Divaina - chatrak ඉන්දියාවේ තහනම් කළේ නෑ.... එක දර්ශනයක් නිසා ලොකු ආන්දෝලයක් ඇතිවුණා - විමුක්ති ජයසුන්දර

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

cccc4444

 

catrak3

මිනිත්තු අනු හයක කාලයක් තිරයේ දිගහැරෙන chatrak චිත‍්‍රපටය ඉන්දියාවේ දැඩි ආන්දෝලනයට ලක් වූ බෙන්ගාලි සිනමාපටයකි. සම්මානනීය ශ‍්‍රී ලංකීක තරුණ සිනමාකරුවකු වන විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ එය මෙරට සිනමාහල්වලදී අද (ජනවාරි 08* සිට ප‍්‍රදර්ශනය වේ. මෙරට සිනමාකරුවකු අතින් නිර්මාණය වූ විදේශීය චිත‍්‍රපටයක් ලෙස එය සුවිශේෂී වැදගත්කමකින් යුතුවන අතර ලෝක සිනමාවේ පිළිගත් සිනමා සම්මාන 22 ක් නියෝජනය කිරීමටද chatrak චිත‍්‍රපටය සඳහා අවස්ථාව හිමි වී ඇත. මේ විමුක්ති ජයසුන්දර chatrak සිනමාපටය පිළිබඳ කියන කතාවය.
 

 chatrak සිනමා පටය තිරගත වන්නෙ එය රූගත කර වැඩ නිමා වී වසර දහයකට විතර පස්සෙ. ඇයි මෙතරම් කාලයක් බලා සිටියෙ
 
 මේ රටේ තිරගත නොවුණට ප‍්‍රංශය ජපානය වගේ රටවල් කිහිපයකදීම chatrak තිරගත වෙලා තියනවා. අපේ රටේ පසුගිය කාලේ චිත‍්‍රපටයක් දාන්න බැරි තරමට චිත‍්‍රපට පෝලිමක් තිබුණා. නමුත් කොවිඞ් ප‍්‍රශ්නයත් එක්ක දැන් ඒ තදබදය අඩු වෙලා තියනවා. ඉතිං අපි හිතුවා chatrak තිරගත කිරීමට මේක හොඳ අවස්ථාවක් කියල.
 
 chatrak සම්පූර්ණයෙන්ම විදේශීය චිත‍්‍රපටයක්ද. මොනවගේ කතාවක්ද මේ චිත‍්‍රපටයෙ කියවෙන්නෙ
 
 ඔව්.. මේ චිත‍්‍රපටය බෙන්ගාලි චිත‍්‍රපටයක්. පිස්සුව කියන මානසික රෝගය මූලික කරගෙන මේ චිත‍්‍රපටය හැදෙන්නෙ. පිස්සුව කියන මානසික තත්ත්වය වෛද්‍යවරු රෝගයක් ලෙස දකින තත්ත්වයෙන් මිදී අපි සමාජ විද්‍යාත්මක පැත්තෙන් මේ ගැන කතා කරනවා. ඇත්තටම කිව්වොත් සංවර්ධනය නිසා පිස්සු හැදෙනවා කියන එකක් මේ චිත‍්‍රපටයේ තියෙන්නෙ. ගෘහ නිර්මාණ ශිල්පියෙක් වටා ගෙතුනු කතාවකින් එය ඉදිරිපත් ඉදිරිපත් කරනවා. මේ චිත‍්‍රපටයට තමයි වසර විසිපහකට පස්සෙ මේ අංශයෙන් ඉන්දියානු සිනමා පටයක් විදියට කාන්ස් සිනමා උළෙල නියෝජනයට අවස්ථාව ලැබෙන්නෙ.

catrak2
 
 චිත‍්‍රපටය රූගත කළේ කොහේද
 
 ඉන්දියාවේ කල්කටා නගරය මූලික කරගෙන චිත‍්‍රපටය රූගත කළේ. මොකද චිත‍්‍රපටයේ ගලා යන කාතාවට පසුබිම වෙන්නෙත් සීඝ‍්‍ර ලෙස දියුණු වන ඉන්දියාවේ කල්කටාව.
 
 ලිංගික දර්ශන හේතුවෙන් chatrak ඉන්දියාවේ තිරගත කිරීම තහනම් කළාද?
 
 ඉන්දියාවේ තහනම් කලා නෙවෙයි, ඒ රටේ සෙන්සර් බෝඞ් එකෙන් චිත‍්‍රපටය කිලියර් කරේ නෑ. ඒකට හේතු වුණේ චිත‍්‍රපටයේ එක දර්ශනයක් රූගත කරනකොට ඒ දර්ශනය ඉන්දියාවේ ගොසිප් වෙබ් සයිට්වලින් එදාම ? එළියට දාල තිබ්බා. මේ දර්ශනයේ හිටියේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය කරන ඉන්දියාවේ බොහොම ජනප‍්‍රිය නිළියක් වන පාවොලි ඩම්. ඒ නිසා ඒක විශාල ආන්දෝලනයක් ඇති කළා. අපි දර්ශනය රූගත කළාට ඒක එඩිට් කරල අවශ්‍ය ටික විතරනෙ දාන්නෙ. එහෙම කරන්න කලින් මේක සම්පූර්ණයෙන් එළියට ගියා. ඒක තමයි සෙන්සර් බෝඞ් එක බයවෙලා ඒ වගේ පියවරකට යන්න හේතව. හැබැයි ඒ නිසා අපි දර්ශනය චිත‍්‍රපටයෙන් අයින් කළා. කොහොමත් අන්තර්ජාලයේ හරි ප‍්‍රචාරය වෙලා මිනිස්සු බලපු දර්ශනයක් ආයේ චිත‍්‍රපටයට දාල වැඩක් නෑනෙ.

 

catrak1
 
 කොහොමද රූගත කිරීමේදී එදිනම රාත‍්‍රියේ මේ දර්ශනය ගොසිප් වෙබ් සයිට්වලට  ගියේ?
 
 දර්ශනය රූගත කරපු දවසේ කැමරාව රෙපයාර් එකකට බොම්බෙවලට යවන්න සිද්ධ වුණා. එතනින් තමයි කොහොම හරි ලීක් වෙලා තියෙන්නෙ.
 
 චිත‍්‍රපටයට සම්බන්ධ වූ ශිල්පීන් සියල්ලම ඉන්දියානුවෝද?
 
කැමරා කරණයෙන් චන්න දේශප‍්‍රියත් ඔහුගේ සහයක තාක්ෂණික ශිල්පියෙක් ලෙස ලංකාවෙන් මේ චිත‍්‍රපටයට සම්බන්ධ වුණා. නළු නිළියන් සියල්ලම කල්කටාවේ ජනප‍්‍රිය තලයෙ ඉන්න අය. පාවොලි ඩම් සහ සුදීප් මුඛර්ජි තමයි ප‍්‍රධාන චරිත කළේ. චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්නෙ ඉන්දියානු ජාතික විනෝද් ලාහොත්ති. චිත‍්‍රපටයේ ශබ්ද සහ වර්ණ සංයෝජය සිදුකළේ ප‍්‍රංශයේ. ඒ නිසා රටවල් තුනක ශිල්පීන් සම්බන්ධව කරපු සිනමාපටයක් මේක.
 
  තිස්ස ගුණතිලක

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles