Divaina - බෞද්ධ විශ්වවිද්‍යාව සහ නූතන තාරකා විද්‍යාව පිළිබඳ විමසුමක්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 කේ. ජී. හර්ෂණී එරන්දිකා කුමාරි
පර්යේෂණ සහකාර
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

bud333බෞද්ධ විශ්වවිද්‍යාව හෙවත් ලෝක විෂය (Buddhist Cosmology) පිළිබඳව බුදුන්වහන්සේ දේශනා කළ සූත‍්‍ර ගණනාවකම තොරතුරු සඳහන් වේ. බුදුන්වහන්සේ දේශනා කොට වදාළ සූත‍්‍ර 53 කම ලෝක විෂය පිළිබඳව පැහැදිලි කර තිබේ. මෙම විෂය බෞද්ධ විශ්වවිද්‍යාව ලෙස හඳුන්වයි. බෞද්ධ සූත‍්‍ර දේශනාවන්හි සඳහන් වන ”ලෝක විෂය’’ පිළිබඳ සංකල්පය ඉතාම ගැඹුරු, පුළුල් පරාසයක් තුළ විහිදී යන සංකල්පයකි. බෞද්ධ විශ්වවිද්‍යාව තුළින් මූලික වශයෙන් අවධානය යොමුකරනු ලබන්නේ විශ්වය (Universe) පිළිබඳවයි. විශ්වයේ සම්භවය, විශ්වයේ කි‍්‍රයාකාරීත්වය, විවිධ ලෝක, ග‍්‍රහ තාරකා, විශ්වයේ පැවැත්ම, ජීවය ඇතිවීම, පෘථිවියේ ප‍්‍රභවය සහ විශ්වය විනාශ වීම පිළිබඳ කරුණු බෞද්ධ විශ්වවිද්‍යාවේදී සාකච්ඡුා කරනු ලබයි. විශ්වය පිළිබඳව නූතන තාරකා විද්‍යාවෙන් සොයාගෙන තිබෙන කරුණු සහ බුදුදහමෙහි විශ්වය පිළිබඳ සඳහන් කරුණු අතර සමානාත්මතාවක් ඇති අතර බෞද්ධ විශ්වවිද්‍යාවේ සඳහන් ඇතැම් කරුණු නූතන විද්‍යාවෙන් සනාථ වී ඇත. නමුත් බෞද්ධ විශ්වවිද්‍යාවේ සඳහන් ඇතැම් කරුණු නවීන තාරකා විද්‍යාවෙන් පවා සොයාගැනීමට අපහසු වී ඇත.

නූතන මනවයා මෙන්ම අතීත මානවයාද හිරු, සඳු, පෘථිවිය, තාරකා, ග‍්‍රහලෝක, ජීවය ඇති වූ ආකාර පිළිබඳවත්, විශ්වය අනන්තද, පරිමිතද, අපරිමිතද, විශ්වයේ කෙළවරක් තිබේද, මානවයාගේ ආරම්භය, විශ්වයේ සිටින එකම ජීවී කොට්ඨාසය පෘථිවිවාසීන් පමණක්ද යන්න ප‍්‍රශ්න කරමින් ඒවා පිළිබඳව විමර්ශනය කිරීමට යොමු විය. මෙකී ප‍්‍රශ්න බුද්ධ කාලයේදී පවා ඉදිරිපත් විය. එමනිසා බුදුන්වහන්සේටද මෙම ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට සිදුවිය. එහි ප‍්‍රතිඵලය වූයේ ලෝක විෂය හෙවත් විශ්වය පිළිබඳව බුදුන්වහන්සේට සූත‍්‍ර ගණනාවක් මගින් දේශනා කිරීමට සිදු වීමයි. චූල මාලූඬ්ක්‍ය සූත‍්‍රය, සප්ත සූර්යෝද්ගමන සූත‍්‍රය, අග්ගඤ්ඤ සූත‍්‍රය, ප‍්‍රථම කෝසල සූත‍්‍රය, දක්ෂිණ විභංග සූත‍්‍රය, භූමිවාචාල සූත‍්‍රය, රෝහිතස්ස සූත‍්‍රය සහ සංඛ්‍යාරුප්පති සූත‍්‍රය යන සූත‍්‍ර දේශනාවන්හි විශ්වයේ ආරම්භය, විනාශය, ජීවයේ සම්භවය පිළිබඳව විශාල කරුණු ප‍්‍රමාණයක් දේශනා කොට ඇත. මෙම සූත‍්‍රවල සඳහන් බොහෝ කරුණු නවීන තාරකා විද්‍යාව මඟින් තවමත් සොයාගෙන නැත. ඇතැම් කරුණු තහවුරු වී තිබේ. ඒ අනුව ලෝක විෂය පිළිබඳව බෞද්ධ විග‍්‍රහය සහ නූතන තාරකා විද්‍යාව මඟින් හෙළි වී තිබෙන තොරතුරු පිළිබඳව සන්සන්දනාත්මකව තොරතුරු විග‍්‍රහ කිරීම මෙම ලිපිය මඟින් බලාපොරොත්තු වේ.

බුදුන්වහන්සේ විසින් සිය දේශනාවන්හි අචින්ත්‍ය වූ (නොසිතිය යුතු* මූලධර්ම කිහිපයක් පිළිබඳව දේශනා කොට ඇත. ඒ අනුව විශ්වය පිළිබඳ සංකල්පයද අචින්ත්‍ය වූ සංකල්පයකි. ලෝක විෂය පිළිබඳව ගැඹුරින් විමසීමට නොයන ලෙස බුදුදහමෙහි පෙන්වා දී ඇත. මක්නිසාද යත් ඒ පිළිබඳව සිතීම කෙළවරක් නොමැති බැවිනි. ඒ පිළිබඳව සිතීමට යෑමෙන් මිනිසා උමතු බවට පත්වීම හැර අන් ප‍්‍රතිඵලයක් නොමැති බව බුද්ධ දේශනාවන්හි සඳහන් වේ. එය ඉතා සංකීර්ණ මිනිස් මනස ඉක්මවා යන ක‍්‍රියාවලියක් බව බුදුන්වහන්සේ දේශනා කොට ඇත. වර්තමානයේ බෞද්ධ විශ්වවිවිද්‍යාව (Buddhist Cosmology) නමින් නව විෂය ධාරාවක්ද බිහි වී ඇත. බුදුදහම විශ්වය පිළිබඳව උගන්වන දහමක් නොවේ. පුද්ගලයාගේ විමුක්තිය සඳහා මාර්ගය පෙන්වාදීම බුදුදහමෙහි අරමුණ වේ. බුදුන්වහන්සේ විශ්වය පිළිබඳව ඇතැම් කරුණු දේශනාකොට ඇත්තේ යම් යම් සීමාවන් තුළ සිටය. විද්‍යාවේදී විශ්වය පිළිබඳ දැනුම මිනිසාට ලෞකික සුවපහසුවට වැදගත් වුවද බුදුන්වහන්සේ දේශනා කරනු ලැබුවේ ඒ පිළිබඳව විමසීමට වඩා සසර දුකින් මිදෙන මාර්ගය පිළිබඳ විමසීම වැදගත් බවයි.

බෞද්ධ විශ්වවිවිද්‍යාව පිළිබඳ අධ්‍යයනයේදී විශ්වයේ ප‍්‍රභවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම පිළිබඳව විමසීම වැදගත් වේ. විශ්වය පිළිබඳ මිනිස් දැනුම යුගයෙන් යුගයට විපරිණාමය වෙමින් සංවර්ධනය වූවකි. විශ්වයේ ආරම්භය පිළිබඳව විස්තර කෙරෙන පුරාවෘත්ත සහ කථා පුවත් සෑම ආගමකම දක්නට ලැබේ. ඉපැරණි ශිෂ්ටාචාරයන්හිද ඒ පිළිබඳ විවිධ පුරාවෘත්ත සඳහන් වේ. බුදුදහම මෙන්ම කි‍්‍රස්තියානි සහ යුදෙව් ආගමේද විශ්වයේ ආරම්භය පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් කොට ඇත. බයිබලයේ සඳහන් වන්නේ දෙවියන් විසින් පොළව නිර්මාණය කර ඉන් අනතුරුව පුරුෂයාද පසුව ස්ත‍්‍රියද මවන ලද බවයි. බොහෝ ආගම් විශ්වාස කරනු ලබන්නේ ලෝකය සර්ව බලධාරී දෙවියන්ගේ නිර්මාණයක් බවයි. බුදු සමයට පෙර භාරතයේ පැවති අනෙකුත් ආගමික දර්ශනයන්ද විශ්වයේ ආරම්භය පිළිබඳව අදහස් ඉදිරිපත්කොට තිබේ. බුදු සමය කිසිවිටෙක විශ්වය ප‍්‍රබල දෙවි කෙනෙකුගේ මැවීමක් ලෙස විශ්වාස නොකරයි. එනම් බෞද්ධ විශ්වාසය වන්නේ විශ්වය දේව නිර්මාණයක් නොවන බවයි. ලෝකන්තගමනසුන්ත නම් සූත‍්‍රයෙහි බුදුන්වහන්සේ දේශනා කරනු ලබන්නේ විශ්වය අනන්ත බවත්, විශ්වයේ ආරම්භය සහ අවසානය පිළිබඳ ප‍්‍රශ්න කිරීම නිරර්ථක දෙයක් බවත්ය. බුදුසමයට අනුව ලෝකය විශ්වයේ ඇති වී නැති වී යන්නකි. බුදුදහමට අනුව විශ්වයේ මූලාරම්භය පිළිබඳව විමසීම ආධ්‍යාත්මික සංවර්ධනයට අදාළ නැති ආගමික වටිනාකමක් නොමැති ප‍්‍රශ්නයකි. බුදුන්වහන්සේ දේශනා කරනු ලැබුවේ ආකාශය නිමක් නොමැති ජීවීන්ගෙන් අනන්ත බවත්, විශ්වය අපරිමිත බවත්, ලෝකය අසංඛ්‍ය බවත්ය. ලෝකය පිළිබඳව ප‍්‍රධාන සංකල්ප දෙකක් බුදුදහමෙහි සඳහන් වේ. එනම්,

1. බාහිර වූ වාස්තවික ලෝකය (Objective) (සූර්යයා, ග‍්‍රහලෝක, තාරකා ආදියෙන් සමන්විත විශ්වය*

2. පෞද්ගලික ලෝකය ((Subjective))  (පුද්ගලයා විසින් ස්වකීය මනසින් ගොඩනගා ගන්නා පෞද්ගලික ලෝකය පිළිබඳ සංකල්පය

පුද්ගලයාගේ විමුක්ති මාර්ගය පෙන්වාදීම බුදුදහමෙහි අරමුණ නිසා මෙයින් වඩා වැදගත් වන්නේ බාහිර එනම් වාස්තවික ලෝකයට වඩා පුද්ගල බද්ධ ලෝකයයි. මෙම පෞද්ගලික ලෝකය අවබෝධ කරගැනීමට බාහිර විශ්වය පිළිබඳ යම් දැනීමක් අවශ්‍යය නිසා බුදුදහමෙහි විශ්වය සම්බන්ධයෙන් සඳහන් වන්නේ පෞද්ගලික ලෝකය අවබෝධ කරගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයට පමණි. පුද්ගලයා විශ්වය පිළිබඳව අවබෝධය ලැබීමට නම් ඊට ප‍්‍රථම පෞද්ගලික ලෝකය අවබෝධ කළ යුතු බව බුදුදහමෙහි අවධාරණය කොට ඇත.

බුදුදහමට අනුව විශ්වය යනු වරින්වර වැනසෙමින්, යළි හටගනිමින්, යළි විනාශ වෙමින් නිරන්තරයෙන් විපරිනාමයට ලක්වන දෙයක් බවයි. මුල් බුදුසමයට අයත් ග‍්‍රන්ථයන්හි විශ්වයේ ප‍්‍රධාන ආකාර තුනක් දක්වා ඇත. ඒ අනුව විශ්වයේ කුඩාම ඒකකය ”සහස්සී චූලනිකා ලෝක ධාතු’’ යනුවෙන් හඳුන්වා තිබේ. විශ්වයේ ඇති සූර්යයන්ගේ සහ චන්ද්‍රයන්ගේ ආලෝකය පැතිරිය හැකි උපරිම පෙදෙස දක්වා සහස්සී ලෝක ධාතුව අයත් වේ. මේ අනුව විශ්වය දහස් ගණන් සූර්යයන්, චන්ද්‍රයන් හා ජනාවාස වූ ග‍්‍රහලෝකයන්ගෙන් සමන්විත වන අතර එකී කුඩාම ඒකකය චූලනිකා ලෝක ධාතුවයි. අංගුත්තර නිකායෙහි සඳහන් වන කරුණු අනුව ඉරක්, සඳක් සහිත පෘථිවිය මෙන් දහස් ගණන් ජනාවාස වූ ග‍්‍රහලෝක විශ්වය තුළ අනන්තවත්ව පවතින බවය. මෙම සහස්සී චූලනිකා ලෝක ධාතුව නූතන තාරකා විද්‍යාව මඟින් සොයාගෙන තිබෙන තාරකා දසලක්ෂයක් සහිත තාරා ගණ පද්ධති (මන්දාකිණි/ වක‍්‍රාවාට/ තරු පොකුරු/තාරකා මණ්ඩල/Galaxy) වලට සමාන වේ.

මුල් බුදුසමයේ ග‍්‍රන්ථවල සඳහන්වන විශ්වයේ මීළඟ ඒකකය වන්නේ ”ද්වී සහස්සී මජ්ච්මිකා ලෝක ධාතුව’’ හෙවත් සහස්ස ලෝක ධාතු දහසයි. නූතන තාරකා විද්‍යාවේ දැක්වෙන තාරා ගණ පද්ධතියකට මෙය සමාන වේ. ”දස සහස්ස ලෝක ධාතු’’ යනු දසදහසකින් සැදි තාරකා මණ්ඩලයි. නූතන තාරකා විද්‍යාවේ ප‍්‍රාදේශීය තාරා ගණ පද්ධති වලට මෙය සමාන බව තාරකා විද්‍යාඥයින් තහවුරු කරයි. මජ්ච්ම ලෝක ධාතුවට සියයක් හෝ දහසක් තාරා ගණ පද්ධතීන් අයත් වේ. මේ ආකාරයෙන් දහසක් පමණ වූ මජ්ච්ම ලෝක ධාතු (තාරා ගණ පද්ධති/ තාරකා මණ්ඩල* එක් වීමෙන් සමස්ත විශ්වය හෙවත් මහා ලෝක ධාතුව නිර්මාණය වන බව බුද්ධ දර්ශනයෙහි සඳහන් වේ.

පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ යන මූලධාතු වල එක්වීම සහ විසිරී යාම මත විශ්වයේ භෞතික වස්තූන්ගේ ඇතිවීම, පැවැත්ම සහ වැනසීම සිදුවන ආකාරය තර්කානුකූලව සප්ත සූර්යෝද්ගමන, අග්ඤ්ඤ ර්‍ණ වාසෙට්ඨ, බ‍්‍රහ්මජාල වැනි සූත‍්‍ර වල විග‍්‍රහ කර ඇත. බුදුන්වහන්සේ ලෝක විෂය පිළිබඳව සිදුකළ දේශනාවලදී විශ්වයේ සම්භවයට අදාළ මතවාද රැුසක්ම ඉදිරිපත් කොට ඇති අතර විශ්වයේ සම්භවය යනු ලෝක විෂය පිළිබඳ සංකල්පය තුළ අධ්‍යයනයට බඳුන් කරනු ලබන එක් අංශයක් පමණි. විශ්වයේ සම්භවය සිදු වූයේ හේතුඵල ධර්මතාවට අනුව ස්වාභාවිකවම, විපරිණාම ධර්මතාවයට අනුව බව බෞද්ධ මතයයි. ඒ විශ්වයේ සම්භවය සහ විනාශ වීම පිළිබඳ අග්ඤ්ඤ සූත‍්‍රයේ සහ සප්ත සූර්යෝද්ගමන සූත‍්‍රයේ එන දේශනාවන් අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයට පමණක් අදාළ වන පරිදි දේශනා කොට ඇත. විශ්වයේ සහ ජීවයේ හටගැනීමට, පැවැත්මට සහ විනාශ වීමට නියාම ධර්මයන්ද බලපායි. විශ්වයේ මූලික ලක්ෂණය වන්නේ වෙනස් වීමයි. හටගනිමින්, පවතිමින්, විනාශ වෙමින් යන විපරිණාමී ස්වාභාවික ක‍්‍රියාවලියකට විශ්වය යටත් වේ. මුළු මහත් විශ්වයම නැසෙන සුළු බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. මුළු මහත් විශ්වය ඇතුළු අනෙක් ලෝක ධාතූන් සහ එ්වායෙහි වෙසෙන සත්වයන්ද දැකීමේ හැකියාව බුදුන් වහන්සේට දිවැස් බලය උපයෝගී කොට ගනිමින් සිදුකළ හැකිය.

විශ්වයේ පැවැත්ම පිළිබඳව ප‍්‍රධාන සංකල්ප දෙකක් බුදුදහමෙහි දක්වා ඇත. ඒවා විවට්ටමාන (විශ්වය ප‍්‍රසාරණය වීම* සහ සංවට්ටමාන (විශ්වය විනාශ වීම* ලෙස දැක් වේ.මෙම යුග දෙක අනුව විශ්වයේ පැවැත්ම අවස්ථා 4කි. එනම්,

1. දිගහැරෙන සමය

2. දිග හැරී පවතින සමය

3. හැකිලෙන සමය

4. හැකිලී පවතින සමය

බුදු සමයෙහි පෙන්වා දෙන මෙම පැහැදිලි කිරීම නූතන තාරකා විද්‍යාවේ සඳහන් ස්පන්දමාන විශ්ව මතයට සමාන වේ. මෙම මතය මඟින් ඉදිරිපත් කරනු ලබන්නේද විශ්වයේ දිග හැරීම, ප‍්‍රසාරණය, හැකිලීම සහ සංකෝචනය යන ක‍්‍රියාවලිය පිළිබඳවයි. විශ්වය විනාශ වීමේදීද මුළු විශ්වයම එකවර විනාශයට පත් නොවේ. එහිදී විශ්වයේ එක් කොටසක් පමණක් විනාශයට පත්වන විට තව කොටසක් ශේෂව පවතී. විශ්වය විනාශ වීමේදී විසිරුණු කොටස් ක‍්‍රමයෙන් එක් වීමෙන් තවත් විශ්වයක සම්භවය සිදු වේ. විශ්වයේ ස්වභාවය පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කරනු ලැබුවේ සුවිශේෂ අවස්ථාවලදී පමණය. බුදු දහම විශ්වය එහි ආරම්භය, අවසානය සහ සත්ත්ව පරිණාමය පටිච්ච සමුප්පාද ධර්මයට අනුව විග‍්‍රහ කොට ඇත. අග්ඤ්ඤ සූත‍්‍රයෙහි සහ සප්ත සූර්යෝද්ගමන යන සූත‍්‍ර දේශනාවන්ගේ ලෝකය විනාශ වීමෙන් අනතුරුව නැවත වසර මිලියන ගණනක් ගතවූවාට පසුව නැවත ලෝකය නිර්මාණය වන බව දක්වා ඇත. රස පෘථිවිය හට ගැනීම, ආභස්සර නම් බ‍්‍රහ්ම ලෝකයෙන් පැමිණි සත්ත්ව කොටසක් රස පෘථිවිය අනුභව කිරීම නිසා තෘෂ්ණාව හට ගැනීම, රස පොළව අතුරුදහන් වීම, පසුව ඇල් වී පහළ වීම ක‍්‍රමයෙන් දිවා රාත‍්‍රිය, ඉර, සඳ, තාරකා ඇතිවීම පිළිබඳ දීර්ඝ විස්තරයක් පෘථිවියේ ආරම්භය පිළිබඳව අග්ඤ්ඤ සූත‍්‍රයේ සඳහන් වේ. බුදු දහමෙහි සඳහන් වන විශ්වයේ සම්භවය සහ විනාශය පිළිබඳ මෙම විග‍්‍රහය අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයට හෝ ක්ෂීරපථයට පමණක් වලංගු වේ. මෙම කි‍්‍රයාවලිය සඳහා වසර මිලියන ගණනක් පමණ ගත වේ. විශ්වයේ මෙම කි‍්‍රයාවලිය ඉන්ද්‍රීය ගෝචර නොවේ. චක‍්‍රාවාට, සෞරග‍්‍රහ මණ්ඩල දස දහස් ගණනක් විශ්වයේ පවතින බව බුදු දහමේ දැක් වේ. බුදුන් වහන්සේගේ විශ්වය පිළිබඳ සනාතන සංකල්පයන් උන්වහන්සේගේ සර්වඥතා ඥානයට විෂය වූයේ කෙසේදැයි විමසිය යුතුය. ග‍්‍රහ වස්තු, තාරකා රාශීන් හා චක‍්‍රාවාට පිළිබඳ නූතන දුරදක්නය සොයාගැනීමට පෙර දැන සිටියේ කෙසේද, එලෙස බුදුන් වහන්සේට සමස්ත විශ්වය පිළිබඳව අවබෝධ කොටගත හැකි වූයේ සර්වඥතා ඥානය නිසාය. බුදුරදුන් ”ලෝකවිදූ’’ යනුවෙන් හැඳින්වීමෙන් ලෝක විෂය පිළිබඳ අවබෝධ කොටගත් බව සනාථ වේ.

විශ්වය පිළිබඳ බෞද්ධ විග‍්‍රහය පිළිබඳව සාකච්ඡුා කිරීමේදී විශ්වය නිර්මාණය වී ඇත්තේ කුමකින්ද යන ප‍්‍රශ්නය පිළිබඳවද කථිකා කළ යුතුය. බෞද්ධ දර්ශනයට අනුව පඨවි (ඝන*, ආපෝ (ද්‍රව*, තේජෝ (උෂ්ණත්වය* සහ වායෝ (වායු* යන සතර මහාභූත විශ්වයේ ඇති වීමට, පැවැත්මට සහ විනාශයට බලපාන බව දේශනා කොට ඇත. බුදුරදුන් විග‍්‍රහ කරනු ලබන මෙම සිව් මූලධාතූන් නවීන විද්‍යාව තුළ හඳුනාගෙන තිබෙන්නේ ඝන, ද්‍රව සහ වායු වශයෙනි. විශ්වයේ සම්භවය සිදුවනුයේ මෙම මූල ධාතූන්ගේ සුසංයෝගයෙනි. විශ්වය විනාශ වීමේදී මෙම පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ යන මූලධාතු (සංඝඨක* විසිරී යයි.

විශ්වයේ ව්‍යාප්තිය පිළිබඳ බෞද්ධ මතය විමසීමේදී විශ්වය අනන්ත බවත් එහි අගක් මුලක් සොයාගත නොහැකි බවත් බෞද්ධ ඉගැන්වීමයි. එමනිසා බුදුන් වහන්සේ දේශනා කරනු ලැබුවේ විශ්වයේ කෙලවර සෙවීමට උත්සාහ දැරීම නිශ්ඵල කාර්යයක් බවයි. එ් පිළිබඳව සිතීම මිනිස් මනස ඉක්මවා යන්නකි. විශ්වය අනන්තය. අප‍්‍රමාණය. නූතන තාරකා විද්‍යාවට පවා එය සෙවීමට නොහැකි වී ඇත. අවකාශය තුළ මෙන්ම කාලය තුළද විශ්වයේ පැතිරීම අතිවිශාල බව බුදු සමයේ සඳහන් වේ. එ් අනුව පෘථිවිය විශ්වයෙහි ඇති කුඩා අංශුවක් පමණකි. කාලය අනුව විශ්වයේ ව්‍යාප්තිය පිළිබඳව සාකච්ඡුා කිරීමේදී විශ්වයේ සම්භවයට හා විනාශයට කල්පයක් ගතවන බව සඳහන් වෙයි. කල්පයක් යනු ඉතා දීර්ඝ කාලයකි. නූතන තාරකා විද්‍යාඥයන් විශ්වයේ ව්‍යාප්තව පවතින ග‍්‍රහ තාරකාවන්ගේ ව්‍යාප්තිය මනිනු ලබන්නේ ආලෝක වර්ෂ වලිනි.

පෘථිවියේ සම්භවය පිළිබඳව අධ්‍යනයේදී තාරකා විද්‍යාව, විශ්ව විද්‍යාව, රසායන විද්‍යාව සහ පොසිල විද්‍යාව යන විවිධ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයන් අනුව පෘථිවියේ සම්භවය පිළිබඳව කරුණු ඉදිරිපත් කොට ඇත. එම මතවාද විවාදාත්මකය. ඇතැම් කරුණුවලදී පෘථිවියේ සම්භවය පිළිබඳව බෞද්ධ විශ්වවිද්‍යාව හා නූතන තාරකා විද්‍යාව ආදී විෂය ක්ෂේත‍්‍ර වල සංකල්ප බෙහෙවින් වෙනස්ය. නූතන විද්‍යාවට අනුව පළමුවෙන්ම සූර්යයා නිර්මාණය වී පසුව පෘථිවිය ඇතුළු අනිකුත් ග‍්‍රහ වස්තු නිර්මාණය වූ බව දක්වයි. බෞද්ධ විග‍්‍රහය අනුව විශ්වය ආරම්භයේ සූර්යයා, චන්ද්‍රයා හා තාරකා නොතිබිණ. අන්ධකාර විශ්වීය අවකාශයක් ජල ගෝලයක් වශයෙන් පෘථිවිය පැවති බවයි. එම ජල ගෝලය පෘථිවියේ ආරම්භය බවයි. පෘථිවියේ ජීවය ආරම්භ වූයේ ආභස්සර බ‍්‍රහ්ම ලොව සිට පැමිණි සත්වයන්ගෙන් බව අග්ගඤ්ඤ සූත‍්‍රයෙහි සඳහන් වේ. ජීවයේ ආරම්භය පිළිබඳව බුදුදහමෙහි සඳහන්වන ධර්මතාවයන්ද ඉන්ද්‍රීය ගෝචර නොවේ. බෞද්ධ විග‍්‍රහයට අනුව ජීවයේ සම්භවය සිදු වූයේද හේතුඵල ධර්මය සහ පටිච්ච සමුප්පාදයට අනුවය.

නූතන විද්‍යාවද මෙම විශ්වයේ පෘථිවිය මෙන් ජීවය තිබෙන වෙනත් ග‍්‍රහ ලෝක ඇති බව විශ්වාස කරයි. බුදුන් වහන්සේද දිව්‍ය ලෝක, බ‍්‍රහ්ම ලෝක සහ අමනුෂ්‍ය ලෝක යනාදී වශයෙන් වෙනත් ලෝක පිළිබඳව සඳහන් කොට ඇත. ඇතැම් නූතන විද්‍යාඥයන් වෙනත් ලෝකයක සිට පැමිණි ජීවීන්ගෙන් පෘථිවියේ ජීවය ඇති වූ බවට මත ඉදිරිපත් කර ඇත. අග්ගඤ්ඤ සූත‍්‍රයෙහි සඳහන් වන විස්තරවලට එය සමාන වේ. ජීවයේ සම්භවය පිළිබඳව අග්ගඤ්ඤ සූත‍්‍රයෙහි සඳහන් වන ඇතැම් කරුණු නූතන විද්‍යාත්මක

සොයාගැනීම් මඟින් තහවුරු වී ඇත. විශ්වය පිළිබඳ නවීන විද්‍යාවට තවදුරටත් තහවුරු කොට ගත හැකි වී තිබෙන්නේ බුදුරදුන් දේශනා කළ ඉන්ද්‍රීය ගෝචර වන කරුණු පමණි.

නූතන තාරකා විද්‍යාත්මක ගවේෂණ මඟින් විශ්වයේ ජීවය පවතින වෙනත් ග‍්‍රහලෝක තිබේද යන්න පිළිබඳව මේ මොහොත වන විටත් පර්යේෂණ සිදු කරමින් සිටියි. බුදුන් වහන්සේ විසින් මෙම විශ්වය තුළ ඇති ලෝක 31ක් පිළිබඳව දේශනා කොට ඇත. එකී විග‍්‍රහයට අනුව පෘථිවියට සමාන මෙන්ම ඊට වෙනස් වූ ලෝකද අනන්ත වූ ප‍්‍රමාණයක් විශ්වය තුළ ඇති බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. යථා කාලයේදී නූතන විද්‍යාවේ දියුණුවත් සමඟ ජීවය ඇති ග‍්‍රහ වස්තු සොයා ගැනීමට හැකි වනු ඇත. 18 වන ශතවර්ෂයේදී ඉමැනුවෙල් කාන්ට් නම් විද්වතා ප‍්‍රකාශ කරනු ලැබුවේ නවීන විද්‍යාවේ ක‍්‍රම උපායන් මඟින් විශ්වයේ ආරම්භය, ව්‍යාප්තිය පිළිබඳ සෙවීමේ ප‍්‍රථිඵලය වනුයේ නිමක් නැති මතවාද සහ ගැටලූ ඇති වීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේද ඉන් ඵලක් නොමැති බවයි.

විශ්වය පිළිබඳ ආගමික හා දාර්ශනික මතවාදවලට වඩා නූතන විද්‍යාත්මක මතවාද අද වන විට පිළිගැනීමට ලක් වී ඇත. බෞද්ධ විශ්වවිද්‍යාව තුළ විශ්වයේ අවසානය පිළිබඳවද විග‍්‍රහ කරයි. ඒ සඳහා වසර කෝටි ගණනක් ගත වේ. අනන්ත වූ විශ්වය එකවර විනාශ වීම හෝ එකවර යළි හටගැනීම සිදු නොවන බව බුදුදහමෙහි පෙන්වා දෙයි. සප්තසූර්යෝද්ගමන සූත‍්‍රය මඟින් සූර්යයන් සත් දෙනකු විශ්වය තුළ පහළ වීම නිසා විශ්වය ගිනිගෙන දැවීමෙන් ලෝක විනාශය සිදුවන බව සඳහන් කොට ඇත. මෙම කරුණු තුළින් විද්‍යාවට අනාවරණය කරගත හැකි වී ඇත්තේ සූර්යයාගේ තාප රශ්මිය ක‍්‍රමයෙන් වැඩි වන බව පමණි. එහිදී සමස්ත විශ්වයෙන් භාගයක් පමණක් විනාශ වන අතර එහි සිටි සත්වයන් ආභස්සර බඹ ලොව උපදියි. මෙලෙස විනාශ වී ගිය විශ්වය වසර මිලියන ගණනක් ගත වූ පසු නැවත සැකසේ. දස දහස් ගණන් චක‍්‍රාවාටයන් සහිත එක් මන්දාකිණියට අයත් එක් එක් සෞරග‍්‍රහ මණ්ඩල වරින් වර මෙලෙස විනාශ වේ. නූතන විද්‍යාවට අනුව අවකාශයේ විසිරී ඇති ග‍්‍රාහක, උල්කාපාත වැනි කොටස් අපගේ සෞරග‍්‍රහ මණ්ඩලය දෙසට ඇදී ගොස් ගැටීමෙන්ද විනාශය සිදු විය හැකි බව විද්‍යාඥයින් සොයාගෙන ඇත. සමකාලීන තාරකා විද්‍යාත්මක පර්යේෂණයන්ට හසුවන විශ්වය පිළිබඳ නූතන විද්‍යාත්මක මතවාදය හා සෑම ආකාරයෙන්ම ගැළපෙන කරුණු විග‍්‍රහ කොට ඇත්තේ බුදු සමයෙහිය. තවදුරටත් නවීන විද්‍යාව බුදු දහමට සමීප වෙමින් පවතී. නමුත් බුදු දහමේ විග‍්‍රහ වන පාරභෞතික සංකල්ප (ඉන්ද්‍රියන්ට හසු නොවන* නවීන විද්‍යාවට හසු වී නොමැත. එයට හේතුව සත්ත්වයාගේ ඉන්ද්‍රියට ගෝචර නොවන සංකීර්ණ ක‍්‍රියාවලීන් රැුසක් විශ්වයේ සිදු වීමයි. බුදුන් වහන්සේ මෙම සියල්ල අවබෝධ කොට ගන්නා ලද්දේ විදර්ශනා ඥානයෙනි. එමෙන්ම අංගුත්තර නිකායේ සප්තසූර්යෝද්ගමන, සංයුක්ත නිකායේ අරුණවතී යන සූත‍්‍රවල නූතන විශ්වවිද්‍යාව හා සැසඳෙන කරුණු රැුසක් අන්තර්ගත වේ. බුදුදහමෙහි සඳහන් මෙම සංකල්ප ඇසුරු කොට ගනිමින් බටහිර විද්‍යාඥයන් තාරකා විද්‍යාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමට උත්සුක වන ආකාරයද දැකගත හැකිය. නූතන තාරකා විද්‍යාඥයන් පෘථිවිය සහ සූර්යයා හැර වෙනත් ග‍්‍රහමණ්ඩල, තාරකා පිළිබඳ අධ්‍යයනය කිරීමට ඉතා දියුණු දුරදක්න ආදිය භාවිතා කළ ද බුදුරජාණන් වහන්සේ විශ්වය පිළිබඳ අවබෝධ කොට ගනු ලැබුවේ සිය සර්වඥතා ඥානයෙනි.

අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් සූර්යයා හැරුණු කොට විශ්වයේ තවත් සූර්යයන් විශාල ප‍්‍රමාණයක් සහ සෞරග‍්‍රහ මණ්ඩල විශාල ප‍්‍රමාණයක් ඇත. මෑතකදී නාසා ආයතනය මඟින් සිදු කළ නව අධ්‍යයනයන්ට අනුව K218B නමින් පෘථිවිය හා සමාන ග‍්‍රහලොවක් සොයාගත් අතර එහි ජීවය පවතීද යන්න පිළිබඳව අධ්‍යයනය කරමින් සිටී. විද්‍යාත්මක ලෙස විශ්වයේ ප‍්‍රභවය පිළිබඳව මහා පිපුරුම්වාදය, ස්ථාවර තත්වවාදය, ස්පන්දමාන විශ්වවාදය යනුවෙන් මතවාද තුනක් ඉදිරිපත් වී ඇත. මහා පිපුරුම්වාදයට අනුව විශ්වයේ පැවති සියලූ කොටස් යෝධ පිපිරීමකින් පුපුරා ගොස් පසුව එම පරමාණු සකල දිශාවට විසිරී ගොස් නැවත එක් වීමෙන් විශ්වය නිර්මාණය වූ බව සඳහන් වෙයි.

මෙම මතවාදය සප්තසූර්යෝද්ගමන සූත‍්‍රයෙහි එන විස්තරයට සමාන වේ. ස්පන්දමාන විශ්වවාදයේ ප‍්‍රධාන ඉගැන්වීම වන්නේ විශ්වයේ එක්වීම සහ ප‍්‍රසාරණය වීම මඟින් විශ්වයේ පැවැත්ම යුග හතරකින් දැක්වීමයි. (විශ්වය හැකිලී ඇති යුගය, හැකිලෙමින් පවතින යුගය, දිගහැරී ඇති යුගය, දිගහැරෙමින් පවතින යුගය* මෙම මතය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද විවට්ටමාන සහ සංවට්ටමාන (විශ්වයේ එක්වීම සහ ප‍්‍රසාරණය වීම* ක‍්‍රියාවලියට සමාන වේ. ස්පන්දමාන විශ්වවාදයේ අනෙකුත් ඉගැන්වීම වන්නේ විශ්වයට අගක් මුලක් නොමැති බවත් එය අනන්ත කාලයක් පවතින බවත්ය. මෙම මතයද බුදු දහමේ විශ්වය අනන්ත බව පිළිබඳ ඉගැන්වීමට සමානය. මේ දක්වා නූතන විද්‍යාවෙන් විශ්වය පිළිබඳව සොයාගෙන ඇති කරුණු වලට වඩා තවදුරටත් අනාවරණය කිරීමට කරුණු විශාල ප‍්‍රමාණයක් පවතින බවත් එ්වා සොයාගන්නා තුරු විශ්වයේ සම්භවය හා ස්වභාවය පිළිබඳ ස්ථිර නිගමනයකට එළඹීමට නොහැකි බව නූතන විද්‍යාඥයන්ගේ මතයයි. නවීන තාරකා විද්‍යාව තාක්ෂණය හා සම්බන්ධ වී ඇත. එ් අනුව නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු පිරිස සඳ මත පා තැබීම, එහිදී චන්ද්‍රයාගෙන් ලබාගත් පාෂාණ සහ පස් පරීක්ෂණයන්ට බඳුන් කිරීමට පෘථිවියට රැුගෙන එ්ම, චීනය විසින් මෑතකදී සඳෙහි (කපු, අර්තාපල්* බීජ රෝපණය කොට සිදු කරන ලද පරීක්ෂණය (Change- 4 ගවේෂණ මෙහෙයුම) ඉන්දියාව විසින් සඳ ගවේෂණය සඳහා සිදුකළ චන්ද්‍රයාන්-2 මෙහෙයුම, ඊශ‍්‍රායලය විසින් සඳ ගවේෂණය සඳහා යානාවක් කක්ෂගත කිරීම, අඟහරු ග‍්‍රහයාගේ ජීවය පවතිනවාද යන්න පිළිබඳව ගවේෂණය කිරීම, අඟහරු ග‍්‍රහයාගේ ජලය තිබේද යන්න පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණයන්, සෙනසුරු ග‍්‍රහයාගේ උප ග‍්‍රහයන් පිළිබඳව සිදු කළ ගවේෂණයන්, කළු කුහර පිළිබඳව අධ්‍යයනයන් කිරීමෙන් (Black Hole) මෑතකදී නව තොරතුරු වාර්තා කිරීම, ශ‍්‍රී ලංකාව විසින් පෘථිවි කක්ෂගත කළ රාවණා-1 මෙහෙයුම, පෘථිවිය හා සමාන ජල අංශු පවතින K2-18B නම් නව ග‍්‍රහ ලොවක් පිළිබඳව සොයා ගැනීම 2019 වසරේදි විශ්වය පිළිබඳව සිදු කළ නව අධ්‍යයනයන්ය. ඇමරිකාව, රුසියාව, චීනය සහ ඉන්දියාව අභ්‍යවකාශ ගවේෂණයේ ප‍්‍රමුඛයන් බවට පත්ව සිටී. මේ වන විට වැඩිම පර්යේෂණ ප‍්‍රමාණයක් සිදු කොට ඇත්තේ වන්ද්‍රයා සහ අඟහරු ග‍්‍රහයා පිළිබඳවයි. ඉදිරියේදී රොබෝ තාක්ෂණය යොදා ගනිමින් රොබෝවරුන් ග‍්‍රහලෝක වෙත යැවීමට මේ වන විට විද්‍යාඥයින් කටයුතු කරමින් සිටියිx විශ්වය පිළිබඳව කරන ලද එම සොයා ගැනීම් තවදුරටත් අනුමානයන් පමණි. විශ්වය පිළිබඳ සත්‍යය විමර්ශනය කිරීමේදී ආගමික සහ දාර්ශනික මතවාදවලට වඩා විද්‍යාත්මක ගවේෂණයන්ට නූතනයේ වැදගත් ස්ථානයක් හිමි වේ.

චක‍්‍රාවාට (Galaxy) බුදු සමයේ සඳහන් වන ලෝක ධාතුවලට සමාන වේ. නූතන විද්‍යාවට අනුව විශ්වය ගොඩනැගී ඇත්තේ මන්දාකිණි හෙවත් චක‍්‍රාවාට වලිනි. මන්දාකිණි නිර්මාණය වී ඇත්තේ තාරකා කෝටි ගණනක් එකතු වීමෙනි. අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් මන්දාකිණිය හඳුන්වනු ලබන්නේ ”ක්‍ෂීරපථය’’ (Milky Way) යනුවෙනි. අපගේ සෞරග‍්‍රහ මණ්ඩලය අයත් සූර්යයා මෙන් තවත් සූර්යයන් මිලියන ගණනක් එක් වීමෙන් ක්‍ෂීරපථය නිර්මාණය වේ. මන්දාකිණි කිහිපයක් එක් වීමෙන් මන්දාකිණි පොකුරක් නිර්මාණය වේ. එවැනි මන්දාකිණි පොකුරු එකතු වී සුපිරි මන්දාකිණි පොකුරු සෑදෙන එය විශ්වයේ විශාලතම තැනුම් එ්කකය වේ. නූතන තාරකා විද්‍යාවේ සඳහන් මෙම තාරා ගණ පද්ධති (තරු පොකුරු/ මන්දාකිණි* යනු යම් කේන්ද්‍රයක් වටා භ‍්‍රමණය වන්නා වූ අතිවිශාල වළල්ලක් බඳු චක‍්‍රයන්ය.ඒ අනුව මන්දාකිණිවල ස්වභාවය ඉලිප්සාකාර හෝ සර්පිලාකාර කැරකෙන චක‍්‍ර සමුදායකි. අංගුත්තර නිකායෙහි සඳහන් ලෝකධාතුවල ස්වභාවය ”චක්කවාල’’ හෙවත් චක‍්‍රාකාර බව සඳහන් වේ. ඒ අනුව නූතන තාරකා විද්‍යාව මඟින් සොයාගෙන තිබෙන මන්දාකිණි බුදු දහමෙහි සඳහන් ලෝකධාතුවලට සමාන වේ.

1. සහස්සී ලෝක ධාතුව - මන්දාකිණියකට (චක‍්‍රාවාට)

2. ද්වී සහස්සී මධ්‍යමික ලෝක ධාතුව - මන්දාකිණි පොකුරකට

3. ත‍්‍රීසහස්සී මහාසස්සී ලෝක ධාතුව - සුපිරි මන්දාකිණි පොකුරකට

මෙකී මන්දාකිණි විශ්වයේ අනන්ත වශයෙන් ඇත. මෙම මන්දාකිණි එකිනෙක ගැටීම හේතුකොට ගෙන විශ්වයේ විනාශයද සිදුවිය හැකි බවට තාරකා විද්‍යාඥයන් මත පළ කර ඇත. බුදු දහමෙහි දැක්වෙන්නේ අතිවිශාල විශ්වයකි. එය නූතන තාරකා විද්‍යාඥයන්ට දුරේක්‍ෂ මඟින් පෙනෙන විශ්වයට වඩා විශාල අවකාශයක පැතිර පවතින විශ්වයකි.

නූතන විද්‍යාත්මක චින්තනය පුළුල් වන විට විශ්වය පිළිබඳව සිදුකරන උපන්‍යාසයන්ද වරින් වර වෙනස් වෙයි. මේ අයුරින් බුදුන් වහන්සේ විශ්වය පිළිබඳව සිදුකරන ලද විග‍්‍රහයන් නූතන තාරකා විද්‍යාත්මක ගවේෂණයන් මඟින් සොයාගෙන ඇති කරුණුවලට ඉතාම සමාන වේ. එමෙන්ම විශ්වය පිළිබඳව බුදු දහම මඟින් විස්තර කරන ඇතැම් කරුණු නූතන විද්‍යාව මඟින් තවදුරටත් තහවුරු කරගෙන නොමැත. එ් සඳහා විශාල කාලයක් තවදුරටත් ගත වෙනු ඇත. එ් අනුව බෞද්ධ ඉගැන්වීම්වලට අනුව විශ්වය පිළිබඳව අධ්‍යයනය කිරීම යනු නිමාවක් නොමැති ක‍්‍රියාවකි. එම‘ගින් නිමාවක් නොමැති විශ්වයක නිමාවක් නොමැති මතවාද තව දුරටත් ඉදිරිපත් වනු ඇතx කෙසේ නමුත් නූතන මානවයා තුළ විශ්වය පිළිබඳ නව සොයාගැනීම් සිදු කිරීමේ පිපාසය නොසන්සිඳෙනු ඇත. එමනිසාම විශ්වය පිළිබඳ පෙරළිකාර නව සොයාගැනීම් රාශියක් අනාගතයේදී සිදුවනු ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles