Divaina - කොරෝනා මැද හි`ගුරාන සීනි වාර්තා පිට වාර්තා තබයි...

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

perabara135දිගාමඩුල්ලේ හදවත කියන්නේ හිඟුරානේ සීනි සමාගමටයි. ඒ නිසා අද සිය දහස් ගාණක් ජීවත් වෙනවා. කුස ගින්දර නිවා ගන්නවා. ඒකේ වටිනාකම හිඟුරාන සීනි සමාගම වැහිලා තිබුණ කාලයේ අම්පාර ජනතාවට හොඳටම දැණුනා. හි`ගුරාණ නගරයේ ඒ කාළේ බුලත් විටක්වත් විකුණගන්න බැරිව වෙළෙඳසල් හිමිකරුවන් අන්ත අසරණ වුණා. ගොවි රජවරු මහපාරට වැටුණා.

එහෙම තියෙද්දී තමයි බොහෝ බාධක මැද්දේ හිඟුරාන සීනි සමාගම 2007 වසරේ ගල්ඔය වැවිලි සමාගම නමින් ආරම්භ වුණේ. ආපු බාධක නම් නිමක් නෑ. ඔන්න වැටුනා, මෙන්න වැටුනා, ආයතන වැහෙනවා කියලා කට කතා ගොඩයි. ඒත් සියලූ බාධක මැද අද වෙද්දී සියලූ දෙනාගේ ඇස්වල සතුටු කඳුළු ගලන අවස්ථාවක් බවට පත්වෙලා.

සීනි සමාගම කොරෝනා උවදුර මැද වාර්තා පිට වාර්තා තබලයි තියෙන්නේ.

1960 වසරේදී තමයි මෙහි පළමු උක් ඇඹරුම් වාරය අඹරන්න ගත්තේ. එදා පටන් මේ දක්වා ගතවූ වසර 50 තුළ වැඩිම උක් ද`ඩු ප‍්‍රමාණයක් ඇඹරූ වර්ෂ වශයෙන් ගල්ඔය වැවිලි සමාගම වාර්තාවක් තබනවා. ඒ වසරකට උක්දඬු ටොන් ලක්ෂ තුනකට අධික ප‍්‍රමාණයක් අඹරමින්.

අපේ‍්‍රල් මස සිට මාර්තු 31 වැනිදා වන විට ගන්නා මූල්‍ය වර්ෂවලින් මෙටි‍්‍රක් ටොන් තුන්ලක්ෂ පනස් දහසක් අඹරමින් මූල්‍ය වර්ෂයක් තුළ වැඩිම උක්දඬු ප‍්‍රමාණයක් ඇඹරූ මූල්‍ය වර්ෂය ලෙස තවත් වාර්තාවක් තබා තිබෙනවා.

ඒ සමගම ඉතිහාසයේ වැඩිම සිනී නිෂ්පාදනයක් කර වැඩිම ආදායමක් ඉපයූ වර්ෂය වශයෙන් මිලියන 1,700 ආදායමක් උපයා තිබෙනවා.

වසර පනහක ඉතිහාසය තුළ දී වැඩිම වගා ප‍්‍රමාණයක් වන හෙක්ටයාර 6500 වගා කළ වර්ෂය බවට පත්ව තිබෙනවා.

ගල්ඔය වැවිලි සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී, මානව සම්පත් සහ පරිපාලන ඒ. එච්. වරුණ මධුෂාන් මහතා අ`ඩහැරයට මෙලෙස පැවසුවා.

වසර ගණනාවක් තිස්සේ වසා දැමුණු හිඟුරාන සීනි සමාගම ගල්ඔය වැවිලි සමාගම ලෙසින් නැවතත් ආරම්භ කරලා අද වන විට වාර්තා පිට වාර්තා තබන්න හැකිවීම ගැන ඇත්තේ පුදුම සතුටක්. මේ සඳහා මුදල් ආයෝජනය කරලා මෙම කර්මාන්ත ශාලාව ගොඩ ගැනීමට කටයුතු කළ එල්. ඕ. එල්. සී. සමූහ ව්‍යාපාරයේ අධිපති ඉෂාර නානායක්කාර මහතාට සහ එම සමූහ ව්‍යාපාරයේ මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතාටත් අපි බෙහෙවින් ස්තුති කළ යුතුයි.

මේ වන විට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දේශීය නිෂ්පාදන දියුණු කිරීමේ සංකල්පය මතය සීනි ආයතනය ලාභ ලබන තැනක් බවට පත් කරන්න හැකි වුණා. මේ වන විට සීනි ආනයනය නතර කර, එතනෝල් ආනයනය නතර කර තිබීම නිසා අපිට ඉතිහාසයේ වැඩිම සීනි අලෙවි ආදායමක් ලබාගත හැකි වුණා. ඊට අමතරව එතනෝල් නිසා අමතර විශාල ආදායමක් ලබාගෙන මේ ආයතනය ලාභදායී ආයතනයක් බවට පත්කිරීමට හැකි වුණා.

ඒ සඳහා වත්මන් ජනාධිපතිතුමන්ට, අගමැතිතුමන්ට, ජානක වක්කුඹුර රාජ්‍ය ඇමැතිතුමන්ට සහ නව සභාපතිතුමන්ට අප ස්තුතිය පුද කළ යුතුයි.

දහසක් වූ බාධක මැද මේ ආයතන ගොඩනඟන්නට කටයුතු කරන විධායක අධ්‍යක්ෂක ගනේෂ් අබේරත්න මහතා සමගින් දිවා රෑ නොබලා මේ ආයතනය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරාජ් පෙරේරා මහතා මේ ආයතනයට විශාල ශක්තියක් වුණා.

ඒ සමගම කර්මාන්තශාලා ප‍්‍රධානී සමන්ත කුමාර, වැවිලි කළමනාකාර එච්. එම්. ඒ. බණ්ඩාර, පිටස්තර ගොවි කළමනාකරු තුෂාර කුමාර, මූල්‍ය ප‍්‍රධානී අරුණ මුණසිංහ, ස්කාගාර ප‍්‍රධානී මයිල් රාජ්, කෘෂි වැඩපළ අංශයේ ප‍්‍රධානී ඉඳුනිල් විජේසිංහ, කෘෂි සේවා අංශයේ ප‍්‍රධානී සුරංග සේරසිංහ, ඉඩම් සංවර්ධන අංශයේ ප‍්‍රධානී ඩන්ස්ටන් ජයවර්ධන, ප‍්‍රවාහන අංශ ප‍්‍රධානී ලසන්ත මහතා ඇතුළු ඒ ඒ අංශ කාර්ය මණ්ඩලය සහ මානව සම්පත් අංශය ඇතුළු සියලූම කාර්ය මණ්ඩලය සහ සේවක සේවිකාවන් සහ සියලූම ගොවි මහත්වරු මේ ජයග‍්‍රහණය පිටුපස විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ නිසා ඒ සියලූ දෙනාටම ස්තුතිය පුදකර සිටිනවා.

ඒ සමගම වනජීවී හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩබ්ලිව්. ඞී. වීරසිංහ, වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මෙම ආයතනයට විශාල සහයෝගයක් ලබා දෙනවා.

වැටෙයි කියලා බොහෝ දෙනෙක් බලාගෙන සිටිය ගල්ඔය වැවිලි සමාගම වාර්තා පිට වාර්තා තබන තැනට අද පත්ව තිබෙනවා යැයි වරුණ මධුෂාන් වහතා පවසා සිටියා.

අම්පාරේ කොරෝනා රෝගීන් 15ක්

අම්පාර දිස්ත‍්‍රික්කය තුළ මේ වනවිට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මුල්ම රෝගියා වාර්තා වූයේ පසුගිය පස් වැනිදා මහඔය ප‍්‍රදේශයෙන්.

අම්පාර රජවැව ප‍්‍රදේශයෙන් එක් ආසාදිතයෙක් සහ පොතුවිල් ප‍්‍රදේශයෙන් ආසාදිත 07ක් වාර්තා වී තිබෙනවා. ඒ සමඟම කලමුණ සහ සමන්තුරය ප‍්‍රදේශයෙන් ආසාදිතයන් හය දෙනකු වාර්තා වී තිබෙනවා.

අම්පාර නගරය  රෑට අඳුරේ

අම්පාර නගරය නම් දවල්ට ලස්සනට තියෙනවා. ඒත් ඒ ලස්සන රෑට නම් නෑ වගේ. බොහෝ තැන්වල විථි ලාම්පු පිච්චිලා ගිහිල්ලා අඳුරේ තියෙන්නෙ.

ප‍්‍රධාන නගරෙකට රෑ කාලෙත් ජනතාව එනවා. ඒත් නගරයේ ප‍්‍රධාන විථියේ බොහෝ තැන් අඳුරේ තිබීම ගැටලූසහගතයි. එවැනි තැන්වල විවිධ අපචාර ක‍්‍රියා සිදු වෙන්න ඉඩ තියෙනවා. එනිසා බොහෝ දෙනෙක් රෑට නගරයට ඒමට බියක් දක්වනවා. සමහරු දුර බස්වලින් ඇවිල්ලා නිවෙස්වලට යන්න නගරය මැද්දෙන් පයින් යනවා. එවැනි තැන්වල මත්පැන් පානය කළ අයත් සමහර වෙලාවට සිටිනවා. අපරාධයකට අවස්ථාව සලසනවාට වඩා අම්පාර නගරයේ පිච්චිලා ගිය විදුලි බල්බ ටික දැම්මොත් හොඳයි නේද.

පොලිසිය කීප විටක්ම අදාළ බලධාරීන් දැනුවත් කරල තිබ්බත් තාමත් වැඩක් නම් වෙලා නැහැ. දැන්වත් පිච්චිච්ච බල්බ් ටික දාමුද.

සුසන්ත අමරබන්දු



 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles