Divaina - ‘පවතින තත්ත්වය යටතේ අසරණ වුණු ගායන ශිල්පීන්ට උපකාර කළ යුතුයි’... ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස එදා මා කළ කී දෑ ගැන සතුටුයි....

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

- ප‍්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්

සුජීව තත්සර

keerti222කීර්ති පැස්කුවල්... ශී‍්‍ර ලාංකේය ගී රසකාමීන්ගේ දෙසවන් පිනවූ හදවත් නැළවූ ප‍්‍රවීණ ගායන ශිල්පියෙකි. කලක් ශී‍්‍ර ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ මේ ‘ලයාන්විතයා’... කලකට පසු ‘දිවයින සිනමා කලා’ සමගින් එක්ව මෙලෙස අදහස් දැක්වීය.

පවතින කොවිඞ් වසංගත තත්ත්වය ගායන ශිල්පීන්ට ඇති කර ඇති බලපෑම පිළිබඳව සඳහන් කරමින් මේ කතා බහට ප‍්‍රවේශ වුවහොත්...

පවතින තත්ත්වය ඉතාම කනගාටුදායකයි. ඇතිවී තිබෙන බලපෑම සුවිශාලයි. නමුත් අපි මෙයට මුහුණ දිය යුතුයි. මම හිතන්නේ කාලයට ඉඩදී බලා සිටීම හැර වෙන විකල්පයකුත් නැහැ. දැන් කොහේවත් ප‍්‍රසංග පවත්වන්න සුදුසු වටාපිටාවකුත් නැහැ. ඒ නිසා අපි මේ වෛරසයට මුහුණ දෙන්න නම් සෞඛ්‍යය අංශ ලබාදෙන උපදෙස් අනුව යමින් කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ඔබ කටයුතු කළ වසර හතරක කාලය පිළිබඳව මොකද හිතන්නේ...

ඇත්තටම අපේ සංගමය හරහා උපකාර අවැසි ප‍්‍රවීණ ගායක ගායිකාවන් වෙනුවෙන් විශාල සේවයක් සැලසීමට හැකියාව ලැබුණා. එදා රවි කරුණානායක මහතාගේ යෝජනාවකට අනුව ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ දෙසිය පනහක මුදලක් ලබා ගනිමින් එය ලංකා බැංකුවේ ස්ථීර තැන්පතුවක දමා ලැබුණු පොලී මුදලින් වයස හැටපහට වැඩි උපකාර අවැසි තෝරා ගත් ශිල්පීන් පිරිසකට මසකට රුපියල් පන්දහසක් බැගින් ජීවිතාන්තය දක්වාම ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. ඊට අමතරව අපේ සංගමයේ සාමාජිකයකුගේ අවමංගල්‍යයක දී ඒ අවශ්‍ය කටයුතු සියල්ල කර දීමටත් වී.අයි.පී. පහසුකම් යටතේ මල් ශාලාවක තබා අවසන් කටයුතු සිදු කිරීමටත් කටයුතු සලසාදීම වගේම ගායන ශිල්පීන් වෙනුවෙන් ක්‍රෙඩිට් කාඞ් ඩිස්කවුන්ට් ලබාදීමටත් අප කටයුතු සිදුකළා. මේ කටයුතු මා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස සිටි කාලසීමාවේදී කිරීමට හැකිවීම මට විශාල සතුටක්.

ලංකාවේ වැඩිම ගායන ශිල්පීන් ප‍්‍රමාණයක් සහභාගී වූ ‘යුග යුග හද රැුඳි ගී’ ප‍්‍රසංගය තවමත් අපේ හදවත් හී රැඳී තිබෙනවා. ඒ ප‍්‍රසංගය ඔබේ සංකල්පයක්...

ඔව්. මෙය තමයි මෙතෙක් අපේ රටේ වැඩිම ගායන ශිල්පීන් ප‍්‍රමාණයක් සහභාගී වූ ගී ප‍්‍රසංගය. 2016 දී මෙය පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී. මේ වෙනුවෙන් ගායන ශිල්පීන් එකසිය පනස්හය දෙනෙකු සහභාගී වුණා. 50, 70, සහ 80 යන යුගයන්වලදී ගැයූ ගීත මෙහිදී ගායනා කරනු ලැබුවා. අලූත් පරම්පරාවේ අයත් මේ ප‍්‍රසංගයට එක්ව සිටීම නිසා ඉතා අලංකාර ලෙස එය පවත්වන්නට හැකියාව ලැබුණා. ඒ නිසාම ප‍්‍රසංගය අංගසම්පූර්ණ ප‍්‍රසංගයක් වුණා. මට එවැන්නක් කිරීමට සංවිධාන ශක්තිය තිබුණා. ප‍්‍රසංගය වෙනුවෙන් ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරුනුත් එක්වුණා. එදා තමයි අපේ සංගමය වෙනුවෙන් බජට් එකෙන් ලක්ෂ දෙසිය පනහක් වෙන්කර දෙන බව පැවැසුවේ.

ගායක ගායිකාවන්ගේ සංගමය හරහා කළ කී දේ වෙනුවෙන් ඔබට ගල් සහ මල් කියන දෙකම පිළිගන්නට සිදුවූවා...

ඇත්ත. ඒක ඒ විදිහම තමයි. ඒත් කලා ශිල්පීන්ගේ විවිධ ගැටලූ වෙනුවෙන් මම පෙනී සිටියා. ඒ සියල්ලට ප‍්‍රතිචාර දැක්වූවා. ඒ වෙනුවෙන් තමයි ගල් මල් දෙකම ලැබුවේ. නමුත් මම නායකයකු විදිහට සහ සංගමයක් විදිහට නිසි ලෙස කටයුතු කළා. ඇත්තෙන්ම කීවොත් එය එදා ලෝකයටම දැණුනා. ඒ නිසා ඒ යුගය ගායක ගායිකාවන්ගේ සංගමයේ ස්වර්ණමය යුගය කීවොත් වඩාත් නිවැරදියි.

ඒ වුණාට අද නේද ඊට වඩා යමක් කෙරිය යුතුව තිබෙන්නේ...

ඇත්ත. මේ පවතින තත්ත්වය යටතේ අපේ අසරණ ශිල්පීන් වෙනුවෙන් තිබුණට වඩා ප‍්‍රබලව කි‍්‍රයාකාරි විය යුතුව තිබෙනවා. අපට නිදාගෙන ඉන්න බැහැ. සාමාජිකයෝ අමාරුවේ. මම කළා නම් අදත් මට සැලසුම් තියනවා. නමුත් මේ වන විට මම ඒ සංගමයේ නැහැ. එහෙම කියලා අලූතෙන් පත් වෙච්ච පිරිසට ඇඟිලි ගහන්න යන්නත් මට බැහැ. හැබැයි පවතින තත්ත්වය යටතේ යමක් විය යුතු ශිල්පීන්ට යම් ප‍්‍රතිලාභයක් ලැබෙනවා නම් හොඳයි. ඒ අය තමන්ගේ වර්ගයා වෙනුවෙන් මේ මොහොතේ සැලසුම් සකස් කළ යුතුයි. මම හිතනවා අලූත් නිලධාරීන් ඒ ගැන අවබෝධයෙන් වැඩ කරලා ශිල්පීන්ට සාධාරණයක් කරයි කියලා.

මේ දිනවල ඔබේ සංගීත කටයුතු කුමනාකාර ද...

මම මේ දවස්වල මගේම ගීත 30 ක් නිර්මාණය කරමින් පසුවෙනවා. ඒ ඇල්පිටියේ සමන්ත ගුණවීර ගීත රචකයා සමග. ඔහු ලියූ ගීත සංගීතවත් කරමින් ගායනා කරනු ලබන්නේ මවිසින්. මේ ගීත ටික ලබන වසරේ දී ‘යූ.එස්.බී. පෙන්ඩ‍්‍රයිව්’ හරහා එළි දැක්වීමට සූදානමින් පසුවෙනවා. ඊට අමතරව ආරාධනා තියනවා. විවිධ ගීත රචකයන්ගෙන් සංගීත අධ්‍යක්ෂණයට. ඒ වගේම ගීත ගායනයට. ඒ අයගෙන් ලැබුණු ගීත විස්සක් විතර තියෙනවා. ඉතිං මගේ ගෙදර තිබෙන පුංචි ශබ්දාගාරයේ දී ඒවා පටිගත කරමින් කාලය ගෙවනවා. ඊටත් අමතරව මගේ සංගීත පංති ඔන්ලයින් හරහා පවත්වාගෙන යනවා. විදේශයන්හී සිටින මගේ සිසුන් වෙනුවෙන් තමයි මේ වැඩ කොටස ඉටු කරන්නේ. මම ඒ අතින් සීයට සීයක්ම කාර්යබහුලයි. නිදාගන්න යන්නේ පාන්දර දෙකට විතර. නැවතත් උදේ අටට ඇහැරිලා වැඩ ටික පටන් ගන්නවා. ඔය විදිහට තමයි මගේ සංගීතයයි, ජීවිතයයි ගලාගෙන යන්නේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles