Divaina - ප‍්‍රභාකරන් සිනමාවට

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

paraba555
 
දකුණු ඉන්දීය සිනමාව නොහොත් කොලිවුඩය මෑත කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වූයේ ”800’’ නම් චිත‍්‍රපටයක් නිසා. එය, මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට නැගීමට කළ උත්සාහයක්. නමුත් ඊට විරුද්ධව එල්ල වූ දකුණු ඉන්දීය ජනතා විරෝධය නිසා එහි වැඩ කටයුතු නැවතී තිබෙනවා. එය කෙතරම් දුර ගියාද කියතොත් එම චිත‍්‍රපටයේ රඟපෑමෙන් ඉවත්වන ලෙස තම භූමිකාව රඟපෑමට තෝරාගෙන සිටි විජේ සේදුපතිගෙන් ඉල්ලීමක් කරන්නට පවා මුරලිට සිදු වුණා. එසේ මුරලිට හා 800 චිත‍්‍රපටයට එරෙහිව දැවැන්ත විරෝධයක් පැන නැඟුණේ මුරලි ද්‍රවිඩ ඊළමට විරුද්ධව මත පළකිරීම නිසා.

 

paraba1එම සිදුවීම එසේ යට ගිය තත්ත්වයක් තුළ තවත් අලූත් ආන්දෝලනාත්මක තත්ත්වයක් කොලිවුඩය තුළ මතුව එන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ, වෙන්කටේෂ් කුමාර් නම් කොලිවුඞ් සිනමාකරුවකු විසින් වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ජීවිතය පාදක කොටගෙන චිත‍්‍රපටයක් නිපදවීමට යන බවට වූ ආරංචියෙන්.
 
 ”සීරම් පුලි’’ නොහොත් "Raging Tiger” ලෙස නම් කොට ඇති මෙම චිත‍්‍රපටය 800 ට දෙවෙනි නොවන ආන්දෝලනයක් ඇති කරන බවට මත පළවෙනවා. වේලූපිල්ලේගේ චරිතය රඟපෑම පිණිස වෙන්කටේෂ් කුමාර් අධ්‍යක්ෂවරයා තෝරාගෙන තිබෙන්නේ ‘උනක්කුල් නාන්’, ‘ලයිට් මෑන්’ ආදී චිත‍්‍රපටවල රඟපෑ බොබී සිම්හා නම් දකුණු ඉන්දීය නළුවෙක්. ඔහු රඟපෑ පළමු චිත‍්‍රපටය වූ ‘නීලම්’, චිත‍්‍රපට සහතික කිරීමේ ඉන්දීය මධ්‍යම මණ්ඩලය විසින් මහජන ප‍්‍රදර්ශණය පිණිස නුසුදුසු බවට වාරණය කොට තිබෙනවා. මීට පෙර බොබී සිම්හා රඟපෑ ‘උනක්කුල් නාන්’, ‘ලයිට් මෑන්’ හා වාරණයට ලක් වූ ‘නීලම්’ යන චිත‍්‍රපට තුනෙහිම අධ්‍යක්ෂණය වෙන්කටේෂ් කුමාර් වීම විශේෂත්වයක්.
 
 වෙන්කටේෂ් කුමාර්, තම චිත‍්‍රපටය තුළ වේලූපිල්ලේගේ චරිතය අදියර දෙකකින් ඉදිරිපත් කරන්නට යන බව සැළයි. ඒ, වේලූපිල්ලේගේ ගැටවර විය හා අරගලකරුවකු ලෙස හා නායකයකු දක්වා ඔහු ආ ගමන හා දෙවන අදියර ලෙස දෙමල ඊළාම් යුද්ධය වශයෙනුයි. ”සීරම් පුලි’’ නිෂ්පාදනය කරන්නේ ස්ටුඩියෝ 18 නම් නිෂ්පාදන සමාගමක්.
 
 කෙසේ වෙතත් චිත‍්‍රපට සහතික කිරීමේ ඉන්දීය මධ්‍යම මණ්ඩලය පවසන්නේ ”සීරම් පුලි’’ ඉන්දීය, ශී‍්‍ර ලංකා මිත‍්‍රත්වය පළුදු කිරීමට හේතුවක් විය හැකි බවයි. චිත‍්‍රපට වාරණයට ලක් කිරීමේ බලය පැවරී ඇත්තේ ඉන්දීය මධ්‍යම මණ්ඩලයට බැවින් එම අනාවැකිය සුළු කොට තැකිය නොහැකි බවයි විචාරකයන්ගේ අදහස. සුළු කොට තැකිය නොහැකි අනෙක් කරුණ නම් වෙන්කටේෂ් කුමාර්ගේ තහනමට ලක් වූ නීලම් චිත‍්‍රපටයද ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධය හා එල්ටීටීටියේ නැගීම විෂය කොටගෙන තැනූ චිත‍්‍රපටයක් වීමයි.
 
 නිමල් ෆ‍්‍රැන්සිස්

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles