Divaina - මිහින්තලා පුදබිමේ උතුම් පිංකම් රැසක්, ජනපති ප‍්‍රධානත්වයෙන්... රටට බත දෙන්නට පොලොන්නරුව සූදානම්.... මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයත් කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි...

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

rajarataඅහුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ දිනය සිහි ගන්වන මිහිඳු පුර අටවක පොහෝ දිනය යෙදී තිබුණේ පසුගිය 23 සිකුරාදා දිනයටය. එය 2280 වන දිනය ලෙසට සැළකෙන එම දිනය නිමිති කරගෙන අනුරාධපුර ඓතිහාසික මිහින්තලා පුදබිමේ පිහිටි මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය පිළිසකර කිරීමේ උතුම් පිංකමක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා (24* ආරම්භ කෙරිණි. මිහින්තලා රාජමහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති, ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක උන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය. ඉන්පසුව මිහිඳු මහා සෑය සහ ධාතු මන්දිරය වන්දනා කළ ජනාධිපතිවරයා එම සෑ රඳුන් අභියස පැවැති ආගමික උත්සවවලට එක්විය. මේ අවස්ථාවට ඇමැති එස්. එම්. චන්ද්‍රසේකර රාජ්‍ය ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, ආචාර්ය චන්න ජයසුමන, ෂෙහාන් සේමසිංහ, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න යන මහත්වරුන්ද එක්ව සිටියහ.
 
 මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයත් කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි
 
 මේ දිනවල පුවත් මවන්නේ කොරෝනා බව අමුතුවෙන් කිවයුතු නැත. අලූතින් හමුවන ආසාදිතයින්, නිරෝධායනයට යොමු කළ ආශ‍්‍රිතයින්, සිදුකළ පී. සී. ආර්. පරීක්‍ෂණ මේ ආදිය පිළිබඳව නිරතුරු ලැබෙන තොරතුරු කිසිසේත්ම සුබදායක ඒවා නොවේ. රටක් වශයෙන් අප මුහුණදී සිටින බරපතළ අර්බුදයේ නැවැතුමක සීමා මායිම් කොතැනකදැයි පෙනෙන්නට නැත. මක් නිසාද තව තවත් වැඩි පිරිස්, ගම් නියම්ගම් කොරෝනා වෛරසයේ ගොදුරු බවට පත් වෙමින් තිබෙන නිසාවෙනි. කොරෝනා මෙරටට ආදා පටන් පොලොන්නරුවද එහි ප‍්‍රතිකාර හා සෞඛ්‍ය සේවා සපයන ප‍්‍රමුඛ දිස්ත‍්‍රික්කයක් ලෙස කටයුතු කර තිබෙන බැව් මීට ඉහතින් මේ තීරුවේ සටහන් තබා තිබේ. අදටද එම කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නට සෞඛ්‍ය අංශ කැපවී සිටින අතර ඒ සියලූ දෙනාට මල් මිටක් පිරිනමන්නට මෙය අවස්ථාවක් කර ගත යුතුය. මේ වන විට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 03 ක් අලූතින් ආරම්භ කර තිබේ. ඒ වැලිකන්ද කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට අමතරවය. එනම් කන්දකාඩුව කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානය, පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි පුලතිසිපුර අධ්‍යාපන විiා පීඨයේ පිහිටුවා තිබෙන කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සහ ඊයේ (28* දිනයේ අලූතින්ම ආරම්භ කළ නැෙ`ගනහිර මායිමේ පුනානි ප‍්‍රදේශයේ පිහිටි ෂරියා විශ්වවිiාලයේ කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයයි. එහි
 
 රෝගීන් 1200 ක් සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බව පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛi සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි. එම නව කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ පරිපාලන කටයුතු සියල්ල සහ වෛiවරුන්, හෙද හෙදියන් සහ අනෙකුත් සියලූම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සේවය සඳහා යොදවා තිබෙන්නේ පොලොන්නරුව දිස්ත‍්‍රික් මහ රෝහල මගින් බවද ඒ මහතා කීය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ෂරියා විශ්වවිiාලයේ ඊයේ (28* දිනයේ නව කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ අවස්ථාවට පොළොන්නරුව දිස්ත‍්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛi සම්පත් ඉන්දික කුමාර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, වෛi නිහාල් ගුණතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
 රටට බත දෙන්නට පොලොන්නරුව සූදානම්
 
 දිවයිනේ වී වගා කරන දිස්ත‍්‍රික්ක අතුරින් පොලොන්නරුවටද හිමි වනුයේ ඉහළ තැනකි. රටට බත සපයන ඒ මහ`ගු මෙහෙවරේ යෙදී සිටින බොහෝ දෙනා හෙවත් ගොවි ජනතාව මේ දිනවල මාස් කන්නයේ වී වගාවට ලහි ලහියේම සූදානම් වෙති. මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ මහා වාරිමාර්ග, යටතේ වී වගා කෙරෙන කුඹුරු බිම් ප‍්‍රමාණය අක්කර ලක්‍ෂයකට ආසන්නය. ඒ පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල යන ප‍්‍රධාන ජලාශ යටතේයි. ඊට අමතරව මහවැලි කලාප සහ සුළු වාරිමාර්ග යටතේද එපමණම කුඹුරු අක්කර ප‍්‍රමාණයක වී වගා කෙරේ. මහවැව් යටතේ සහ මහවැලි කලාපවල වී වගාව සඳහා ජලය නිකුත් වී ඇති අතර ඉදිරි දිනවලදී රජරට බිමට මහ වැසි ඇද හැලෙනු ඇතැයිද අපේක්‍ෂා කෙරේ. ඒ අනුව මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් සාර්ථකව වී අස්වැන්නක් රටේ වී අටුවට ලබා දෙන්නට හැකිවෙතැයි මෙහි ගොවි ජනතාව විශ්වාසය පළ කරති. එහෙත් මේ දිනවල රටේ ඇතැම් පෙදෙස්වලින් සහල් හි`ගයක් පිළිබඳවත් සහල් මිලෙහි ඉහළ යාමක් ගැනත් අසන්නට තිබෙන අතර එය කොරෝනා ජරමර අස්සේ කෙරෙන බොරදියේ මාළු බෑමක්ද යන්න ගොවි ජනතාව තුළ සැකයක් පවතී. මක් නිසාද පසුගිය යල කන්නයද සාර්ථක වී අස්වැන්නක් ලබා දුන් කන්නයක් නිසා රටේ වී හි`ගයක් හෝ සහල් හි`ගයක් ඇති වීමට කිසිසේත්ම ඉඩක් නොමැති බව ඒ ගොවි ජනතාවගේ අදහසයි. එම නිසා තකහනියක් රටේ කෘති‍්‍රම සහල් හි`ගයක් පවා පා සහල් මිලද ඉහළ දැමීම කිසියම් පිරිසකගේ කූට උපක‍්‍රමයක්ද යන්න සොයා බැලීම රජයේ වගකීමක් බවද ඒ ගොවි ජනතාව පෙන්වා දෙති.
 
 පොලොන්නරුවේ බවුසරයෙන් වතුර බොන පිරිස 60,000 ට නගී
 
 පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පානීය ජල හි`ගයෙන් පීඩා විඳින පිරිස 60,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිල දත්ත වලින් අනාවරණය වෙයි. දිස්ත‍්‍රික්කයට අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ටම එය බලපා තිබේ. වැඩිම පිරිසක් පීඩා විඳිනුයේ වැලිකන්ද, දිඹුලාගල සහ මැදිරිගිරිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලය. ලංකාපුර, හි`ගුරක්ගොඩ, ඇලහැර, තමන්කඩුව යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද පානීය ජල හි`ගයෙන් පීඩා විඳින පිරිස් බහුලව වෙසෙන බවට වාර්තාවෙයි. මේ සියලූම ජනතාවට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් බෙදා හැරීමට පියවර ගෙන තිබෙන බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ
gamagඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය. වියලි කාලගුණික තත්ත්වය තවදුරටත් බලපෑහොත් පානීය ජල හි`ගයකට මුහුණ දෙන පිරිස වැඩිවනු ඇති බවද ඒ මහතා කීවේය. වැස්ස වළාහක දෙවියන් රජරට බිමට ඉහළ අහසේ වැසි ලබා දෙන්නට තවදුරටත් කල් යැවුවහොත් බවුසරයෙන් වතුර බොන්නට සිදුවන ජනයාගේ ගණනද තවදුරටත් ඉහළ යාම ඒකාන්න බව මෙහි තතු දත් ජනයාද පෙන්වා දෙති.
 
  කරුණාරත්න ගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles