Divaina - රට යන අත.... මයික් පොම්පියෝ ලංකාවට ආවේ ඇයි?... පොම්පියෝගේ සංචාරයේ අරමුණු... එම්.සී සී. ගිවිසුම හා චීන ප‍්‍රතිචාර.... ජාතික සමගි බලවේගයෙන් හකීම්ලා - රිෂාඞ්ලා ඉවත් කිරීමේ උත්සාහයක්...

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ජනිත සෙනෙවිරත්න

 

rata444

පොම්පියෝගේ මෙවර ආසියානු සංචාරයේ ප‍්‍රධාන අරමුණ මෙම කලාපයේ චීනයට බල ව්‍යාප්තිය අඩපණ කිරීමය. ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවට ගොස් එරට සමග දැවැන්ත ආරක්ෂක ගිවිසුමක්ද අත්සන් කළේය. මීට අමතරව ඉදිරි සතිවලදී ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය හා ඔස්ටේ‍්‍රලියාව එක්ව ඉන්දියානු සාගරයේ මලබාර් යුද අභ්‍යාසය ද පැවැත්වීමට නියමිතය. මේ රටවල එකමුතුව කියපාන්නේ ඔවුන් සියල්ල එක් පොදු සතුරකු සමග සටන් කරන බවය. එබැවින් ඇමරිකාව අපගේ ස්ථාවරය ඍජුවම විමසා තිබේ. අපගේ ස්ථාවරය සමග ඇමරිකාව යම් යම් තීරණ ගැනීමට බොහෝදුරට ඉඩ තිබේ.

මේ සතියේ සිදුවූ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ‍්‍රී ලංකා සංචාරය මෑත කාලීනව ශ‍්‍රී ලංකාවටත් පොදුවේ දකුණු ආසියාවටත් අතිශය වැදගත්ය. එක අතකින් එම සංචාරය ශ‍්‍රී ලංකාව හා චීනය අතර සම්බන්ධතා සම්බන්ධයෙන් තීරණාත්මක කඩ ඉමක් බවද පෙනේ. පසුගිය කාලය පුරා ශ‍්‍රීලංකාව තුළ චීන ක‍්‍රියාකාරිත්වය ඉහළයෑම තමන් තවදුරටත් නොඉවසන බවටත් ඇමරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන කාරණා සම්බන්ධයෙනුත් මෙහිදී පැහැදිලිව පෙන්නුම් කෙරිණි. මේ වන විටත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකාව තුළ චීනයේ ක‍්‍රියාකාරකම් සම්බන්ධව දැඩි පිළිවෙතක් අනුගමනය කරන්නට තීරණය කර තිබේ. එසේම ශ‍්‍රී ලංකාව කවර පාර්ශ්වයක් සමග ඉදිරියට යන්නේද යන්න පැහැදිලිව තීරණය කළ යුතු බව පසුගිය සතියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරී ඞීන් තොම්සන් මෙම පසුගියදා වොෂින්ටනයේ දී ප‍්‍රකාශ කර තිබුණි. ”ශ‍්‍රී ලංකාව සමග අපේ සබඳතාව විවිධ යුග ඔස්සේ දිගුකාලයක් ගමන් කර තිබෙනවා, දැන් එළැඹ ඇත්තේ ශ‍්‍රී ලංකාව තමන් ගමන් කරන්නේ ඇමරිකාව හා චීනය යන පාර්ශ්ව අතරින් කොයි දිසාවටදැයි තෝරාගත යුතු තැනකටයි” යනුවෙන් ඔහු පවසා තිබුණි.

මීට දින කීපයකට පෙර චීන ඉහළ පෙළේ ¥ත පිරිසක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම හා ඊට සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය දැඩි අවධානයෙන් සිටීමද රජය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශයට හා පොම්පියෝගේ මේ සංචාරයට හේතුවක්වී තිබිණි.

rata1මේ වන විට ඇමරිකාව හා ඉන්දියාව අතර ඇත්තේ සමීපතම සම්බන්ධතාවයකි. එසේම ඉන්දියාව හා චීනය අතර ඇත්තේ දරුණු විරසකයකි.එනම් මේ වන විට ඇමරිකාවත් ඉන්දියාවත් එක්ව චීනයට එරෙහිව අත්වැල් බැඳ සිටිති. මේ අතර ඉන්දියාවද චීනය සමග ශ‍්‍රී ලංකාවේ සමීප සම්බන්ධතා සම්බන්ධයෙන් සිය නොසතුට ඉහළම මට්ටමින් කීප අවස්ථාවකදීම ප‍්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් චීන ශ‍්‍රී ලංකා සම්බන්ධතා ඍජුවම බලපාන බව ඉන්දියාවේ අදහසයි. 2015 ආණ්ඩු පෙරළියට පවා හේතු වූ ප‍්‍රධාන කාරණාවක් වන්නේ චීන සබ්මැරීන් කොළඹ වරායට පැමිණීම බව රහසක් නොවේ.

පොම්පියෝගේ සංචාරයේ අරමුණු

පොම්පියෝගේ මෙවර ආසියානු සංචාරයේ ප‍්‍රධාන අරමුණ මෙම කලාපයේ චීනයට බල ව්‍යාප්තිය අඩපණ කිරීමය. ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවට ගොස් එරට සමග දැවැන්ත ආරක්ෂක ගිවිසුමක්ද අත්සන් කළේය. මීට අමතරව ඉදිරි සතිවලදී ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය හා ඔස්ටේ‍්‍රලියාව එක්ව ඉන්දියානු සාගරයේ මලබාර් යුද අභ්‍යාසය ද පැවැත්වීමට නියමිතය. මේ රටවල එකමුතුව කියපාන්නේ ඔවුන් සියල්ල එක් පොදු සතුරකු සමග සටන් කරන බවය. එබැවින් ඇමරිකාව අපගේ ස්ථාවරය ඍජුවම විමසා තිබේ. අපගේ ස්ථාවරය සමග ඇමරිකාව යම් යම් තීරණ ගැනීමට බොහෝදුරට ඉඩ තිබේ. සෑම වසරකම ඇමරිකා එක්සත් ජනපදය ඇමරිකානු ඩොලර් මිලියන තුන්දහසක භාණ්ඩ අපේ රටෙන් මිලදී ගනී. ප‍්‍රධාන වශයේ අපේ ඇඟලූම් කර්මාන්තය ඒ මත රඳා පවතී. චීනය ශ‍්‍රී ලංකාවෙන් වසරකට මිලදී ගන්නේ ඩොලර් මිලියන තුන් සියයක භාණ්ඩ පමණි. එහෙත් වසරකට ශ‍්‍රී ලංකාව චීනයෙන් ඩොලර් මිලියන හාරදහසක භාණ්ඩ මිලදී ගනී. එම නිසා ශ‍්‍රී ලංකාව කුමක් කළ යුතුද යන්න ශ‍්‍රී ලංකා රජයේ තීරණයකි.

අනෙක් අතට ඇමරිකානු ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදී රාජ්‍ය ලේකම්වරයා ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල කීපයක සංචාරය කිරීම තුළින් පෙන්නුම් කෙරෙන්නේ චීන ප‍්‍රශ්නය ඇමරිකාවට කොතරම් බලපානවාද යන්නය.

නොබැඳි පිළිවෙතක අවශ්‍යතාව

දශක ගණනාවක් තිස්සේ ශ‍්‍රී ලංකාව නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියක සිටි බව අපට මතකය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නොබැඳි ප‍්‍රතිපත්තිය ලොවපුරා ඉමහත් ගෞරවාදරයට පාත‍්‍ර විය. එකෙක රටවලට ගැතිකම් නොකර නොබැඳි පිළිවෙතකට පිවිසෙන්නට තවමත් අප ප‍්‍රමාද නොමැත. එසේ නොවුවහොත් වැඩිකල් නොගොස් බලවත් රටවල යුද බිමක් බවට අපේ රට පත්වීම වැළැක්විය නොහැක.

ආර්ථික සහයෝගීතාව හා අපනයන

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක‍්‍රියාකිරීමට සූදානම් යැයිද දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව ද අමෙරිකා අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මහතා හමුවී ප‍්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකාව තුළ අමෙරිකානු ආයෝජන ප‍්‍රවර්ධනයට ඉහළ ප‍්‍රමුඛත්වයක් දෙන බවද සංචාරක ව්‍යාපාරය රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල්වන ප‍්‍රධාන ක්ෂේත‍්‍රයක් බවත්, විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් බවද ඔහු පවසා තිබේ. ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය පැහැදිලි කළ ජනාධිපතිවරයා එය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇතැයි ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාට පෙන්වාදී තිබේ.

මෙහිදී, ශ‍්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ වී ඇත.

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බව කී රාජ්‍ය ලේකම්වරයා ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත‍්‍රශීලී සබඳතා ගැනද සතුට පළ කර තිබේ.

ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ‍්‍රී ලංකාවේ ද අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.

චීනයට දැඩි ප‍්‍රහාර

ඉන්පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් චීනයට දැඩි ප‍්‍රහාර වාග් පහර එල්ල කළ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ”ශක්තිමත් ස්වෛරී ශ‍්‍රී ලංකාවක් යනු ලෝක මට්ටමේදී ඇමෙරිකාවට බලවත් සහ උපායමාර්ගික පාර්ශ්වකරුවෙක්, එහෙත් එය චීනය අපේක්ෂා කරන දෙයට පරස්පර දෙයක්, චීනය නරක ගිවිසුම්, නීතියට ගරු නොකිරීම, මුහුදේදීත් ගොඩබිමේදීත් නීතියක් නොමැතිකම, ස්වෛරීත්වය උල්ලංඝනය කිරීම යනාදියේ පාර්ශ්වකරුවෙක්, චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ විලෝපිකයෙක්, එහෙත් ඇමෙරිකාව ඊට වෙනස්, අපි එන්නේ මිත‍්‍රයෙක් පාර්ශ්වකරුවෙක් ලෙසට ”බව පැවසීය.

ඉන්පසුව පුද්ගලික නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ එම්. සී. සී. ගිවිසුම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ශ‍්‍රී ලංකාව සතු දෙයක් බවත්, දෙරට අතර සබඳතාව ශ‍්‍රී ලංකාව කුමන තීරණයක් ගත්ත ද වෙනස් නොවන බවයි.

එම්. සී. සී. ගිවිසුම හා චීන ප‍්‍රතිචාර

අමෙරිකාව නිරතුරුවම ඉදිරිපත් කරන්නේ සමාගම්, පෞද්ගලික ආයෝජන, හවුල්කාරීත්වය, සහ මිත‍්‍රත්වය. අපි රාජ්‍ය අනුග‍්‍රහය ලබන ව්‍යවසායකයන් හෝ සමාගම් සමග එන්නේ නෑ. අනෙක් රටවල් ශ‍්‍රී ලංකාවට විශාල ණයබරක් ඇතිකර විශාල පීඩනයක් ඇති කර විශාල පීඩනයක් ඇතිකර තිබෙනවා, අපි එන්නේ නෑ ණය පැකේජ සමග එම ණය පැකේජ ගෙවන්නත් අමාරුයි. අපි එවැනි ණය භාවිත කරලා රජයන්ට යම් යම් දේ කිරීමට බලපෑම් කරන්නේ නෑ. ඒවා එකිනෙකට වෙනස් මොඩල දෙකක්. එකක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස, අනෙක කුරිරු ඒකාධිපති මොඩලයක්. ඔවුන් පුද්ගලික අංශය සමග නෙවෙයි පැමිණෙන්නේ, ඔවුන් ශ‍්‍රී ලාංකිකයන් බඳවා ගන්නෙත් නැහැ.

ශ‍්‍රී ලංකාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස අවශ්‍යදැයි කියා ශ‍්‍රී ලංකාව තෝරා ගත යුතුයි, මම සිතන්නේ ශ‍්‍රී ලංකාවේ නායකත්වයට එය අවශ්‍යයි, ඔබ ඒවා තෝරාගත් විට නව සබඳතාකරුවන් මුණ ගැසේවි, ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මොඩලයද එසේත් නැතිනම් කුරිරු ආඥාදායක මොඩලය ද කියලා ශ‍්‍රී ලංකික ජනතාව තීරණය කළ යුතුයි” යැයිද පොම්පියෝ වැඩිදුරටත් පැවසීය. කෙසේවෙතත් පොම්පියෝගේ සංචාරය අතරතුර ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉතාම දැඩි නිවේදනයක් නිකුත් කර තිබිණි. එසේම පසුව පොම්පියෝ විසින් චීනය සම්බන්ධයෙන් පැවසූ කාරණාවලට යළිත් වරක් ප‍්‍රතිචාර දක්වන ලදී. මේ තත්ත්වය අතිශය නරක තත්ත්වයකි. අපේ රටට පැමිණෙන රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියකු සම්බන්ධයෙන් එවැනි ප‍්‍රකාශ නිකුත් කිරීම බරපතළ කාරණයකි.

ජාතික සංවිධාන වලින් ජාතික ශෝක දිනයක්

මේ අතර ආණ්ඩුව ජාතික සංවිධාන මතයට තවදුරටත් කන් නොදෙන බව පවසමින් මහා සංඝරත්නයට හෝ මහජන මතයට ගරු නොකර විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බවත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ ඔක්තෝබර් 22 වන දින ජාතික ශෝක දිනයක් සේ සලකන බවත් එම්. සී. සී. සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට බලපෑම් එල්ල වීමේදී ඒ ආකාරයටම කටයුතු කරනු ඇතැයිද පවසමින් ජාතික සංවිධාන එකමුතුව ආණ්ඩුවට දැඩි විරෝධය පළ කරමින් පවසා සිටී.

මීට පෙර ජාතික සංවිධාන එකමුතුව 20 පමණක් නොව තානාපති ධුරවලට ඇතැමුන් පත් කරද්දී විරෝධය පළ කළද ආණ්ඩුව එම විරෝධතා පවා ගණනකට නොගත්තේය.

ජාතික සමගි බලවේගයෙන් හකීම්ලා -  රිෂාඞ්ලා ඉවත් කිරීමේ උත්සාහයක්

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බවට සමගි ජන බලවේගය ඒකමතිකව තීන්දුවක් ගෙන තිබියදීත් එම තීන්දුව නොසලකා කටයුතු කළ රිෂාඞ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය සහ රවුෆ් හකීම්ගේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් එම පක්ෂවලින් ඉවත් කරන ලෙසට සමගි ජනබලවේගයේ තරුණ මන්ත‍්‍රීවරුන් එම පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීම් කර තිබේ.

මොවුන් පවසන්නේ හකීම් හා රිෂාඞ් බදුර්දීන්ද දැනුවත්ව මෙම පක්ෂ මාරුව සිදුව ඇති බවයි.

එම නිසා හකීම් හා රිෂාඞ් පාර්ශ්ව දෙකම සමගි ජනබලවේගයෙන් නෙරපා හැරීම සඳහා තීන්දුවක් ගන්නා ලෙසට එම මන්ත‍්‍රීවරුන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නියෝජ්‍ය නායකයා පසුගිය දිනෙක පවසා තිබුණේ පක්ෂ නායකයාගේ අවසරය ඇතිව තමන් ඇතුළු පිරිස ආණ්ඩුවට සහාය ලබා දුන් බවය. ඊට පෙර මේ පිරිස ආණ්ඩුවේ ප‍්‍රබලයන් හමුවූ බවද මොහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේය. ඒ අනුව පෙනී යන්නේ ආණ්ඩුව නව ගමනක් 20 වන සංශෝධනයද සමග ආරම්භ කර ඇති බවද ?


kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles