉතා හොඳින් සංවිධානය කරලා තිබුණු හින්දා වර්ජනය පටන් ගන්න එක අමාරු වැඩක් වුණේ නෑ. 1922 සැප්තැම්බර් 14 වැනි දා අන්-යුවන් පතල් සහ දුම්රිය මාර්ග කම්කරුවෝ මහ දැවැන්ත වැඩවර්ජනයක් පටන් ගත්තා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලී ලී-සන් සහ ලියු ෂ ඕ-ඡී ඇතුළු කණ්ඩායම විසින් ලබා දුන්නා. තමන් ඉදිරිපත් කරපු ඉල්ලීම්වලින් දහ තුනක් දවස් කීපයක් ඇතුළත (සැප්තැම්බර් 18 වැනි දා) දිනා ගන්න ඒ කම්කරු නායකත්වයට පුළුවන් වුණා. මේ මහා වැඩවර්ජනය චීන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමක් විදිහට වාර්තා වෙලා තියෙනවා.
 
 පතල් සහ දුම්රිය මාර්ග කර්මාන්තයත් රැුකගෙන කරපු සටනක් විදිහටත් ඒ වර්ජනය ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. තමන්ගේ ජීවිකාව කරගන්න උදව් වෙන අතර ම රටේ නිෂ්පාදනයට විශාල දායකත්වයක් දක්වන ඒ කර්මාන්තය විනාශ කරලා දාන ඕනකමක් කම්කරුවන්ට සහ ඔවුන්ගේ නායකයන්ට තිබුණේ නෑ. වැටුප් වැඩිකිරීම ඇතුළු මූලික අයිතිවාසිකම් කම්කරුවන්ට දිනවලා දෙන අතර ම ඒ අයගේ ජීවිත සාරවත් කරන, ශක්තිමත් කරන වැඩපිළිවෙළකුත් සමගාමීව ක‍්‍රියාත්මක කරන්න ඒ නායකත්වයට පුළුවන් වුණා. කම්කරුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට පාසල් ආරම්භ කිරීම, ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් සමුපකාර ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම සහ වෙනත් සුබසාධන වැඩ හඳුන්වා දීම ඒ යටතේ සිද්ද වුණා.
 
 පක්‍ෂය වෙනුවෙන් කැපවීමට සූදානම් කම්කරු සාමාජිකයන් විශාල පිරිසක් ඇති කර ගන්නත් ඒ වර්ජනය මෙහෙයවපු අයට පුළුවන් වුණා. 1924 අවුරුද්ද අවසාන වෙද්දිත් චීන පොදු නිෂ්පාදන පක්‍ෂයට මුළු රටේම හිටියේ සාමාජිකයෝ 900 ක් විතර ප‍්‍රමාණයක්. ඒ අතරින් 400 ක්ම අන්-යුවන් කම්කරුවන් අතරින් පක්‍ෂයට බැඳිච්ච අය වීමෙන් ඒ වර්ජනය මෙහෙයවීමේ ස්වරූපය සහ වැදගත්කම තේරුම් ගන්න පුළුවන්.
 
 මේ අතර උතුරේත් දකුණේත් බල අරගලය දිගින් දිගටම ඇවිලෙමින් තිබුණා. සුන් යත්-සෙන් විසින් දකුණේ ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් ජාත්‍යන්තර පිළිගැනීම ලැබිලා තිබුණේ උතුරේ පෙයි-යං ආණ්ඩුවට. ඒක යුද ලොක්කන්ගේ හවුලක් කියන එකත් ඒ අය බලය වෙනුවෙන් එකිනෙකා එක්ක පොර කාපු බවත් කලින් ලියපු ලිපි ගණනාවකින් ම කියලා තියෙනවා. යුවන් ෂි-කායි ජනාධිපතිවරයාගේ මරණයෙන් පස්සේ තමයි උතුරේ බලය මේ විදිහට අන්-හුයි, චිලී සහ ෆං-ථියැන් කියන කල්ලි තුන අතර බෙදිලා වෙන්වුණේ.
 
 1916 ඉඳලා අවුරුදු හතරක්ම පෙයි-යං ආණ්ඩුවේ ඉස්සරහින් ම හිටියේ අන්-හුයි කල්ලිය. ඒත් 1920 ජුලි මාසයේ චිලී සහ අන්-හුයි කල්ලි අතර ඇති වෙච්ච යුද්ධයෙන් ඒ බලය බිඳ වැටුණා. ඒ දක්වා උතුරේ කෙරුමා විදිහට රජ කරපු තුවන් ඡී-රුයි සෙන්පතියා ථියැන්-චින් ප‍්‍රදේශයේ තිබුණු ජපාන පරවේණියට පැනලා ගිහිල්ලා පණ බේරගත්තා. ඊට පස්සෙත් පෙයි-යං ආණ්ඩුවේ ආරවුල් නැති වුණේ නෑ.
 
 1922 ජුලි මාසයේ දී චිලී සහ ෆං-ථියැන් කල්ලි දෙක ඇති වෙච්ච පළමුවැනි යුද්ධයෙන් ප‍්‍රකාශ කෙරුණෙත් ඒ ආරවුල. ඒ අවුරුද්දේ අපේ‍්‍රල් 10 වැනිදා ඉඳලා මාස දෙකක වැඩි කාලයක් පැවතිච්ච ඒ යුද්ධයෙන් ෆං-ථියැන් කල්ලිය පැරදුණා. ඒ අයගේ බලය ඊසානදිග පළාත් තුනට සීමා වුණා. මේ යුද්ධයෙන් පස්සේ උතුරේ කෙරුමා විදිහට ඉස්සරහට ආවේ වූ පෙයි-ෆූ. ඔහුගේ අණසක පළාත් විශාල ප‍්‍රමාණයක පැතිරිලා තිබුණා.
 
 1920 ඔක්තෝබර් මාසය වෙද්දි කුවං-තුං පළාතේ බලය අල්ලගෙන 1921 අපේ‍්‍රල් වෙද්දි ජනරජයේ ජනාධිපති විදිහට තනතුරක් හදා ගත්තත් සුන් යත්-සෙන්ගේ ඒ ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුණේ නෑ. ඒ මදිවට දකුණේ ආණ්ඩුව ඇතුළෙත් ආරවුල් තිබුණා. චීනය එක සේසතක් යටතට පත් කරන්න ඕන කියන අධිෂ්ඨානය සුන් යත්-සෙන්ට තිබුණත් ඔහුගේ අගමැති විදිහට කටයුතු කරපු ඡන් ව්‍යුං-මිං ඒ අදහසට විරුද්ධ වුණා.
 
 ජනරජයේ ජනාධිපති තමන් කියලා සුන් යත්-සෙන් ප‍්‍රකාශ කරද්දි උතුරේ චිලී සහ ෆං-ථියැන් කල්ලි දෙක අතර යුද්ධය පටන් ඇරගෙන. ඉතින් උතුරේ යුද්ධය මැද්දේ හමුදාව මෙහෙයවලා රට එකතු කරන්න පුළුවන් කියලා සුන් යත්-සෙන් විශ්වාස කළා. ඒත් දකුණේ හමුදාවල විශ්වාසයවත් ඔහු දිනාගෙන හිටියේ නෑ. ඒ විතරක් නෙවෙයි. ඔහු දීපු එක පොරොන්දුවකුත් ඔහුගේ හරහට හිටියා. උතුරේ පෙයි-යං ආණ්ඩුවේ ජනාධිපතිවරයා අස් වුණොත් තමනුත් අස්වෙලා වෙන කෙනෙක්ට ඉඩ දෙනවා කියලා ඔහු පොරොන්දු වෙලා තිබුණා. පෙයි-යං ආණ්ඩුවේ ජනාධිපති තනතුර හොබවපු ශ්‍යු ෂි-ඡං 1922 ජුනි 2 වැනි දා ඉල්ලා අස්වුණා. ඒත් පොරොන්දු වෙච්ච විදිහට සුන් යත්-සෙන් ඉල්ලා අස්වුණේ නෑ.
 
 මේ කාරණය පිළිබඳ රට පුරාම විශාල සංවාදයක් ඇති වුණා. රටේ හිටිය මහ උගත්තු, බුද්ධිමත්තු සුන් යත්-සෙන්ට සංදේශ එවලා වෙච්ච පොරොන්දුව අනුව කටයුතු කරන්න කියලා ඉල්ලූවා. ඒත් තමන් එහෙම කළොත් උතුරේ හමුදා ලොක්කන්ගේ එහෙයියෙක් ජනාධිපති ධුරයට පත්වෙයි කියන කාරණය ඉස්මතු කරපු සුන් යත්-සෙන් තවදුරටත් තනතුරේ රැුඳිලා හිටියා. ජුනි 15 වැනි දා ? වෙද්දි කුවං-තුං පළාතේ හමුදා ලොක්කෝ තීරණයකට ආවා. ඒ අයත් එක්ක අගමැති ඡන් ව්‍යුං-මිං පවා එකතු වෙලා හිටියේ.
 
 ජුනි 16 වැනි දා හමුදා බල ඇණි ක‍්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ හමුදා මෙහෙයවපු යේ ච්‍යු කියන සෙන්පතියාට සුන් යත්-සෙන්ව මරන්න ඕනකමක් තිබුණේ නෑ. ඒ හින්දා තමන් කරන දේ ගැන ඔහු කලින්ම සුන් යත්-සෙන්ට කිව්වා. ඉතින් පණ බේරාගෙන තමන්ගේ නැවට නඟින්න අවසරය සුන් ජනාධිපතිතුමාට හිමි වුණා. ඔහු නැවතත් ෂං-හයි නගරයට සංක‍්‍රමණය වුණා.
 
 මේ අතර තමන් කරන්න ඕන වැඩ ගැන සමාලෝචනයක් චීන පොදු නිෂ්පාදන පක්‍ෂයත් ආරම්භ කරලා තිබුණා. 1922 ජුලි 16 වැනි දා ඉඳලා 23 වැනි දා ඉඳලා ෂං-හයි නගරයේ ජාත්‍යන්තර පරවේණියේ (ඒ කියන්නේ එංගලන්ත - ඇමෙරිකානු පරවේණියේ) පවත්වපු පක්‍ෂයේ දෙවැනි සම්මේලනයේ දී මේ සමාලෝචනයේ අවසාන තීන්දුවලට එළැඹුණා.
 
 පක්‍ෂයේ ව්‍යවස්ථාව සම්මත කරගැනීම, කොමියුනිස්ට් ජාත්‍යන්තරය සමඟ එක් වී වැඩ කිරීම යන කාරණාවලට අමතරව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන පැහැදිලි තීන්දු තීරණ ගණනාවක් ගන්නත් ඒ සම්මේලනයට පුළුවන් වුණා. ඒ වෙද්දි චීනයේ පැවතිච්ච සමාජ - ආර්ථික ප‍්‍රශ්න ගැන දීර්ඝ විශ්ලේෂණයකින් පස්සේ ඒ කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබීමත් විශේෂයක්.
 
 සියලූ විප්ලවවාදී කොටස් එකතු කර එක් පෙරමුණක් සෑදීම, උතුරේ සහ තවත් පළාත්වල බලය අල්ලාගෙන හිටිය හමුදා ලොක්කන්ව පරද්දවලා චීනය එකතු කිරීම, අධිරාජ්‍යවාදී පීඩනයෙන් රට මුදා ගැනීම, රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සඳහා මැදිහත් වීම කියන ඉලක්ක කෙටි කාලීන වැඩපිළිවෙළ තුළින් ඉදිරිපත් කෙරුණා. පක්‍ෂයේ ප‍්‍රධාන අරමුණ වෙච්ච සමාජවාදී විප්ලවය ඇතුළත් කළේ දිගු කාලීන වැඩපිළිවෙළ තුළටයි. ඉතින් මේ විදිහට ඉදිරිපත් කරලා තිබුණේ ඉතා පැහැදිලිවම ”පළමුව මව්බිම - දෙවනුව සමාජවාදය’’ වැඩපිළිවෙළක්.
 
 මේ සම්මේලනයෙන් පස්සේ පොදු නිෂ්පාදන පක්‍ෂයේ ලී තා-චා ඕ, ඡන් ත-ශ්‍යු කියන නායකයෝ සහ ජාතික පක්‍ෂයේ (කු ඕ-මින් තං) සුන් යත්-සෙන් ඇතුළු නායකයෝ එකතු වෙලා පොදු වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා පටන් ගත්තා. මේ හරහා ඉදිරියට යන්න පුළුවන් බව තවත් වතාවක් බලය අහිමි වෙලා ෂං-හයි නගරයට ඇවිල්ලා හිටිය සුන් යත්-සෙන්ටත් පැහැදිලි වුණා. ඔහු ඒ වෙද්දිත් යම් යම් ආකාරවලින් සෝවියට් දේශයත් එක්ක සම්බන්ධකම් පවත්වමින් හිටිය කෙනෙක්. තමන්ට අවශ්‍ය බලයත්, ජාත්‍යන්තර පිළිගැනීමත් සෝවියට් දේශය එක්ක එකතු වෙලා ලබා ගන්න පුළුවන් බව ඔහු තේරුම් ඇරගෙන හිටියා.
 
 පොදු නිෂ්පාදන පක්‍ෂය ඉදිරිපත් කරලා තිබුණු වැඩපිළිවෙළ හරහා ඒකට ස්ථීර මාර්ගයක් සකස් වෙන බවත් සුන් යත්-සෙන්ට පැහැදිලි වුණා. කොමියුනිස්ට් ජාත්‍යන්තරය එක්ක සෘජුවම සම්බන්ධ පොදු නිෂ්පාදන පක්‍ෂයත් එක්ක අත්වැල් බැඳ ගත්තාම සෝවියට් දේශයේ උදව් ලබාගන්න අමාරු නෑ. ඉතින් පක්‍ෂ දෙක අතර පොදු පෙරමුණක් හදාගන්න ඕන එකඟතාව මේ සාකච්ඡාවලින් ඇති වුණා.

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles