Divaina - පාරෙදි දැක්‌කත් දැන් මිනිස්‌සු මට හොඳ වැඩේ කියනවා... චරිතාංග නළුවෙක්‌ වීමයි මගේ බලාපොරොත්තුව.... ඉසුරු ලොකුහෙට්‌ටිආරච්චි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

isuru1
 
 කාලවකවානුව හරියටම මතක නැත. නාලන් මෙන්ඩිස් මහත්මයාගේ දූවරු ටෙලි නාට්‍ය රූගත කරමින් සිටි කාලයයි ඒ. අප දෙදෙනාටම එහි සැලකියයුතු චරිත නිරූපණ අවස්ථා හිමිවිය. මම එම නාට්‍යයේ දහම් වන විට ඉසුරු එහි පියුම් මහත්තයා විය. අපේ මිත‍්‍රත්වයේ පටන්ගැන්ම එයයි. එදා සිට මේ තාක් අප දෙදෙනා ඉඳ හිට කතා කළද පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් සඳහා මා ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට කතා කළ පළමු අවස්ථාව මෙයයි. ඒ අතීතය සිහිකරමින්ම ඉසුරු කතාව ආරම්භ කළේ මෙසේය
 
isuru2දූවරු නාට්‍යයේ රඟපාන්න එනකොට මම යන්තම් මේ කේෂත‍්‍රයට පය තියාගන්න බලන කාලයනෙ. එදා අපි දෙන්නම එකට රඟපානකොට ඇත්තටම මම හීනෙකින්වත් හිතුවේ නෑ මගේ ආර්ටිකල් එකක් කරන්න තිස්ස මට කතාකරන තැනට මම පත්වෙයි කියල. කවදාවත් අපේ හිතවත්වත්කම පවිච්චි කරල මගේ ආර්ටිකල් එකක් කරමු කියල මම ඉල්ලූවෙත් නෑ. එහෙම වැරද්දකට උඹ අවස්ථාව හැදුවෙත් නෑ. ඒ නිසා මේ මගේ සාර්ථකත්වය නිසා කරන දෙයක් නිසා මේ අවස්ථාව මට ලොකු ගෞරවයක් කියල මට දැනෙනවා.
 
 ඉසුරු ඒ විදියට හරි තැනින්ම කතාව පටන්ගත් නිසා මා ඔහු පිළිබඳ අමුතුවෙන් හැඳින්විය යුතු නැත. මේ දිනවල ඉසුරු රසික සිත් වල ලැගුම්ගෙන සිටින්නේ හොඳ වැඬේ නාරද ලෙසය. මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි. හොඳ වැඬේ ටෙලිනාට්‍යයේ ඔබ දිත්ව චරිත නිරූපණයක යෙදෙනවා. කොහොමද එකම කාල පරාසයක එකම දර්ශන තලයක චරිත දෙකක් නිරූපණය සඳහා හැඩ ගැහුණේ සාමාන්‍යයෙන් දිත්ව චරිත කරන්න කිසියම් කාලයක් අවශ්‍යයි තමයි. නමුත් අපේ ටෙලිනාට්‍ය කේෂත‍්‍රයේ මේ තියන වාතාවරණයත් එක්ක නිෂ්පාදකයෙක්ට සිදුවෙනවා එකම ලොකේෂන් එකේදි ඒ චරිත දෙකේ රූගත කිරීම් තිබෙනවා නම් ලැබෙන අවස්ථාවෙදීම ඒ දෙකම කරන්න. ඒක නළුවෙක්ට ලොකු අභියෝගයක් වුණත් නිෂ්පාදනය පැත්තෙන් සාධාරණයි. හැබැයි මම ඒ අභියෝගයට ආසාවෙන් මුහුණ දුන්නෙ. මම හිතන්නෙ ඒක මට ලැබුණ හොඳම අවස්ථාවක් කියල. මෙතනදී මම කළේ චරිත දෙක හැසිරෙන ස්වාභාවය අවෝබොධ කරගෙන වැඬේට බැස්ස එක.
 
 නාරද සහ මාධව යන මේ චරිත දෙක එකම රූප රාමුවල නිරූපණය කළ යුතු අභියෝගයටත් මුහුණ දෙන්න සිදුවුණාද?
 
 ඔව්. ඉස්සරහට විකාශය වන කොටස් වලදී නාරදයි මාධවයි එකට හමුවෙන අවස්ථා තියෙනවා. එවැනි නිරූපණ අවස්ථාවක් ලැබීමත් මගේ රංගන කුසලතාව වර්ධනය කරන්න ලැබුණ ඉතා හොඳ අවස්ථාවක්. ඒ වගේම ටෙලිනාට්‍යකදී දිත්ව චරිත නිරූපණ දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. ඉතින් මට එම අවස්ථාව හිමිකර දීම ගැන හොඳවැඬේ ටෙලි නාට්‍යයේ පිටපත රචනා කළ ලාල් වසන්ත කුමාර සහ අධ්‍යක්ෂණය කළ සුදන්ත තිලකසිරිට මම ස්තූතිවන්ත වෙනවා.
 
 හොඳ වැඬේ නාට්‍යයේ නාරදගේ චරිතයේ එන භාෂා විලාශය කොහෙන්ද අල්ල ගත්තෙ. නාරදගේ චරිතය ගොඩනගා ගත්තෙ කොහොමද
 
 අපේ රට පුංචි වුණාට ප‍්‍රාදේශීයව භාවිත වන භාෂා තියනවා. ඒවා හරිම සුන්දරයි. මේකත් එහෙමයි. අපේ සහය අධ්‍යක්ෂකවරයා වන ප‍්‍රගීත් ද සිල්වා සාමාන්‍යයෙන් කතා කරන්නෙ ඔය විදියට. ඔහු බලපිටියෙ. මගේ ගමත් මාතර නිසා මටත් ඔය භාෂා විලාශය අපහසු නැහැ. ඉතිං අපි කතාකරගත්තා ඒ භාෂා විලාශය නාරදගෙ චරිතයට ගමු කියල. මේක කිසි කෙනෙක්ට අපහාස කරන්න කරපු දෙයක් නෙවෙයි. නිර්මාණයකට භාවිතා කරපු දෙයක්. ඒකනෙ ගොඩාක් අය මේකට ආදරය කරන්නෙ. ඒ නිසානේ අන්තිමට දේශපාලන වැඩසටහනකට පේ‍්‍රක්ෂකයෙක් කතා කරල, මම මේ දකුණේ කොල්ලෙක් කතා කරන්නෙ. ඔයාල ආණ්ඩුවට පනින්න නේද යන්නෙ හොඳ වැඬේ කියන තැනට පත්වෙන්නෙ. දැන් මාව පාරෙදි කවුරුහරි දැක්ක ගමන් ෂටර් එක පාත් කරල හොඳ වැඬේ කියල කෑ ගහන තරමට පත්වෙලා තියෙන්නෙ.
 
 හොඳ වැඬේ වචනය පිටපතේ තිබුණ එකක්ද නැත්නම් ඒ වචනය ගත්තෙ කොහෙන්ද
 
 ඇත්තටම මේ වචනය දැන් ඇක්ෂිඩන්ට් වෙලා අසනීප තත්ත්වයෙන් ඉන්න චාමර පීරිස්ගෙ වචනයක් මේක. මුල් කාලේ රගපාන්න කොළඹට ආව මමත් චාමරත් වත්තෙගෙදර එකම බෝඩිමේ හිටියෙ. ඉස්සර අපි ඔහුට මොකක් කිව්වත් චාමර අතින් කියවෙන්නෙ හොඳ වැඬේ කියන වචනය. ඒ වචනය තමා අපි ගත්තෙ. මෙතන කනගාටුම දේ තමයි ඇක්ෂිඩන්ට් එක නිසා දැන් චාමර ඉන්නෙ ටිකක් අතීතය මතක නැති තත්ත්වයක. මේ නාට්‍ය පටන්ගෙන ටික කාලයක් යද්දි චාමරට සිහිය අවාට පස්සෙ මම ඔහුට නාට්‍යයේ කෑල්ලක් පෙන්නල කිව්වා, මචං උඹේ හොඳ වැඬේ වචනය මම මේ චරිතයට පාවිච්චි කළා දැන් ඒක ලංකාවම දන්නවා, හොඳට නැගල යනවා කියල. ඒත් හොඳ වැඬේ දැන් ලංකාවම දන්නවා වුණාට ඇක්සිඩන්ට් එකත් එක්ක වුණ අමතක වීම නිසා ඒ වචනය කිව්ව චාමරට හොඳ වැඬේ අමතකයි. හොඳ වැඬේ ජනප‍්‍රිය වගේම මේ කාරණය නිසා තාමත් මගේ හිත රිදෙනවා.
 
 කලා කේෂත‍්‍රයට කිසිම සම්බන්ධයක් නැති පැත්තක ඔබ සේවය කළේ. දෙවන ලූතිනන් වරයෙක්ව සිටි ඔබ ඇයි හමුදාව හැරදා නළුවෙක් වෙන්නෙ. පාසලේදී මම සාමානය පෙළ දක්වාම වේදිකා නාට්‍ය කළා. නමුත් ගණිත අංශයෙන් උසස් පෙළ කරන කාළේ කෙඩෙට් කරපු නිසා මට ආමි උණක් ඔලූවට ගැහුවා. ඒ උණ නිසා තමයි යුධ හමුදාවට යන්නෙ. හැබැයි මම ආමී ඇකඩමි ඉන්න කාලෙත් එහෙ ලැබුණ අවස්ථාවලදී නාට්‍ය කළා. ඒ කාලේ ඇකඩමියෙ කමඩාන් හිටියෙ ජගත් ජයසූරීය සර්. විශේෂයෙන් යුධ හමුදාවෙන් ඉගෙන ගත්ත වෙලාවට වැඩ කිරීම, දරා ගැනීම වැනි ගොඩාක් අද්දැකීම් කලා කේෂත‍්‍රයේ මේ ඉන්න තැනට එන්න මට උදව්වක් වුණා. නමුත් කාලයකදී මට එතන හරි ගියේ නැති නිසා ඉල්ලා අස්වුණා.
 
 ඉසුරු දැන් රංගන ශිල්පියෙක් ලෙස බලාපොරොත්තු වූ තැනට ඇවිත් තියනවද
 
 මේක ඉගෙනගෙන ඉවරකරන්න පුළුවන් විෂයක් නෙවෙයි. අලූත් අලූත් චරිත ලැබෙද්දී හැමදාම අපි ඒවා ඉගෙන ගන්නවා. ඒ නිසා මම බලාපොරොත්තු වූ තැන මෙතන කියල මට තාම කියන්න බෑ. නමුත් මම බලාපොරොත්තු වෙන්නෙ කවදා හරි මම නැති දවසක මේ රටේ ඉසුරු ලොකුහෙට්ටිඅරච්චි කියල දක්ෂ චරිතාංග නළුවෙක් හිටියා කියල කියන තැනට පත්වෙන්න.
 
 තිස්ස ගුණතිලක

 

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles